විසිතුරු මල් | Wisithuru Mal by Yuki Navaratne [2023]

විසිතුරු මල් ගොමුවක පා තියලා
හෙමි හෙමිහිට ගියෙ කවුරුද සිතුනා
සුදු මුදු ලොම් තුහිනෙක රැඳි තිබුනා
කවුරුද කවුරුද පොඩි අඩි තියලා

නුඹ ලං වෙද්දි මගේ හිත ගැස්සුණානේ
අඩි සද්දෙ මට ඇහෙද්දි මං හැංගුණානේ
මට හිතුනෙම නුඹ පණ ගන්න ආවේ
ඒ හින්දා හදිසියෙන් මම යන්න යද්දි

ඔව් නුඹ දැක මගෙ හිත නතර උනේ
දියවෙන තරමට හාද උනේ
මගෙ හිත මගෙ හිත ආදරයෙන්

මන්දාරම් විලේ ///

අපි යමු නොරැඳී – කෙම් බිම ලඟැතී
මං නුඹ ගාවදී – බියවෙන්නෑ සැනෙකින්
අර පේන නදියෙන් – එගොඩ උනොතින්
මං ආව ගමනේ – අවසානය ඉතින්

මේ හැන්දෑවේ .. අවසානයද මේ
හැමදාමත් මේහේ නවතින්නයි හිතේ

විසිතුරු මල් ගොමුවක පා තියලා
හෙමි හෙමිහිට ගියෙ කවුරුද සිතුනා
සුදු මුදු ලොම් තුහිනෙක රැඳි තිබුනා
කවුරුද කවුරුද පොඩි අඩි තියලා

written by Yuki Navaratne

නුඹට මතකද | Numbata Mathakada by Yuki Navaratne & Ravi Jay

අද ඔය දෙතොලෙ
රතු මගේ කොපුලේ
හිත නුඹේ ඇතුලේ
තරු ගැන්නා //

නා දළු වන් තොල් පෙති දැන් මැල වෙලාද
සිහින් ඉඟ රෝදය පැන හරි වල් වෙලානේ
පෙරදින පරඬැල ගත කදිමට පැහිලනේ
අත තියන්න එපා ද මන්

නුඹට මතකද එදා මම නා රජු වගෙ නුඹ රැක්ක හැටි
නුඹේ දැඟලිල්ල නුඹේ මැණික සුරැකි තිබෙන මතු දින
නුඹට මතකද එදා අපි හිඳ මැව් හැටි
අපි කිව් කතා ම තමා ගොනෙකි නුඹට
අත නොතියම මම අත හැරිය

රණ තිසරෝ
නුඹ ඔය ගෙනයන හදවත මගේ
හදවත මගේ
මුතු බඹරෝ
නුඹේ ඔය දිලිසෙන දෙනයන මගේ
දෙනයන මගේ

අද ඔය දෙතොලෙ
රතු මගේ කොපුලේ
හිත නුඹේ ඇතුලේ
තරු ගැන්නා //

නා දළු වන් තොල් පෙති දැන් මැල වෙලාද
සිහින් ඉඟ රෝදය පැන හරි වල් වෙලානේ
පෙරදින පරඬැල ගත කදිමට පැහිලනේ
අත තියන්න එපා ද මන්

නුඹට මතකද ///

written by Yuki Navaratne & Ravi Jay

ලන්තෑරුම් | Lantharum by Yuki Navaratne [2023]

මත් වුනා වැව් තාවුල්ලේ
කෝ මගේ හිත මන්දාරමේ
යාබද වුනු හිර කාමරේ
කෝ කාටද කතා කරේ
කෝ මට දුන් හිර කාමරේ

උඹ තරහද තාමත් යාපනේ
ආදරේ හෙව්වේ මේ ස්මාරකේ
පරවී යයි මේ මල් ආසනේ

ලන්තෑරුම්
ලන්තෑරුම් අරන් සංචාරේ අපේ
ලන්තෑරුම්
ලන්තෑරුම් අරන් සංසාරේ අපේ //

දිය මත පාවූ
කරදර
අද නොදැනීම මං
මගේ කර මත වේ
අද දින කවුරුත් එන්නෙ පයින්
ගෙනත් දුන්නා
අව්වේ පෝලිං වෙන්න බලං
ඉද්දී එලිවුනා රෑ
මට ඉන්න වෙයි
කැරකෙන්නේ ටර්බෝබයින්
ලේබලේ විසිතුරු මගේ මොලයයි
Oh I’m gonna slide
දැන් බෙහෙත් බොන කාලේ

ඉතින් මං සුදුමැලි වේගෙන යයි
හදවතින් ඩ්‍රොප් උන මිනිස්සුන්ට
සුදුපාට දුන්නා කරුමෙට
උනේ ඕවර්ලැප්

අද සීතල තැන් මිහිරී
හිත දිනපු ඇස් ඉතිරී

ලන්තෑරුම්
ලන්තෑරුම් අරන් සංචාරේ අපේ
ලන්තෑරුම්
ලන්තෑරුම් අරන් සංසාරේ අපේ //

written by Yuki Navaratne

මතකේ | Mathake by Yuki ft. Ravi Jay, Kasun & Udana

අදුරේ දැනුනේ මට ඈ ගැන වූ මතකේ
නිවෙනා සුසුමන් පාරා
ඈ ගෙතුවේ මාගේ ගීතේ , නොඅසා
මා තැවෙනා කැල්මන් මානේ

හිමිකම් නැති ස්නේහේ සඟවාගෙන සිත යන්නම් මා
හිඳිමි දැවෙමින්
මා හා

නොහෙලා රැඳිලා
රිදුමන් මා සඟවා
නොදොඩාම යන්නම්
හීන පාරා
මතකෙන් නිවිලා
කඳුලැල් මා නවතා
හිනැහී ඉන්නම්
හීන පාරා

ගෙයි ගිනි පිට යන්න දෙන්නෙපා
වැරදි මම නම් ඒක පෙන්නා මගේ හදපන්
වටේ උන්ගෙන් ඇසුවනම් උන් එක්කම ඉදපන්,
යන්න බලාගෙන එන්න එපා ඉන්න ආවනම්
රන්ඩු වෙවි ලගින් ඉන්න එක තමා ආදරේ
දැවටි දැවටි මේ සසරෙ අපි ඒකනේ
ගලපන්න ඕනෙමද ග්‍රහ අපේ කේන්දරේ?
ගැලපුන නම් ඇති නේද අවබෝධේ?
ඇසින් දෙයක් දැක උනාට කමක් නෑ රණ්ඩු,
වටෙන් එන කතා කරයි අපේ ආලේ අඳුරු
තේරුම් ගත්තනම් අපිම වැටෙන් නෑ මේ කඳුලු
ඔයා බබෙක් වගේ ඒකයි කිව්වේ මම මගේ දූ
ආදරේට දෙන්න බෑ නේද මිලක්?
අපි හමුවන්නෙ වෙන්න සතුටු නම්,
මේක කාලයාගෙ සැලසුමක්
වෙන දේ උනා, මං පස්සෙන් එන් නෑ ඒක පුරුද්දක්

අහිමි සඳ කොමළි කිම මා
සිහිනෙ රැඳුනේ
හීනයක වාගේ නුඹ නෑ
ලඟම රැඳුනේ

සැනහී නිවෙන්නම් පෙර මතකෙන්
ප්‍රියාවී
හීන් මල් පවනේ හිත පාවී
ගියාවේ

නොහෙලා රැඳිලා
රිදුමන් මා සඟවා
නොදොඩාම යන්නම්
හීන පාරා
මතකෙන් නිවිලා
කඳුලැල් මා නවතා
හිනැහී ඉන්නම්
හීන පාරා

මේ හිත නෑ පාළු | Me Hitha Na Palu by Dhyan Hewage ft. Yuki Navaratne

එක මල් දවසක් මේ
නෙක මල් දවසක් හීනේ
මේක හිරු දහසක් පෑයු රෑ මේ

අමතකයි සන්තාපේ
පවසටයි ගී කීවේ
නුඹටම වෙන් වූ මුලු රෑ මේ

දැතේ වෙලී මාගේ
ඉබේම ඈතට යන්නයි මේ
මේ ටික ⁣කාලේ ඉන්න මා හා

නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ
නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු

නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ
නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු

මගේ හිත මත සොයා ඉඩ දැන්
අසුන අරන් ඉඳගන්න
සිපගන්න ඒ සියුම් මුවින්
අල්ලගන්න තදින් මගේ අතින්
අපි ලංවෙන්න ඇති
අහන්න එපා දේවල් කියා ගන්න බැරි
නුඹ මට දුන්න දේවල් දෙන්න බැරි
රහසේ වූ දුක් සැනසූ කුමරී

මගේ හිතේ ඉඩ දැන්
නුඹේ අතින් හැඩවෙන සිතුවමකි
නුඹ එහි තියා මං
තනියම සරසන මිරිඟුවකි
යමු හෙමින් හොයා තැන්
විනිවිද යමු ඈත තරු අතරින්
නුඹ ලඟ නොවේ නම්

නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ
නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු
නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ
නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු

මනාලී | Manali by Yuki Navaratne ft. Ravi Jay [2022]

නුඹ විද්ද හී සර වැදුනා මගෙ කෙල්ල
නාඹර ලඳ නුඹ දැක හද නෑ මට මෙල්ල
නුඹමයි හිර කලේ පණ ගන්නට මේ හෙල්ල
නුඹ මට විද්ද හී අද මගෙ හිරවී

මනාලී මනාලී
මනාලී මනාලී මනාලී
මනාලී මනාලී මනාලී
මනාලී

එන්න සුලඟේ දැවටිලා
කොල්ලො ගනින් ඕක ඔතලා
නංගි ගන්නවද මේ පලා
ඔයා දන්නැද්ද මං වල්සරා

ඌ… රිදුනා නේද පැට්ටෝ
අනෙ දෙන්නෙපා මටනම් wrong talk
වෙන දැකලා නැත්තම් හොඳයි ශෝක්
ඇයි කලබල චුට්ටෝ
අනේ මට මෙහෙම හොඳා
එන්නකෝ සුවඳතියා
ලිඳ ලඟ කබරගොයා
මං වෙට්ටු දානවා

නුඹ විද්ද හී සර වැදුනා මගෙ කෙල්ල
නාඹර ලඳ නුඹ දැක හද නෑ මට මෙල්ල
නුඹමයි හිර කලේ පණ ගන්නට මේ හෙල්ල
නුඹ මට විද්ද හී අද මගෙ හිරවී

මනාලී මනාලී (මනාලී)
මනාලී මනාලී මනාලී
මනාලී මනාලී මනාලී
මනාලී

Written by Yuki & Ravi Jay

මනබැන්දු කාරනාවක් | Manabandu Karanawak by Yuki Navaratne [2022]

මං දෙන්නම් හිත ගන්න මගේ
නුඹ දැක cross උනේ මගේ ඊතලේ
කලඹාවී ඇස් ළඟපාත ඉස්
කැරකේවි නුඹ ළඟ පිස්සු වගේ
අකලට මල් වැස්ස වගේ
වියලුනු තොල් තෙත් වුනා ආයේ
බෑ ළඟින් යන්න කැස්ස වගේ
හිනා වෙන්න ඔය ලස්සන
දෙන්නම් ඔය ඇස්

මනබැන්දු කාරනාවක් මට කියපන්
මනබැන්දු කාරනාවක් මට කියපන්
ඉන්නට කියා මං නුඹව තියලා
නින්දෙම තියපන් නුඹම ඉඳලා
ඉන්නට කියා මං නුඹව තියලා
නින්දෙම තියපන් නුඹම ඉඳලා

නතර වෙන්න ඕන නෑ මං කාටත් කලින්
ඕන දේකට ඕන දෙයක් ඕන නෑ බං worry
මගේ පැත්තට මම ගේන්නම් ඕන තරම් පෝරී
තනියෙන් එපිට වුනේ උස්සගෙන කාටත් හොරෙන්
එයා පිට වී
තනිවෙන්න පෙම දම්
සැරසුනා ලෙන් ලෙන් මල්දම් සුදු පිරුමල්
තනියට ලංවෙන්නම්
මං වීර තරුවක් වෙන්නම් මගේ

පෙරුවකට ගැස්ම වගේ
වියලුනු තොල් තෙත් වුනා ආයේ
බෑ ළඟින් යන්න කැස්ස වගේ
හිනා වෙන්න ඔය ලස්සන
දෙන්නම් ඔය ඇස්

මනබැන්දු කාරනාවක් මට කියපන්
මනබැන්දු කාරනාවක් මට කියපන්
ඉන්නට කියා මං නුඹව තියලා
නින්දෙම තියපන් නුඹම ඉඳලා
ඉන්නට කියා මං නුඹව තියලා
නින්දෙම තියපන් නුඹම ඉඳලා

නරි | Nari by Yuki ft. Dilo [2021]

අහසින් ආවේ මං
මහසෙන් කාලේ මං
කාරණාව මං
භාවනාව මං //

පාට දැම්මේ
පාට වෙන්න
පාට නැත්තේ
පාර වෙන්න පාර ආයේ
පාරක් ඇනගෙන යන්න

ආයේ නෑ මගේ
ආයේ නෑ බෝතලේ ඉඩ
ආදරේ පෙන්නපං
ඉල්ලපං උඹෙන්ම ඇම
ආයේ කිසිම හේතුවක් උඩ
නාවන්නේ නෑ නරි

ආයේ ඉල්ලන්න එපා උදව්වක්
උඹලා හරි
ආයේ එන්නඑපා
කාලකන්නියෝ නෑ මෙහෙ
කිව්වේ මූනටම
ආයේ මොකෝ බ්‍රෑන්ඩ් නේම්

අහසින් ආවේ මං
මහසෙන් කාලේ මං
කාරණාව මං
භාවනාව මං //

රා බොන මීයෙක්
කාවද මීයෙක්
ආසන කීයද මං දන්නෑ
පාවෙන වීරයා ලාවට බීගෙන
මාසෙට කීයද මං දන්නෑ

වාදන දාගෙන ආවට
මාව නම් බයකරන්න ලේසි නෑ

ලේසියෙන් බෑ ///

ආයේ කිසිම හේතුවක් උඩ
නාවන්නේ නෑ නරි
ආයේ ඉල්ලන්න එපා උදව්වක්
උඹලා හරි
ආයේ එන්නඑපා
කාලකන්නියෝ නෑ මෙහෙ
කිව්වේ මූනටම
ආයේ මොකෝ බ්‍රෑන්ඩ් නේම්

අහසින් ආවේ මං
මහසෙන් කාලේ මං
කාරණාව මං
භාවනාව මං //

ඈබොල කීටයෝ
මදුරුවෝ වෙලා
මගේ ඇගේ ලේ බොනකන්
මම දන්නෑ
කටින් තමයි වීරයෝ
කවුද බොල හිටවන්නේ බතල
බොහෝදෙනෙක් අදුරන්නෑ
ලොකු කම උඹේ ඈ
දැනගන්නේ නුඹ කවදාවත් නෑ

හිරේ වැටුනාද නුඹ නරියෙක්
ආයේ නාවන්නෑ
එකටම හිටි කොල්ලෝ
උබලා ලග කපලා දාවි උබ
හපලා දාවි පොඩි තැන ඉදන්
උබලා කපලා
අපි අත්ත බාවලා
උබ අත්ත කපලා දාවි

මම කාලයක් බලං හිටි
උඹ කාලයක් ආවම දෙන
සිවුපාවෙකි
උඹ භාරයක් වෙයන් ගිහින්
වාරයක් ආවොත්
මම කඩනවා උඹලාගේ ලස්සන දත් ටික

ඇති මට ඇති
උඹේ කැත කට
අහගත්ත ටික මට ඇතිවෙලා
මැදගිල්ල දීලා මම යනවා
හීන හොයන් යනවා
හිති හිති කලබල
දන දන මනකලබන
කෙලවන දවස වෙලට
මනට ඉනට ගැලවිලා යන පිනට
වටකරන් මරා උබට වඩා පොරවල්
ලංකාවේ ඈත බොලා මිලකරන් ඉන්නේ
උඹ උඹමයි උබ බොල

පෙර වදන මේක
වැඩක් කරන්න කලින් මේ කියන්නේ
මවපං හීන වැඩ ගන්නකන්
කවුරුත් වැඩක් නෑ

විශ්වාස කලත්
කොච්චර ආස කලත්
ප්‍රාශ්වාස කලත්
උබත එක්ක ලග ඉදන්
උබටම වල කපන්නේ
කවදාද බේරුමක්
වෙන්නේම නෑ

උබ මගේ ගාවට
පාවඩ දාගෙන එද්දී
මම දැනං හිටියේ නෑ

පාවඩ දමා පිලිගත්තට මට දෙන්න
මූන දෙබෑවෙන්න ම්ම්
උඹ නරකාදිය උඹ මලපහ විය
පල ඈතට පල
රැප් පෙලපාලිය මැනිකේ
මම දැන් උස්සන්නේ නැට්ට

ආයේ කිසිම හේතුවක් උඩ
නාවන්නේ නෑ නරි
ආයේ ඉල්ලන්න එපා උදව්වක්
උඹලා හරි
ආයේ එන්නඑපා
කාලකන්නියෝ නෑ මෙහෙ
කිව්වේ මූනටම
ආයේ මොකෝ බ්‍රෑන්ඩ් නේම්

අහසින් ආවේ මං
මහසෙන් කාලේ මං
කාරණාව මං
භාවනාව මං //

written by Yuki & Dilo

dilo new song,yuki navarathne,sinhala songs,yuki and dilo,yuki beats,dilo sithuwili vitharak new rap,yuki new,new sinhala songs,yuki beatz,dilo new rap,dilo,aa bola keetyo dilo new rap,nari dilo,new sri lankan rap,sinhala rap,new sinhala rap,kitoyo rap dilo,aa bola kitayo rap,sithuwili witharak avadi vela new rap,new rap

Drop එක පුදන්ඩ | Drop Eka Pudanda by Anushka Udana ft. Yuki [2021]

අහ් ඩ්‍රොප් එක පුදන්න
මේ සැප ලෝකේ
කාටද ඕනේ

අහ් සැප සැප සැප
බොක්ක බොක්ක
යුවරජ බොක්ක

සැප සැප සැප
තද කොර තද කොර

බොක්ක බොක්ක
යුවරජ බොක්ක
ඩ්‍රොප් එක දෙන්න
මේ සැප ලෝකේ
කාටද ඕනේ

සැප සැප සැප
තද කොර තද කොර

සැප සැප සැප
සැප සැප සැප
බොක්ක බොක්ක
යුවරජ බොක්ක

ආලාප ගී | Alaapa Gee by Yuki [2021]

ගුලිවුනා ඒ හීතලේම ගුලි වුනා
මං තනිවෙන්න හුරු උනා
ඒ අන්දකාරේ වැතිරුනා

ආයෙත් හිත යන්න නම්
ආයෙත් ඉපදෙන්න නම්
ඒ ආදරේ මං දන්නෑ මං

ඇසුනාද මාගේ ආලාප ගී
යාවී මගේ හර්දේ ගිලී
නුඹට මාගේ ජීවේ හිමී

නුඹව ආයේ ගන්න ඕනා
හීන දීගේ යන්න ඕනා
එන්න ආයේ දෑතේ වෙලී මා

කින්නරාවී අද නෑ මෙහේ
නුඹ ඇයිද නාවේ
නිදිනෑ හිතේ
මා යන්න යාවී සැගවී ඔහේ
නුඹ කෝලපාවී දුක නෑ වගේ

ඇසුනාද මාගේ ආලාප ගී
යාවී මගේ හර්දේ ගිලී
නුඹට මාගේ ජීවේ හිමී

නුඹව ආයේ ගන්න ඕනා
හීන දීගේ යන්න ඕනා
එන්න ආයේ දෑතේ වෙලී මා