අපි නම් තැවෙයි | Api Nam Thawei by Yuki ft. Ravi Jay [2021]

කෝල් එපා මට
එපා කරදර
බිසී හොදටම
බිසී හොදටම වැඩ
අමනාප වෙලා වගේ මගේ දකුනත
ඉර දකින පින බං ඒකයි ඉරිදට

ඇති වෙලා ඇති මට මහ මග කට්ට
ගෙදර බරේට යන්නේ මට මොන රස්සා
පිනට කනවා කියමා ගෝසා
කෙල්ල තමා කන්න දෙන්නේ දැන් පීසා

තනිවෙන තරු එක දෙක දුටුවා
තව හති වැටුනාම හිත වැටුනා

දැවෙන්නේ නෑ යාලූ
මට මිදෙන්න ඕනෑ ලූ
තරු ගනින්න බෑ යාලූ
තව හිතන්න ඕනෑ ලූ

දැවෙන්නේ නෑ යාලූ
මට මිදෙන්න ඕනෑ ලූ
තරු ගනින්න බෑ යාලූ
තව හිතන්න ඕනෑ ලූ

සද කිමිද කදු පන්තිය මත වැතිරේ
මද සුළග සමග ගත හානට මේ මළුවේ
වැලි පතුලට සැප වේ නැතිවේ
හෙට තුන් බිය නැති වේ

සද කිමිද කදු පන්තිය මත වැතිරේ
මද සුළග සමග ගත හානට මේ මළුවේ
වැලි පතුලට සැප වේ නැතිවේ
හෙට තුන් බිය නැති වේ

නාඩන් එක කූරයි
දනින් වැටී ඌරයි
දැක්කා මගේ මූණ
අවලස්සන මූණ

මගේ හිත කෙලින් මූණයි
මූනැති නුබ රුව
මං මැරුනත් මොකෝ බං
මේ ලගම කොරෝනා

ගිනි දැවෙන මා මිතුර
මගෙස පෙන්නන්න ද පුරය
නුඹ නොදුටු ඒ
ඇතුලේ ඉන්න කරුමේ පින නොම වෙයි
ඉද හිට ඉන්න කරුමේ
පින නොම වෙයි
ඉන්න තැන ඉන්න ගෙන ඉන්න පාඩුවේ
ගමනේ මේ
පැට්ටෙක් නෙවෙයි මලේ දෙක නොම වෙයි
සිරි සිතක සිරි සැරසිලා බොරුවෙන්
බ්‍රෝ බ්‍රෝ ඒකයි ධර්මේ
නුඹ මදින් ඒක මේ පොළවේ වැතිරේ

නාඩන් එක කූරයි
දනින් වැටී ඌරයි
දැක්කා මගේ මූණ
අවලස්සන මූණ

මගේ හිත කෙලින් මූණයි
මූනැති නුබ රුව
මං මැරුනත් මොකෝ බං
මේ ලගම කොරෝනා

තනිවෙන තරු එක දෙක දුටුවා
තව හති වැටුනාම හිත වැටුනා

නොදැනම ආදරේ | Nodanama Adare by Chathura Dulantha ft. Yuki [2021]

මුලු අහසම නුඹෙ රුව මගෙ කීවත්
ඔය හිත මගෙ කීවා…
තුන් යම හීනෙට නුඹ පාවී ආවා…
ඔය රතුවුනු කොපුලත සිහි වීලා
මසිත ඉගිලී යනවා…
නාදලු දෙතොලම සිප ගන්නම් ඉතින්…

නුඹ මට හාදු දීලා
තනියට පාර කීවා
නොදැනම ආදරේ ගී කිය කියා…
නුඹ මගෙ පාලු මැකුවා
සිහිනෙක පාට ගෑවා
නොදැනම ආදරේ ගී ලිය ලියා…

මීවිතෙන් තොල් තෙමුනාද ප්‍රේමී…
අපි සීතලෙ උණුහුමට ඉමු දේවී…
ප්‍රේමයෙ රස වින්දාද ස්නේහි…
අපෙ රාගයේ බැමි බින්දාද මේ ගී…

නුඹ මට හාදු දීලා
තනියට පාර කීවා
නොදැනම ආදරේ ගී කිය කියා…
නුඹ මගෙ පාලු මැකුවා
සිහිනෙක පාට ගෑවා
නොදැනම ආදරේ ගී ලිය ලියා…

අහංකාර නගරේ (Mashup) | Ahankara Nagare (Mashup) by Navin & Kashil ft. Yuki

රන් රන් රන්වන් රන්වන්
සේල බැද
රන් දෝලාවට නගිනවා ද

කවුරුද නෝක්කාඩු කිව්වේ
කවුරුද නෝක්කාඩු කිව්වේ
තරමට ඉගත් බෝම පොඩි ලැමත්
බෝම ඇති දිගැස් තියෙන ලදුනේ

උන්මාද දොතොල් සායම් සුවදින්
කම්මුල් තෙමන්නෙපා
මට තුරුලු වෙලා මුදු පිහාටුවෙන්
කරදර කරන්නේපා
පිනි කදුලු සලා
බොරුවට හඩලා මගේ හිත කඩන්නෙපා
අරවින්ද කැකුලු තුඩ
මගේ පපුවේ ඉඩකට සොයන්නෙපා

මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මගේ ආලෝකේ නුඹ නේද සංසාරයේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මගේ ආලෝකේ නුඹ නේද සංසාරයේ
මගේ ජීවන හදේ
ප්‍රේමේ ස්තීර වේ
ඔබ හිමිවන්නේ කවදාද පෙම්වන්තියේ
ඔබ හිමිවන්නේ කවදාද පෙම්වන්තියේ

කොච්චර කිව්වත් එන්නේ නෑ
මම නම් ආයේ කවදාවත් එන්නේ නෑ
ඔය කියන දේවලින් වැඩක් නෑ
බොරුවට හැඩුවට මම නම් දැන්
හැරෙන්නේ නෑ

ඔය දවස තාම තරුණයි නම්
මග පෙනෙන තරම සොදුරුයි නම්
මගතොටදී හමු වෙලා
හොදට රස කතා කනට කොදුරලා

රූප සොබාවට මානෙත් උදම් වන
ආලෙත් සරී මගේ ප්‍රාණෙත් සරී
ප්‍රේමි සුපෙම්බර කෝලෙන් සිනාසී
නුවර ලදුන් සිටියාද මෙවන්

දුරක් ගෙවාගෙන දුක සැප අහගෙන
කෝච්චියෙන් එන තිලක තියපු ලද
ආත්ම ගතකොට පෙමක් පතා මම
අලිමංකඩ ලග ලත වෙන්නද තව

ඔබ යන්න ඉතින් පියඹා
සදා දුක් ගින්න හිතේ රදවා
සෙවනැල්ල වගේ ඉදලා
පියාපත් සින්ද මගේ කුමරා
ඔබ යන්න ඉතින් පියඹා
සදා දුක් ගින්න හිතේ රදවා
සෙවනැල්ල වගේ ඉදලා
පියාපත් සින්ද මගේ කුමරා

මා සොයා | Ma Soya by Anuka Ryan ft. Ravi jay & Yuki Navaratne [2021]

මට මාවම නැතිවූ තැන් බෝමා
මා ගැන කීව දේ බෝමා
මා හිත හැදුව තැන් බෝමා
හදේ ගී රාවේ

කාලය හාදු දුන් කෝමා
රාත්‍රිය මාව නැතිවුනු දා
මා නෙත ආයෙ කැලබීලා
කැලබීලා
කැලබීලා

සිහිනෙක මාව පාවී ගියා
ඒ ආදර ගීත නෑ මාගේ ආයේ
රෑවුනු දාට මා හීන පාවී යා

සිහිනෙක මාව පාවී ගියා
ඒ ආදර ගීත නෑ මාගේ ආයේ
රෑවුනු දාට මා හීන පාවී යා

බොරලු කම් නෑ නුඹ නොඅඩා ඉදින්
පුරුදුයි නුඹේ රළු මට නම් ඉතින්
වැටුනේ හිත ගත නොවෙයි ඒකයි දැන්
කදුලූ බිදු ආවේ ගලා දෙනෙතින්

මා වටකර දෙනෙත්
මා වටකර කුණු
ආ එළිය විද තරු කැල අද කෝ

මා එදා වගේමයි
තවමත් ඒ වගේමයි
තවමත් එතනමයි
මම මමම තමයි

මිනිස්සු වී ඉපිද
අපි මේ ක්ශීරපතයේ
පහස විද ගැනෙන
නැටුම විද හිනාවෙන් විදගත්
හදවත වෙන ඕනෙ මිනිසුන්ගේ
රතු රතු ලේ වලට දැනෙනා

මිනිස්සු වී ඉපිද
අපි මේ ක්ශීරපතයේ
පහස විද ගැනෙන
නැටුම විද හිනාවෙන් විදගත්
හදවත වෙන ඕනෙ මිනිසුන්ගේ
රතු රතු ලේ වලට දැනෙනා

සිහිනෙක මාව පාවී ගියා
ඒ ආදර ගීත නෑ මාගේ ආයේ
රෑවුනු දාට මා හීන පාවී යා

සිහිනෙක මාව පාවී ගියා
ඒ ආදර ගීත නෑ මාගේ ආයේ
රෑවුනු දාට මා හීන පාවී යා

සිහිනෙක මාව පාවී ගියා
ඒ ආදර ගීත නෑ මාගේ ආයේ
රෑවුනු දාට මා හීන පාවී යා

කොහේ හෝ මා | Kohe Ho Ma by Bhashi Devanga ft. Yuki

හැන්දෑවේ මන්දාරම් වැහි දිහා
නෙක මල් පාරේ
නුඹ එක්කන් යන්නම් කියා
කොහේ හෝ මා සොයා ඒවී එදා
මන්දාරම් හැන්දෑවේ පාවෙලා

මුමුණලා හද මුමුණලා
නුඹ මා දිහා බලනවා
දැවෙනවා හිත තැවෙනවා
මා ළඟින් නැති දා
කොහේ හෝ මා සොයා ඒවී එදා
මන්දාරම් හැන්දෑවේ පාවෙලා

හැන්දෑවේ මන්දාරම් වැහි දිහා
නෙක මල් පාරේ
නුඹ එක්කන් යන්නම් කියා

Joey by Yuki Navaratne [2020]

Joey
උඹව දාලා මම දුර ආවා
එන්න වෙන්නෑ සති ගානක් වැඩ ගොඩ ගැහිලා
කන්න බොන්න බේබි හරියට
යන්නේ එන්නෙ පාර පැත්තේ බලාගෙන තනියෙන්

හිතපු වාර ගාන
මැරුණු වාර ගාන
වැදුනු පාර මාර
හිටපු කාරනාව
උඹව දාල ආව
කරුමේ හරි පුදුමයි

මම වැටුනෙ එකම තැනින්
අඩන්න හිතුනා කෑගහලා
මම මැරුණේ එතැන කෙලින්
දුවන්න හිතුනා ඔහේ හැරිලා
මම වැටුනෙ එකම තැනින්
අඩන්න හිතුනා කෑගහලා
මම මැරුණේ එතැන කෙලින්
දුවන්න හිතුනා ඔහේ හැරිලා

උඹව ආදරේට හැදුවේ
මාළිගාවක් දෙන්න හැකියාවක් නැති අතරේ
කන දෙන්න මට මිතුරෙක්
හිනාවෙලා උඩ පැනගත් ගමන් වතුරේ
කෝ Joey බෝයි
පැන්න ගමන් හැපුවේ
අල්ල ගත්තොත් අත ඉතින්
අතාරින්නෑ ලේසියෙන්
කොල්ල swag බෝයි
සෙල්ලමට තනියෙන්
ඕනෙ ගේමක්
පෙන්නන්න නම් බෑ එක කිටියෙක්

උඹව දෙන්නෙ නෑ මම කාටවත්ම
මාව දකින්නැතුව සාංකාව නේද තාම
ඈත් යන්න ගියේ අපි දෙන්න තනියෙන් දාලා
කමක් නෑ කොල්ලො ඉමු අපි දෙන්නා මාල දාලා
වරදින්නෑ පරදින්නෑ බලාගෙන යමු
මේක වේදනාවක් අපි දෙන්න ඉවසමු
නරුම ලෝකේ කරුමෙ මාව ඈත් කලා
රෑ වෙලා එනකල් survive වෙයන් මම වෙනුවෙන්

මම වැටුනෙ එකම තැනින්
අඩන්න හිතුනා කෑගහලා
මම මැරුණේ එතැන කෙලින්
දුවන්න හිතුනා ඔහේ හැරිලා
මම වැටුනෙ එකම තැනින්
අඩන්න හිතුනා කෑගහලා
මම මැරුණේ එතැන කෙලින්
දුවන්න හිතුනා ඔහේ හැරිලා

හිතපු වාර ගාන
මැරුණු වාර ගාන
වැදුනු පාර මාර
හිටපු කාරනාව
උඹව දාල ආව
කරුමේ හරි පුදුමයි

හිතපු වාර ගාන
මැරුණු වාර ගාන
වැදුනු පාර මාර
හිටපු කාරනාව
උඹව දාල ආව
කරුමේ හරි පුදුමයි

හන්තානේ | Hanthaney by Dhyan Hewage ft. Yuki & Yashodha Adhikari

ඉඟි බිඟි අපි වින්දා ඒ පෙම්පාරේ
සැලි සැලි එනවාද තේරුණා ගිම්හානේ
කල්යල් බැලුවාට ආදරේ අල්තාරේ
රතු තොල්පෙති පාට ගෑවුනේ නෑ ආයේ

සිහිනේ ඡායා, පාරාලා, ඒ සිනා නුඹේ ඒ සිනා
සිලිලේ සේයා, මා කීවා, නෑසෙනා සේ දරා වේදනා

හිත පාරන දේද වේදනා සන්තානේ
මට නෑසුන දේද කීවෙ මේ මන්දාරේ
අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ
නැවතී මම පාර පීරුවා හන්තානේ
නැවතී මම පාර පීරුවා හන්තානේ

තනියෙන් මා ගිය කාලේ ඔය මල්පාරේ
නොඉඳුල් නෙත් කී මග ඈ හිරි බින්දාවේ
රතු තොල් පෙති පාට ඈ ආයේ
කල්යල් බැලුවාට නෑ ආවේ

සිහිනේ ඡායා, පාරාලා, ඒ සිනා නුඹේ ඒ සිනා
සිලිලේ සේයා, මා කීවා, නෑසෙනා සේ දරා වේදනා

හිත පාරන දේද වේදනා සන්තානේ
මට නෑසුන දේද කීවෙ මේ මන්දාරේ
අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ
නැවතී මම පාර පීරුවා හන්තානේ
නැවතී මම පාර පීරුවා හන්තානේ

වටින පබලු | Watina Pabalu by Yuki Navaratne ft. Mister D [2020]

වටින පබලු
දියමන්ති වැනි නොපලු
සිරිලක සැරසිල බැබලු
සැර දරාගන්න බැරි අපිලු
බැරි අපිලු
විදපු ගලෙන් මං ආවා
නොදැන දුවපු මගෙ ඉත්තෑවා
රසට හදපු කරිය බාලා නරිය නාවා
කොළඹ අටට වික්කා මං ආවා
වික්කා මං ආවා වික්කා මං ආවා
වික්කා මං ආවා

කුඹුර හාලා දවසක
පදම දන්න කෙනෙක් ආවා ඒ
හොඳට සැමට බෙදල දේ
බෙදල දේ බෙදල දේ
තරුණ හිතට ජවය එයි
ජවය එයි නැගල එයි
බලපන් ඒ ඔලුව කාලා
අතට කාලා බඩට පාරා
කරට පාරෙම දොයි
සැපට දොයි
දැක්කම අපිට හිරිකිතයි
හිරිකිතයි
හිරිකිතයි
හිරිකිතයි

වටින පබලු
දියමන්ති වැනි නොපලු
සිරිලක සැරසිල බැබලු
සැර දරාගන්න බැරි අපිලු
බැරි අපිලු

මල විකාර
හිතට සාප කරල
කැමතිද එහෙම
කරලා භාර කරලා හාර පැතුවෙත්
එකම දේ නම්
වැදුන පාර හිතුන
මාර කරුමයක්නේ
මේ නම්
හැදෙන දාලා විකම මාව අදම
ඇමති බේසම්
ඕනෙම නෑ තොපෙ මට මටම
මං ගැන ඔඹලා බේගල්
උඹලා ආදම් උනත් මම
පාද බැඳන් ඇවිත් කරප කේපල්
ඇති හිටියත් බීල හොඳට බීලා
කපලා කේබල්
ඉර තුනට බීලා කතිර බීල තවම පේමන්ට්
කවුරුත්ම නෑ හිතුවට
සාරිදෙම ගොටුවක ඇදේ
ඉපදුන හැඳුන වැඩුන මැරුන ඉවර මගෙ වැඩේ
පිනට දීලා සැපට කාල ගහලා උඹේ වලේ
රිදෙන පාරක් ගානේ ආතා කියල අපි මලේ

වටින පබලු
දියමන්ති වැනි නොපලු
සිරිලක සැරසිල බැබලු
සැර දරාගන්න බැරි අපිලු
බැරි අපිලු
විදපු ගලෙන් මං ආවා
නොදැන දුවපු මගෙ ඉත්තෑවා
රසට හදපු කරිය බාලා නරිය නාවා
කොළඹ අටට වික්කා මං ආවා
වික්කා මං ආවා වික්කා මං ආවා
වික්කා මං ආවා
කුඹුර හාලා

වටින පබලු
දියමන්ති වැනි නොපලු
සිරිලක සැරසිල බැබලු
සැර දරාගන්න බැරි අපිලු
බැරි අපිලු

බොහෝ දේ | Boho De by Yuki Navaratne [2020]

නුඹ නොදන්නා කතාවක් මන් කියන්නම්
නුඹ නැතිනම් මුහුනේ නෑ හිනාවක්
මට රිදෙන්න තව පාරක් මං තැවෙන්නම්
හිත හදාගන්න බැරි තැන මං මැරෙන්නම්

බොහෝ දේ කියන්නට තිබුනා හිතේ
තුරුලේ ඉන්නට තිබුනා නම් නුඹේ
බොහෝ දේ හිතන්නට තිබුනා මගේ
යනවා ඔහේ හිතුවක්කාරයා නුඹේ

තරු නිවෙන්න නිවෙන්න හිත් හදන්න
මට කියන්න දැනෙන්න හිත හැදෙන්න
ලොකු බරක්ද කියන්න අපෙ කතාව
තිත තියෙන්න බලන්නේ මං එපාද

බොහෝ දේ කියන්නට තිබුනා හිතේ
තුරුලේ ඉන්නට තිබුනා නම් නුඹේ
බොහෝ දේ හිතන්නට තිබුනා මගේ
යනවා ඔහේ හිතුවක්කාරයා

බොහෝ දේ කියන්නට තිබුනා හිතේ
තුරුලේ ඉන්නට තිබුනා නම් නුඹේ
බොහෝ දේ හිතන්නට තිබුනා මගේ
යනවා ඔහේ හිතුවක්කාරයා නුඹේ

ඉතින් මා | Ithin Ma by Yuki Navaratne [2018]

ඉතින් මා….පතමී ඔබෙ ආදරේ..
සිතින් මා …පතමී ඔබෙ ආදරේ..
හැම ආත්මයක ඔබ මාව සොයා ඒ නම්…
හැම ආත්මයෙම මා ඔබව සොයා එන්නම්…

හෙලනා සුසුමක් ..ගෙවනා මොහොතක් ඔබ… හා
සිතනා තරමක්.. සිතුවේ ඔබ ගැන මා.. හා
ඉතින් මා.. ලං වුනා සිතින් පවා…
කියන් මා ..රිදෙව්වා ද ඔබ සදා…

ඔබෙන් මා…

සැනසුන එක මොහොතක් පාසා
ඉතින් මා….පතමී ඔබෙ ආදරේ..
සිතින් මා …පතමී ඔබෙ ආදරේ..

හැම ආත්මයක ඔබ මාව සොයා ඒ නම්…
හැම ආත්මයෙම මා ඔබව සොයා එන්නම්…

වැටෙනා කදුලක් රිදෙනා සුසුමක් පාසා
ඔබ හා තව කල් ඉන්නට හිත කීවා
ඉතින් මා ඉගි කලා නෙතින් පවා
සිතින් මා බලන් උන්නා ඔබ දිහා
එයි කියා
ඔබ මා හා එක් වෙලා

ඉතින් මා….පතමී ඔබෙ ආදරේ..
සිතින් මා …පතමී ඔබෙ ආදරේ..

හැම ආත්මයක ඔබ මාව සොයා ඒ නම්…
හැම ආත්මයෙම මා ඔබව සොයා එන්නම්….

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here