in King Lotuss, Sinhala Rap

බුදු බණ | Budubana by King Lotuss ft. Harry Harsh [2021]

චණ්ඩ මාරුතයේ
නාවිකය ඔහු පදවනා
පාප ලෝ තලයේ
සියලු කෙලෙසුන් පරදලා
ඇයිද සමිදුන්නේ
අප සැමා මෙහි ඉපදිලා
කෙලෙස් පුරවන්නේ
කඳුලු අතරින් හිනැහිලා

සමිදානනේ මා හට අවසර ගයන්න ගායනාව
ලද දෙයක් නෑ අතහැර ඇත්ත මිසක් භාවනාව
කිමද මා මෙහිම ඉපිද ඉපිද මියයමින් නැවත ඉපදෙමින් දිවි ගෙවන කාරණාව

සසර කෙටි වීමට ධනය අදි සිවුරුයි
වසර නොව කල්ප ගගනින් බැද පවුරුයි
පොත් වල තියෙන බුදුදහම කෝ අද හිත්වල තිබුණෙ රත්වුනු දේ අදුරූ

මට කියන්න අපහට වැරදුනෙ මොනවද
දැනුනිද මෙහි මිනිස්සු තැවෙන පිළිබඳ
දුකට පත් වු මිසෙක සතුටින් සිටින විටෙක අද උන්ට බුදුබන සිහිවෙනවද

දාහක් ලෙස පවසන හිමියන් ඇත මෙහි
පන්සලට වෛශ්‍යාවන් ඇයිද එන්නෙ මැදියමෙ
සාසනේද ධර්මයාද ලෝකයාම අපි නැහෙයි
ශ්‍රී සමන් දෙවියන් සූදානම්ද හිමියනේ

ආදරේ බහුලයි සමාජෙ මෛත්‍රී කරුණා විරලයි
තවත් පිරිසකට බුදුබනනම් පරණයි
සමිදුනෙ මට ඇති මෙ ඉපදීමයි මරණයි
අද මං වැරදි ඇති ඒත් කියමි බුදුසරණයි

ඇයිද බුදුසමිදුනි අප සැම මෙහි ඉපදිලා
දුකක පැටලිලා
සතුටෙන් ඇත මෙමා
යනුවෙන් වැටහිලා
එනදිනක් නැතිද සසරෙන් නැවතිලා

චණඩ මාරුතයේ
නාවිකය ඔහු පදවනා
පාප ලෝ තලයේ
සියලු කෙලෙසුන් පරදනා
ඇයිද සමිදුන්නේ
අප සැමා මෙහි ඉපදිලා
කෙලෙස් පුරවන්නේ
කඳුලු අතරින් හිනැහිලා

written by King Lotuss

banner

Leave a Reply