රූනාවියේ | Ruunaviye by DKM ft. YAKA [2018]

මතකයන් වල සිර වෙලා
සිහිනයක මං තනි වෙලා
අදහස් වූයේ නුඹමයි රූනාවියේ
රාත්රියකදි දිලිසෙනා
නුඹේ සෙනෙහෙට පෙම් කරා, එයි, එයි
නුඹ සිහින ලොවෙන් ආවාදෝ රූනාවියේ

මගේ හද පුරවා
නෙතු යොමු කරලා
ඇයි දෝ මා තනි කළේ?
මුව සිප ගන්නා
මතකය රඳවා
ඇයි දෝ මා හැර ගියේ? යේ, එයි

රූනාවියේ
පැවසූ ලෝකයේ
මා සිරවී මුමුණන්නේ
කුරිරුයි ආදරේ
මා වෙනුවට නුඹ පෙම් කෙරුවේ
වෙන කෙනෙකුගේ සිතකටයි
කවදා හෝ නුඹට වැටහෙයි
වියැකුනේ සත්ය ආලයයි

මතකද? හැන්දෑවක මා
ගී ගයමින් පෙම් කළා
ගීතයකට ලියැවුණු ඇය රූනාවියේ
සීතලින් ළය මඬලෙ හා
වෙලෙමින් උන්නා වූ දවසේ
වැටහුන් නැතිදෝ ඒ ආලය රූනාවියේ?

මගේ හද පුරවා
නෙතු යොමු කරලා
ඇයි දෝ මා තනි කළේ?
මුව සිප ගන්නා
මතකය රඳවා
ඇයි දෝ මා හැර ගියේ? යේ, එයි

රූනාවියේ
පැවසූ ලෝකයේ (පැවසූ ලෝකයේ)
මා සිරවී මුමුණන්නේ (මුමුණන්නේ)
කුරිරුයි ආදරේ
මා වෙනුවට නුඹ පෙම් කෙරුවේ
වෙන කෙනෙකුගේ සිතකටයි (වෙන කෙනෙකුගේ)
කවදා හෝ නුඹට වැටහෙයි
වියැකුනේ සත්ය ආලයයි

රූනාවියේ (රූනාවියේ)
ඇයි දෝ මා හැර ගියේ? (හිමිකාරියේ)
රූනාවියේ (Ooh)
ඇයි හැර ගියේ?

රූනාවියේ
පැවසූ ලෝකයේ
මා සිරවී (මා සිරවී) මුමුණන්නේ
කුරිරුයි ආදරේ (කුරිරුයි ආදරේ)
මා වෙනුවට (මා වෙනුවට) නුඹ පෙම් කෙරුවේ
වෙන කෙනෙකුගේ සිතකටයි (Yea, yea-eh)
කවදා හෝ (කවදා හෝ) නුඹට වැටහෙයි
වියැකුනේ සත්ය ආලයයි (Yeah-eh)

ඇයි උඹ ඉරිසියා | Ai Uba Irisiya by DKM ft. Smokio [2020]

කැරකෙන ලෝකෙ වටේ
අපි ඇවිදින්නේ
එක තැන දුවන අයයි
මට වැටහෙන්නේ

ඇයි උඹ ඉරිසියා?
බලන්නේ කපන්න
පිටිපස්සෙන් අනින්න
බිමට වට්ටන්න

ඇයි උඹ ඉරිසියා?
බලන්නේ කපන්න
පිටිපස්සෙන් අනින්න
බිමට වට්ටන්න

මේ ගතිගුණ තියෙනකන්
ඉන්නට බෑ නේ මචං
එකට එකා මරාගන්න කං
පැවැත්මක් නෑනේ මචං

ඇයි උඹ ඉරිසියා?
ඇයි උඹ ඉරිසියා?
ඇයි උඹ ඉරිසියා?
ඇයි උඹ ඉරිසියා?

මට ගැලපෙන්නෑ ඔය චරිත
ඉදපං ඈතින් එයි
උඹලට වඩා කෙලින් කතා කරනවා
උඹලගේ කෑල්ලේ

කෙල්ලේ මං මාත්රුකාවේ
කියවන්නෑ වහෙන් ඔරෝ හැල්ලේ

උඹලගේ ඔය ඇද කොදු
තියලා බැදගනින් ලෑල්ලේ

අහසින් වැටුනේ නෑ
මං මෙතනට ආවේ නෑ එක රැයකින්
මම හිටපු තැන් වල අද උඹ හිටියනම්
නෑ අද කෑලී
මනින්න එපා හදන්න මාව
මම ආව පාරෙන් නෑවේ

කකුලෙන් අදින්නැතිව පෙන්නපං
උඹලත් ඇවිත්

උඹ මාව දන්නෑ
මං උඹව දන්නෑ
ඇයි එහෙනම් වහන්නෙ පාර?
මට නම් දාන්න එපා ඔය පාර
ගේමක්ම නෑ ආවත් ඔක්කොම
එකපාර
අත ගහලයි අයේ උඩටම ආවේ
සෙල්ලමේ ඔක්කොම දාර
ස්මෝකා

කැරකෙන ලෝකෙ වටේ
අපි ඇවිදින්නේ
එක තැන දුවන අයයි
මට වැටහෙන්නේ

ඇයි උඹ ඉරිසියා?
බලන්නේ කපන්න
පිටිපස්සෙන් අනින්න
බිමට වට්ටන්න

ඇයි උඹ ඉරිසියා?
බලන්නේ කපන්න
පිටිපස්සෙන් අනින්න
බිමට වට්ටන්න

මේ ගතිගුණ තියෙනකන්
ඉන්නට බෑ නේ මචං
එකට එකා මරාගන්න කං
පැවැත්මක් නෑනේ මචං

ඇයි උඹ ඉරිසියා?
ඇයි උඹ ඉරිසියා?
ඇයි උඹ ඉරිසියා?
ඇයි උඹ ඉරිසියා?

නිවුනා | Niwuna by YAKA x DKM ft. Master D [2020]

සිත නිරතුරු රහසින් කොදුරන්නේ
නුඹ ගැන සිත සිත මම නිදි යහනේ
ඒත් නුඹ එක් වී ඉන්නේ පහසේ
මගේ නෙමෙයි වෙන කෙනෙකුගේ යහනේ
පෙම මිල කොට දෙන කෙනෙකු ද කියා
දැවෙන ගින්දර මා සිත තුළම නිවුනා නිවුනා

ආ වදකාර හීන භයංකාර රූප කූට මා සිනහා වුණා
මගේ වත ඇදුළා කාදුළා බඩ රාගේට තා වැහුණා
රත හෙදුණා ඒයි
කවුද දන්නේ යන තැන ඇත්තෙන්
ඇයි මන්දැ සිල් නොද රැක්කේ.
සද්ද බද්ද මැද්දෙන් ඇවිද්දේ මං
සද්ද බද්ද මැද්දෙන් ඇවිද්දේ මං

මට පේනවා දැන් ආව පාර හරි හරි දුර දුවන් යායුතු වෙයි
සිනමාව රට එළන් අරාජික රන් පළස් බ‍ංකොලොත් දැන්
කේඩෑරි කුඹුර පුරා සිරුවෙන් යං
බලකාමය තීරුවෙන් යං
හිරේ ඉදන් ඇවිත් A7ක් ගත්ත සදමාලිට degreeයක් දෙන්
මට පැරදිලා නෑ සටන්
කද මහතට තිබ්බට කෝ රටක් එකයි
හිත අඩු වෙන්නේ නෑ තවත්
ලොකුමාමට ඕන මම මහතට ඉන්නයි
බිම බලන් ගිය කෙල්ලෝ මූන උස්සලා
මට නිකට පෙන්නයි
මං බලන් ඉන්නේ උන්ට පස්ස පෙන්නලා උඹට මුණ දෙන්නයි

මොන පැවිල්ල ආවත් හිදුණේ නෑ මගේ රාග නිධි
අද යාමෙන් යාමෙට වැඩි නැ මගේ හද මදී
දුර පාවෙන්නේ නෑ සිත සීලේන් කාමෙට නිතරම අදි
එක යාමෙන් යාමෙට තනිකම පැති දෙකට අදී

වරෙක පෙම් ගී කියා කොදුරන්නේ
සිතෙන විට හැරයයි නොදැනෙන්නේ
රට පුරා ඇසෙන වදන් නොඇසෙන්නේ
දැවෙන ගින්දර සිත තුළ නිවෙන්නේ

වරෙක පෙම් ගී කියා කොදුරන්නේ
සිතෙන විට හැරයයි නොදැනෙන්නේ
රට පුරා ඇසෙන වදන් නොඇසෙන්නේ
දැවෙන ගින්දර සිත තුළ නිවෙන්නේ

සිත නිරතුරු රහසින් කොදුරන්නේ
නුඹ ගැන සිත සිත මම නිදි යහනේ
ඒත් නුඹ එක් වී ඉන්නේ පහසේ
මගේ නෙමෙයි වෙන කෙනෙකුගේ යහනේ
පෙම මිල කොට දෙන කෙනෙකු ද කියා
දැවෙන ගින්දර මා සිත තුළම නිවුනා නිවුනා

අදට මාසයි දවස් හතරයි සිතට වාසියි ඒක පුරුදුයි
හිත හිත මම හැමදාම යන්නයි යන්නේ ඈ හම්බවෙන්නයි
හිත පිරිසිදු රූකාරකම්
ඇය රන්වන් දැන් වාරකන්
උගත්කම් වැඩක් නෑ දැන් රට්ටු කියන්නෙත් මාර දේවල් බං.

පෙමට මත් වී මම දැන් සිරුවෙන්
කරන දේවල් ගැන නො ස්ථිරේන්
හිත හිරවුණු පාඩමෙන් මන් මිදී යන්නට වෙර දරමින් දැන්
ඉන්නේ බංකොලොත් වී සිත මුදුනේ හීන ගුළි කරන්.

මොන පැවිල්ල ආවත් හිදුනේ නෑ මගේ රාග නිධි
අද යාමෙන් යානෙට වැඩි නැ මගේ හද මදි
දුර පාවෙන්නේ නෑ හිත සීලේන් කාමෙට නිතරම අදි
එක යාමෙන් යාමෙට තනිකම පැති දෙකට අදී

ඒ දවසේ | E Dawase by DKM ft. MasterD [2020]

අද වාගේ මතකයි ඒ දවසේ
බිලිගත් මගේ සොයුරා මුහුදේ
ජීවිතේ නොසිතූ ලෙස සිදුවේ
හදවත් පාරා නුඹ හැර ගියේ
දෙවිදුනේ ඇයි මෙය සිදු වුනේ
ඔහු වෙනුවට මම ජීව්ත් වුනේ

අද වාගේ මතකයි ඒ දවසේ
බිලිගත් මගේ සොයුරා මුහුදේ
එ දවසේ
එ දවසේ
එ දවසේ

පාසල් පන්තියෙන්
ඉරණම කරා
ඇදී යන්නේ ඔහු දැන්
නොදැනී මෙලෙසා
මව්පියන්ට දුක් දී
සතුටක් සොයමින් ආ
ඉරණම රැල්ලෙන් දැන්
ඔහු වෙත පිය මැන්නා
ඇදී යන්නේ අපි දැන්
එකට එක් වීලා
ඒ දුක මට නොදැනී
අපෙන් වෙන් වීලා


එක හුස්මක් තිබුනූ
ඔහු සතුටින් මා හා
දෙස බලනා බැල්මන්
මට හීනෙන් පේනා
මට හීනෙන් පේනා
මට හීනෙන් පේනා
මට හීනෙන් පේනා

අද වාගේ මතකයි ඒ දවසේ
බිලිගත් මගේ සොයුරා මුහුදේ
ජීවිතේ නොසිතූ ලෙස සිදුවේ
හදවත් පාරා නුඹ හැර ගියේ
දෙවිදුනේ ඇයි මෙය සිදු වුනේ
ඔහු වෙනුවට මම ජීව්ත් වුනේ

අද වාගේ මතකයි ඒ දවසේ
බිලිගත් මගේ සොයුරා මුහුදේ
එ දවසේ
එ දවසේ
එ දවසේ

දුර ඈත පෙරනිමිති නෑ මට නිමක්
මේ ආගම නම් මනක්කල් යායකි ලොවක්
කරා මා යා ඉතින් ආ දුර බවත්
නරා ගිනි ලෝකයත් සවා ගිනි කවත්
නුඹත් නව ලොවක්
හිස මුදුනේදී කාගෙද බැදීම්
සිනහව දරාගෙන හිදි වාරය රැදී
පරව ගිය මිනී කදක් ‍රාගික නැති


කරව නුබේ උර පාගත නිදි
භාවනාව සුදු බිත්ති අතර නැති
කාගෙවත් නැති
මතකෙන් ගිලිහුනා
රැදිලලා තිබූ බැදීම්
සිරව සිටි කලන් නිදස් වුනා වැනි

මිතුර මේ මගේ වෙලාව
මට කලින් පැමිණි උන් මා දෙස බලා යමි
මතකයේ රැදි නුඹ දා ගිය වෙලාව
අතින් ගුලි කරනා ලානික දයාව
කදුලු පිපුනු මල් සුපිපුනු විල් තෙරේ
කදුලු පිපුනු මල් සුපිපුනු විල් තෙරේ
මා පාවේ

LAVA by YAKA ft. DKM & Mayora [2018]

the way you look at me
the way you touch me
makes me desiring oh yeah
wanna be with you tonight

you the one who do it
make me feel alright
for me you feel like heaven
you are the one that
I’ve been dreaming
all-night you might be those lava flowing
much like a volcano

you are the one always
pop in my mind
with those lava flowing
much like a volcano
and I feel like heaven

the way you move
the way you dropping
makes me desiring oh yeah
I wanna take you home right now
we are the one we do
make you feel alright
for you to feel like heaven

I’ll be the one that
you be dreaming
all night like
those lava flowing
much lika a volcano

I’ll be the one
who is going to ways to popping
with those lava flowing
hurt like a volcano
I’m gonna feel like heaven

යශෝධරා | Yashodara by YAKA & DKM ft. Poornima & Malindu [2018]

යශෝදරා..
අහස පුරා
ලියමි ඔබේ වරුණා
යශෝදරා..
කල්ප පුරා
ආල වැඩුවේ කොහොමා

භවයෙන් භවේ
අභිමන් ගමනේ
පෙරුමන් පුරලා
ඔබකෙසේ..
එතරම් සෙනෙහේ
පිදුවද මංදා..

යශෝදරා..
අහස පුරා
ලියමි ඔබේ වරුණා
යශෝදරා..
කල්ප පුරා
ආල වැඩුවේ කොහොමා

භවයෙන් භවේ
අභිමන් ගමනේ
පෙරුමන් පුරලා
ඔබකෙසේ..
එතරම් සෙනෙහේ
පිදුවද මංදා..

සදා මගේ හදේම උපදින
සංසාර ආදරේ ගැන
මං ඉන්නෙ ඔබ කෙරේ බැඳිලා…
මං පාරමී දම් පිරුවා
කපිල පුර යශෝදරා මා..

භවයෙන් භවයේ
අභිමන් ගමනේ පෙරුමන් පුරලා
ඔබ කෙසේ එතරම් සෙනෙහේ
පිදුවද මංදා
යශෝදරා කඳුලු දරා සඳළු තලේ උන්නා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

ගිම්හානේ | Gimhane by DKM ft. YAKA [2020]

සුමිහිරි තැන්
මුව කොනකින්
සිපගත්තූ
ප්‍රියේ
මතකෙට ආ ඒ සමයයි
ආදර කතා

ගිම්හානේ වස්සානේ මං
මත් වී
ගිම්හානේ වස්සානේ මං
තනි වී

හදෙහි ඇදී
රූවරුනේ
සිතුවමකි නුඹ
ප්‍රියේ
නෙතග දිහා
මා බලනා
සැමවිටම හැගුනේ

ගිම්හානේ වස්සානේ මං
මත් වී
ගිම්හානේ වස්සානේ මං
තනි වී

නිම්න අඩවිය | Nimna Adaviya by DKM ft. YAKA [2020]

සරාගී නෙත් වලින්
බලන්නේ විගස දැන්
සෙමින් ලය පැද්දෙමින්
රුවක් ඇදෙනා සැනින්
සොරාගත් හදවතින්
සිරකර මත්පැන් වලින්
බිදුනු ඒ මල්පෙති අගින්
කරයි දැන් කාමකම්

අන්දකාරේ සමවැදිලා
විසිතුරු සළුපට පවා
නලගන නැටුමන් නටා
මගේ ලෙය බිදවටමිනා
නිම්න අඩවියේ සැරිසරා
පෙම් කරමුද අපි සැමදා
වේදනාවක කාවැදිලා
පෙම් කරමුද අපි සැමදා

පෙමින් මත් වූ කයින්
සුරතින් මිහිරක් දෙමින්
රාගයේ ගැඹුරට ගිහින්
සොයම් ඔබේ මිහිර දැන්
සොරාගත් හදවතින්
සිරකර මත්පැන් වලින්
බිදුනු ඒ මල්පෙති අගින්
කරයි දැන් කාමකම්

අන්දකාරේ සමවැදිලා
විසිතුරු සළුපට පවා
නලගන නැටුමන් නටා
මගේ ලෙය බිදවටමිනා
නිම්න අඩවියේ සැරිසරා
පෙම් කරමුද අපි සැමදා
වේදනාවක කාවැදිලා
පෙම් කරමුද අපි සැමදා

නුරා රාගී | Nura Ragee by DKM [2019]

සුරගන සේ වෙස් වලා
නුඹ ආදරේ පැවසුවා
නෙතු කොනකින්
සිහින බොද කෙරුවා
නුරා රාගී මවා
රටාවකා නැටුම් නටා ඔඹ
සිමින් ලං වූවා
දොහොරේ ගලන සෙනෙහස උතුරවා

හදවත ගැටෙනා ඒ මියුරු මොහොතේ පවා
නුඹේ රූපයමය් මගෙ සිතෙහී දැල්වෙනා
උණුහුමෙන් හාදු දෙන වසන්තයක් මවා
හිමි සැරේ නෙතු දැහැන් අහිමී කලා
කිරිල්ලියක් මෙන්
පියාපත් සලා
ඉගිල්ලිලා නුරා රාගී මවා
සිහිනයක් දෝ මේ වරක සිතා
වැටහුනේ නෑ
නුරා රාගී පවා

සුරගන සේ වෙස් වලා
නුඹ ආදරේ පැවසුවා
නෙතු කොනකින්
සිහින බොද කෙරුවා
නුරා රාගී මවා
රටාවකා නැටුම් නටා ඔඹ
සිමින් ලං වූවා
දොහොරේ ගලන සෙනෙහස උතුරවා

රැය පුරා
සිතිවිලි මත සිරවී පැටලීලා
සිතුවේ වියපත් වූ නුඹගේ සෙනෙහස ගැන
ජීවිතේ මරණයේ අතර සිරවූ මා
ආදරෙන් මත් වෙලා
හදවත පුරා

කිරිල්ලියක් මෙන්
පියාපත් සලා
ඉගිල්ලිලා නුරා රාගී මවා
සිහිනයක් දෝ මේ වරක සිතා
වැටහුනේ නෑ
නුරා රාගී පවා

සුරගන සේ වෙස් වලා
නුඹ ආදරේ පැවසුවා
නෙතු කොනකින්
සිහින බොද කෙරුවා
නුරා රාගී මවා
රටාවකා නැටුම් නටා ඔඹ
සිමින් ලං වූවා
දොහොරේ ගලන සෙනෙහස උතුරවා