කාමිණී | Kamini by Smokio ft. Reezy & Tee Cee [2021]

සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී..
සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි..
පිරුණු වදන් “මත” කින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි..
නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී..

සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී..
සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි..
පිරුණු වදන් “මත” කින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි..
නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී..

හඳ නෑ, කළුවරයි රාත්‍රිය..
ඈ මගේ ලඟින් ඉඳන් නිවනවා මගෙ කාන්සිය..
ගෙවෙනවා විනාඩියෙන් විනාඩිය..
කතාවේ තව කොටසක් නිමා විය..
දෙවියෝ ඇති තරම් කල් අරන් අඹන්න ඇගේ රූපේ..
ඇඳුනොත් හිතේ එක් වරක් මැකෙන්නැහැ පින්තූරේ..
කවදාවත් අහන්නැහැ මගෙන් “ඇයි පමා වූයේ?”
මං පමා කල තරමට ආසාව වැඩියි මූණේ..
ඈ මන්දෝදරී, මං රාවණ..
ඈ කාමිණී, මමයි වත්ස්‍යායණ..
වෙනසක් නෑ මධ්‍යම රාත්‍රී, මධ්‍යහන..
මේ හෝරාවයි සංවාස අධ්‍යාපන..
Ayy කාලගුණේ සීතලයි, අපි දෙන්නයි මීදුමයි..
එක පාර ඇවිත් ගිම්හානෙයි ශීත සෘතුවයි..
උෂ්ණත්වමාපකේ අංශක බිංදුවයි..
රතු වෙලා ! වගෙයි ඈ “පුපුරන්න මිනිත්තුවයි”
තව මදියි ඇගේ කාමුක දෑස් අයදී..
ඈ ළඟදි “රති” මාර දූත් පරදියි..
ඈ කොඳුරයි මගේ කණට, උරහිසට බර වී..
“මා සනසන්න හැකි නුඹට ප..ම..ණී..”

සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී..
සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි..
පිරුණු වදන් “මත” කින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි..
නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී..

සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී..
සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි..
පිරුණු වදන් “මත” කින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි..
නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී..

ඈ හිස් අවකාශයක් වූ නිසල රැයකි..
දිව්‍යාංගනාවක් ඈ සුරලොවින් පැමිණි..
මා ලෝ අන්ධකාරේ, ඒ ආලෝකෙන් යයි නැතිවී..
මන් මත් කරයි ඈ මා තුරුලට දැවටී..
අවුලයි මා සිත ඇගෙ කොඳුරන මුවඟින්..
ආශා දහසක් වපුරයි ඇගේ සුවඳින්..
සම කරන්නද නුඹේ දෙනෙත් මම කුමකින්..?
එනු මැන තුරුලට, ඉන්න එපා දුරකින්..!
පුරඟනී, ඈ මා ගාව දැවටී..
මා යහනේ වැතිරී, නිරුවතින් හැඩ වී..
මුමුණාවී “මත” කින්, “මමයි නුඹේ රැජිණී, රජුනී! නුඹ කැමති දේ කළ මැනවී..”
තෙත් කරන්නම් මං නුඹ, වැස්සක් වගේ..
මතු කරයි නුඹ නොදැකපු පැත්තක් මගේ..
රාගය ඇත ආලය නැතත් හදේ..
ආත්මයන් ගැටී! නොතේරෙයි ඇත්තක්ද මේ..

සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී..
සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි..
පිරුණු වදන් “මත” කින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි..
නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී..

සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී..
සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි..
පිරුණු වදන් “මත” කින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි..
නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී..

හිස් අවකාශයෙන් මතුවෙන්න සැණින්..
ඇස්බැන්දුමක් වගේ මට හිතාගන්න බැරි..
ඒ කාමිණී.. මං ලග වැටී දණින්..
එළිවෙනකන් යාඥා කරලා රතු වෙලා ඇගේ දණිස්..

හරි තාලෙන් | Hari Thalen by The Batterii ft Costa & Smokio [2021]

යාමේ මා දුටු හීනෙක චායා
අඩමානෙට පේනා
නිවෙමී දසුනෙන් පවා
පාවීලා සුළඟේ රැය ගේනා
හිරි සීතල සේනා
මාගේ ඔහු මගෙ කියා
හුරු තාලෙට කීවා

හරි තාලෙන් හද ගැහුණා මා
නැති ආලෙන් තනිකම කීවා
දැනෙනා පෙම් හිත සඟවාලා හිඳී මා රැදීලා
මුළු රෑ නිහඬවම හිතාලා
දුර පාරෙන් -පිට වීලා
අඳුරේ රතු එළි අතරේ රෑ හිඳී මා රැඳීලා

ළයේ ළං වීමා
නිවේ රෑ පුරා

සිටිනා විට අද නුඹ මට නෑ තනිකම
මම කියන්නේ නුඹ ගැන නොව දුරකථනය ගැන
ඈතින් සිටිනා තරමට හොඳ බව සිතෙන්නේ මට විතරද නුඹ
option වැඩි social media addicts
පේන්නේ නෑ මට අගයෙ දැං මැණික්
හැම මොහොතම මම full දැං panic
(tone) සද්දය ඇසුණු සැනින්
නුඹ පමණයි මගේ හිත හිමිකර ගත්තේ
සැබැවින් නොව social media අස්සේ
හමුවන දින සිතුවේ නෑ මං ආයෙත් නෑ යන්නේ කාගෙත් පස්සේ
යන්නේ නෑ ආයෙත් කාගෙත් පස්සේ yeah

හරි තාලෙන් හද ගැහුණා මා
නැති ආලෙන් තනිකම කීවා
දැනෙනා පෙම් හිත සඟවාලා හිඳී මා රැදීලා
මුළු රෑ නිහඬවම හිතාලා
දුර පාරෙන් -පිට වීලා
අඳුරේ රතු එළි අතරේ රෑ හිඳී මා රැඳීලා

ළයේ ළං වීමා
නිවේ රෑ පුරා

“මම ඈතින් ඉන්නම්,
දැන් අපිට ආදරේ කරන්න බෑ හිතින්වත්”
මම එහෙම කිව්වත්,සමහර වෙලාවලදී
වේගෙන් එද්දි හැඟීම් නෑ “තිරිංග”ත්..
ඒ ආත්මෙයි මට ඕනේ රුව නෙමෙයි,
සිරුර නෙමෙයි..
එන්න කිව්වොත් ඔයා මං ගාවට දුවගෙන එයි..
මම දන්නැහැ ඒ වෙලාවේ මට දුර පෙනෙයිද?
පෑනේ තුඩ ගෙවෙයි, මං ඒ මොහොත හිතේ මවන්
සිතුවම් කළොත් වදනින්..


නිමාවක් නැති වෙයි සිතුවිලි ඒ තරමින්..
ඒ ආදරේට නිමාවක් තබමින්..
වැහි මේඝයක් විය නිල් වළාවන් මගදී..
තව පාරක් මලවි ළඟට ආවත් දරමින් දුණු හී,
පුළුවන්ද ආයෙත් හදන්න බිඳුණු වීදුරුවක් නම්,
ඒ හිතවත්කම්?
ඉන්න හිතාගත්තත් හිත හදන්,
යද්දි.. නොවී හිනාවක් වත්, බිම බලන් මං ගාවින්..
හිත, විඩාපත් පන්හිඳ බදන් හඬාවී..
මේ බැඳීමත් අතීතයට ගලාවී..
තේරුම් ගත්ත කෙනෙක් මේ කතාවට නමක් තබාවී..

හරි තාලෙන් හද ගැහුණා මා
නැති ආලෙන් තනිකම කීවා
දැනෙනා පෙම් හිත සඟවාලා හිඳී මා රැදීලා
මුළු රෑ නිහඬවම හිතාලා
දුර පාරෙන් -පිට වීලා
අඳුරේ රතු එළි අතරේ රෑ හිඳී මා රැඳීලා

ළයේ ළං වීමා
නිවේ රෑ පුරා

පේලි 100 | Peli 100 by K Mac ft. Smokio [2021]

ජීවිතේම වින්දත් කවුද ආස විදවන්න
සැපම නෙවෙයි ජීවිතේ යාලු තේරුම් ගන්න
ඕනේ නෑ මට ගොඩක් කල් ජීවත් වෙන්න
මම බය නෑ මැරෙන්න කියන්නේ යකාට ඇහෙන්න

මගේ මනෝකාය පාවෙයි මම නිදන් ඉද්දී
ගැස්සිලා නැගිටින්නේ ආත්මේ ඇගට ඇතුලු වෙද්දී
රෑ පහන් වෙද්දී හිතුනා දේවල් ගොඩක්
ත්ශ්ණාව ඉර්සියාව වයිර ලෙඩ තුනක් තුනක්

ත්‍රයිලෝක පත්‍රය තමයි එකම පිලියම
ලෝකාන්තේ මීදුම වගෙයි අද අලුයම
මගේ කාමරේ දුමෙන් වැහිලා
වැදිලා නෙවෙයි යාලු මම ඉන්නේ සම වැදිලා
කොළඹ තාලේ තාමත් කල්ලියේ වාරෙ දාන්නේ
දිව්‍යයලෝකේ සාදේ කිලුඉලුම නාදේ

මං දෙවියන්ගේ හාල් කැවුනු දෙවියන්ගේ පුතා
බොලාට හිතාගන්න බෑ මේ ඇග ඇතුලේ ඉන්න සතා

පාපමිත්‍ර සේවනය සැපට මෝහනය
මෝක්ෂය කතා කලොත් වෙන්නේ චරිත ඝාතනය
භීෂනයත් එක්ක මට ඇහෙන්නේ වීණා වාදනය
සල්ලි පස්සෙන් යද්දී එන්නේ පොලිස් වාහනය

පෙර කල පිනට යහතින් ඉන්නේ තාමත්
එක දෙයක් වද දෙන්නේ ඔලුවේ හැමදාමත්
මම මැරුණු දවසට අඩයි හදේ හාවත්
අහන්න වෙන්නෑ මේවගෙ වදන් කවදාවත් ආයේ

44 වෙන්නෑ කවදාවත් මලානික
පැතිර යන්නේ උනක් වගේ මාරාන්තික මාරාන්තික
ක්‍ර්රුන්තක රදනක බොරි වචන දාලා
කියන උඹේ රැප බොක

තේරුම බිංදුවයි නම්බුවයි බම්බුවයි
ගැලපීමක් නෑනේ කොල්ලෝ උඹයි උඹේ සිංදුවයි
තේරුම් අරන් ඉන්නේ දැන්නම් කාගෙ කාගෙත් හැටි
බොරුව මවාපාන උන්නේ රටේ තොටේ සමාජෙ වැඩී

පේන මානේ නොපෙනිලා යන්නේ හීන මානේ
හිතේ තියන ලොකු මානේ නිසයි වෙන්නේ අවමානේ
තේරුම් ගන්න බැහැ ගැඹුරු වැඩි නිර්වානේ
ක්ශනික කෝපය ප්‍රතිපලය දුකයි අවසානෙ

සෝවාන් සකුර්තගාමී අනාගාමි අරිහත්
බුදුගුණ බුද්ද ධර්මේ රැව්දේ විශ්වේ තාවමත්
හිටිය විදිහ නෙවෙයි යාළු ඉන්න විදිහයි වැදගත්
හිත කය මන පව්කාරයි කාගෙන් හැංගුවත්

මං ඇත්තයි කියන්නෙ අවංක අම්මට විතරයි
වෙන කවුරුත් අදාලම නෑ මට මම විතරයි
හිත රිදිලා රිදිලා ආදරෙත් අප්පිරියයි
විශ්වාසෙත් අප්පිරියයි මදුවිත නම් පිරියයි

ස්තුති දෙවියනේ දුන්නට තව දවසක්
පරිවාසෙ හිර ගෙවල් වල ඉන්නවා තව පිරිසක්
සැලෙන්න එපා යහළු එනවා එක මොහොතක්
වෙච්ච දේවල් තේරුම් අරන් යන්න අලුත් ගමනක්

කාටවත්ම පෙනෙන්න නෙවෙයි තමන්ට දැනෙන්න
කරන මිනිහා කියවන්නේ නෑනේ කාටවත් ඇහෙන්න
පුරුදු වෙයන් හැමදේම හොද පැත්ත දකින්න
මම වැරදි පැත්ත දැක්කේ නැහැ වගේ මග අරින්න
මට ඕනෙ නෑ නැති ප්‍රශ්න ඕන මනසට නිදහස
මානසික ආතතිය ගිනිතියයි උබේ හිස
ආශාවේ නෙවෙයි සැප තියෙන්නෙ නිරාශාවේ
රෑ ආකාසේ දිහා බලන් මනෝලෝකේ පාවෙයි

ගෙවිල යන්නේ මේ සූස්තිමත් දවස්
මම වෙනස් උනේ නෑ උනේ සමාජේ දුරස්
මම මගේ පාරේ යද්දී වෙන්න එපා හරස්
ප්‍රසිද්ධ වෙන්න කාටත් කලේ නෑ මගේ ආත්මේ උකස්

මැකා තාමත් ඉන්නේ ගේමේ කාටත් පදිරිම නෑ
කාටත් කඩේ යන්නේ නෑ මම කරන්නෙ මට ඕනෙ දේ
නවතින්නේ නෑ කාටත් නවත්තන්න බෑ
කල්ලිය ඉන්නේ තාමත් උඩ උඹලට ලං වෙන්න බෑ
ගල්කිස්ස බඩෝවිට මාළිගාවත්ත ගෑර්න්ඩ්පාස්
කෙසෙල් වත්ත කොළඹ මොකද වෙන්නෙ දොන් දිනුක
දනුක චප්පා නානා ජොනී අම්ම පැතුම් යාලුවෝ
ඉන්නවා කොළඹ වටේම
කොළඹ රැපා කවදහරි මැරෙන්නෙ සැපේම

තිබ්බ තිබ්බ අඩියක් ගානේ ඇහුනේ මට මිනී කටු පෑගෙන සද්දේ
ඇස් අරිද්දී මං හිටියේ කනත්තේ
කොතනද මං වරද්ද ගත්තේ මං කොහොමද දන්නේ?
ඒ කාලේ මං නෑ මං වත් අදුරන්නේ
මේවා මං නෙවෙයි කලේ මොනාද
ඔව් මං තමයි කලේ
ඔලුව ඇතුලේ ඉන්න සතයි කරව ගත්තේ
මගෙන් අවසර ගත්තේ නෑ ඌ එද්දී
සමාව ගත්තේ නෑ ඌ යද්දී
කදු පර්වත පාත් උනේ නෑ බල්ලෝ බුරද්දී
ඒකයි පාර මගේ වගේ ඇවිදින්නෙ කොහේ බැස්සත්
කදු පිටින් හෝදන් එන නා කපන වැස්සක් වගේ
ඔව් මං වෙනස් තියනවා තුනක් ඇස්
ඉන්නේ අගිස්සේ ස්මෝක පිස්සුවක්

පුරවන හිඩැස් කාසතුද මා සදිසි බැස්මක්?
එලිසමය සමයි මිම්මට කල බැස්මක්
අච්චුව රැව්ලත් පස්සට දැම්ම හිස් වැස්මත්
මම ජරාවක් නම් උඹලා නිල මැස්සක්
නෑ දිවැස් නෑ විහිදෙන්නෙ රැස් ග්නාති නෑ දෙවියන්
පොත් වල විතරයි දැක්කේ හත් පෙති මල්
මගේ උන්ට විතරයි ගැම්ම දිලිසෙද්දී මං
එරියන් කිව්ව කැරියන්ට මාව පෙනියන්

හැරවුම් ලක්ෂය පිලියන්දල හංදිය
එතනයි මුල ඒකයි තාමත් මැකාට භක්තිය
කෝ ලමයි අරන් එන්න මල් වට්ටිය
රැප් සෙල්ලමට දාන්නයි යන්නේ පට්ටි

වලංගුයි වන්දිය
මං උඩුගම් බලා පීනුවා කොච්චර සැර වුනත් ගං දිය
ව්කුර්ති මායාවෙන් වෙලුණු යුගය අවසන් විය
සිනාසෙන්නේ මගේ ආයෙත් දයිවය උදුරන් ගිය

ලූලා වලේ නැති නිසයි කනයෝ දැම්මේ සිද්ධිය
ඒකයි ආවේ ගලවන් කොටු කරලා තිබ්බ බිත්තිය
හිතෙන දේ කරන්න එපා මට ඉර්දිය
උඹලා මාව දන්නෑ ස්මෝකා නෙවෙයි උගේ පිල්ලිය

අහසෙන් පොළවට වැටුන්නෑ මං වැටුනේ පොළවෙන් අහසට
ඇත්ත මේකයි ඇත්ත එද්දී බොරුව තිරෙන් අහකට
පරණ දේවල් වලට කරුනු නෑ නිදහසට
පුලුවන්නම් ගනින් ආයෙත් ඔටුන්න මගෙන් අහකට

ඔප්පූ නෑ තිරප්පු නෑ මේක මගේ සෙල්ලම මගේ ගේම
කැප කරලා ඉවරයි දැනටමත් මුළු ජීවිතේම
අමතක වෙලා නෑ තාමත් මතකයි මට හැමදේම
මීටරේ හිටියේ හැමදම මීටරේ හොදට වැඩ තාම

වැඩ්ඩෝ වැඩ දාන දන්නෑ ස්මෝකා ගැන තාම
ඉන්නවා මට හමුදාවක් දුක දන්න සැප දාන
ඉස්කෝලේ ලුම්බිනිය වාසි බෝඩරේ ඇලගාව
එකපතේ කාපු උන්ට ආදරෙයි හැමදාම

වැරදි වල ණය ඉල්ලන් කරුමේ මගේ එනවා පස්සෙන්
යාළුවෝ කවුද හතුරෝ කවුද ඔක්කොම මූණු එක වගේ
අද ඉදියි කියන්න බෑ යන්නත් පුලුවන් හෙට වගේ
ඒකයි විදින්නේ ජීවිතේ මං වගේමයි කොල්ලොත් මගේ

අම්මයි දුන්නෙ පණ මට
තාත්තයි දුන්නෙ නම
ඉතින් මම ගනන් ගන්නේ නෑ
වෙන උන්ගේ බන
කන්න එපා කන බේරිලා ඉන්න තමන් දැනගත යුතුයි
නැන පමණින් තම තම

විරාම සමාව කලාතුරකින් ලැබෙන්නේ දෙවෙනි පාර
දූවිලි හුලගට අමතරව හොදම පාඩම් ඉගැන්නුවේ පාර
තාර පාර හුරුපුරුදුයි මං ඇවිදින්නෙ නිදහස් ආර
හුස්ම ගන්නවා දැනෙන්නේ ගෙන්දගම් පොළවේ ඉදගත්තාම

කොළඹ රස්නෙත් එක්ක උණ හොදටම සහල වෙලා
මං වගේ කවුරුත් නෑ ලංකාවේ තාම පහල වෙලා
ටිකක් සරල වෙලා ඒත් තාම පරණ කෙනා
මං අලුත් වෙද්දී මුං එකතැන පරණ වෙලා

කියන්නා කෙසේ කිව්වත් අසන්න ඇසිය යුතුයි සිහියෙන්
මම දැලි පිහියෙන් කිරි කද්දී උඹලා අවසිහියෙන්
දැන් මං සිහියෙන් පෙන්නන්නම් වෙන් කරලා කිරි දියෙන්
උඹලා හිතනකොට ස්මෝකා අඩිගානක් ඉදිරියෙන්
මං තනි කොටියා එකට කෑවත් බොක්ක වෙනස් එවුන් කුමට
ශුද්ධ සිංහලෙන් කිව්වොත් ශුක්‍රාණු සුනඛ
ඩෝල් ජාති මෝල් ජාති බොන්නෑ මං දැන් උණට
ඇම්බැක්කෙත් නැති කැටයම් එක්ක ආයෙමත් උඩට

තොල් සායම් | Thol Sayam by Izzy Iznu ft. Kaizer Kaiz & DKM [2017]

සුළඟේ දැවටි ඔබ මා හා පියැඹුවේ
හදවත් රැයේ එකට එක වෙලෙමින් සැරිසැරේ
ඔබේ සිනහව මාගේ හද පතුලේ රැඳී
ඔබයි මාගේ සිතේ හිරු කුමරියේ

දෙදෙනා අඳුරේ අද රෑ මගේ කිරුළේ හිමිකාරි
හෙට නෑ නුඹේ නෙතුවල දුටු කාමේ
හදවත් පැවසූ ඒ ලෝකේ නුඹේ ගත පිනවූ මගේ ලෝකේ
හදවත් පැවසූ ඒ ලෝකේ නුඹ සිරකාරියේ

තොල් සායම් ඳීය වී අඳුරේ මත් වී
සැඟවූ මල් පෙති නිදි නැති රැයේ ඔබටයි පැවසුවේ

සුළඟේ දැවටි ඔබ මා හා පියැඹුවේ
හදවත් රැයේ එකට එක වෙලෙමින් සැරිසැරේ
ඔබේ සිනහව මාගේ හද පතුලේ රැඳී
ඔබයි මාගේ සිතේ හිරු කුමරියේ

වටලන්න මගේ තොල් නුඹේ හාදූ සේනාවෙන්
දවටන්න ඇඳ ඇතිරිලි නුඹේ සුවඳෙන්
කිමිදෙන්න ආසයි නුඹේ කෙස් රැළි අතරින්
පරදන්න හඳ කව්ද ලස්සනම තරඟෙන්
ආදරේ මැන්න ඇය දිව කරන් අඩි රූල
මැණික් කෝටිය තිබ්බත් තෝරගන්නේ නුඹේ මූණ
නුඹ ඇල්ලුවත් මැවෙනවා සුරලෝකේ රූප

ඒකයි රටම හැදුවේ අපි ගැන ඕප දූප
කලකට පෙර ඔයා මට තිත්ත මිදි
ඒත් උත්සහවන්තයා ජය ගනි
මගේ ලඟින් ඔයා නිදි හිත කොතනද මම හිටියේ ඒ ගාව
සතුට මොකක්ද ඇහුවොත් පෙන්නනම් ඔයාව

සුළඟේ දැවටි ඔබ මා හා පියැඹුවේ
හදවත් රැයේ එකට එක වෙලෙමින් සැරිසැරේ
ඔබේ සිනහව මාගේ හද පතුලේ රැඳී
ඔබයි මාගේ සිතේ හිරු කුමරියේ

වැරදිද මා | Waradida Ma by Ashan Ranushka ft. Smokio [2020]

හැමදේම බොරුවක් උනා
ආදරය අගයක් නැති දා

යලි යලි ආයෙත් නොඑනා
දුරකට මා ද යනවා

වැරදිද මා
වැරදිද මා
වැරදිද මා

යලි යලි ආයෙත් නොඑනා
දුරකට මා යලි යනවා

වැරදිද මා
වැරදිද මා
වැරදිද මා

ස්මෝකියෝ
වැරදිද මං
තවත් ඉන්නේ කොහොමද
ඔයා ගාව
නොදැක්කා වගේ ඇස් පියන් මං
නැතුව බැරි නම්
එක පාරක්
දෙපාරක්
දීලාම මං
ඇයි තාමත් බැරි කියන්න

ආදරේට
හරිම වටිනාකම දෙන්න
ඇයි බැරි වුනේ
ලස්සන කතාවක් ලියන්න

අපිට මම දුන්න
ආදරේ කියන්න
මදිද
මේ ලෝකෙම නැති වෙයි
මිම්මක් මනින

ඉවසීම කියන එකෙත්
සීමාවක් නැති වෙද්දී
දුකයි කතාව

මේ අන්තිම පාර
ආයේ ලං වෙන්නෑ
එන්නෑ මං තුරුල් වෙන්න
නෑ තවත් වතාවක්

ඉන්නෑ ඔයා ගාව
බෑ හැමදාම
වෙනස් වෙනවා හැමදේම

ඒතමයි දහම
තේරුම් ගත්තනම්
ඔයා එදාම
අපි දෙන්නගෙ වෙලයි
අපි ඉන්නේ තාම

ඒත් දැන් වෙලාව හරි
තීරනයක් ගන්න
කාට හරි

ඉතින් මම හිතුවා
ඔයාගෙ අතින් අතහරින්න
අද මම ඔයාට කලින්

ඒත්
මම දන්නෑ
කොහොමද මකන්නේ
මතක මං

ගිනි තියලා දාන්න පුලුවන්
පොතක නම්
කවුරුත් කියනවා වගේ
හැමදේම හොදට නම්
සමුදෙන්නම් ඔයාට මං
දුන්න හිත ආයෙත් අරං

යලි යලි ආයෙත් නොඑනා
දුරකට මා ද යනවා

වැරදිද මා
වැරදිද මා
වැරදිද මා

නුඹ සමගින් මා
ලංවී හීනේ
අතහැරුනා මා
හද බිදුනා

පෙර දිනයේ මා
තුරුලේම රැදි ඒ
මතක ආයේ
හද දවනා

යලි යලි ආයෙත් නොඑනා
දුරකට මා ද යනවා

වැරදිද මා
වැරදිද මා
වැරදිද මා

ඇයි උඹ ඉරිසියා | Ai Uba Irisiya by DKM ft. Smokio [2020]

කැරකෙන ලෝකෙ වටේ
අපි ඇවිදින්නේ
එක තැන දුවන අයයි
මට වැටහෙන්නේ

ඇයි උඹ ඉරිසියා?
බලන්නේ කපන්න
පිටිපස්සෙන් අනින්න
බිමට වට්ටන්න

ඇයි උඹ ඉරිසියා?
බලන්නේ කපන්න
පිටිපස්සෙන් අනින්න
බිමට වට්ටන්න

මේ ගතිගුණ තියෙනකන්
ඉන්නට බෑ නේ මචං
එකට එකා මරාගන්න කං
පැවැත්මක් නෑනේ මචං

ඇයි උඹ ඉරිසියා?
ඇයි උඹ ඉරිසියා?
ඇයි උඹ ඉරිසියා?
ඇයි උඹ ඉරිසියා?

මට ගැලපෙන්නෑ ඔය චරිත
ඉදපං ඈතින් එයි
උඹලට වඩා කෙලින් කතා කරනවා
උඹලගේ කෑල්ලේ

කෙල්ලේ මං මාත්රුකාවේ
කියවන්නෑ වහෙන් ඔරෝ හැල්ලේ

උඹලගේ ඔය ඇද කොදු
තියලා බැදගනින් ලෑල්ලේ

අහසින් වැටුනේ නෑ
මං මෙතනට ආවේ නෑ එක රැයකින්
මම හිටපු තැන් වල අද උඹ හිටියනම්
නෑ අද කෑලී
මනින්න එපා හදන්න මාව
මම ආව පාරෙන් නෑවේ

කකුලෙන් අදින්නැතිව පෙන්නපං
උඹලත් ඇවිත්

උඹ මාව දන්නෑ
මං උඹව දන්නෑ
ඇයි එහෙනම් වහන්නෙ පාර?
මට නම් දාන්න එපා ඔය පාර
ගේමක්ම නෑ ආවත් ඔක්කොම
එකපාර
අත ගහලයි අයේ උඩටම ආවේ
සෙල්ලමේ ඔක්කොම දාර
ස්මෝකා

කැරකෙන ලෝකෙ වටේ
අපි ඇවිදින්නේ
එක තැන දුවන අයයි
මට වැටහෙන්නේ

ඇයි උඹ ඉරිසියා?
බලන්නේ කපන්න
පිටිපස්සෙන් අනින්න
බිමට වට්ටන්න

ඇයි උඹ ඉරිසියා?
බලන්නේ කපන්න
පිටිපස්සෙන් අනින්න
බිමට වට්ටන්න

මේ ගතිගුණ තියෙනකන්
ඉන්නට බෑ නේ මචං
එකට එකා මරාගන්න කං
පැවැත්මක් නෑනේ මචං

ඇයි උඹ ඉරිසියා?
ඇයි උඹ ඉරිසියා?
ඇයි උඹ ඉරිසියා?
ඇයි උඹ ඉරිසියා?

Nachna by Iraj ft. Tony T, Chingy, Neha Kakkar & Smokio [2015]

ඇගේ නැළවෙන දෙනෙත්
සමානයි මායම් දහසක්
නළියන දෙතොල් කිව්ව මට රහසක්

Hey ආසයි විදින්න පහසක්
‍යමු දිව්‍ය ලෝකේ ,
අල්ලගන්න අතින් බදාගන්න තදින්
රැයක් නෙමෙයි දිනක් දෙන්නෑ නිදහසක්

Shawty , Natalie මං ඔයා ගාව පැටලි
ඉන්නම් දැවටී නැවතී
දෙන්නම් දේ ඔයා කැමතී
Shawty මම රජෙක්
ඔයා වෙන්න මගේ රැජිනි

cha-cha ballet ඇති නටන්න කෙල්ලේ වන්නම
කුලප්පු වුණ හිත පැටළුණු සාරි පොට
නිවනක් නෑ අල්ලනකන් ඔබේ අත
ෆිල්ම් එක මගේ කෙල්ලේ ලියමුද පිටපත

බලාන ඉඳලම ලෝක 2 මැද්දේ
ඇස් දෙක නැවතිලා නුඹේ නුඹේ හැට්ටේ
ඉන්න බෑ දැන්නම් හිත රතු රතු කට්ටේ
එනවා නම් එන්න මගේ මගේ මාළිගාව පැත්තේ…

ලිය ලියා | Liya Liya by Smokio ft. Dilki Uresha [2020]

පාරාලා පාවීලා ගිය හීනේ හැරදා හීනේ මා දමා
පායාලා ඒදෝ රෑ සඳ මාගේ සැමදා මාගේ වී ඔයා
ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා
මගේ හදවතේ ගිනි අවුලා
ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා
මගේ හදවතේ ගිනි අවුලා

හැමදේම දුන්නා මං ඔයාට කැමති කැමති
හැම වෙලාවෙම ළඟ ඉඳන් දැවටි දැවටි
අපි ගොඩක් දුර ආවා ඒත් නැවති නැවති
මං හිතන්නෙ අපි පටන් ගත්තෙත් වැරදි තැනකින්
මට ඔයා ගාවම ඉන්නයි ඕන වුනේ, ඈත් වෙන්න නෙමෙයි
මං ඔයාගේ අතින් අල්ලගත්තේ යන්න දෙන්න නෙමෙයි
“කවදාවත් නෑ කඳුළින් නෙත් තෙමෙන්න දෙන්නේ”
ඒ හැමදේම වෙලා දැන් මං කිව්වත් ” නෑ වෙන්න දෙන්නේ ! “
හිතේ ගිනි තවත් ඇවිලෙනවා මිසක් නෑ නිවෙන්නේ
තේරෙන්නෑ ! මං කොහොමද ඔයාගේ ආදරෙන් මිදෙන්නේ ?
ඔය මුහුණ දකිද්දි ආදරේකින් හිත පිරෙන්නේ
ඔයා ගාව වෙන කෙනෙක් ඉද්දි, ඒකයි රිදෙන්නේ

ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා
මගේ හදවතේ ගිනි අවුලා

ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා
මගේ හදවතේ ගිනි අවුලා

ඔව් මට තව පාරක් හිතන්න තිබුණා
මම ගත්ත තීරණේ වැරදියි නිතර හිතුනා
නොදැනුනා වගේ හිටියට මේ හිතත් රිදුණා
අපි දෙන්නා මැව්ව හීන ලෝකේ මං අතින් බිඳුනා
සමාවෙන්න ! මං සුදුසු නෑ ඉල්ලන්න සමාව
පසුතැවිල්ලට හේතුවයි පමාව
මං හිතන්නේ මේක වෙන්නැති ආදරේ වේදනාව
හෙමින් හෙමින් මරනවා වගෙයි පාළුව මාව
ගලයි වරදකාරී සිතුවිලි කඳුළු ගංගාවක්
මගේ ලෝකේ වහගෙන ඉන්නේ අඳුරු වළාවක්
ඔයාගෙයි මගෙයි ආදරෙත් අමුතු කතාවක්
ඒ කතාවට උරුම නැතුව ඇති සතුටු නිමාවක්..

පාරාලා පාවීලා ගිය හීනේ හැරදා හීනේ මා දමා
පායාලා ඒදෝ රෑ සඳ මාගේ සැමදා මාගේ වී ඔයා
ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා
මගේ හදවතේ ගිනි අවුලා
ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා
මගේ හදවතේ ගිනි අවුලා

written by Achala Solomons, Chamath Sangeet & Smokio

පේලි 100 | Peli 100 by Smokio

පාර මගේ වගේ
ඇවිදින්නේ කැස්බෑවට
ලොකුවට හිතන් ඉන්න
කවුරුත් ලොකු නෑ මට
යන්නේ එන්නෙ බස් එකෙ
සෙට් වෙලා කොනකට
120 පාරේ කෙලින්ම කොළඹට
තියන ලොකුම ගැම්ම
පිලියන්දල හන්දිය
එතනයි මුල
ඒකයි තාමත් කාටත් බක්තිය
දුකයි සෙල්ලම වගේ අරන් දැන් පට්ටිය
කොනක ඉදන් ගලවන්න ඕනෙ
හිටලා තියන වස්තිය
වලංගුයි වන්දි
උඩුගම් බලා පීනුවා
කොච්චර සැර උනත් ගං දිය
විකුර්ති මායාවෙන් පෙලුන
යුගය අවසන් විය
සිංහාසනේ මගේ ආයෙත්
දයිවය උදුරන් ගිය
ලූලා නෑ වලේ ඉතින්
කනයෝ දැම්මා සිද්දිය
එන්න හිතුනා කඩන්
කොටු කරලා තිබ්බ බිත්තිය
හිතෙන දේ කරන්න
එපා මට ඉර්දිය
හිතෙන දේ කරන්න
එපා මට ඉර්දිය
උඹලා මාව දන්නෑ
ස්මොක නෙවෙයි
මම ඌගෙ පිල්ලිය

අහසෙන් බිමට නෙවෙයි මම
වැටුනෙ පොලවෙන් අහසට
ඒකයි මම බහිද්දී සමහරු
විසි වෙන්නෙ අහකට
වෙච්ච දේවල් වලට කරුණු නෑ නිදහසට
බිව්වේ නෑ කුඩු තිබහකට
ඔප්පු තිරප්පු ඕනෙ නෑ මේක
මගේ සෙල්ලම මගේ ගේම
කැප කරලා ඉවරයි දැනටමත්
මුළු ජීවිතේම
අමතක වෙලා නෑ
තාමත් මතකයි මට හැම දේම
මීටරේ හිටියේ හැමදාම
මීටටේ හොදට වැඩ තාම
කොච්චර සෙල්ලමේ වැඩ දාන
දන්නෑ මගේ ගැන තාම
ඉන්නවා මට හමුදාවක් සැප දාන
ඉස්කෝලෙ ලුම්බිණිය
වාසි බෝඩරේ ඇල ගාව
එක පතේ කාපු උන්ට ආදරෙයි හැම දාම

වැරදි කලා
කරුමේ පස්සෙන්ම ආවා මගේ
යාලුවෝ කවුද
හතුරො කවුද
දෙගොල්ලොම එකවගෙ
අද ඉදි කියන්න බෑ
යන්නත් පුලුව්න් හෙට වගේ
ඒකයි ඉන්නේ සැපේ
මං වගේමයි කොල්ලොත් මගේ
අම්මයි දුන්නෙ පණ මට
තාත්තයි දුන්නෙ නම
ඉතින් මම ගනන් ගන්නේ නෑ
වෙන උන්ගේ බන
කන්න එපා කන
බේරිලා ඉන්න
දැනගත යුතුයි
නැන පමණින් තම තම

තනි කොටියා
අරින්න හදන හැතිකරේ කුමට
ඇහුවොත් ප්‍රංශේ රියල් වංශේ
සුක්‍රානු සුනක
ඩෝල ජාති මෝල් ජාති
බොන්නෑ මං දැන් උනට
ඇම්බැක්කෙත් නැති කැටයම් එක්ක
ආයෙමත් උඩට

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

මීදුම් | Meedum by Janendra ft. Smokio [2019]

තරු අතරින් ආවා සද නැති රෑ නුඹ මාහා
තනියට මා සනසා ඈ හාදුවක් වුනා
හිතගත් රෑ බෝමා
අතගන්නට හිත යන්නේ මේ
තනියට මා පමනක් නොවේ රැයේ

මීදුම් නහවා රෑ තුන්යාමේ තෝරා
නාවෙ කවුද මා හා ආවා මා
මායම් පෑව සායම් ගෑ නිය පීරා වරලේ කිමිදීලා හාදුවක් වුනා
ඕඕ සීරුවෙන් මා නුඹෙන් මත්වුනා
ඕ ඕ මීදුමෙන් ඈ දෙතොල් තෙත් වුනා….

ඔබෙ අනසකට මං කීකරුයි
එකතැනම දෙන්න දඩුවමයි තීදුවයි
Showty
කරන්නෑ මං විහිලු
කපන්න මාව තීරු තීරුවලට
නෙත්සරින් තියුනු
වෙන වෙන්න ආසයි මං භීහිසුනු
සුසිනිදු දෑත සිරුර පුර විහිදුනු
මගෙ ටජ්මහලෙ ඇය වෙනුවෙන් ඉදිවුනු
සලුපිලි වැටි හැමතැන නොදැනිම ගතින් ගිලිහුනු
Showty වීනස් යහනෙ දිය තීනා
විටකදි මෙඩූසා කරවයි වශීමා
අද පටන් ගත්තොත් නවත්තන්නෙ අනිද්දා
ඔයා නිසයි බිදින්නෙ මං
තුන්වෙනි පදෙ ශික්ෂා

මීදුම් නහවා රෑ තුන්යාමේ තෝරා
නාවෙ කවුද මා හා ආවා මා
මායම් පෑව සායම් ගෑ නිය පීරා වරලේ කිමිදීලා හාදුවක් වුනා
ඕඕ සීරුවෙන් මා නුඹෙන් මත්වුනා
ඕ ඕ මීදුමෙන් ඈ දෙතොල් තෙත් වුනා