තවත් කෙනෙක් | Thawath Kenek by DADDY

තවත් කෙනෙක්
තවත් කෙනෙක්
තවත් කෙනෙක් ඇගේ ලොවට ඇවිත්
තවත් කෙනෙක් ඇගේ ලොවට ඇවිත්

අපි අල්ලාගෙන
සිටිය විලසින්ම
අද ඇය අල්ලාගෙන
සිටිනවා දුටුවම

කඳුළු නොවැටුණට
දුකත් හිතෙයි අපිට
ඒ විතරක්මද
හිනත් යනවා තවම

සිහිවෙනකොට අදවන් දවසක
අපි මේ ගයනා ගීතයම
උඹත් ගයයි හෙට
දුටුවම ඇය වෙනෙකෙකු සමග

තවත් කෙනෙක්

වෙන කොල්ලන් ගැන
අපිට කිව්ව ලෙසම
අපි ගැන අද උඹට
අනිවා කියලා ඇත

ඔරවාගෙන අපිට
අද උඹ හිටියාට
අපිටත් අද වගේම
ඔරවයි හෙට උඹට

සිහිවෙනකොට අදවන් දවසක
අපි මේ ගයනා ගීතයම
උඹත් ගයයි හෙට
දුටුවම ඇය වෙනෙකෙකු සමග

තවත් කෙනෙක්
තවත් කෙනෙක්

රෑ පුරා | Raa Pura by DADDY

මා දිහා බලනවා
ඒ නිල් නුවන් දිලෙනවා
නිල්වන් ගැබේ දිස් වෙනා
තරු මල් වගේ පේනවා
රෑ පුරා හීනෙනුත් පේනවා

මා තනි යහනේ දුටු හීන
නෑ තනි වූයේ ඔබ ගාව
ළඟ ඉන්න ඕනමයි හැමදාම
ඔබ යන්න නම් එපා හැර මාව

රෑ පුරා හීනෙනුත් පේනවා
රුව ඔබේ සිත පුරා දිවෙනවා

සරා සඳ නැගුනාවේ
මට නම් නෑ නින්දක් තනි යහනේ
නිශා යාමේ කිඳුරන් රැඟුවා සේ
ළං වි සිත් දැන් නම් බැඳුනාවේ

ආදරේ දැනෙනවා
හද පත්ලේ මෝරනා
පැතු මේ ආදරේ
කලලයක් වී මා සිතේ
තැවෙනවා දැවෙනවා රිදෙනවා

මා තනි යහනේ දුටු හීන
නෑ තනි වූයේ ඔබ ගාව
ළඟ ඉන්න ඕනමයි හැමදාම
ඔබ යන්න නම් එපා හැර මාව

රෑ පුරා හීනෙනුත් පේනවා
රුව ඔබේ සිත පුරා දිවෙනවා

රෑ පුරා හීනෙනුත් පේනවා
රුව ඔබේ සිත පුරා දිවෙනවා

රෑ පුරා හීනෙනුත් පේනවා
රෑ පුරා හීනෙනුත් පේනවා
රුව ඔබේ සිත පුරා දිවෙනවා
රෑ පුරා රුව ඔබේ

යන්න යන්න | Yanna Yanna by DADDY

යන්න යන්න යන්න
කෙළි බිම ඔබෙයි
ගන්න ගන්න ගන්න
එහි ජය ඔබෙයි
මේ ඔබේ වාරයයි
පන්දුවෙන් ලොවම දිනනා
පිති හරඹයෙන් පිටිය සරසනා
සූරයෙක් වෙන්නයි

එකට බැඳෙමින්
එකා වගේ එකා වගේ
එකා වගේ
එකම අරමුණක්
සිතේ නැගේ සිතේ නැගේ
සිතේ නැගේ

පිත්ත පන්දුවත් අත දරා
ජය පරාජයත් ඉවසනා
ඔබ පළඳවයි කිරුළු
ලක් මව් දිනවලා

යන්න යන්න යන්න
කෙළි බිම ඔබෙයි
ගන්න ගන්න ගන්න
එහි ජය ඔබෙයි
මේ ඔබේ වාරයයි
පන්දුවෙන් ලොවම දිනනා
පිති හරඹයෙන් පිටිය සරසනා
සූරයෙක් වෙන්නයි

දෙපිල බෙදුණත්
වෙනස් නොවේ වෙනස් නොවේ
වෙනස් නොවේ
එකම මවකගේ
දරුවො ලෙසේ දරුවො ලෙසේ
දරුවො ලෙසේ

විනයගරුක බව සුරකිනා
අභියෝගය අත් නොහරිනා
ඔබ පළඳවයි කිරුළු
ලක් මව් දිනවලා
දිනවලා

යන්න යන්න යන්න
කෙළි බිම ඔබෙයි
ගන්න ගන්න ගන්න
එහි ජය ඔබෙයි
මේ ඔබේ වාරයයි
පන්දුවෙන් ලොවම දිනනා
පිති හරඹයෙන් පිටිය සරසනා
සූරයෙක් වෙන්නයි

සූරයෙක් වෙන්නයි
සූරයෙක් වෙන්නයි

මස්සිනා | Massina by DADDY

ඉරිදාට පල්ලියේදි සඳුදාට පන්තියේදි
අඟහරුවාදාත් ඔබව යළි හමුවෙමි
බදා බ්‍රහස්පතින්දා සිපගන්නම් සිකුරාදාට
ශනිදාවක් නෑ අපට මගේ මස්සිනා ඉන්නකම්

අපි කාටත් ඇති සෙනසුරාදාව
මගේ සතියේ දිනයක් නොවන බවට
මම ආදරේ කරන්න පටන් ගත්ත දින සිට මට වැටහුණා
සති අන්තයේ සිට මට නිවාඩුවට
මගේ මස්සිනා ආවම සිරකර නංගීව
අසාධාරණව සෙනසුරාදාව අපගෙන් වෙන් කළා
ශනිදාවන්ට හමුනොවුණත් අනිකුත් හැම දිනයක්ම‍ෙ

ඉරිදාට පල්ලියේදි සඳුදාට පන්තියේදි
අඟහරුවාදාත් ඔබව යළි හමුවෙමි
බදා බ්‍රහස්පතින්දා සිපගන්නම් සිකුරාදාට
ශනිදාවක් නෑ අපට මගේ මස්සිනා ඉන්නකම්

ඉර පායන්නෑ සෙනසුරාදාට
මම හීනැහෙන් නෑ සෙනසුරාදාට
මම කන්නෙත් නෑ මම බොන්නෙත් නෑ
මට වැඩකුත් නෑ සෙනසුරාදාව
කිසි ගතියක් නෑ සෙනසුරාදාට
මට නින්දක් නෑ සෙනසුරාදාට
මගේ කැලැන්ඩරෙත් සෙනසුරාදාව නෑ මස්සිනා ඉන්නකං
ශනිදාවන්ට හමුනොවුණත් අනිකුත් හැම දිනයක්ම‍ෙ

ඉරිදාට පල්ලියේදි සඳුදාට පන්තියේදි
අඟහරුවාදාත් ඔබව යළි හමුවෙමි
බදා බ්‍රහස්පතින්දා සිපගන්නම් සිකුරාදාට
ශනිදාවක් නෑ අපට මගේ මස්සිනා ඉන්නකම්

ඉරිදාට පල්ලියේදි සඳුදාට පන්තියේදි
අඟහරුවාදාත් ඔබව යළි හමුවෙමි
බදා බ්‍රහස්පතින්දා සිපගන්නම් සිකුරාදාට
ශනිදාවක් නෑ අපට මගේ මස්සිනා ඉන්නකම්

written by Daddy

බොළඳ නිසා | Bolanda Nisa by DADDY

මා ගැන ඔබවත් හිතුවාදෝ නොවරදවා
නැතිදෝ මට හිමි ඒ ළඳ තවමත් ඉපදීලා
මගෙ හැම මිතුරන් පෙම්වතියන් හා එක්වීලා
කම් නෑ කියන්න ඔබ අකමැති මං බොළඳ නිසා
කම් නෑ කියන්න ඔබ අකමැති මං බොළඳ නිසා

මා හට දැණෙනා ඒ ආදරයේ හැඟුමන්
ඇයි ඔබ හට නොදැණුනෙ හැඟුමක ඒ උණුසුම්
කොහොමද ඔබ සිතුවේ ආදරෙ මට දුරයැයි
මෙමටත් දැණෙනව ආදරෙ තියෙනා සුන්දරකම්

මා ගැන ඔබවත් හිතුවාදෝ නොවරදවා
නැතිදෝ මට හිමි ඒ ළඳ තවමත් ඉපදීලා
මගෙ හැම මිතුරන් පෙම්වතියන් හා එක්වීලා
කම් නෑ කියන්න ඔබ අකමැති මං බොළඳ නිසා
කම් නෑ කියන්න ඔබ අකමැති මං බොළඳ නිසා

මිතුරන් අතරේ මා අද තනිවී සිටියත්
ඔබගේ මතකය මට කරනා ඒ ඔච්චම්
කාටත් නොදැනී හැඟුමක සිරවී තනියෙන්
රහසින් ගලනා කඳුලක ඇති ‍ඒ සුන්දරකම්

මා ගැන ඔබවත් හිතුවාදෝ නොවරදවා
නැතිදෝ මට හිමි ඒ ළඳ තවමත් ඉපදීලා
මගෙ හැම මිතුරන් පෙම්වතියන් හා එක්වීලා
කම් නෑ කියන්න ඔබ අකමැති මං බොළඳ නිසා
කම් නෑ කියන්න ඔබ අකමැති මං බොළඳ නිසා

බොරුකාරි | Borukari by DADDY

කුමක් කරත් කොහේ ගියත් මොනවා වුණත්
මග බලන් හිටියා මම අදත් පැය දෙකක් තුනක්
දිනක් දෙකක් පමා වුණත් නෑ කවදාවත්
මම පමා වෙලා මේ වගේ එක දවසක්වත්
බඩත්ගිනි නෑ උදේ ඉඳන් මට තේ උගුරක්
බොන්නට අහලක පහළක පොඩි කඩයක්වත්
ඉවසාගෙන හිටියා නම් මම තව දුරටත්
තාමත් හංදියේ අඹ ගහයට මම උඹ එනකන්

මාව මග නොහැරපං පං පං
මගෙ මූණටම කියාපං පං පං
පැත්ත ගියත් උඹ ඇත්තම කියලා
මාව දාලා පලයං යං යං
මගේ දෑස් දිහා බලපං පං පං
තවත් වරක් හිතපං පං පං
මට කියන කරන දේ සුදුසුයි දැයි
උඹ හිතෙන් අහලා බලපං පං පං

මතකයි මට අද වගේම තව එක දවසක්
මීට මාස දෙකයි දින දහයයි එදා වැහි දවසක්
මඩත් වැඩී වැහි පොදත් සැරයි මගේ කුඩෙත් පොඩී
උඹේ මුහුණ වගේ මුළු අහසත් එදා හරි අඳුරුයි
විදුලි කොටයි ඒවත් උඹේ කට වගේ සැරයි
අදත් කළේ උඹ එදා මට කෙරුවා වගේ වැඩක්
හේතුවක් ඇතත් හේතුවක් නැතත් බැහැ කවදාවත්
සමාව දෙන්නට ඔය බොරුකාරිට තව පාරක්

මාව මග නොහැරපං පං පං
මගෙ මූණටම කියාපං පං පං
පැත්ත ගියත් උඹ ඇත්තම කියලා
මාව දාලා පලයං යං යං
මගේ දෑස් දිහා බලපං පං පං
තවත් වරක් හිතපං පං පං
මට කියන කරන දේ සුදුසුයි දැයි
උඹ හිතෙන් අහලා බලපං පං පං

මාව මග නොහැරපං පං පං
මගෙ මූණටම කියාපං පං පං
පැත්ත ගියත් උඹ ඇත්තම කියලා
මාව දාලා පලයං යං යං
මගේ දෑස් දිහා බලපං පං පං
තවත් වරක් හිතපං පං පං
මට කියන කරන දේ සුදුසුයි දැයි
උඹ හිතෙන් අහලා බලපං පං පං

දකුණු අතේ | Dakunu Athe by GAYYA (Gayan Perera) [2020]

තාලෙට ඇගෙ
හැඩ ඉග පැද්දෙනවා
දිය ඇල්ල වගේ
කොන්ඩේ සැලෙනවා
තරු කැට වගෙ
ඇස් දෙක දිලිසෙනවා
දුවලා ගිහින් වඩාගන්න
හිතෙනවා

ඒ ගැන ඇය
දන්නවා
හොදටම
දන්නවා
ඇය දැන දැන
මගේ දිහා හොරෙන්
බලනවා
සමහර විට හිතෙනවා
අම්මපා මට හිතෙනවා
අපේ නෝන දික්කසාද කරලා
එන්න හිතෙනවා

පන්සිල් පද කඩන්න
හිත මට දෙන්නෑ,
මිදි තිත්තයි කිව්
නරියෙක් වෙන්නත් බෑ,
අපායෙ යන පවු වැඩ
මම කරන්නෙ නෑ,
ඇඟටම එනකොට
අත අරින්නටත් බෑ..

තනිකඩ කාලෙ මතක් වෙනව දිවා රෑ,
ඒ වගෙ සෙල්ලම් දැන් මට දාන්න බෑ,
දෙන දෙයියොත් දෙනකොට වෙලාව හරි නෑ,
කෙල්ලේ..
උඹ ගැන හිතල හිතල දකුණු අතේ.. (මොකේ?)
මගේ දකුණු අතේ රේඛාවල් නෑ

හීනෙනුත් ඇගේ
රූපෙ මැවෙනවා
කන් දෙකේ ඇගේ
කටහඩ රැව්දෙනවා
හිනහ වෙනකොට
කළ එළිය වැටෙනවා
දුක් කරදර මගේ
අමතක වෙනවා

ඒ ගැන ඇය
දන්නවා
හොදටම
දන්නවා
ඇය දැන දැන
මගේ දිහා හොරෙන්
බලනවා
සමහර විට හිතෙනවා
අම්මපා මට හිතෙනවා
අපේ නෝන දික්කසාද කරලා
එන්න හිතෙනවා

පන්සිල් පද කඩන්න
හිත මට දෙන්නෑ,
මිදි තිත්තයි කිව්
නරියෙක් වෙන්නත් බෑ,
අපායෙ යන පවු වැඩ
මම කරන්නෙ නෑ,
ඇඟටම එනකොට
අත අරින්නටත් බෑ..

තනිකඩ කාලෙ මතක් වෙනව දිවා රෑ,
ඒ වගෙ සෙල්ලම් දැන් මට දාන්න බෑ,
දෙන දෙයියොත් දෙනකොට වෙලාව හරි නෑ,
කෙල්ලේ..
උඹ ගැන හිතල හිතල
දකුණු අතේ රේඛාවල් නෑ

හිත එක්තැන් කරගන්නට
මට බෑ
මට බෑ
මට බෑ

හරි හැටි නින්දක් නෑ
සිහිවෙනවා
තුන්තිස් පැය
මට ඈ
මට ඈ
මට ඈ

ප්‍රශ්නෙට විසදුම
කාලගවත් නෑ
තව කොපමණකල්
ඉවසන් ඉන්නට
පුළුවන් වෙයි දෝ
මම දන්නෙ නෑ
දන්නෙ නෑ
දන්නෙ නෑ

පන්සිල් පද කඩන්න
හිත මට දෙන්නෑ,
මිදි තිත්තයි කිව්
නරියෙක් වෙන්නත් බෑ,
අපායෙ යන පවු වැඩ
මම කරන්නෙ නෑ,
ඇඟටම එනකොට
අත අරින්නටත් බෑ..

තනිකඩ කාලෙ මතක් වෙනව දිවා රෑ,
ඒ වගෙ සෙල්ලම් දැන් මට දාන්න බෑ,
දෙන දෙයියොත් දෙනකොට වෙලාව හරි නෑ,
කෙල්ලේ..
උඹ ගැන හිතල හිතල දකුණු අතේ.. (මොකේ?)
මගේ දකුණු අතේ රේඛාවල් නෑ

written by Gayya

චන්ද්‍රරයන් පිදූ | Chandrayan Pidu by DADDY

සිහිනෙන් වුවත්…නෑ මා දුටුවේ…
මාගේ දිවියේ… අන්දකාරේ…
ඔබගෙන් පෙර නෑ… මා කිසිදා හිරු අග බැලුවේ…
නෑ මා කිසිදා..හිරු අග බැලුවේ..
පැතුමන් අදුරේ…සිර වූයේ…
ඔබගේ සෙනෙහෙන් ආදරයේ අර්ථය ලැබුවේ….
කදුලැල් දිය දහරා නෙතගින් නොකැඩී ගලා ගියේ…මා තනි වී…
සිසිරෙන් මුවා වූ වසන්තේ උදාවූ ලෙසේ…

චන්ද්‍රරයන් පිදූ…කිරණක් සගවාලා හොරෙන්…
වාර්ණවත් කලේ මාගේ සිහිනේ…ඔබේ නමින්…
වැගුරූ ඒ කදුලැල් බ්දු වියැකී සෙමින්…
ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැදි සිසිලක් ලෙසින්…සිසිලක් ලෙසින්…ඔබ මා හද පුබුදු කලේ…

වසන්තයයි මාගේ දෙතොලේ…
සිහිවන්නේ ඔබෙ මුව හමුවේ…
කැළබීලා සැමදා ඔබගේ කැලුමන් අතරේ…
අප නෙත් ගැටෙනා මොහොතේ ඔබ මා සතුවයි රහසේ…
හැගේ සිතේ නිසන්සලේ…
රගදෙයි ඔබ දෙසනා වදනන් යහනේ තනිවී…

චන්ද්‍රරයන් පිදූ…කිරණක් සගවාලා හොරෙන්…
වාර්ණවත් කලේ මාගේ සිහිනේ…ඔබේ නමින්…
වැගුරූ ඒ කදුලැල් බ්දු වියැකී සෙමින්…
ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැදි සිසිලක් ලෙසින්…සිසිලක් ලෙසින්…ඔබ මා හද පුබුදු කලේ…