හදිසිද මන්දා | Hadisida Manda by Kanchana Anuradhi [2021]

සුන් විච්ච හද ගැස්ම පාරා
නැගේ හද ගිනි ජාලා
අහිමි නුඹ සිහි කලා මා
අනිසියී දැන් පෙම් ආශා

කන්නගී නම් මා
වියෝ දුකින් හද පරදා
ඇවිලී ශාපයෙන් ගම් නැසුනා
අනේ මං හදිසිද මන්දා

හිස් වෙච්ච මනු ලෝක දුටු දා
දැනේ නැතිවීම සපුරා
තනිවී සිතමී මා පෙරලා
කොහෙදෝ මහදේ අනුකම්පා

කන්නගී නම් මා
වියෝ දුකින් හද පරදා
ඇවිලී ශාපයෙන් ගම් නැසුනා
අනේ මං හදිසිද මන්දා

ළු | Lu (Female Version) by Tharindu Damsara ft. Kanchana

නුඹ නොමැති දිහාවක තල කොහිද සඳළු
කටු මතින් ඇවිද යමි මතක වන වදුළු
උහුලන්න බැරි තරම් සිහිනයන් සිඳළු
ලස්සනම තැන් වලයි තියෙන්නෙම කඳුළු

රැයක මැදියම අරන් ගලවමි දෑස්වල ඇබේ
එතැන් සිට ගලන්නේ මොනවාද ඉබේ
ඉතින් නුඹ තබාගිය සිනාවන් තැනින් තැන තිබේ
අතීතය සිහිකරන් හොදටෝම මං රිද්දගනු ලැබේ

කාගේ කාගේත් දෑස් කෙලවර ශේෂ කඳුලක් තියනයවා
බැරිම තැන් වල එහෙම ඒවා ගලාගෙන බිම හැලෙනවා
හිමිනොවූවත් සමහරක් අය අහිමි වෙන තැන බැඳෙනවා
සදාකාලික ප්‍රේමයක් නම් කවදා හරි අත් හැරෙනවා

බාචි සුසාන් (Mashup) | Bachi Susan (Mashup) by Bachi ft. Kanchana Anuradhi

හිත හිරි වැටුනාදෝ
ඇස් දෙක දැකලා
එවන්නද ආදරේ
සුසුමක තියලා

ඈත ඈත අම්බරේ
පාවෙලා ගියත්
ආදරේ වෙනස් වුනේ
ජීවිතේ ගියත්

නිම්හිම් නොවූ
ආදරේ සිතුවම් කලා
හැගුම් පහසින්
රහසක් කිව්වා

හිත හිරි වැටුනාදෝ
ඇස් දෙක දැකලා
එවන්නද ආදරේ
සුසුමක තියලා

ගිම්හානේ ගිනිදැල්ල ආවත් කමක් නෑ
අපට බාදා නොදී
උන්මාද මිහිදුමද
නොයනා තැනක් නෑ
රැදෙයි අප තුරුලේ

සීතලේ උනුසුම ඇති මේ තරම්
දරාගන්න හිත හයිය නම්
දෑතේ ඉඩකඩ ඇති ඒ තරම්
අපගේම යහනක සිහින හේරාවකී

සරත් සදේ රැයක
මුදු සුවද දරා ගන්න
හිතවත් පෙම් කතාවක්
සුළගට මුමුනන්න
වරා මලින් මලට
මල්වියන් තනා ගන්න
පෙම්වත් භාවනාවක් මට
කියලා දෙන්න

හැගුම් විහැගුම්
තුරුල් වෙතී
සිතුම් සිතුම්
ඉගිල්ලෙවී
ඔබේ දෙනුවන්
වහදැවී
මාගේ දෙනුවන් පුරා විහිදේ

ප්රාර්ථනා තවරා ආදරේ
ඉන්න ඉඩදෙන්න තුරුලේ
හිනැහෙනා කල්පනා
ඔබ නිසයි ජීවිතේ

ඇඟිලි තුඩු තදකර මගෙ නළලේ
සිඹින සියුමැලි නුඹේ දෙතොල් අතරේ
ගැඹුරු හද කැලඹුම ඔය කඳුලේ
රහස නොහැඟේ මගෙම ළඳුනේ

නිහඬ ගමනේ මේතරම් දුර
ඇවිද අපි එකවාගේ
මිහිරි මතකේ සැරිසරා ඔබ
නවාතැන් ගෙන දෑසේ

බඹර නාදේ ඇසෙන මානේ
රැඳෙනු මාගේ සුවඳ වාගේ
බඹර නාදේ ඇසෙන මානේ
රැඳෙනු මාගේ සුවඳ වාගේ

කවිකාරී තෙපුල් මුමුණාවී
සඳයාවී උකුල් සුවදේවි
අදහන්නට බෑ පුදුමය

විසේකාරි

ශෘංගාරී දෙතොල් නලියාවී
හැඩකාරී සැනින් මත්වේවී
සුරලෝකේ ඉඳන් ආවාදෝ

විසේකාරී

ඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ
හිත ඔබ ගාව නවතී වගේ
ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ
මගෙ නෙන් සැරය ඔබ තුරුලේ නේ

මායම් රූ නාරී විසේකාරී
සායං ගෑ දල්ලෙ රසේ දේවි
කෝලං පෑ දෑසේ රැඟුම් පාවි
හීලෑ නෑ ආලේ විසේකාරී

අම්මා වගේ | Amma Wage by Kanchana Anuradhi [2021]

මාගෙන් ඈතට
යනවාදෝ නුඹ
ස්නේහයේ මුදු පළඳා
හදේහී නැගෙනා
හැගුමන් බෝමා
පවසනු බෑ නුඹ හා

අම්මා වගේ දුන් ආදරේ
රකිමී සදා සංසාරයේ
අම්මා වගේ දුන් ආදරේ
රකිමී සදා සංසාරයේ

දෙව් දූ නුඹමයි
මල් වැහි වෑහෙයි
කුමරුන්ගේ තුරුලේ නිවෙනා
මා පිය සෙනෙහේ
නුඹෙ හිස පළඳා
වැජබේවා… සැමදා

අම්මා වගේ දුන් ආදරේ
රකිමී සදා සංසාරයේ
අම්මා වගේ දුන් ආදරේ
රකිමී සදා සංසාරයේ

උදුරාවී | Udurawee by Kanchana Anuradhi [2020]

සබඳේ පැතුවා සේ
හමුවේදෝ ආයේ……..

කුණාටුවක හසුවී මගේ සිත
ඇදී තිබේ නොමැකීම
ඇගේ රුව අ හහ්
ඇගේ රුව අ හහ්

මේ සැඳෑවේ ගං තෙරේදී
රන් රුවේ මා නුඹ දකීවී
හීන ගානේ මා ඇදේවී
චන්ද්‍රයාමේ නින්ද නේවී

උදුරාවී මාගේ ආලේ
මැවු හීනේ නුඹ නොවෙදෝ අනේ
මා හදේ නුඹේ රුව නොමැකේදෝ ආයේ

නලල කුංකුම රූ අඳීවී
හාදු අමුනා ගෙල බදීවී
ස්නේහ වර්ශා වැටෙන වේලේ
දමා යනු බෑ සඳේ වෙන්වී

උදුරාවී මාගේ ආලේ
මැවු හීනේ නුඹ නොවෙදෝ අනේ
මා හදේ නුඹේ රුව නොමැකේදෝ ආයේ

කුණාටුවක හසුවී මගේ සිත
ඇදී තිබේ නොමැකීම
ඇගේ රුව අ හහ්
ඇගේ රුව අ හහ්

written by Kanchana Anuradhi

අකීකරු පෙම් කථාවක් | Akikaru Pem Kathawak by Kanchana Anuradhi, Tharindu Priyankara[2020]

සීත හිම මත වතාවක්
නිම උනා පෙම් කතාවක්
අරුත සඟවා ඔහේ ලියැවුණු
අකීකරු පෙම් කතාවක්

නින්ද නැති මැදියම පුරා
හැඬූවත් දෙතැනට වෙලා
නොදැන සිටියා නොවෙයි නුඹ මා
දිනක් එන බව වෙන් වනා

අතීතය මා ලඟ තියා
හිතේ තරහක් නෑ කියා
ළඟින් ළඟ එන වසන්තය වෙත
යන්න හිම කවුළුව වසා

දැනෙනා තුරු මා | Danena Thuru Maa by Dinesh Gamage ft. Kanchana Anuradhi

දැනෙනා තුරු මා
ඉන්නද නුඹ ගාවින්
මියෙනා දිනයේ
කදුලක රස විදිමින්

නුඹගේ පහසේ
රහසක් වූ මාගේ
නොලියූ කවියේ
පද එකිනෙක බිදුනේ

දැනෙනා සෙනෙහේ
අයිතිය නැති මා
කවුරුන්දෝ කියලා ඇසුවා

අපගේ වරදේ
ගැඹුරක් දැනෙනා
දවසේ මොහොතක්
මං සිතුවා

නිල් පාටින් හැඩ
මේ අහස
ආදරේ දුක වින්දා ද

මා ගාවින් උන්
ඒ හීන
පාවෙලා යනවා
දුර ඈත

නැවත හමු නොවේන
සංසාර ගීයේ
හිතක
තනි මකනවා
අපගේ ප්‍රේමයට
පසුවදන ලිව්වේ
කවුදෝ අපි සොයනවා

දැනෙනා තුරු මා
ඉන්නද නුඹ ගාවින්

වෙන්වී යන බව
දැන දැනම
තාම හිත ඉල්ලන
ඔය දෑත

අහස ගුගුරා කිව්
ඒ පුවත
තේරුනා මටනම්
කල් ඇතිව

නැවත හමු නොවේන
සංසාර ගීයේ
හිතක
තනි මකනවා
අපගේ ප්‍රේමයට
පසුවදන ලිව්වේ
කවුදෝ අපි සොයනවා

දැනෙනා තුරු මා
ඉන්නද නුඹ ගාවින්

ලක්මව්නී | Lakmawuni by Dhanith Sri, Ridma, Supun & Various others

[Ridma]
විකසිත වී නිති
එකමුතු වී
සවිබල පා සැම
එඩිතර වී

[Ranga]
රුහිරය දී දිනු
ලක් මව්නී
ගරුකල සේ නුඹ
සෙවනෙ හිදී
දරුකැල සේ නුඹ
සෙවනේ හිදී

[Dhanith]
පියමනිනා
රළු මාවත දිගේ
ජය ටැබ වේ
දද බදීනා දිනේ

[Supun Perera]
නිම නොවෙනා
හද මඩලේ සෙනේ
නිති සැදුනේ
එක මව්නේ

[Kanchana]
බිද දමලා රළු
පවුරු බැදී
මිතුදම වේ අප
අතරෙ සැදී

[Supun Perera]
මනු දෙරණේ
නොම නොගැටි අපී
ලොව දිනමූ සිහ
ජය ගොස දී

[Ridma & Kanchana]
ලොව දිනමූ සිහ
ජය ගොස දී

[Ranga]
පියමනිනා
රළු මාවත දිගේ
ජය ටැබ වේ
දද බදීනා දිනේ

[Dhanith]
නිම නොවෙනා
හද මඩලේ සෙනේ
නිති සැදුනේ
එක මව්නේ

[Fawaz]
රතු රුහිරේ ලයෙ
සැරුවේ අපේ
කුමකට දෝ පිල්
බෙදිලා මෙසේ

[Heshan]
ලග දකිනා නෙතු පිසදාලා

[Prageeth]
අපි සැවොමා එක රැහැනේ වෙලී

[Ranura]
අපි සැවොමා එක රැහැනේ වෙලී

[All Togethe]
පිය මනිනා
ජය මාවත දිගේ
අපි සැවොමා
එක් වී