බොම්බෙ මොටායි | Bombe Motai by Anushka U ft. Sunil Perera

ගුරුකම් කරාලා…. ලියුමක් ලියාලා
ගිරවට කියාල පද්මාවතී
කොන්ඩෙත් කපාලා… ලිප්ස්ටික් උලාලා
කඩ්ඩෙන් කොටාල පද්මාවතී
පද්මාවතී… පද්මාවතී… පද්මාවතී
ගෙවුනා සතී සතී දැන් මට ඇතී… පද්මාවතී

බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ

හොරැහින් මං බැන්දා ආදරේ
තනියම නිදියන්නේ කාමරේ

හොරැහින් මං බැන්දා ආදරේ
තනියම නිදියන්නේ කාමරේ
ආලේ මෝරා මේ හිත පාරා ඇමතියා රට කනවා හෝ…රා

ඒ වල් ඌරා
බඩ ලොකු මෝරා
එක්කන් යනවාමයි යනවාමයි
කැන්දාගෙන පද්මා

බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි බොම්බයි මොටායි හෝ
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ

ගුරුකම් කරාලා…. ලියුමක් ලියාලා…
ගිරවට කියාල පද්මාවතී
කොන්ඩෙත් කපාලා… ලිප්ස්ටික් උලාලා…
කඩ්ඩෙන් කොටාල පද්මාවතී
පද්මාවතී… පද්මාවතී… පද්මාවතී
ගෙවුනා සතී සතී දැන් මට ඇතී… පද්මාවතී

බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ

written by Anushka Udana & Dinesh Gamage

ගාලු පාරේ | Gaalu Paare by Gypsies with Sunil Perera [2022]

ඉස්සර බොරලු පාර
ගාලු පාර ගාලු පාර
සුද්දා තාර දාපු පාර
ගාලු පාර ගාලු පාර

අද අපි කවුරුත් යන්නේ
අද අපි කවුරුත් යන්නේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ

කාර් වෑන් ලොරි අස්සේ
කන්ටේනර් යන්නේ
අලි තඩි බස් මැද්දේ
ත්‍රීවීල් රිංගන්නේ

ඉගිලීගෙන පිම්මේ
මැති ඇමතිලා යන්නේ
නැතිනම් අයින් උනේ
ගුටිකන්නයි වෙන්නේ
ගුටිකන්නයි වෙන්නේ
නැතිනම් අයින් උනේ
පාරේ ගාලු පාරේ

මොරටුවේ වඩුවන්ගේ
වැඩකිඩ දැකගන්නේ
කලුතර නවතින්නේ
බෝධිය වැදගන්නේ

බලපිටියේ බල මාලු
රස දිව පිනවයි ලූ
අබලන්ගොඩ නගරේ
රූකඩ නටවන්නේ
රූකඩ නටවන්නේ
අබලන්ගොඩ නගරේ

පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ

ඉස්සර බොරලු පාර
ගාලු පාර ගාලු පාර
සුද්දා තාර දාපු පාර
ගාලු පාර ගාලු පාර

අද අපි කවුරුත් යන්නේ
අද අපි කවුරුත් යන්නේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ

රෑ කඩ වැහි වැහැලා
කන බොන අය පිරිලා
හොදටම අඩි ගහලා
සමහරු මග වැටිලා

කාගෙත් සුරතලියන්
එනකොට බැල්ම දමන්
වයසට ගියත් මචං
හිතෙනවා අනං මනං
හිතෙනවා අනං මනං
වයසට ගියත් මචං
පාරේ ගාලු පාරේ

දොඩමින් පල් හෑලී
එනකොට පෙලපාලී
කඩවල මුදලාලී
වහනවා කඩ ලෑලී

ටුවරිස්ට් ලා ගොඩ බැහැලා
හික්කඩුවම පිරිලා
ගාල්ලේ කොටුව බලා
කවුරුත් පුදුම වෙලා
කවුරුත් පුදුම වෙලා
ගාල්ලේ කොටුව බලා
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ

written by Chandradasa Fernando

sunil perera tribute,sunil perera,sunil perera songs,sunil perera legend,sunil perera last somg,sunil perera funeral,sunil perera 2021,2021 sunil perera,piyal perera,sunil aiya,piyal perera baila,gypsies,nonstop gypsies,sunil and piyal,sunil songs,sunil sindu,sunil baila,gypsies band,gypsies remix,gypsies songs,gypsies sunil,gypsies medley,sinhala remake,baila songs hits,baila remix,sinhala top songs,gypsies sri lanka,sinhala baila king

අංකල් ජොන්සන් | Uncle Jonson by Gypsies with Sunil Perera

බැදලා 25 අවුරුදු ජුබිලිය අංකල් ජොන්සන් ගේ
ගන්නා රෝයල් පාටිය අපටත් දන්වා එව්වා බොලේ
සොමියක් ගන්නට නියම චාන්ස් එක
අතහරින්නටත් බැරි හින්දා
මේ අපි ඩබලම ආවෙත් මෙතනට ආශික් ඔක්කොම ඇති හින්දා

අම්මෝ
වෙල්කම් කිය කිය ජොන්සන් දෙනවා අතට අත
ගෙස්ට්ලා ගෙනාපු තෑගි බෝග ගැනයි වයිෆ් ගේ හිත
පුදුමෙන් පුදුමයි දැක්කම ආසයි, පාටියක් ග්‍රෑන්ඩ් ම
ලොකු පොඩි පොරවල් ඔක්කොම ඇවිල්ලා නෑගැති හැමෝමම

අංකල් ජොන්සන්
ජොන්සන් අංකල්
මේක ජොන්සන්ගේ රිදී ජුබිලිය

අංකල් ජොන්සන්
ජොන්සන් අංකල්
මේක ජොන්සන්ගේ ජුබිලි පාටිය

අංකල් ජොන්සන්
ජොන්සන් අංකල්
මේක ජොන්සන්ගේ ජුබිලි පාටිය

කාරිය කරවන ආරියරත්නලා
අද මෙහි රැස් වෙන්නේ
ආචාර්‍ය වරු මහාචාර්‍ය වරු ප්‍රබුද්දයනුත් ඉන්නේ
සැමුවෙන් ඇනස්ලි බර්ට් මර්ස්ලි දර්මශ්‍රේ
හරි ආතල් එක දාගෙන ඩ්‍රින්ක් එක
කාටත් හොද ප්‍රීතී
සැන්ඩ්‍රායි රෝසි ලොරිනුයි ජීනුයි ලාමක කිචිබිචියක්
එතකොට රැන් ලැම්බට් ලා පොලිටික්ස් ඇදගෙන මුල්ලක දේශනයක්

අංකල් ජොන්සන්
ජොන්සන් අංකල්
මේක ජොන්සන්ගේ රිදී ජුබිලිය

අංකල් ජොන්සන්
ජොන්සන් අංකල්
මේක ජොන්සන්ගේ ජුබිලි පාටිය

අංකල් ජොන්සන්
ජොන්සන් අංකල්
මේක ජොන්සන්ගේ ජුබිලි පාටිය

දැන් ඩබල් ට්‍රිපල් වී ට්‍රිප්ලෙ ෆොබල් වී
වැඩේ නැගලා යන්නේ
දැන් තිත්ත රස වෙලා
සද්දේ එලිවෙලා පට්ටං ගැලවෙන්නේ
අනේ හොදට පදං වී හිනාවී ඔය බයිලා නටා අද එන්නේ
සුලග හමා යන සොදුරු රාත්‍රියේ
මලකෙලියකි වෙන්නේ
මුන් ලයිට් නිවාගෙන තදට බදාගෙන
ෆුල් සොමියේ ඉන්නේ
ඩාන්සින් ෆ්ලෝ එක කට්ට කරුවලයි
මොනාද මේ වෙන්නේ
අනේ සයිමත් වැඩේට එන්ටර් වෙන්නේ

අංකල් ජොන්සන්
ජොන්සන් අංකල්
මේක ජොන්සන්ගේ රිදී ජුබිලිය

අංකල් ජොන්සන්
ජොන්සන් අංකල්
මේක ජොන්සන්ගේ ජුබිලි පාටිය

අංකල් ජොන්සන්
ජොන්සන් අංකල්
මේක ජොන්සන්ගේ ජුබිලි පාටිය

එව්‍රිබඩී කම් ෆෝ ඩිනර්
කියලා කවුද ලයිට් දැම්මේ
ජොන්සන්ගේ වයිෆ් ව මෙන්න බදාගෙන
බෙලෙක් කඩේ සයිමා
අයි විල් කිල්‍යූ කියාගෙන ජොන්සන් පැන්නා
කිසි හෙවිල්ලක් බැලිල්ලක් නෑ
පැන්න ගමන් සයිමඒ හොම්බටම ඇන්නා
අනේ අඩිපුඩි ගහගෙන දඩිබිඩි ගහගෙන
යනවා ගුටි කෙලියක්
බලන් ඉන්නවා නවතින්නෙත් නෑ පොලිසියට අපි
දුන්නා කෝල් එකක්
ගෝරිං බෝරිං මැද බෑන්ඩ් එක ගහනවා තාමත්
රම්පිට රම් පම් පම්
අනේ අන්කල් ජොන්සගේ රිදී ජුබිලියේ
පාටිඅ සුනේ සුන්

අංකල් ජොන්සන්
ජොන්සන් අංකල්
ගෝරි මැද්දේ දැන් කැරොල් පාටිය

අංකල් ජොන්සන්
ජොන්සන් අංකල්
මේක ජොන්සන්ගේ ජුබිලි ගෝරිය

අංකල් ජොන්සන්
ජොන්සන් අංකල්
මේක ජොන්සන්ගේ ජුබිලි ගෝරිය

අංකල් ජොන්සන්
ජොන්සන් අංකල්
කෑවා කෑවා සයිමා ජිබිලි පාටිය

අංකල් ජොන්සන්
ජොන්සන් අංකල්
අනේ හබක් උනා ජුබිලි පාටිය

අංකල් ජොන්සන්
ජොන්සන් අංකල්
සුනේ සුන් නේ මේ ජුබිලි පාටිය

සුසානෝ | Susano by Gypsies with Sunil Perera

වටකර බඹර රෑන මල වටකර බඹර රෑන
හරි මනමාල රඟේයා දහවල් ආල හීන
රෑ දහවල් පේන හීන හිතකට නින්ද නොදේයා
රෑ දහවල් පේන හීන හිතකට නින්ද නොදේයා

සුසානෝ අනේ මගේ සුසානෝ
අපි එකට හිඳිමු එකම සුසානේ
ඔයානේ අනේ මට ඔයානේ මිහිපිට දිව්‍ය විමානේ

ආදර රස්නේ වැදී හිත පපුවට ගින්න දිදී
අනේ මම ප්‍රේම කරන්නේ
කවදද එකට ඉඳන් එක බත්පත කන්නේ ඉතින්
හිත හිත ඇඟිලි ගනින්නේ

සුසානෝ අනේ මගේ සුසානෝ
අපි එකට හිඳිමු එකම සුසානේ
ඔයානේ අනේ මට ඔයානේ මිහිපිට දිව්‍ය විමානේ

ආදරේ මගේ කියා ලේ වලින් ලියුම් ලියා
කිය කිය පෙම් කතන්දරෙ
චෙරියෝ ටටා කියා මා එක්ක
අනේ ඔයා යනවද අහස් යන්තරේ

සුසානෝ අනේ මගේ සුසානෝ
අපි එකට හිඳිමු එකම සුසානේ
ඔයානේ අනේ මට ඔයානේ මිහිපිට දිව්‍ය විමානේ

කළුවා මෝදර | Kaluwa Modara by Gypsies with Sunil Perera

ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට
සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්දෙට
සුදු වැල්ල දිගේ දිග ඇදිලා කැමති හැටියට
අපි එලිවෙනකං බජව් දැම්මා හිතේ ජොලියට

ලන්තෑරුම් පත්තු කරන් වෙරල අද්දර
විඳගනිමින් රළු සීතල රැයක සුන්දර
ලැබ ගන්නට සැනසුම මුළු ලොවක් නිදි කර
ලොව පරසිදු වැල්ල මේක කළුවා මෝදර

ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට
සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්දෙට
සුදු වැල්ල දිගේ දිග ඇදිලා කැමති හැටියට
අපි එලිවෙනකං බජව් දැම්මා හිතේ ජොලියට

ගින්දර ගිනි පාට වෙච්ච ජර්මන් කෙල්ල
දොඩමළු වෙලා හොලවයි ඇගෙ බෙලි කටු මල්ල
අද නම් නැහැ නවත්වන්නේ ඇගෙ දැඟලිල්ල
මිහිබට සුරපුරක් කළුවා මෝදර වැල්ල

ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට
සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්දෙට
සුදු වැල්ල දිගේ දිග ඇදිලා කැමති හැටියට
අපි එලිවෙනකං බජව් දැම්මා හිතේ ජොලියට

කතා කරන විටදි මගේ අතිනුත් අල්ලයි
සමහරවිට ඇඟට බරව හාදුම ඉල්ලයි
මේ හුරතල් කෙල්ල මගේ උණුහුම ඉල්ලයි
ඇගෙ සැනසුම සතුට කළුවා මෝදර වැල්ලයි

ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට
සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්දෙට
සුදු වැල්ල දිගේ දිග ඇදිලා කැමති හැටියට
(අපි එලිවෙනකං බජව් දැම්මා හිතේ ජොලියට

සල් මල් වැල් | Sal Mal Wal by Gypsies with Sunil Perera

සල් මල් වැල් ඔන්චිලි බන්දා ඔබ එහි හිඳුවන්නම්
සඳ සිහිලේ මීදුම් සෙවනට එක්කරගෙන යන්නම්
නෙතුකොන මා මෙතුවක් රැඳවු කඳුලක් පිස ගන්නම්
දේදුනු රන් ඔන්චිල්ලේ ඔබ යන තැනකට එන්නම්

ඔබගේ දෑසේ දිලි දිලි රේඛා
මට කොඳුරයි ආදරෙන් එන්නකෝ කියා
තරුවෙන් තරුවේ පියමන් කරලා
සඳලුතලේ රන් සඳේ ඉමු තුරුළු වෙලා….

සල් මල් වැල් ඔන්චිලි බන්දා ඔබ එහි හිඳුවන්නම්
සඳ සිහිලේ මීදුම් සෙවනට එක්කරගෙන යන්නම්
නෙතුකොන මා මෙතුවක් රැඳවු කඳුලක් පිස ගන්නම්
දේදුනු රන් ඔන්චිල්ලේ ඔබ යන තැනකට එන්නම්

ජිවිතයම දැන් හරිම ලස්සනයි
මගේ තැවුල් ඈත දැන් පාවෙලා ගිහින්
ඔබ මගේ සෙවනින් නොයන්න කිසිදා
ඉගිලෙමු පෙම් හී නදින් කුරුල්ලන් වෙලා….

සල් මල් වැල් ඔන්චිලි බන්දා ඔබ එහි හිඳුවන්නම්
සඳ සිහිලේ මීදුම් සෙවනට එක්කරගෙන යන්නම්
නෙතුකොන මා මෙතුවක් රැඳවු කඳුලක් පිස ගන්නම්
දේදුනු රන් ඔන්චිල්ලේ ඔබ යන තැනකට එන්නම්

සල් මල් වැල් ඔන්චිලි බන්දා ඔබ එහි හිඳුවන්නම්
සඳ සිහිලේ මීදුම් සෙවනට එක්කරගෙන යන්නම්
නෙතුකොන මා මෙතුවක් රැඳවු කඳුලක් පිස ගන්නම්
දේදුනු රන් ඔන්චිල්ලේ ඔබ යන තැනකට එන්නම්

සතුටු සිනා හා වාසනා | Sathutu Sina Ha Wasana by Gypsies

සතුටු සිනා හා වාසනා
පිරිණු සමය අද එලබුනා
කරමු තුටූ ගීත ගායනා
වාසනා ….. වාසනා ……
හදවත කකුලක් පිබිදුනා
දසත් විහිදුනි මල් හිනා
ගයමු පෙම් ගී එක්වෙලා
වාසනා ….. වාසනා ……

කිරි සයුරු රැලි මත්තේ
සඳක් පායා ඇත්තේ
පොද වැදි පෙම් නැගෙනා හසරැලි
හද පුරා පැතිරේ……
පොද වැදි පෙම් නැගෙනා හසරැලි
හද පුරා පැතිරේ……

සතුටු සිනා හා වාසනා
පිරිණු සමය අද එලබුනා
කරමු තුටූ ගීත ගායනා
වාසනා ….. වාසනා ……
හදවත කකුලක් පිබිදුනා
දසත් විහිදුනි මල් හිනා
ගයමු පෙම් ගී එක්වෙලා
වාසනා ….. වාසනා ……

ඉතින් දුක පැමිණෙන් නෑ
කිසි දිනක වෙන්වන් නෑ
සියලු බාදක අදින් නිම විය
සතුටු වෙමු දෙදෙනා
සියලු බාදක අදින් නිම විය
සතුටු වෙමු දෙදෙනා

සතුටු සිනා හා වාසනා
පිරිණු සමය අද එලබුනා
කරමු තුටූ ගීත ගායනා
වාසනා ….. වාසනා ……
හදවත කකුලක් පිබිදුනා
දසත් විහිදුනි මල් හිනා
ගයමු පෙම් ගී එක්වෙලා
වාසනා ….. වාසනා ……

සුභ උපන්දිනක් | Suba Upandinak by Gypsies with Sunil Perera

මල් මල් පිපිලා පරිසරය පුරා
නව සුවඳක් විහිදෙනවා
මල්ලිලා නංගිලා අයියල අක්කල
තුටු සිතකින් පසු වෙනවා

එන්න එන්න දැන් සුභ පතන්න
අපි හැම දෙන එකතු වෙලා
සුභ උපන්දිනක් වේවා
ජිවිතයම සරු වේවා
දෙවියන් ඔබ රැක දේවා
සුභ උපන් දිනක්.. සුභ උපන් දිනක්
සුභ උපන් දිනක් වේවා

මිනි කැට වාගේ තරු වැල් අහසේ
සඳ එළියෙන් පරදිනවා
මිතුරන් අතරේ නෑයන් අතරේ
ඔබ අපට සඳක් වෙනවා

එන්න එන්න දැන් සුභ පතන්න….

ඔබ සිතන පතන රන් යුගය
ඔබට අද අදම ලඟා වේවා
දුක විපත නොවී
සැප සතුට යසස ඔබ වෙතට උදා වේවා

එන්න එන්න දැන් සුභ පතන්න…
සුභ උපන් දිනක්.. සුභ උපන් දිනක්
සුභ උපන් දිනක් වේවා

සුදු නෝනා | Sudu Nona by Gypsies with Sunil Perera

නෝනා මගේ සුදු නෝනා අලිවැඩේ මෙමට උනේ
බස් එක මගදී කැඩුනා ඒකයි මම පමා උනේ

අනේ ඔහේගේ පරණ පොත මම ඒක කියව ඇත
තමාගේ බිරින්දෑට ඔයේ බොරුකියනා එකයි කැත

ඔයා පිලි ගන්නේ නැත්ද මගේ නෑ කිසි වැරැද්ද
පුතාට ටොපි ගෙනාවා දැන් කෝ පොඩි පුතා නිදිද

නැති බොරු වෙනෙහෙ පපා අප රවටන්න එපා
කටගොන්නක් බීගෙන මින්පස්සේ මෙහෙ එන්න එපා

ඇත්තම ඔයාට කියන්නම්
ඔයා එය පිළිගන්නවා නම්

මිතුරෙක් අඩගහුවා පොඩි අඩියක් ගැහුවා
ඕකත් ලොකු වරදක්ද

මොකටද ඉතින් මගේ කට
ලජ්ජා නෙද්ද තමුසෙට

බස් එක නතර උනේ මිතුරා අඩගහුවේ
තැබැරුමක්ම ලගදිද

තරමක් ලේසිය දුන්නා
නෝනා මගේ කරටම එන්න

ඔව් මම අඩි ගැහුවා පරක්කු වී අවා
නෝනා දැන් කියන්නනේ මොකද
අනේ ඔයාගේ ලේසිය

ඔයාලටමයි වාසිය …..
ළමයි බලන්න ඕනා රෙදි හොදන්න ඕනා
තනියම අපට කරදර

ළමයි බලන්නයි ගෙදරක වැඩ කරගන්නයි
ඔහෙලට උරුමයි එය දැන ගත්තොත් කදිමයි
ඔහෙලට උරුමයි එය දැන ගත්තොත් කදිමයි
ළමයි බලන්නයි ගෙදරට වැඩ කරගන්නයි
ඔයා කියන්නේ අපි දුක් විදින්න ඕනේ
ඔයලා විවාහ වෙන්නේ ඔහොම කියලද අනේ
ඔයාලා කසාද බැන්දේ ඔහොම කියලද අනේ
ඔයා කියන්නේ අපි දුක් විදින්න ඕනේ

අනේ කිරි පිටි හොයලා පෝලිම් වල දුක්විදලා
ලොක්කට වැදලා තමයි එන්නේ බේරිලා
අපේ බොසාට වැදලා තමයි එන්නේ
කිරි පිටි හොයලා පෝලිම් වල දුක්විදලා

පෝලිමේ මැද හිටියම පාඩු වෙනවද
ඒ තරුණියන් මැද ඔයාටත් ජොලියක් නැද්ද
ඒ තරුණියන් මැද ඔයාටත් ජොලියක් නැද්ද
පෝලිමේ මැද හිටියම පාඩු වෙනවද

කරුමෙට ඔය කට තමුසෙට ලැබුනට
කැත කට හතරට ඉරනට හිතේ මට

මගේ කට හතරට ඉරනට හිතුවට
මේ මට දෙන බේට තමුසෙට ලැබෙයි හෙට

දුවේ පුතේ මාකියනා දේ අහ ගන්න
කදුලක් නැති තැන සිනහව එද්ද බලන්න
දෙන්න ගන්න අත සමබර ඇතිනම් ඔන්න
විවාහ ජීවිතේ සරුයි අද දැනගන්න
විවාහ ජීවිතේ සරුයි අද දැනගන්න
දෙන්න ගන්න අත සමබර ඇතිනම් ඔන්න

තෝරන් බදින්නට | Thoran Badinnata by Gypsies with Sunil Perera

තෝරන් බදින්නට රබන් ගසන්නට
සුබ මොහොතක් ආවා …..
පැතුම් ලොවේ මල් සිහින සබැව්
අලුත් යුවල ආවා මල් අහුරක් ගෙන
දෙදෙනා තුරුළු තුරුළු වී සුපෙම් සිනහ පැවා

ජය මංගලම් වේවා…..

නෑදෑ මිතුරන් වට වෙන්නේ
වෙඩි හඩ ඒ අතරින් එන්නේ
සතුටු කදුළු මද සිනහා ගලා එන
සුබ මොහොතක් අවා…..

තෝරන් බදින්නට රබන් ගසන්නට
සුබ මොහොතක් ආවා …..
පැතුම් ලොවේ මල් සිහින සබැව්
අලුත් යුවල ආවා මල් අහුරක් ගෙන
දෙදෙනා තුරුළු තුරුළු වී සුපෙම් සිනහ පැවා

ජය මංගලම් වේවා…..

රුව ගුණ නැණ ඇති දෝ දරුවන්
ලැබිලා පිරිලා යස ඉසුරෙන්
කිරි පැණි ඉතිරෙන පෙම් රස ඉතිරෙන
සුබ මොහොතක් ආවා……

තෝරන් බදින්නට රබන් ගසන්නට
සුබ මොහොතක් ආවා …..
පැතුම් ලොවේ මල් සිහින සබැව්
අලුත් යුවල ආවා මල් අහුරක් ගෙන
දෙදෙනා තුරුළු තුරුළු වී සුපෙම් සිනහ පැවා

ජය මංගලම් වේවා…..

අද දින සතුටෙන් ඉතිරේවා
අලුත් හඬක් හෙට බැබලේවා
අදත් හෙටත් ජීවිතය
සදා එක මගුල් ගෙයක් වේවා….

තෝරන් බදින්නට රබන් ගසන්නට
සුබ මොහොතක් ආවා …..
පැතුම් ලොවේ මල් සිහින සබැව්
අලුත් යුවල ආවා මල් අහුරක් ගෙන
දෙදෙනා තුරුළු තුරුළු වී සුපෙම් සිනහ පැවා

ජය මංගලම් වේවා…..