ඩාන්ස් විත් ජිප්සීස් | Dance with Gypsies (Nonstop) by Gypsies

ටික වේන්න නාලා කොන්ඩේ කඩාගෙන, යනවද සුරතලියේ
ටික වේන්න නාලා කොන්ඩේ කඩාගෙන, යනවද සුරතලියේ
මම බොහෝම ආසයි ,ප්‍රේමි සමගින් , දියේ බැස පීනන්න
මම බොහෝම ආසයි ,ප්‍රේමි සමගින් , දියේ බැස පීනන්න
අපි පීන පීනා ඉන්න අතරේදි ,ඔබේ මුව සිපගන්න

සිරිපාදේ සමනල කන්ද පෙනේ, ආලෝකය සමන්පුරේ
හඳපානේ මහා වන දිහා බලා ,සුදු රිදී කඳන් හමුවේ
සිරිපාදේ සමනල කන්ද පෙනේ, ආලෝකය සමන්පුරේ
හඳපානේ මහා වන දිහා බලා ,සුදු රිදී කඳන් හමුවේ

අර මහ මළුවේ ,සිරිපාද පියුම්, වැඳ සාදු කියා එනවා
අර මහ මළුවේ ,සිරිපාද පියුම්, වැඳ සාදු කියා එනවා
නාදේ ඇසෙන්නේ ඒ ගන්ටාරේ ,මේ උතුම් පෝදා…..
මේ උතුම් පෝදා…..

පිබිදේවි… (පිබිදේවි) පිබිදේවි… (පිබිදේවි)
පිබිදේවි… අළුයම සිරිනරඹා
පිබිදේවි… (පිබිදේවි) පිබිදේවි… (පිබිදේවි)
පිබිදේවි… අළුයම සිරිනරඹා

සූර්යා උදාවී ගෙන එන්නේ ,කාන්ති ප්‍රබෝධය ව්හිදෙන්නේ
නෙක පාටින් නුඹකුසය දිලෙන්නේ, අළුයම සිරි නරබා
නෙක පාටින් නුඹ කුසය දිලෙන්නේ, අළුයම සිරි නරබා

අපි නාමු විලේ ,බස පීනාලා එහි ඕලු කඩා එමුකෝ ….
ඕලු කඩා එමුකෝ ….
එන්න මගේ කමලාවෝ ,අපි නාමු විලේ බැස පීනා
එන්න මගේ කමලාවෝ ,අපි නාමු විලේ බැස පීනා
අපි නාමු විලේ බැස ,පීනාල එහි ඕළු කඩා එමුකො….
ඕළු කඩා එමුකො..

(ලලලා ලලලා ලාලලා )

මේ ස්‍රීනේ අපේ ලංකාවේ ,සිංහලයා ,
ඔහ ඉංග්රීසිංගේ සිරිතට වී පිරියා
ඔයා සාය ගවුන් අද ගති නොව මලියා
ඔවා මේවා දැකලා පන යන තරමට මටම හිනා

ඔහාහා හා හා …….

නංගිලා ,මල්ලිලා ඉන්නවාදෝ බලා
දැන් එති මං එති දැන් කියා
පුංචි බෝනික්කල පාට පාට නිලා මන් ගෙනාවා කරත්තේ පුරා
සෙල්ලලම් බඩු ඕනේ… නම් එන්න අනේ මා සොයන්
ලාබයි හරි ලාබමයි… සෙල්ලම් බඩු මේ ගොඩයි

සෝබන හැන්දෑවේ සීතල මද පවනේ
ඔබ එන තුරා සිටියා
සුවද මලේ පෙම් කුසුමේ
සුවද මලේ පෙම්කුසුමේ
කීම ඔබ තව නාවේ
ඔබ කොතනද සොඳුරේ

ඇවිලේ සමදා රශ්මිය විහිදා ඉටි පන්දම තනියේ
බුදු ගෙයි පල්ලියේ හා දේවාලේ ශාන්ත සිරිය මවා
බුදු ගෙයි පල්ලියේ හා දේවාලේ ශාන්ත සිරිය මවා
සුළගට තිර සෙලවෙයි… එහි බුදු බන පලවෙයි
බොහොර සසරෙහි ජීවේ අපගේ නැ අහෝ තිර නෑ

තේ පැන් දින දින වැඩි වැඩි වේ බීමෙන් සිරුරට සැප වැඩි වේ
තේ පැන් දින දින වැඩි වැඩි වේ බීමෙන් සිරුරට සැප වැඩි වේ
සීනිද කිරි මුසු කර නිසි සේ සාදාගෙන පදමට රස සේ
සීනිද කිරි මුසු කර නිසි සේ සාදාගෙන පදමට රස සේ

ලලල ලලලලා ලලලලා ලලලලා ලලලලා

පොඩි ඇබේ වරුන්… ලොකු ඇබේ වරුන්… පොඩි ඇබේ වරුන් සොයලා
පොඩි ඇබේ වරුන්… ලොකු ඇබේ වරුන්… පොඩි ඇබේ වරුන් සොයලා
අවුරුද්ද පාසා යන්නේ අපි සෙල්ලමේ ඇබේ වරුන් සොයලා
අවුරුද්ද පාසා යන්නේ අපි සෙල්ලමේ ඇබේ වරුන් සොයලා

රන් මාල නැතේ ඇයටා… රන් තෝඩු නැතේ ඇයටා …
පට සේල නැත්තත්.. ඔයා හරිම හැඩයි මගේ
ලස්සන රන් එතනා ……
පට සේල නැත්තත්.. ඔයා හරිම හැඩයි මගේ
ලස්සන රන් එතනා ……

සුරලියකගේ වගේ රුවිනා.. ඇගේ ගති ගුණ හරි අගනා
පොඩි කාලේ ඉදන් මම අවේ සොයන් මගේ ලස්සන රන් එතනා

පැලේ වසන රන් මලී… මගේ සොදුරු සිරිමලී
ඔබේ මිහිරි ගී ඇසි ඇසි මම සොයා එමි රන් මලී
ඔබේ දිළිදුකම යටයි සුදෝ… සැබෑ සොදුරු ගුණ නිසා
ඔබේ දිළිදුකම යටයි සුදෝ… සැබෑ සොදුරු ගුණ නිසා
ඔබේ සිනාවන් අගේ මටා… හෙලේ ඔටුන්නට වඩා
ඔබේ සිනාවන් අගේ මටා… හෙලේ ඔටුන්නට වඩා

වෙන්වෙලා ගියත් | Wenwela Giyath by Gypsies with Sunil Perera

වෙන්වෙලා ගියත් ඔබ අමතක වුනේ නෑ
සැමදේ ලැබුනත් ඔබ ලඟ මිස සතුට නෑ
මතු කවදාවත් මම ඔබ හැර යන්නෙ නෑ
ලොව කොහේ ගියත් මේ වගෙ තව රටක් නෑ

අතමිට සරුකර ගන්න සිතාලා
සිතකින් නොව ඔභ දමා ගියේ
ඔබ නැති පාළුව තනිකම දැනුනා
ලැබුනත් සැප සම්පත් පැතුසේ

දරු පැටවුන් හට මව් සෙනෙහේ සුව
දිව්‍ය පුරේ හෝ නෑ
සිරිලක් අම්මේ ඔබේ පෙම් උණුසුම
ලොව වෙන කොහෙවත් නෑ

වෙන්වෙලා ගියත් ඔබ අමතක වුනේ නෑ
සැමදේ ලැබුනත් ඔබ ලඟ මිස සතුට නෑ
මතු කවදාවත් මම ඔබ හැර යන්නෙ නෑ
ලොව කොහේ ගියත් මේ වගෙ තව රටක් නෑ

පිට දේශ මහ මන්දිර සෙවණේ
මා උන්නත් නාඩා හැඬුවා
ඔබ සමගින් සිටි දිළිදු පැලේ මට
රජහිටු මාළිග සුව දැණුනා

දරු පැටවුන් හට මව් සෙනෙහේ සුව
දිව්‍ය පුරේ හෝ නෑ
සිරිලක් අම්මේ ඔබේ පෙම් උණුසුම
ලොව වෙන කොහෙවත් නෑ

වෙන්වෙලා ගියත් ඔබ අමතක වුනේ නෑ
සැමදේ ලැබුනත් ඔබ ලඟ මිස සතුට නෑ
මතු කවදාවත් මම ඔබ හැර යන්නෙ නෑ
ලොව කොහේ ගියත් මේ වගෙ තව රටක් නෑ

නිලුපුල් සුවද උරා | Nilupul Suwada Ura by Gypsies with Sunil Perera

නිලුපුල් සුවද උරා
එන පවන් රෝද පාවෙලා
ඔබ නලවා පිනවලා සනසයි නම්
ඒ පවන් රෝද මා වෙන්නම්
ඔබ ලඟින් ඉන්නම්
ඔබ ලගින් ඉන්නම්..

ඔබේ රතගිලි තුලින් නෙලනා
කුසුම මා වෙන්නම්
ඔබට ආලෝකය ලබා දෙන
පහන මා වෙන්නම්
සිහින් ඉග හැඩ කරන ඔසරියේ
රැලි පොදක් වෙන්නම්
සුදුසු අතගෙන දිනෙක සැරසෙන
පෙම්වතා වෙන්නම්..
ඔබ ලඟින් ඉන්නම්
ඔබ ලගින් ඉන්නම්..

නිලුපුල් සුවද උරා
එන පවන් රෝද පාවෙලා
ඔබ නලවා පිනවලා සනසයි නම්
ඒ පවන් රෝද මා වෙන්නම්
ඔබ ලඟින් ඉන්නම්
ඔබ ලගින් ඉන්නම්
ඔබ ලගින් ඉන්නම්
ඔබ ලගින් ඉන්නම්..

මගේ දිගට හැඩට | Mage Digata Hadata Thibunu by Sunil Perera

මගේ දිගට හැඩට තිබුණු කොණ්ඩේ ටික ටික ගැලවෙනවා
ලස්සනට තිබුණු රැවුලත් දැන් ටික ටික සුදු වෙනවා
අනේ මොකක් නමුත් ලොකු වෙනසක් ටික ටික සිදුවෙනවා
ටික ටික මං ටික ටික වයසට යනවා
ටික ටික මං ටික ටික වයසට යනවා

ඉස්සර මට සුනිල් අයියා කියලා කිව්වා තමයි
දැන් කියන්නේ අංකල් මට තරුණ ගෑණු ළමයි
හිතට දුක්ක ඇති වුණාට ඇත්ත ඒක තමයි
අයියෝ තරුණ වෙන්න බෙහෙතක්
ලොව තිබුණා නම් හොඳයි නේද
ඕවා ඔහොම තමයි
හිතට දුකයි තමයි හැබැයි ඕවා ඔහොම තමයි

සුනිල් අයියා මොකද නිකං නාකි වෙලා වගෙයි
සමහර අය එහෙම කියුවේ නෝන්ඩියට තමයි
අනේ දත් සෙට් එක බඩට යන්න දෙකක් දෙන්න හිතයි
හැබැයි ගෝරි වලට පැටලෙන්නත් දැන් පොඩ්ඩක් බයයි
ඕවා ඔහොම තමයි ඕවා ඔහොම තමයි
හැබැයි ගෝරි වලට පැටලෙන්නට මෙයාට දැන් බයයි

කෑම බීම බැලන්ස් කළොත් පරෙස්සමට හොඳයි
කොලෙස්ටරෝල් සුගර් ප්‍රේෂර් ලෝක ලෙඩක් තමයි
ගෙදර නෝනා හිතේ බයට කරු කුරුවක් දමයි
අනේ ඒ වුණාට මගේ වැඩ ගැන දන්නේ එයා තමයි
ඕවා ඔහොම තමයි ගෙදර නෝනා ඔහොම තමයි

දැන් drink එකක් දාගන්නෙත් කිරලා මැනලා තමයි
සිගරට් උගුරක් බිව්වත් ඒක හොරෙන් තමයි
පරණ වුනත් මගේ එන්ජිම තාම තිතට දුවයි
හැට පැන්නත් වඳුරා හලෝ යන්නේ උඩින් තමයි
ඕවා ඔහොම තමයි
වයසට යනකොට කව්රුත් කිව්වේ ඔහොම තමයි

අයියෝ හැමදාමත් තරුණ වෙන්න හිතන අයත් ඇතේ
ඉස්සර නම් එහෙම තමයි තිබුණේ මගෙත් හිතේ
ඔය දැඟලුවාට ඉහට අරන් ඉලන්දාරි මතේ
අයියෝ නවත්තන්ඩ බෑ වයසට යන එක නම් පුතේ
ඒක ඇත්ත තමයි ඒක ඇත්ත තමයි
කවදාහරි අප හැමටත් ඔහොම වෙනවා තමයි

මා සතුටින් බව | Ma Sathutin Bawa by Gypsies with Sunil Perera

මා සතුටින් බව ඔබට පෙනෙයි නම්
එය වැරදී ළඳුනේ
නිතරම කඳුලෙනි මා පසුවන්නේ
මට අයිතිය කඳුලයි
මට අයිතිය කඳුලයි

පාළුව තනිකම මට වද දෙන විට
කෙලෙසද ඉවසන්නේ
කියන්න සොඳුරිය
කියන්න සොඳුරිය
ඇයි මට මෙහෙම උනේ

මා සතුටින් බව ඔබට පෙනෙයි නම්
එය වැරදී ළඳුනේ
නිතරම කඳුලෙනි මා පසුවන්නේ
මට අයිතිය කඳුලයි
මට අයිතිය කඳුලයි

මා අමතක කොට ඔබ ගත නව මග
ඔබ හට සුව දෙයි නම්
කුමක් උනත් මට ඒ ගැන කම් නැත
තනිවම මා ඉන්නම්

මා සතුටින් බව ඔබට පෙනෙයි නම්
එය වැරදී ළඳුනේ
නිතරම කඳුලෙනි මා පසුවන්නේ
මට අයිතිය කඳුලයි
මට අයිතිය කඳුලයි

ලස්සන ඇස් දෙක | Lassana As Deka by Gypsies with Sunil Perera

ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා
නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඒ ඇයි කියා
සකුරා මල් පිබිදෙන රට ඉපදීලා ඇති ඔයා
මට හිතවත් වේවීදෝ රූ ලදේ

ඔබ මගේ සිහිනයයි මතකයේ රුව ඔබයි
ගීතයක් වෙලා මුවින් පාවෙලා යන්නේ
ආදරේ හදවතේ නිහඩවී තැවෙන්නේ
ලස්සන …. ලස්සන ඇස්දෙක

ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා
නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඒ ඇයි කියා
සකුරා මල් පිබිදෙන රට ඉපදීලා ඇති ඔයා
මට හිතවත් වේවීදෝ රූ ලදේ

ඔබ මගේ සිහිනයයි මතකයේ රුව ඔබයි
ගීතයක් වෙලා මුවින් පාවෙලා යන්නේ
ආදරේ හදවතේ නිහඩවී තැවෙන්නේ
ලස්සන …. ලස්සන ඇස්දෙක

ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා
නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඒ ඇයි කියා
සකුරා මල් පිබිදෙන රට ඉපදීලා ඇති ඔයා
මට හිතවත් වේවීදෝ රූ ලදේ

හැමදේම වෙන්නෙ | Hamadema Wenne Hodatai by Gypsies

හැමදේම වෙන්නෙ හොදටයි
හැමදේම වෙන්නෙ අපටයි
දුක්වෙන්නෙපා ලතැවෙන්නෙපා
හැමදේම වෙන්නෙ හොදටයි

ක්ලාක් කෙනෙක් ලෙස කොම්පැනියක මම
රස්සාවක් කෙරුවා
කොම්පැනි ලොක්කා කේලම් අහලා
මාව දොට්ට දැම්මා
ජොබ් එක ගහල ගියා යන එනමං නැතිව ගියා
ඔහොම ඉන්නකොට බිරිදගේ කීමට
පොඩි කඩයක් ඇරියා
ටික ටික දියුණු වුනා සැප සම්පත් හැම ලැබුනා
එදා ජොබ් එකෙන් මාව අස් කලේ
හොදටයි මට හිතුනා
මගේ හොදටයි මට හිතුනා

හිතන පතන හැමදේම ඒ ලෙසින් බෑ ඉටුකරගන්න
නොසිතූ දේ සිදුවුනත් ජීවිතේ ඉවසීමෙන් ඉන්න
කළබල වෙන්න එපා කිසිවිට බිය වන්න එපා
එන හැමදේටම ආත්ම ශතක්තිය ඇතිව මුහුණ දෙන්න

හදවතට සවන් දෙන්න ඒ අනුව වැඩකරන්න
හොදදේ කෙරුවොත් විපතක් සැපතට
පෙරලෙනවා ඔන්න
ඒ බව දැනගෙන ඉන්න

පුළුන් වගෙයි | Pulun Wagei by Gypsies with Sunil Perera

පුළුන් වගෙයි සුදු රැවුල දිගයි
ලස්සන ඇදුම හැඩයි කදිමයි
රබන් ගසයි ගෙජ්ජිද සොලවයි
මේ එන්නේ නත්තල් සීයයි

තිබෙන කරේ මල්ල පුරා
සෙල්ලම් බඩුය පිරීලා

පුළුන් වගෙයි සුදු රැවුල දිගයි
ලස්සන ඇදුම හැඩයි කදිමයි
රබන් ගසයි ගෙජ්ජිද සොලවයි
මේ එන්නේ නත්තල් සීයයි

පුංචි බබාලට නංගිට මල්ලිට
දෙන්න තමයි ගෙන ආවේ මා
බෝනික්කෝ ලස්සනයි වඳුරා කරණම් ගසයි
නත්තල ප්‍රීති සරුයි

පුළුන් වගෙයි සුදු රැවුල දිගයි
ලස්සන ඇදුම හැඩයි කදිමයි
රබන් ගසයි ගෙජ්ජිද සොලවයි
මේ එන්නේ නත්තල් සීයයි

නත්තල් ගහේ මා එල්ලා තියන්නනම්
තෝරාලා දෙන්නම් ඕන දේ
මට ඕන කාර් එකයි බෝනික්කා මට හොඳයි
සෙල්ලම් බඩු ලස්සනයි

පුළුන් වගෙයි සුදු රැවුල දිගයි
ලස්සන ඇදුම හැඩයි කදිමයි
රබන් ගසයි ගෙජ්ජිද සොලවයි
මේ එන්නේ නත්තල් සීයයි

පොඩි කුරුල්ලනේ | Podi Kurullane by Gypsies with Sunil Perera

පොඩි කුරුල්ලනේ අනේ කොයිද මගේ දයා
කියන්නකෝ අනේ අනේ කොයිද මගේ දයා
පොඩි කුරුල්ලනේ අනේ කොයිද මගේ දයා

පාට පාට වළාකුලේ හිඳිදෝ කියා
පාන්දරම හීන්සැරේ සොය සොය ගියා
කාටත් රහසේ උපන් ආදරේ නිසා

පොඩි කුරුල්ලනේ අනේ කොයිද මගේ දයා
කියන්නකෝ අනේ අනේ කොයිද මගේ දයා……

මාල ගිරා මාල පොටක් පළන්ඳමි කියා
කුරුලු පුරේ කූඩු පුරා බල බලා ගියා
කාටත් රහසේ උපන් ආදරේ නිසා

පොඩි කුරුල්ලනේ අනේ කොයිද මගේ දයා
කියන්නකෝ අනේ අනේ කොයිද මගේ දයා
පොඩි කුරුල්ලනේ අනේ කොයිද මගේ දයා
කියන්නකෝ අනේ අනේ කොයිද මගේ දයා
පොඩි කුරුල්ලනේ අනේ කොයිද මගේ දයා

පිටි කොටපන් නෝනේ | Piti Kotapan None by Gypsies with Sunil Perera

පිටි කොටපන් නෝනේ
පිටිහලපන් නෝනේ
හෙට උදේට කන්නට මට ඉදිආප්පං ඕනේ

ජෑම් පන් තවත් කන්න බෑ
කිබුල බනිස් කෑවත් මට කිසි ගතියක් නෑ
මුං ඇට මට එපා කිරි බත් මට එපා
උඹේ අතින් රසට හදලා
ඉදි අප්පන් ටිකක් කන්න

පිටි කොටපන් නෝනේ
පිටිහලපන් නෝනේ
හෙට උදේට කන්නට මට ඉදිආප්පං ඕනේ

ඉඳි අප්පා නිකන් කන්න බෑ
කිරි හොද්ද නැතුව ඉඳි අප්පේ ලිස්සලා යන් නෑ
උම්බ්බලකඩ දාලා සම්බෝලෙත් හදලා
මගේ දොලදුක නිවා ගන්න ඉදි අප්පා ටිකක් කන්න

පිටි කොටපන් නෝනේ
පිටිහලපන් නෝනේ
හෙට උදේට කන්නට මට ඉදිආප්පං ඕනේ

කුකකාරී පොතේ රෙසපි වැඩක් නෑ
ඔය හැම් බේකන් චීස් බටර් මට දිරවන්නේ නෑ
අනේ මොකටද තවත් කතා ස්පෙසල් මුකුත් එපා
මගේ ආදරේ වැඩි වෙන්නයි දොලදුක හෙට නැති වෙන්නයි

පිටි කොටපන් නෝනේ
පිටිහලපන් නෝනේ
හෙට උදේට කන්නට මට ඉදිආප්පං ඕනේ
පිටි කොටපන් නෝනේ
පිටිහලපන් නෝනේ
හෙට උදේට කන්නට මට ඉදිආප්පං ඕනේ
පිටි කොටපන් නෝනේ
පිටිහලපන් නෝනේ
හෙට උදේට කන්නට මට ඉදිආප්පං ඕනේ