මගේ හදවතේ ඔය
හැඩකාර කඩිසර
සැර ගමනට පණ ටික ගැහුනා
වෙන්න සහයක මට
නටමුද උඩරට
අපි දෙන්නා එක අතකට පැනලා
උඹ එනතුරු මම දත කට මැදගෙන
හවසට හන්දියේ කැරකෙනවා
හිත හිත ඉන්නකොට
ඔන්න එනවා
හයිය හිත බිදිලා ගියා
පණ හත මැණිකේ
අනෙ කේන්තියෙන් ඇයි
වැඩි උනා මට සාන්ද්‍රනේ
නෝන්ඩි උනු හිත පාන්දරම
හතරගාතේ
හාන්සි උනා මම
බූන්දියක රස වාගෙ
ඔය දෙතොලම පෑහේ
කේන්දරේ බලපාවි දෝ මට
අවසානේ
අද දවසම මට අවුල
ගිනි ගත්තා මහ මගේ රැවුල
අනෙමන්දා මේ සිත් තැවුල
18 වන්නම් කැරකෙන්නම්
දෙන්නම් හිත මං ගානේ
හවසට එහෙනම් මම එන්නම්
කෙල්ලේ උඹ එනවානේ…//
ඉස්සර බැදි පෙම තාම
හිතට සුවයි
මම පන්දර වෙද්දී ගුන දොස්
වටෙම ගොඩයි
මේ මොලේ හිස්
දැනුනේ ඔයා දැක්කමයි
නොහැකි තියා ඉන්න
හදවත පුස්කයි
ඉදහිට රවාගත්ත
කෙල්ලෙක් දැක්කා මෙ ලස්සන
මම ඇන්දා සිරිමත්ට
සාලේ මැද්දේ හිටගත්ත ගුණවත්
මං දැක්ක වන්නමෙගෙ පැනගත්ත
තනියට ඉන්න දෙන්නම්
බෙර පද මං ගානෙ නම්
මන්දහාස පෑවේ මට කුමකට දෝ
මේ අන්දකාරේ පාට වෙලා මොනවට හෝ
මං යන්න ආවේ ඈත පේන දූම කේතු
ලෝකෙක පාට කල අන්දකාරේ දේවදූති කෝ
18 වන්නම් කැරකෙන්නම්…//
written by Yuki Navaratne & Ravi Jay
Leave a Reply