Hip Hop වාට්ටුව | Hip Hop Wattuwa by Big Doggy [2021]

අත් උස්සපන් උඹ ලෙඩෙක් නම්
දොස්තර ආවා බෙහෙත් දෙන්න ලෙඩක් නම්
රැප් ලියලා හොඳකරන වෙදෙක් මන්
වාට්ටුව සිංහල බෙහෙත් HipHop බන්

අත් උස්සපන් උඹ ලෙඩෙක් නම්
දොස්තර ආවා බෙහෙත් දෙන්න ලෙඩක් නම්
රැප් ලියලා හොඳකරන වෙදෙක් මන්
වාට්ටුව සිංහල බෙහෙත් HipHop බන්

දොස්තර හොඳ හිත මගේ නම දාබරේ
සැප ගන්න Admit වෙයන් HipHop වාට්ටුවේ
මම පරණ පාසලේ Nurse ලා පුරවලා කාමරේ
ලෙඩා හමතේ ලෙඩාගේ ගෑනි සමගි මාවතේ
විරේක වෙනුවට දෙන්නේ මේකෙ අතිවිශේෂ
ලංකා ක්‍රමේට රේනු ඔතලා දෙන්නේ හැඩේට
පැණි අලුවා පැණි වලලු බූචි ඇඳ වටේට
කුප්පියේ තිබ්බ පැණිය ගහලා
ලෙඩා නිදි සැපේට
Visit හොර පාරෙන් යන්නේ හතර ගාතෙන්
Acid ගහලා මාට්ටු උනොත් Ticket
කපන්නේ මාසෙන්
Party පෙත්ත නොවරදවාම රෑට
පස්සේ කෑමෙන්
නෑමෙන් පරිස්සම් නැත්තම් ආතල්
යන්නේ රහසෙන්
Oxigen වෙනුවට ලෙඩාට රැප් එන්නත
තියටර් වල මන බන්ධන රැප් මන්තර
වාට්ටුවේ තහනම් ඊයම් කොලේ යන්තර
අහු වුනොත් ජීවිතේ තපින්න වෙයි
රාජ සන්තක

අත් උස්සපන් උඹ ලෙඩෙක් නම්
දොස්තර ආවා බෙහෙත් දෙන්න ලෙඩක් නම්
රැප් ලියලා හොඳකරන වෙදෙක් මන්
වාට්ටුව සිංහල බෙහෙත් HipHop බන්

අත් උස්සපන් උඹ ලෙඩෙක් නම්
දොස්තර ආවා බෙහෙත් දෙන්න ලෙඩක් නම්
රැප් ලියලා හොඳකරන වෙදෙක් මන්
වාට්ටුව සිංහල බෙහෙත් HipHop බන්

මම ලෙඩ්ඩු බලන නැකත මේක
වාට්ටු අංක හතර
කෙල්ලෝ ඇඳලා ඉන්නේ හිරට කොල්ලෝ
ඇඳලා ඉන්නේ රැපට
ලෙඩාට නෑ මතක පොලිස් පොතේ නඩු නමට
ඇමෙරිකාවට කලින් වාට්ටුවෙන් අපි කොඩිය
ගැහුවේ හඳට
ටිකක් කපපු අයට කවදාවත් නෑ ප්‍රශ්න
තියටර් වාට්ටුවල මරාගන්නේ පාටවලට පක්ෂ
ගස්ස ගස්ස යන අපේ Nurse නෝනාගේ
කට සද්ද
හඳේ ඉන්නේ අපේ ඔලුවට කරන්න බෑ දෂ්ඨ
අද
මිලියනයක ආශාව මිලියනයක ඝෝෂාව
මිලියනයක මහාචාර්ය මිලියනයක නම්බුනාම
මිලියනයක මල්මාල තාම මිලියනයකට පෝරිසාද
අඩිය අඩිය තියලා යද්දි දැම්මනේ
කකුල් මාට්ටුවක්
වට්ටන්න බෑ හාමිනේ දන්නවා මට ඕනේ
සාත්තුවක්
බැන්කුවේ කාර්තුව ගෙවන්න කැඩුවා
ගෙදර ලාච්චුවක්
පොලිමේ Admit වෙයන් පුතේ මේක
HipHop වාට්ටුව

ඕඃ ග්‍රීඃ කට්ටු අපි ගැන දන්නවා රට්ටු
වට නොදන්න අපිට දාන්න එපා වෙට්ටු
දොස්තර ආවේ අද කරන්න බොලා මට්ටු
යක්කුත් එක්ක වාසේ මේක කජ්ජක්ද වස්තු

ඕඃ ග්‍රීඃ කට්ටු අපි ගැන දන්නවා රට්ටු
වට නොදන්න අපිට දාන්න එපා වෙට්ටු
දොස්තර ආවේ අද කරන්න බොලා මට්ටු
යක්කුත් එක්ක වාසේ මේක කජ්ජක්ද වස්තු

බල්ලෙක් ගියා හඳට මුතු ඇටේ ගියා බල්ලට
වෙලාව රෑ දහයයි පවු හිටන් නිදි සැපට
එන්නැද්ද ඔයා රෝසි ගනන් පන්ති දැන් ඇරඹුනා
ඒ ගනන් දැකලා පෛතගරස් ටත් ඇඹරුනා
මෝල් වෙලා පෝල් මම ගහන ගහන එක ගෝල්
හිතුවත් අපකීර්ති ගහගනින් සභාපතිකම
කරලා රෝල්
මගේ රේඩාර් වැඩ උඹ තාම නෑ මාපකේ
උඹ වගේ සීයක් කපලා පොල් පිත්තෙන්
කාඹරේ
නවත්වන්න හිතුවොත් රැප බෙහෙත්
දෙන්නම් උණට
අවුරුදු ගානක් චාටර් කාලායි මේක
ගොඩ ගත්තේ උඩට
වැටුනු වැටුනු වලෙන් ගොඩ ආවේ
තිබ්බ ගැම්මට
නාහේ ළඟට වතුර පිරිලා කමක් නෑ දැන් මට

අත් උස්සපන් උඹ ලෙඩෙක් නම්
දොස්තර ආවා බෙහෙත් දෙන්න ලෙඩක් නම්
රැප් ලියලා හොඳකරන වෙදෙක් මන්
වාට්ටුව සිංහල බෙහෙත් HipHop බන්

අත් උස්සපන් උඹ ලෙඩෙක් නම්
දොස්තර ආවා බෙහෙත් දෙන්න ලෙඩක් නම්
රැප් ලියලා හොඳකරන වෙදෙක් මන්
වාට්ටුව සිංහල බෙහෙත් HipHop බන්

නඩුවක් | Naduwak by POP PUNK ft. Manasick, BigDoggy & Tilan GT

පොප් පන්ක් මල් කලාවට විරෝධයි
හා හා අපි හරි විනෝදයි
බලපන් උඹලා දැන් විනාසයි
අහපන් කිව්වේ යකෝ සිරාමයි

මුතු ඇටේ කඳුළු ගරන කට්ටියක්
දවසට කඩතැකි සින්දු මල් වට්ටියක්
ගනින් බොලව් හයි හත්තියක්
බොලා අඩියට ඇල්ලුව මේ රට මැටි හට්ටියක්

අපට ලැබුන්නැතත් නොමිලේ නිදහස
උබටත් ඇති මිලක් අමිල නිදහස
බලපල්ලා කඩේ ගිය උන් බඩු මල්ල උස්සල
මග රැකන් පෙන්නයි මැතින් දියුණුව සරම උස්සලා

පූදින්නෙත් හුඹහක දන්නවා බොගෙ සකස්කඩ
රාජ පස්සක් වන්දනාවේ මේවා රටේ හරස්කඩ
වැන්දට පවු නෑ මල් තියල අදත් පවනට
ඒ පවන් ගහන් බුදියන්නේ මණ්ඩුක භවනක

කඳුළු ලීටරේට පොරකන්න තදබදයක්
මල් සින්දු පරාගනය නවත්තන්න අරගලයක්
යුද්ද කලේ නෑ බොර්නා කොස් කොටන කඩුවක්
බොලට කිව්වේ මේ ලගදී ගිනිබත් කල නඩුවක්

මානසික් මල් කලාවට විරෝධයි
තනි කලු මල් කලාවට විරෝධයි
ඩ්‍රිල් ටීම් මල් කලාවට විරෝධයි
වෙස්ට්නා මල් කලාවට විරෝධයි

පොප් පන්ක් මල් කලාවට විරෝධයි
හා හා අපි හරි විනෝදයි
බලපන් උඹලා දැන් විනාසයි
අහපන් කිව්වේ යකෝ සිරාමයි

විරෝධයි පොප් පන්ක් විරෝධයි
පොප් පන්ක් විරෝධයි
පොප් පන්ක් විරෝධයි

විරෝධයි පොප් පන්ක් විරෝධයි
පොප් පන්ක් විරෝධයි
පොප් පන්ක් වි

නැවක් ගිනි අරන් ඩොලර් පාවෙයි වෙරළට
නිදියලා නැගිටිද්දී පෝෂණ මල්ල ඉහලට
කබ්බෝ ෆෝම් කිරිම අපි තමයි පිකාසෝ
දැන් සැපද උඹේ ගම වගේද චිකාගෝ

බලපන් රට දවසීන් දවස අගාදෙට
උඹලා කට පාඩම් කලේ වමාරන්න විබාගෙට
තාත්තා ගෙදර අවේ බඩු මල්ල අරන් සලාකෙට
හොටු පෙරලා අඩන උන් හිට් අසහනේට

ඩිස් කරන්න දුකයි හිස් මොළ වලට
ඔය ඇඩියාව සෙට් නෑ බ්‍රෝ කන් වලට
කරන්න බැරි නම් ඕක දීපන් ලමයෙකුට
බෙල්ල උඩින් ඔලුව තිබ්බේ පාලුවට

හංසමාලි වගේද නන්දා මාලිනී
නලුවෝ අතර තාම ප්‍රියතමයා ගාමිණී
කොච්චර කිව්වත් නම් මොලේ දෙන්න බෑ හරක්ට
On my way to කන්දකාඩු කතා කරපන් සරත්ට

බිග් ඩොගී මල් කලාවට විරෝධයි
වාට්ටුව මල් කලාවට විරෝධයි
අහපන් කිව්වේ අපි සිරාමයි
බලපන් මගේ රට විනාශයි

පොප් පන්ක් මල් කලාවට විරෝධයි
හා හා අපි හරි විනෝදයි
බලපන් උඹලා දැන් විනාසයි
අහපන් කිව්වේ යකෝ සිරාමයි

හේයි හේයි හේයි

මේක නම් හරි විනෝදයි තවත් චිල් තමයි
මේක සුපිරි ආතල් රටක්ලු මචන්
සැප කැඩුවොත් විරෝධයි කට ඇවිස්සෙයි
සැපට ඇප නැති වෙන දාක මචන්

මේක නම් හරි විනෝදයි තවත් චිල් තමයි
මේක සුපිරි ආතල් රටක්ලු මචන්
සැප කැඩුවොත් විරෝධයි කට ඇවිස්සෙයි
සැපට ඇප නැති වෙන දාක මචන්

ජී ටී පොප් පන්ක් බිග් ඩොගී මානසික්
සෙට් එකම මල් කලාවට විරෝධයි

වස් කවී (Cypher 02) | Was Kavi (Cypher 02) by Big Doggy ft. Uzi

මගේ ගේම ගැන බලනවා යකැදුරා
පේන කන පිරෙන්න අස්වැන්න බලපං මගේ
පේන යක්සයත් බැද තාමත් වැඩ මම පෙර සේ
මන්තරේ මතුරලා පැන්නුවා ප්‍රේත දෝස
මයික් එකේ ලේ පැල්ලම්
බෝඩරේ මල්ලිලා පණපිටින් වලලන්නම්
උඹ කලිසම තෙමා මම පෙන්නද්දී සෙල්ලම්
බලපං මුලු ගේමම අල්ලේ නටවන්නම්

ලව්මී ඕ හේට් මී
ඕක කෙස්ගහක වෙනසක්
මම ස්ටේජ් එකේ
ග්‍රවුන්ඩ් එකක් පිරෙන්න සෙනගක්
කිහිලි කරුවෙන් උන්නා
එකෙක් බැලුවේ නැහැ මොහොතක්
මුල ඉදලම දැනං හිටියා
කාගේ කාගෙත් හැටි කොහොමත්
මම තෙමුනා වැස්සේ බය නෑ හිරිකඩට
සැප දෙන්නම් කන් පැලෙන්න එක පිලිවෙලට
වස් වැදිලා උඹ විසිවෙලා සී සී කඩට
මල් වඩමක් එව්වා මගේ නම ගහලා
උඹේ මලගමට

මාව වෙලන් ඉන්නේ අන්දකාරේ
ඒකයි ආතල් ගත්තේ කල්පනාවේ
යන්න ආසම නොදන්න පාරේ
අහන ගමන් වස්කවි
අපි යමන් කොල්ලෝ වන්දනාවේ
ඩිලයි ඩෝගි නැත්නම් වත්ත පාලු
උබලා කුඩ්ඩෝ මේක කන්දකාඩු
අඩලා නෙවෙයි ඇස් රතු වුනේ
වත තිබ්බ තැනටමයි
හැම එකාම වට උනේ

පොඩිකාලේ ඉදන් මේ තැනට එන්න හීන මැව්වෙ
නිදාගන්න දුන්නෙම නෑ
හිට්ලර් මගේ නින්ද කැඩුවේ
පදිරි වෙන්නෑ එකෙක්ටවත්
අම්මා විතරයි මාව හැදුවේ
පිටින් ආපු එකෙක් නෙවෙයි
ගෙදර බල්ලා මාව හැපුවේ
ගේම වාද්දුවෙන් බලාගන්න
පිත්ත අරන් බැස්සේ
මුලු ග්‍රවුන්ඩ් එකම බදාගන්න
තරහා ගන්න එපා උඹට
සැර කරන්නේ හදාගන්න
පාඩුවේ ඉන්න බැරිනම්
මම ලෑස්තිඩෝ මරාගන්න

සිහින මතක පාට කෙරුවා
රූල් පොතක ජීවිතේ මගදි තැවෙන බව
නොදැනිම ගෙව්වේ නපුරු ලොවක
අපූරු රටක සමාජේ දැකපු වචන
පෙලගසා මම දෙන පණිවිඩ
සමන කෙරුනු හඩක
මේ නව පෙරලිය නම රැප්
පෙරටම ගෙන ගිය
දුරු කරනවා රෝබිය
බොහේ පැතිරිලා හිතේ මර බිය
දැම්මා අපේ සාදේ
ජීවිතෙම කැරකෙන රෝදේ
විදි නොවිදි වරම ජීවිතේ
ගැන හිතලම හිත රෝගිය

වගේලු චරිත රූකඩ
දැක්කම දැං නං මටම හිනා
දූශන වටේ පැතිරිලා යනකොට
දැන් නීතිය කනා
සමාජේ විශම නිසාම
ගැටලු විවිදයි අපිට ගෙනා
මේ හැමදේම දැනගෙන
ගෙවනවා දිවි සියලු දෙනා
අලුයම නිසල මනස තුල පැසවන
සිතලු විවිද වේ
විකාල කලට වැටුනේ ඇදිරි
නොදැනම විය ලොවට විපත
වස්කවි කාලේ හොදට
උඩ බොත්තම දාපන් තදට
වෙස් කීපි අපි ආවේ රැපට
චිරා එක්ක මම ගේමට

බැස්සේ පාරේ කොනේ ඉදන්
හන්දියම දන්න
වැස්ස බලා වැපිරුවේ සරුසාරයි කන්න
බලන්න කවුද වටේ ඉන්නෙ හොර කරන්න
මම මරපු මිනියට සාක්කි දුන්නෙ මන්න
කන්ද පහු කරගෙනයි බහින්නේ මම පල්ලම්
නාහෙට අහන්නැත්නම් ඌරා දෙන්නේ කනෙන් අල්ලං
මන් පොරව වල කැපූ හැමෝම දිරුලි
මේවා සහනාදාර දෙකක් ගත්තොත් එකක් ෆ්‍රී

ආපු ගොඩක් උන් ආවේ බනට නෙවෙයි
යන්න කාලා
පිලිගනින් කොල්ලන්ව රනින් මල් මාලා දාලා
දිලිසෙයි උඹේ රූ සපුව කලුවන්
මාරයි කොච්චර ආවද කිව්වත්
උන්ටත් දැණ් ෆ්‍රී ස්ටයි පුලුවන්
යන්නේ කානුවෙන් මේ රාමුවෙන්
පිටත් වෙයල්ලා දැන්වන්
ඉන්නේ පාඩුවේ නෑ යාලුවේ
හොයන්න නෑනේ තැම්බක්
නැන්දා කැන්දන් ආවේ වත්තේ වැටෙන් පැන්න මාමා
මටනේ පුදුම සමාජේ ඉන්න හැමෝටම
කවුද ඉගැන්නුවේ ඩ්‍රාමා

මම නිවන බලන් පිනද ගැන හිතේ
තවම ප්‍රාථමික නැකත බලන්න ලිතේ
ඇරියොත් කට නිතරම ගියා කැති පිටේ
එන්න එපා කරන්න දැනුම තියන්න හැදිමිටේ
මා වෙන ගැවසෙන්න
පාවෙන්න සැනසෙන්න
අන්දකාර මිතුරෝ රහසින් නිති සැනසෙන්න
මෙතනින් ගැලවෙන්න
මලකින් නැලවෙන්න
එතෙරවෙන්න සැනකින්
හිත යට විස කවද පැලවෙන්න

ගලවන්නේ කෙසේ අමතක හැමදේ
මම ඉන්නේ හරි මතේ
ගැහුවේ නෑ දාවන පතේ
නැ තාම මං වගේ
නවතින්නෑ මම මග දිගේ
පාරදිගේ ඇවිද්දේ මං මාරන්තිකකාර සිතේ

තැවරෙන්න තැවරෙන්න පව කලා ලග
හැරවෙන්න වංගුත් නෑ තැවරෙන්නෙ නුඹ යන මග
කියන්නෑ වග තියන්නේ නෑ බෑ ලග
හිතන්නෑ තව නවත්තපං අයේ එපා
ඔය බොරු ලයිෆ් තග

කලකට පෙර සිද්දි
හදවත පුච්චයි
දැන් කලකට පෙර ලංවුන
චරිත මට පුප්පයි
මලකඩ සිතුවිලි තවම තුච්චයි
හදවත් බිදුනු ලෝකෙ
පොඩි එකාද කුප්පයි
ලංකරගන්නෑ මං නං යාලු නරි
කියන්නෑ මං සොරි
මං හරි
මං කලේ යාලු දේවල් මට බැරි
මං ලග නෑ යාලු වොරි
රැප වෙලා යාලු බකාඩි
යාලු මට දැන් වෙරි

සින්න වෙලා මගේ ජීවිතේම
මේ බොරුවෙන් දුවන යන්තරේට
දැනගෙන ඉන්නෙ විදිය මම නම්
බේරිලා ඉන්න මන්තරේට
පදිරි වෙලා නෑ කෙල්ලන්ගේ
බොරු කතන්දරේට
උඹලා වදින පොරට නෙවෙයි
විහිලු කරන අන්දරේට

ඇයි වලකන්න හදන්නේ
දැන් ඇත්තම
ලොක්කෝ මවාපාමින්
වැජබෙයි ඇත්තම
දෙන්නම් වස්කවි මං පාලුවෙන්න පැත්තම
විමා කිව්ව වගේ යලූ දාපං උඩ බොත්තම

හිතාගන්න බෑ රැප් උන ආසාදිතයි
හීනයක් නෙවෙයි තාත්විකයි
දොස්තර ඩොගි දුන්න බෙහෙතට
ආශාවෙන් භාශාවෙන් ප්‍රාසන්ගිකයි
දැන්නම් ගොඩදෙනෙක් ට මං
භාශාවෙන් ආසාද්මිකයි
වස්කවි හඩ ඇහෙද්දී හදවත් වල සිතුවිලි
ආද්‍යාත්මිකයි
හදවත නතර උනේ වෙනස්ම තලයක සීමා
විදගෙන ඇති මං ඇගිලි ගනිද්දී මං
ඇහුනද භීරි අලින්ට ඒ වීනා
කලබල වීලා කෙරුවත්
හැමදේ කෙලවර වෙයි පලදීලා
අපේ හඩපට එකපිට
අහසින් වසී පහසෙන් බහී
මෙත් වෙයි දැන්
හිපොප් තාලෙන් මත්වෙයි දැන්
කාලෙන් කාලෙට තාලෙන් තාලෙට
හැමතැනටම ඉහිනවා මේ පැන්
බාදක බිදගෙන අපි දැන් ආවා
ඉස්තුති ගල් වාරයක් ආවා
අහසෙන් ඔබ්බට සක්වල් ගැට්ටට යනකල්
විදී මේ රැප් දහරා
දාරානිපාත වර්ශාවන් පහසුවෙන්ම
ඇදහැලුනත්
භාශාදාරී මේ කලාවේ
ගිනිකදු සක්‍රීය වෙයි හැමදාමත්
සහනාදාරි බෙහෙතක් දැයි
හිපොප් වාට්ටුවට එනවිට කාටත්
එහි නිලදාරීන්
අවුශද දාරින් කරනවා මේ රැප් ගර්ජනාවක්

‍යටිසිතත් එක්ක
උඩුසිත තරගයක්
දරන ගැහුවත් නයා
නලා නාදනේට දමනේ
මද පවනේ හමන දුගදින් මට වමනේ
80 90 වචන පද රචන තවමත් සවනේ
පද විමන නිර්වානේ අපි ගෙවන පවක්
මේ ගතියක් නැති පැවැත්මේ
රජකම් කරත් කනත්තේ
සතියක් ගියොත් කරත්තේ
රැල්ලට ගියොත් හරක් වේ
නැතිනම් මොලේ නරක් වී
මේ රටටත් තොපි බරක් වේ

විහිලු ඇති ආයෙත්
නැවත අරබන්නම් තරගෙ ආයේ
විදගෙන නරබන්න ඉතුරුයි දහ අට වන්නම්
ඔලුව යට කටු දෙකයි
අපි තමයි හොල්මන්
ගින්න රගදෙද්දී නලියයි
බොලාගේ ඇස් පිල්ලම්

බලං ඉද්දී හුලං එක්ක ගලන් යනවා ගගක්
උඹලා බලෙන් දෙන්නේ සල්ලි මත්තේ
කානු රගන රටක්
මේකේ ගොඩක් උන්ට දුරක් යද්දී
මගින් එනවා අගක්
මෙලෝ වගක් දන්නේ නැතිව කියයි
අදුරනවා ලු දුකක්

හීන මවන් හීන පස්සේ දුවන්
අත හරිනු එපා කවදාවත්
දැක දුවන මුවන්
යොමා සවන් කඩතුරා
විසදල නුවන්
හැමදා ඉදපන් සිහියෙන්
දෑස් යොමන්
බොලා ඇයි ඇදලා ගත්තේ
යක්ශයා
මම ගත්තේ නෑ නේ කාගෙවත්ම පක්ශයක්
දෙන්නම් ඇට කොදු නහර බොදගෙන යන්න
කපපු උන්ගේ කන්බෙර
බොලා දැම්ම සිද්දි මට නශ්නයක් ප්‍රශ්නයක්

කඩපං රාමු පවුරු බිමි බිදගෙන
කවුරු කවුරුත් කට්ටක් කෑවේ
බඩගින්නෙ දැවි දැවි
මේක සයුරක් රලක් එක්ක පොර බදින
දවසක ආපු පාර කාපු කට්ට සිහිවේවි

අපි නැති තැන ප්‍රදාන කතාවත් අපි
වෙනස්ම කෝනෙකින් බලපං
සමාජේ වෙනස්ව දකී
ඇති දැන්නම් විකාර හොදට ඇති
මං ගන්නෑ පැති
වාසියට හොදට ඇදෙන උන්ගේ
මම දන්නවා හැටි
කවුරු උනත් යන්නෑ වැද වැටී

මං මැරුණු දවසට (OG Remix) | Man Marunu Dawasata by Drill Team ft. Big Doggy, Fill T

පිළිගන්නවා රියන් හය
හතරට
ගත පාස්
සතරට
අවසන් කටයුතු හතරට
සත් දවසට ගුණ වර්ණනාව
කරයි බොල භෝනා මල දවසට

කියයි කට්ටියක් බැහැ නෑ ලේසී
දෙනවනම් ඕන බරක්
නිදි කිරයි කේ ජී
කොල්ලෝ වට වෙලා බරටම ඕමී
ගහයි සීරු වන් හූ තිය
කිය කවි පේලි

ඉන්නකම් කෑවෙ ලෙව
කාගෙන බත්
හට්ටි හත් දවසෙ දානෙට
පලතුරු වට්ටි පුරවන් මුට්ටි
කෑම කයි මෙහේ කට්ටි
විසිකරයි වැඩි මුදවපු කිරි හට්ටි

යන්නේ කර උඩින් හයකගේ හතකගේ
ඉන්නකම් පෑගුවේ හැතිකරේ නැතිකරේ
හොයාගනින් පාලුව උඹ වෙන මඟුලක්
මේක මගේ මළ ගම
එපා බල්ලෙකුවත්

දුව ආවෙමි සැතපුම්
පරදා මරු කතර
සසර හතර රියනට
කොටුවුනු දවස
යන්නට අවසර මෙමට
සමුදී සැමට
දැම්මද අම්මා පෙව් කිරි වල නමට

ජීවිතේ ජය ගත්තේ තාත්තෙ
උඹ දීපු වීරියෙන්
යන්නම ඕනෙ නිසා ගියේ මම
එන්නම හිතන් වීරියෙන්
බිරිද අහස්කුසු දිහා බලන් ඉන්නෙ හරි හිස්කමින්
වියෝ දරාගන්න බැරිව මිතුරන් මගේ විශ්මයෙන්

හමනා සුළගේ මම පාවී යාවී
සුර දූතයෝ මගේ තනියට ඒවී
මම ලිවූ බාර්ස් දෙවියොත් මුමුණාවී
ලගදීම ඇන්ටර් ආයෙත් හමුවේවී

විස්කි බෝතලේ පෙට්ටියේ දාලා
මාව වලලන්න
අරන් යන්න ගියේ හැකි වේවි පෙරොස්ව හමුවෙන්න
මම හැදුවා තව සීයක් සිංහල රැප ගොඩ ගන්න
ස්තුති කියලා කොටපන් සොහොන් කොතේ
මුමුණන්න

මං මැරුණු දවසට
එයි ගම් හතකට සෙනඟ
අඬයි දවස් හතකට
බතකට විතරක් එක අතකට
වෙනසක් සොයන් එයි
කට්ටිය හවසට
මිනිය තියන් ගෑනු අරී බේගල්
කාඩ් කුට්ටම පිරිමි
සොයයි බෝතල්
සාද පාරාදීස හෝටල්
මගේ මළ ගෙදරම
කරයි මලකෝලම්

මං මැරුණු දවසට
එයි ගම් හතකට සෙනඟ
අඬයි දවස් හතකට
බතකට විතරක් එක අතකට
වෙනසක් සොයන් එයි
කට්ටිය හවසට
මිනිය තියන් ගෑනු අරී බේගල්
කාඩ් කුට්ටම පිරිමි
සොයයි බෝතල්
සාද පාරාදීස හෝටල්
මගේ මළ ගෙදරම
කරයි මලකෝලම්

මම මළ දවසක ගිනියම් හවසක
අවසන් කටයුතු මොරටුව අසලක
තුන්මාසේ දානේ වෙනකොට
මම පස්සේ
මම දුන්නා පොලිති මතක අදහස් වේ
හීතලයි පෙට්ටිය තනිය තට්ට
ගමේ ගෑනූන්ගේ ගුණ
වැනුම් නම් පට්ට

වචන දරුණු වෙන
ප්‍රවේසම් කාලේ මේ
මළ ගෙදරත් එක දේශපාලනේ
මැලවුණු මල්වඩම්
බැනර් වල මල් වදන්
කලුවරේ මඩු පිටිපස්සේ
කොල්ලෝ ගල්පතක්
මට බැන කටින්ම
මගෙ පව් හෝදන
පන්සලෙන් එපා මට
පිං අනුමෝදන

කව්ද උස්සන් යන්නේ මාව
ගහපන් මළ බෙර
සමුගැනි සාදේ බලු සුසානෙට පෙර
එකා එකා එද්දි දැන්
මිනිය කරන්න මුර
කර මතින් නෙමෙයි ආවේ
ජීවිතේ මේ දුර

මං මැරුණු දවසට
එයි ගම් හතකට සෙනඟ
අඬයි දවස් හතකට
බතකට විතරක් එක අතකට
වෙනසක් සොයන් එයි
කට්ටිය හවසට
මිනිය තියන් ගෑනු අරී බේගල්
කාඩ් කුට්ටම පිරිමි
සොයයි බෝතල්
සාද පාරාදීස හෝටල්
මගේ මළ ගෙදරම
කරයි මලකෝලම්

අනිච්චාව සංකාරා ලේ මාපිල බොඩිය
ආදානය පොදු සුසාන භූමිය ගොරකාන
බහු භාර්‍යා ලේඩි ලෙෆෝර්ඩ්
බිස්කට් කුඩු ලොරිය
හර්ස් එකේ පිටි පස්සේ
VIP රථය

ගුණගායනා ගුණවර්ධනා හඩ ඇසුනා
මල ගෙදර
කිරි ගවයෝ නිදහස් කලා
හතේ දානේ හිරගෙදර
දමලා යන කුණු කය
මොකටද සුර සැප විදින්නේ
දිනලා මොක්පුර යන්නට
අපි බොදු බලනසන්නේ
අම්මා මල බතර දෙන්න වත්තේ වවපු කොච්චි
කඩුපුල් මල් තුනක් පිපුනා
වත්තේ මල් පොච්චී
තිස්තුන්කෝටියක් දෙවියෝ දිව්‍යයලෝකේ පදිංචි
මැකවල ඊසි වෙල්කම් නොටෝරියස් බිග් ගී
කැනඩා සිට පැමණී මාමන්ඩිය කෙනඩි
දේශිය පාලකයෝ ඇවිත් පාක් කලා වන්ඩි
ශුවර්ම බඩු මගේ මලගේ ට්‍රෙන්ඩින් වන් අනදර්
පණ ගියාට වැඩ කරනවා තාම කෙලින් කද

මල්මද බිසෝ | Mal Mada Biso by Master D ft. Big Doggy [2020]

ආ …. මෙලෙසේ ..
මගේ මල්මද බිසෝ කලන්තය හැදී
මෙලෙසේ..
මගේ මල්මද බිසෝ කලන්තය හැදී
මෙලෙසේ… ආ… මෙලෙසේ.. ආ..
මෙලෙසේ..
මගේ මල්මද බිසෝ කලන්තය හැදී
මෙලෙසේ..
මගේ මල්මද බිසෝ කලන්තය හැදී
මෙලෙසේ..
මගේ මල්මද බිසෝ කලන්තය හැදී
මෙලෙසේ..
මගේ මල්මද බිසෝ කලන්තය හැදී

මගේ හිත පතුල දන හදුන හි
සැර වැදුනු වැටුනු මන රිදවී
දන්න තැනක කොහෙන් බැඳුන කැදලි
ගිනි වැසුනු සැර පරුස පදවි
මගේ සතුට නන් අතට දෙන් සරා
ඉන හැඩවූ තැන් වලට වෙන්කලා
නව ගතකින් මන් සොයන කන්නරා
මිස පැදපු දෙන් සලඹ හන්ගලා
ඇත්තෙන්ම මං දන්නෑ දැන්
බැඳීම බොලේ සිත
නුඹේ හිත මගේ සිතේ සතුටේවිද
ගතින් එපා හිතින් මාව පිබිදේවිද
නුරවර අතින් මා සැනකෙලි දේවිද

විසිරුණු පුරුදු මටම හුරු පුරුදු
දුරුතු දුඹුරු දෙපියන් ගලන තුරු කඳුලු
ගිනි පපුලු තද කරන් කනට කියූ
මන පිරවූ මදිව බියෙන් තව දියදුණු
තුරු සුඹුන නල රුදුල සෙපමිය
අග්ගිස්සේන් පිරි මදිමි හිරිගඬු බිලිවුනි
නුඹ සිඹිමින් ලැම ලයට ගැටෙමින්
හති අරිමි ඇලෙමි සිරස තවරලා උනි

විසගෝර දල මැද මං අරමුණක
මට තාම මග නොපෙනෙයි
හිත කාට ගොතමි නිම මට සිලිටු
මහ පාරේ නුඹ පෙනුනෙයි ..

විසගෝර දල මැද මං අරමුණක
මට තාම මග නොපෙනෙයි
හිත කාට ගොතමි නිම මට සිලිටු
මහ පාරේ නුඹ පෙනුනෙයි ..

ලස්සනයිලු පාට නුරා මුසුවෙද්දි සුරාවට
බර දෙන්න හිත නෑ
උස් පහත් වෙද්දි තුලාවට
මීරි හඬින් කෙඳිරි මැණික උඹ ලතාවට
මටත් මැවෙන්නෙ විකාර රූපී
උණ විකාරෙට
දියමන්ති දිලිසෙද්දි ඔය පෙකනියේ
වල්මත් වුනා මම සත්තයි
මගේ සොබනිය
බලපන් දොර පුලුවට සොයිබෙට
රිද්මෙට පද්දමු බූරු ඇඳ අපි රුවිතෙට
සුළඟට ලෙලදෙද්දී ඔය කෙහෙරැලි
සරාගී දෑස නම් දාලවන්තිය වුනි
හිරිගඬු පිපි දනිස් දෙක පැටලිලී
නුඹේ රතිය දැකලා මට දෙවියන් සිහිවුනි
වැතිරියන් බන් උනාදමා සලුපිලි
මම කොහෙන් දෙන්නද විල්ලුද ඇතිරිලි
මවනවා සැණකෙලි වෙනකම් එලි
කොඳුරා කියපන් මොනවද ඕන සැලකිලි

ආ …. මෙලෙසේ ..
මගේ මල්මද බිසෝ කලන්තය හැදී
මෙලෙසේ..
මගේ මල්මද බිසෝ කලන්තය හැදී
මෙලෙසේ… ආ… මෙලෙසේ.. ආ..
මෙලෙසේ..
මගේ මල්මද බිසෝ කලන්තය හැදී
මෙලෙසේ..
මගේ මල්මද බිසෝ කලන්තය හැදී
මෙලෙසේ..
මගේ මල්මද බිසෝ කලන්තය හැදී
මෙලෙසේ..
මගේ මල්මද බිසෝ කලන්තය හැදී

මුතු මුතු | Muthu Muthu by Big Doggy ft. Master D [2020]

මුතු මුතු පැති මත සියුමැලි
මට බර මදි දරාගන්න
සියොළඟ රිසි ලෙස නෙතු යදි
මගේ හිත අදට හදාගන්න
ඉඳ හිට තනියෙන් හඬා යන්න
මගේ මේ මනස හදා ගන්න
ඉඳ හිට තනියෙන් අඬා යන්න
මගේ මේ මනස හදා ගන්න
අලුයම

නොනිදන නගරේ නිදි මරපු ඇස් දෙක
කරගැට පිරුණු දූවිලි තැවරූ අත් දෙක
කලු වෙච්ච තොල් රලු වෙච්ච උර තල
උණු වෙච්ච හිත දවසම ඇඬුවා සතුටට
මගේ මැරුනු ගතට උඹ දුන්න ප්‍රාණය
තුරුලු කරන් ඉද්දි දැනුනු ඒ සහනය
පහදලා දෙන්න වචන මදි හෝඩියෙත්
උඹ හින්දා මම අද සක්විති රජෙක්

වෙන නෑ තුටු පඬුරු පීන සත් සයුරු
හැඟුනා ජීවත් වන අයුරු පිහිදා කඳුලු
පසු කලා රැයවල් අඳුරු කම්කටොලුවන්
දැම්මා සතුටු පරය වැට කඩුලු
පොෂ් මලක් ඕනෙම නෑ අහසේ ගෑවෙන
ක්ෂිතිජය නුඹයි අහසට මුහුද හාවෙන
තනි තරුවකි රැයේ පණ කියා දෙන
පිච්චෙන මධ්‍යාහ්නේ වළාකුලක් පාවෙන

අලුයම ඉර දැක්ක ඔය ඇස් දෙකෙන්
අමතක උනා දුක වඩද්දී මේ අත් දෙකෙන්
මම මගේ හිත හීනත් එක්ක තරඟයක්
ළඟ නැති උඹ රැයක් උඹ ආලෝක වර්ෂයක්
උඹේ ගැහෙන හද මගේ හද රිද්මෙටලු
උඹේ නහරවල දුවන ලේ මගේ උණුහුමලු
උඹ මගේ දුව වුනේ දෙවියන්ගේ නියමෙටලු
මේ දැනෙන්නේ ආදරයද නෑ ඔබ ජීවයලු

මුතු මුතු පැති මත සියුමැලි
මට බර මදි දරාගන්න
සියොළඟ රිසි ලෙස නෙතු යදි
මගේ හිත අදට හදාගන්න
ඉඳ හිට තනියෙන් හඬා යන්න
මගේ මේ මනස හදා ගන්න
ඉඳ හිට තනියෙන් අඬා යන්න
මගේ මේ මනස හදා ගන්න
අලුයම

වස් කවී (Cypher) | Was Kavi (Cypher) by Big Doggy ft. 007, Master D, Freaky Mobbig, Samith Gomes & Zany [2020]

මම වේ හදවත වෙන්නේ මම දවසක
කතරක දුර කවදාවත් වෙන්නෑ අමතක
අව යානේ ලියවෙන්නේ කතරක
මවනේ කෙලවර වුනත් මේක දවසක
Shut Up Your Mouth Please දැන් Homie
අපි ආවේ බර අවියාවෙන් දැන් Homie
ස්තූතියි Big Brother BigDoggy
කලු එක එකතුව මේක තමයි Homie

පොලවෙම පය ගහලා ඉන්නම කැමති
මැරෙන්න වෙන්න බය කරලම රැවටී
හදන්නේ කඩදාසි ඔරු එතෙර වෙන්න
මම හැමදාම හවසට ගඟ ළඟදී
හීන මාව සස මං ඒවා නිසා පස්සකම්
අරන් ඇස් වහන් ඉන්න ඕනී මට තව
හරිම වේලාවට ඇසේවී කටහඬ ඇසේවී
දුර දකීවී නොවේවී කලබල අපි

සුරපුර අකුණ වැදි සැරට කකුල
ඇඳ බඹර යකුන මතක් උනාද පතුල
ඉන්දා පින්බර කටුව ඇනලා තියන් බොටුව
මෙන්න සිංහල යකුන මතක තියන් අකුර
මට ශෝක මෙහෙම රට කරා
නෙදකින් බොම්බිලි කට්ටක් කාපු නැති
කරවලා තව එකෙක් එක්තැන් කරගන්න
තඩි මාපිලෙක්ව ඇතිකලා රටකින් පන්නලා දාපු
මාගරට් ව මැටිකලා මෙන්න මගේ සබා
තනි තනි ගනි අවි මරා වැනිසිලිය
කුණු මතින් නැති බෝතල් කරා ගඟක දිය
ඇණ මුරිච්චි රැගෙන ගියා දුවකු ප්‍රිය
අලු කෙලෙසා දැනුනා මට තෙරක බිය

අතත් කම්බුල ඇති
දැන කන්නද මැතිඳා
අතත් හෙව්වට වැදිලා
මතක් වියදම් පැතිලා
කතක් හෙව්වට නටලා
ගොඩක් තැන්වල ගැටිලා
මගේ රැප්වල පැටලී
වැටිලා දතක් කැඩිලා

සුන්දරයි මේ නගරේ
වළාකුල් නෑ දූවිලි අතරේ
ගින්දරයි හිත පපුවේ
සරා දන්නෑ අපි ගැන මිතුරේ
රම් පනම් පට මැඳුරේ
කන් පලන් එන මගේ රැප මිතුරේ
මේන් බලන් සකි වදුලේ
වන සතුන් නටවන්නම රට මේ

පව කරයි පිණට වඩා පවට
කෘතක්ජනයා නැඹුරුයි
මගේ වචන මගේ මිණි වලටත් වඩා ගැඹුරුයි
කාලකන්නි ලෝකේ නෑනේ හිතේ ශෝකේ
කපලා බලපන් දිරන කය බන්
ඇතුලේ ඇති දෙයක් නෑ ඕකේ
බෙහෙත් නැහැ මිනිස් විසට අරගන්න එපා
හිතට තමන්ට හෙවනැල්ල වෙන්නේ තමන්ගෙම හිසට

ස්පර්සෙට මුල අනිත් දේවල් එන්නේ දිගට
ඇගිලි හතරක් උඩට මැද ඇඟිලි දෙක එකට
සාසනේ වැනසුම සාසනේ සුල මුල බුදු වදන
දෙසූ සේක මුලදිම

භක්ති පැතක මිසයට මුල
පලතුරු වට්ටි අනුව දෙවියෝ තෝරයි රුකුල
එක බොරුවක් තවත් බොරු 100 කි වහයි
උඹලා ලෝකේ ගැන දන්නේ තව 5% යි
ඉල්ලුම නාද කොලේට මම නම් නෑ උනේ වහල්ඩෝ
මේ Freaky Mobbig කැපිලා තව්තුසාවේ සහල්

කැපකලා රට අවුරුදු 20ක් මගේ ප්‍රානේ
කොපි කරලා ජන උරා බිව්වා සාරේ
අතාරියේ නෑ ගිනි දකිනකන් අවසානේ
තාමත් වඩා හොඳයි මට රාවනාගේ වාහනේ
කාලීන රැප් සංගායීනාව මේක මහ මෙව්නාව
නාම පුවරුව පත්වෙලා මුල් පිටුවට
මාව තාම නීරෝ වගේ මාන බලන් ඉන්නේ තාම
හැමදාම ගසන්නෙපා කොකා වැහිලා
ඉන්නේ දැන් කාලිංග මාග

කාලකන්නි කඩපු දස පතනම වැහුනම
යකා හිතේ මොනවත් නෑ අවනත
මයික් එක ඉදිරියේ මං බිගීට සම සම
හිතවත් කීර්ති නාමත් නැත දැන්වත් කුහකකම
පුරාවෘත්ත වෙන්න කලින් මමත් තවත් කෘතියක්
සංස්කෘතිය වෙනස් කලා දැනගෙන සෘතියක්
විහික් කරපන් මගේ නම සිංහල රැප ලෙල දෙති
අමරණීයයි අන්තිම හුස්ම වත් කලයට මුසුවෙයි

අහපන් මගේ සංකර කවි
හද පතුලෙන් එන භක්තිය වැඩී
හෙල පතුරම් මගේ රස්නය වැඩී
ඇස ගැටුනෙත් මට රස වැටුනෙත්
‍රැප ගෙන ආවත්..
අහපන් මගේ සංකර කවි
හද පතුලෙන් එන භක්තිය වැඩී
හෙල පතුරම් මගේ රස්නය වැඩී
ඇස ගැටුනෙත් මට රස වැටුනෙත්
‍රැප ගෙන ආවත්..

උඩ බලන් ඉද්දී ගෙවිලා යන දවස් අතේ
ඇඟිලි මදි ඒත් ගනිනවා තවත්
අතරමන් වෙලා දූපතේ වතුරේ ගිලුනම
අත වැනුවත් නවතින් නෑ
ළඟින් යන නැවත්
ඇද වැටිලා පය ලිස්සා ගෙඅට වෙලා
ඉවරයි ගෙවිලා විස්සයි විස්සත්
ලිස්සපු පය තබා උන් නටපු
අත ඇස් පනම් පිට යවා
ආයෙත් දියවන්නාවට පිස්සන්

දැන් සැප කෝටියයි රටයි
අපි වගේ වෙන්න තිබූ රෝහලයි
රෝගියයි ශෝකයයි භීතියයි
මැදින් කනට කරලා හොරෙන් අහපන්
තිගෙන් හෙමින් මෙච්චර
උඹලා නෝටි ඇයි
තද කරපන් අමතක පුරුදු මේවා
කුලුදුල් මේවා ආයෙත් වේවි දවසක
වෙයන් අපගේ හීනේ හොයන්
නැගපන් ඉනිමග
අත් ඇදලා ඇරපන් හිරියන නිදිමත

සුන්දරයි මේ නගරේ
වළාකුල් නෑ දූවිලි අතරේ
ගින්දරයි හිත පපුවේ
සරා දන්නෑ අපි ගැන මිතුරේ
රම් පනම් පට මැඳුරේ
කන් පලන් එන මගේ රැප මිතුරේ
මේන් බලන් සකි වදුලේ
වන සතුන් නටවන්නම රට මේ

ජීවිතේ විකාර චාරිකාවකී
තමාට මාලිමාවකි
තමාව වාසනාවකි
විනාස චේතනාවකි
නිමාව වේදනාවකි
අවංක වෙන්න බයද
බොරුව ලග තියං අතරමං වෙති

හැමෝම දකින සතුරා තාවකාලිකයි
අකාලෙ අපරාදේ
වැනසෙන්න ගෙවන්න කරුම මේ සමාජේ
මිනිසාගේ අවසානේ
පිලිගන්නේ මම දකිනා දේ
කෙලෙසින්ද මිතුරුකම දැක්කම
තිත්ත වෙනවා ලෝකේ
කන අතටම හැරෙනවා වාගේ
මේ සල්ලි මැව්වේ මාරයා
අපිද මෝඩයා

පිලිගනින් සල්ලි බාදුරා මලක්
අපගේද සුන්දරයිලු යාලුවේ
පැටලිච්ච කාටවත්ම බේරිලා නගින්න බෑලූ
එනවාලු සෙවනැල්ල සේ විකාර කරුමේ
ගෙවන්න වෙන්නෙ තමාට
පෑරෙන මතකේ දෙන විලාප
මට වද දෙන තැවෙන්නෙ මාව
වයන්නේ මාරයා වීනාව
වැයෙන්නෙ මරනයේ තේමාව
සාගරේ වේදනාවෙන් වෙන්න බෑ එගොඩ
කෙලවරක් නෑ වගේ

සුන්දරයි මේ නගරේ
වළාකුල් නෑ දූවිලි අතරේ
ගින්දරයි හිත පපුවේ
සරා දන්නෑ අපි ගැන මිතුරේ
රම් පනම් පට මැඳුරේ
කන් පලන් එන මගේ රැප මිතුරේ
මේන් බලන් සකි වදුලේ
වන සතුන් නටවන්නම රට මේ