ඔබගේ මතකෙන් | Obage Mathaken by Shihan Mihiranga

ඔබගේ මතකෙන්, මට යන්නට බෑ කිසිදා
දෙනෙතේ කඳුලැල් අඩු වෙන්නේ නැති හින්දා
හිඳිනා තැනින් මෙලොවේ ඔබ එන්න යලි මා කෙරේ
ඔබගේ මතකෙන්, මට යන්නට බෑ කිසිදා
දෙනෙතේ කඳුලැල් අඩු වෙන්නේ නැති හින්දා

ලං වෙලා කී කතා පාවෙලා මා දමා
පෑ සිනා පැරිලා යාවෙලා වේදනා
හැමටත් වඩා වැඩියෙන් විශ්වාස කෙරුවේ ඔයා
විශ්වාසේ කඩ කල ඔයාට මන් ආදරෙයි සදා

වෙන් කළා යයි කියා මා රැවටුවත් ඔයා
සැමදා පතන්නේ මා වෙන්නෙපා දුකක් කියා
ඇතිනම් හිතේ අනුකම්පා ඔබ එන්න නැවතත් සොයා
රවටලා වෙන්වී ගියාට මන් ආදරෙයි සදා

ඔබගේ මතකෙන්, මට යන්නට බෑ කිසිදා
දෙනෙතේ කඳුලැල් අඩු වෙන්නේ නැති හින්දා
හිඳිනා තැනින් මෙලොවේ ඔබ එන්න යලි මා කෙරේ
ඔබගේ මතකෙන්, මට යන්නට බෑ කිසිදා
දෙනෙතේ කඳුලැල් අඩු වෙන්නේ නැති හින්දා

සෙනෙහේ අම්මාගේ | Senehe Ammage by Shihan Mihiranga

සතුටින් ඉතිරී සෙනෙහේ මිහිරී
අහසේ හිරු සේ අම්මා නිවසේ
සුව සැදූ හිරු සඳූ අප හැම ළං කෙරූ
සෙනෙහේ අම්මාගේ

රැහැනින් සිඳිලා ඇකයෙන් මිදිලා
මව්ගෙන් බෙදිලා නභිනික්මන් කළත්
නොපෙනෙනා ආදරේ පවුරකින් බැඳිලා
සෙනෙහේ අම්මාගේ

සිතැඟි හඳුනා හරි දේ පෙන්වා
වරදින් මුදවා ඔවදන් දුන්නා
නොපෙනෙනා ආදරේ පවුරකින් බැඳිලා
සෙනෙහේ අම්මාගේ…

සතුටින් ඉතිරී සෙනෙහේ මිහිරී
අහසේ හිරු සේ අම්මා නිවසේ
සුව සැදූ හිරු සඳූ අප හැම ළං කෙරූ
සෙනෙහේ අම්මාගේ

shihan mihiranga songs,shihan mihiranga new song,shihan mihiranga new songs,shihan mihiranga,ai napuru shihan mihiranga song,ai napuru shihan mihiranga,hada dauna shihan mihiranga,sinhala songs,best singhala songs,new sinhala song,new sinhala songs,sinhala new songs,sinhala songs 2023,ai napuru song,hitha hadana welawe,sinhala new songs mp3,new sinhala songs 2023,sinhala new songs 2023,sinhala sindu,sirasa super star songs,new songs

සීතල සුළඟ හමයි | Seethala Sulanga Hamai by Shihan Mihiranga

සීතල සුළඟ හමයි
තරුවක් අහසෙ දිලෙයි
සෙනෙහස දෝරෙ ගලයි
සමිඳුන් මා ළඟමයි

සීතල සුළඟ හමයි
තරුවක් අහසෙ දිලෙයි
සෙනෙහස දෝරෙ ගලයි
සමිඳුන් මා ළඟමයි

දුර අතීතයේ දවසක්
ගවලෙනකදි බිලිඳු හඬත්
අඳුර නසා දිලුනා තරුවක්
සාමයෙ කුමරුන් ආවා
සීතල සුළඟ හමයි

දුක දරලා මේ ලොව වෙනුවෙන්
රුහිරු ගලා ඔබගේ සිරුරෙන්
කදුළු නිවා මුදවා පාපෙන් අප
ජීවය වේය සදා

සාර කතා නවතාලමු අපි දැන්
අරුත සොයා නත්තල් සාමයේ
සොයා ගොසින් දෑසක පිරි කඳුළැල්
පිසලමු සමිඳු ලෙසින්

සීතල සුළඟ හමයි
තරුවක් අහසෙ දිලෙයි
සෙනෙහස දෝරෙ ගලයි
සමිඳුන් මා ළඟමයි

සඳරේණු වෑහෙනා | Sandarenu Wahena by Shihan Mihiranga

සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ලඟින්
හඳ පිරුනු වේදනා පිසදා සිනා සලා
මට දෙන්න ආදරේ ඔබගේ හදින්

සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ලඟින්…

පියවී ලොවේ කිසිදා එක්වන්නෙ නෑ
එනමුත් මගේ හදින් වෙන්වෙන්නෙ නෑ
දෙතැන තනිවී සදා හෙලන සුසුමන් නිවා
ඔබ ඉන්න මාගේ ලගින්

තිබුනත් හදේ පැතුමන් ඉටුවන්නෙදෝ
ඔබ ගැන පැතු සිතින් වැලපෙන්නදෝ
කඳුළු හසරැල් මවා මසිත ලතැවුල් නිවා
ඔබ ඉන්න මාගේ ලඟින්


සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ලඟින්
හඳ පිරුනු වේදනා පිසදා සිනා සලා
මට දෙන්න ආදරේ ඔබගේ හදින්

වස්සානේ | Wassane by Shihan Mihiranga

ඇස් දෙකක් හිනැහිලා මට ලංවුනා
වැහි මල් ගෙනා සිහිලේ පවා හිත පිච්චුනා
හිත් දෙකක් පෙම්කමින් ලෙන්ගතු වෙලා
දොඩමළුවුනා ලඟටම වෙලා මගෙමයි කියා

වහින්නේ, වස්සානේ… ළමැදේ ගුලිවෙලා
ඔබ දඟකළා, උනුහුම හොයා
වරුසාවේ තෙමෙන්නේ.. ලඟම දැවටිලා
හොරකම් කලා හිමිකම ඔයා

වැහි හලා කළු වලා අහසින් ගියා
තවමත් ඔයා ඇහිපිය වසා තුරුලට වෙලා
ඔබ මගේ හිත පුරා සෙනෙහස තියා
දැන් යන්න බෑ ඔබ හැරදමා හද බරවෙලා
වරුසාවේ තෙමෙන්නේ.. ලඟම දැවටිලා
හොරකම් කලා හිමිකම ඔයා

තනියෙන් ඉපදුණු | Thaniyen Ipadunu Nisa by Shihan Mihiranga

තනියෙන් ඉපදුණු නිසා
තනියෙන් මියෙන නිසා
තනියෙන් ඉන්නට ආසයි
ඔබ මට හිමි නැති නිසා

තනියෙන් ඉපදුණු නිසා
තනියෙන් මියෙන නිසා
තනියෙන් ඉන්නට ආසයි
ඔබ මට හිමි නැති නිසා

ඉස්සර වාගේ ලඟින් ඉන්න ආසයි
ඔබ අත අල්ලන් ඇවිද යන්න ආසයි
තිස්සෙම මගේ හිත අඬ අඬ ඔබ ඉල්ලයි
මොනවා වුනත් ඔබ නැතිවෙනවට ලෝභයි…

තනියෙන් ඉපදුණු නිසා
තනියෙන් මියෙන නිසා
තනියෙන් ඉන්නට ආසයි
ඔබ මට හිමි නැති නිසා

තනියෙන් ඉන්නට කියා දුන්නේ ඔබමයි
මට දුක දීලා තනි කෙරුවෙත් ඔබමයි
ආදරේ දුක නම් කවදත් මට උරුමයි
අදරේ හින්ද පැරදුනු මටම දුකයි…

තනියෙන් ඉපදුණු නිසා
තනියෙන් මියෙන නිසා
තනියෙන් ඉන්නට ආසයි
ඔබ මට හිමි නැති නිසා

තනියෙන් ඉපදුණු නිසා
තනියෙන් මියෙන නිසා
තනියෙන් ඉන්නට ආසයි
ඔබ මට හිමි නැති නිසා

තනිකමින් | Thanikamin by Shihan Mihiranga

තනිකමින් තනියම මගේ කාමරේ
සැරිසරයි හිත එහේ මෙහේ පාළුවේ
ඔබව මතකේ තියා විඳිමි සුසුමන් සලා
ඔබව මතකේ තියා විඳිමි එදා ඉඳන්

අපි දෑඟිලි පටලා ඇවිදන් ගිය මාවත් පාළුයි
සිනා හඬට නුඹගේ කිචි බැචි ගෑ විහඟුන් නිහඬයි
ඇස් වලින් වැටෙන කඳුළු බිංදුවට කියන්න
අපි අපේ වෙලා සිටි අතීතයට සිනා නගන්න

තනිකමින් තනියම මගේ කාමරේ
සැරිසරයි හිත එහේ මෙහේ පාළුවේ
හීතලේ නුඹ දුන් හැම හාදුවේ
කිති කැවී හිරි වැටුණා ආදරේ
අතීතය වු මගේ ඔබ තමයි ආදරේ

තනිකමින් තනියම මගේ කාමරේ
සැරිසරයි හිත එහේ මෙහේ පාළුවේ
හීතලේ නුඹ දුන් හැම හාදුවේ
කිති කැවී හිරි වැටුණා ආදරේ
අතීතය වු මගේ ඔබ තමයි ආදරේ

සුදු රෝස මල් | Sudu Rosa Mal by Shihan Mihiranga

සුදු රෝස මල් වැටිලා තිබුණා
ඔය නෙත් කැළුම් මා හද ඇදී තිබුණා
මතකයි අද වාගේ
රැඳවූ මතකයන් ඒ බාලේ
සුදු රෝස මල් වැටිලා තිබුණා

වෙන කාගෙවත් වෙන්නෙ නෑ
මට කීවා ආදරෙන්
මට ඔබ නැතිව සැනසෙන්න බෑ
තුරුලුව උණුහුමට ආදරෙන්
වස්සානෙ සිත සැනසී ඒ වගේ
සමනල් පියාපත් හිනැහුණා ඒ රැයේ

සුදු රෝස මල් වැටිලා තිබුණා
ඔය නෙත් කැළුම් මා හද ඇදී තිබුණා
මතකයි අද වාගේ
රැඳවූ මතකයන් ඒ බාලේ
සුදු රෝස මල් වැටිලා තිබුණා

සුසුමකට ලං වෙන්නම්
සිප ගන්නේ නම් මා
ඔබ තුරුළෙ නැලවෙන්නම්
මගේම වෙනවා නම්
සුපුරුදු සිහිනෙක දැවටී ඒ වගේ
මල් මත දෙව්ලිය වඩින්න ආදරෙන්

සුදු රෝස මල් වැටිලා තිබුණා
ඔය නෙත් කැළුම් මා හද ඇදී තිබුණා
මතකයි අද වාගේ
රැඳවූ මතකයන් ඒ බාලේ
සුදු රෝස මල් වැටිලා තිබුණා

සිනා මල් කැකුළු | Sina Mal Kakulu by Shihan Mihiranga

සිනා මල් කැකුළු පුබුදා
ඈ කීවා මට හොරෙන්
ඔබ මා ලඟින් ඉන්න සැමදා
මා තුරුළු කරන් ආදරෙන්, ආදරෙන්

මා හද පෙම් කල අහිංසකාවි
ඔබ ළඟ මා සැනසෙන්නේ හෙටයි
ඔබ කී කතා මා හද සැනසුවා
ආදරෙන් මා නැලවුණා

සිනා මල් කැකුළු පුබුදා
ඈ කීවා මට හොරෙන්
ඔබ මා ලඟින් ඉන්න සැමදා
මා තුරුළු කරන් ආදරෙන්, ආදරෙන්

ඔබ දකිනා තරු මා රැඳුනේ
ඔබ දුන් ඒ පැතුමක් ගානේ
රහසින් වාගේ ඔබ මට කී දේ
රැඳුනා මහදේ කෙල්ලේ

සිනා මල් කැකුළු පුබුදා
ඈ කීවා මට හොරෙන්
ඔබ මා ලඟින් ඉන්න සැමදා
මා තුරුළු කරන් ආදරෙන්, ආදරෙන්

සිනා මල් කැකුළු පුබුදා
ඈ කීවා මට හොරෙන්
ඔබ මා ලඟින් ඉන්න සැමදා
මා තුරුළු කරන් ආදරෙන්, ආදරෙන්

ඒ ඔබම දැයි | Ee Obamai Dai by Shihan Mihiranga

මගේ හිතට එය දැනුණා, මට ආදරේ හිතුණා
මගෙ හීනයේ මට තුරුළු වූ ඒ ඔබමදැයි
මගෙ නෙතට එය දැනුණා උණු කඳුලකින් තෙමා
ඒ රාත්‍රියේ මට හීතලෙන් තුරුළුවූ

මගේ ජීවිතේ පුරා ඔය රුව සටහන් වෙලා
මට ජීවිතේ දුන් ආදරියේ ඔබමදැයි

මම ලියූ පෙම් කතාවේ සුර කුමරියක් උන්නා
ඒ කුමාරිගේ හිනාවේ මට ආදරේ තිබුණා
මම හීනයක් දුටුවා ඔයරුව මගෙමදැයි කියා
මගෙ හිත් කොනේ බැඳි ආදරී ඔබම දැයි
මගෙ හීනයේ ඇවිත් ඔයා, මගේ ආදරේ අලුත් කලා
මම ආදරේ වෙලා, මටත් හොරා, ඒ ඔබටදැයි

සිහිනයෙන් දුටු කතාවේ, මගෙ තොල්පෙතිත් තෙමුණා
ඔබ ළඟින් උන් වෙලාවේ සිත ආලකම් කෙරුවා
මම ලෝබකම් කෙරුවා ඔබ මට අහිමිවෙයි කියා
මගෙ හිත්කොණේ බැඳි ආදරී ඒ ඔබමදැයි

මගේ හිතට එය දැනුණා, මට ආදරේ හිතුණා
මගෙ හීනයේ මට තුරුළු වූ ඒ ඔබමදැයි
මගෙ නෙතට එය දැනුණා උණු කඳුලකින් තෙමා
ඒ රාත්‍රියේ මට හීතලෙන් තුරුළුවූ

ඔබ කීව ඒ කතා මා මුව ගීතයක් වෙලා
මම මගෙ හිතින් මගෙ ජීවිතෙන් ආදරේ කලා
මා දෙස ආදරෙන් බලා මගේ හිත කොණිත්තයි ඔයා
සත්තයි ප්‍රියේ මම දන්නේ නෑ ඒ ඔබ කියා