හිත හඬනා | Hitha Hadana Welawe by Shihan Mihiranga

හිත හඬනා වෙලාවේ
නුඹ පමණක් සිනාසේ
කියන් මගේ පුංචි කුමරියේ
කියන් මගේ පුංචි සිහිනයේ

තනිවුණ මා ළඟ පිපේවි නම් ආදරෙන්
හොරැහින්වත් මා දෙස බලාවි නම් ආදරෙන්
කියන් මගේ පුංචි සිහිනයේ
කියන් මගේ පුංචි කුමරියේ

හිත හඬනා වෙලාවේ
නුඹ පමණක් සිනාසේ
කියන් මගේ පුංචි කුමරියේ
කියන් මගේ පුංචි සිහිනයේ

ඔබේ දෙනුවන් පැවසුවේ මා හට ආදරේ
මෙලෙසින් මා දෙස නෙතු සඟවන්නේ
හඟවන්නද ආදරේ

හිත හඬනා වෙලාවේ
නුඹ පමණක් සිනාසේ
කියන් මගේ පුංචි කුමරියේ
කියන් මගේ පුංචි සිහිනයේ

ජීවිතයට නව | Jeewithayata Nawa Pathumak by Shihan Mihiranga

ජීවිතයට නව පැතුමක් අරගෙන
ආදරයට ජීවිතයම තිළිණ කල
ඔබට ආදරෙයි මං
මට නෙලාගන්න හැකි නම්

ජීවිතයට නව පැතුමක් අරගෙන
ආදරයට ජීවිතයම තිළිණ කල
ඔබට ආදරෙයි මං
මට නෙලාගන්න හැකි නම්

හදේහි තෙරපෙන කඳුළු බිඳුවක්
සිත තුල කොඳුරනවා
ඔබ සඳක්මැයි සඳ මගේ මැයි
මා සිත විමසනවා

ඔබට ආදරෙයි මං
මට නෙලාගන්න හැකිනම්
ඔබට ආදරෙයි මං
මට නෙලාගන්න හැකිනම්

වැයුනු තනුවක මිමිණු පදයක
ඔබෙ නම කියවනවා
මතු දිනයකවත් ඔබ මගේම වේදැයි
මා සිත විමසනවා

ඔබට ආදරෙයි මං
මට නෙලාගන්න හැකිනම්

ජීවිතයට නව පැතුමක් අරගෙන
ආදරයට ජීවිතයම තිළිණ කල
ඔබට ආදරෙයි මං
මට නෙලාගන්න හැකි නම්

මා දෑසේ වේදනා | Ma Dase Wedana by Shihan Mihiranga

මා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනා
එනමුදු මගේ හඳේ නැත වෛර චේතනා
මා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනා
එනමුදු මගේ හඳේ නැත වෛර චේතනා

පෙරදා ඔබෙන් මෙමා ලැබු නුහුරු කල්පනා
සාගරය සේ එදා ආදරය ගොනු කලා
ඒ සිහින මව මවා මා දෑස තෙත් කලා

මා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනා
එනමුදු මගේ හඳේ නැත වෛර චේතනා
මා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනා
එනමුදු මගේ හඳේ නැත වෛර චේතනා

මා ගයන ගීතයේ රාවේ ගුවනින් ඇසේ
ඒ සො සුසුම් තුලින් ඔය දෑස තෙත් කලේ
මේ ගීය ගැයුවේ මා ඔබ රිදවනු නොවේ

මා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනා
එනමුදු මගේ හඳේ නැත වෛර චේතනා
මා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනා
එනමුදු මගේ හඳේ නැත වෛර චේතනා

මගේ හිතට | Mage Hithata by Shihan Mihiranga

මගේ හිතට එය දැණුනා මට ආදරේ හිතුණා
මගේ හීනයේ මට තුරුළු වූ ඒ ඔබමදැයි
මගේ නෙතට එය දැනුනා උණු කඳුළකින් තෙමා
ඒ රාත්‍රියේ මට හීතලෙන් තුරුළු වූ
මගේ ජීවිතේ පුරා ඔය රුව සටහන් වෙලා
මට ජීවිතේ දුන් ආදරියේ ඔබමදැයි

මම ලියූ පෙම් කතාවේ සුරකුමරියක් උන්නා
ඒ කුමාරිගෙ හිනාවේ මට ආදරේ තිබුණා
මම හීනයක් දුටුවා ඔබ රුව මගෙමදැයි කියා
මගෙ හිත් කොනේ බැදි ආදරී ඒ ඔබම දැයි
මගේ ගීතයේ ඇවිත් ඔයා මගේ ආදරේ අළුත් කලා
මම ආදරේ වෙලා මට් හොරා ඒ ඔබටදැයි

සිහිනයෙන් දුටු කතාවේ තොල්පෙතිත් තෙමුණා
ඔබ ළඟින් උන් වෙලාවේ සිත ආලකම් කෙරුවා
මම ලෝබනම් කෙරුවා ඔබ මට අහිමිවේයැයි කියා
මගෙ හිත්කොනේ බැදී ආදරී ඒ ඔබමදැයි

මගේ හිතට එය දැණුනා මට ආදරේ හිතුණා
මගේ හීනයේ මට තුරුළු වූ ඒ ඔබමදැයි
මගේ නෙතට එය දැනුනා උණු කඳුළකින් තෙමා
ඒ රාත්‍රියේ මට හීතලෙන් තුරුළු වූ
මගේ ජීවිතේ පුරා ඔය රුව සටහන් වෙලා
මට ජීවිතේ දුන් ආදරියේ ඔබමදැයි

ඔබ කීව ඒ කතා මා මුව ගීතයක් වෙලා
මම මගෙ හිතින් මගෙ ජීවිතෙත් ආදරේ කලා
මා දෙස ආදරෙන් බලා මගේ හිත කොනිත්තයි ඔයා
සත්තයි ප්‍රියේ මම දන්නෙ නෑ ඒ ඔබ කියා

මගේ වෙලා | Mage Wela by Shihan Mihiranga

මගේ වෙලා ලඟ උන්නු ඔයා
මටත් හොරෙන් වෙනකෙකුගෙ වෙලා
හිත අඬනවා තුන්යම නොනිදා
මගෙ පන තාමත් ඔයා නිසා

හුස්මෙ පවා ඉන්නෙ ඔයා
නිතරම මට සිහිවෙනවා
මැව්වෙ ඔයා මටම කියා
හදවත තව පවසනවා

සිතු පැතුමන් පොඩිකර දමලා
යන්නට ගියාට ඈත්වෙලා
හිතකින් ද මුළු ජීවිතේ
මා ලඟම ඔබ සැනසුනේ

පාළුවේ මා තනිවී
ජීවිතේ විදවනවා
වෙනසක් නෑ මගෙ ආදරේ
ඔබෙ නමටයි මුළු ජීවිතේ

හද ගැඹුරේ වේදනා ඇති
මට විතරක් දුක උරුම ඇති
බොරුවෙන් ද මගෙ ජීවිතේ
ලං ලංව ඔබ රැවටුවේ

පාළුවේ මා තනිවී
ජීවිතේ විදවනවා
වෙනසක් නෑ මගෙ ආදරේ
ඔබෙ නමටයි මුළු ජීවිතේ

මගේ වෙලා ලඟ උන්නු ඔයා
මටත් හොරෙන් වෙනකෙකුගෙ වෙලා
හිත අඬනවා තුන්යම නොනිදා
මගෙ පන තාමත් ඔයා නිසා

ආදරේ කියා | Adare Kiya by Shihan Mihiranga

ඇස් කතා කරනවා
මිණි නිල් කවුළුපියන් හැරදා
දුක කියා හඬා සිත උමතු කළා

ආදරේ කියා… කියා
ආදරේ කියා… කියා
ආදරේ කියා… කියා
ආදරේ කියා… කියා

ඔබ සඳක් වගේ කළුවර රෑ එකලු කෙරූ
මගෙ පපුව පුරා ඔබ පිරෙන තුරා
දිවි තිබෙන තුරා මට ලැබෙන තුරා
මම හිඳිමි බලා
ආදරේ කියන තුරා
ජීවිතේ තියෙන තුරා…

ඔබ මලක් වගේ නිම් නැති රෑ සුවඳ කෙරූ
ළය මත වැතිරූ රතු මල් කැකුළු
අපමණ සොඳුරු පෙම් පුද පඬුරූ
මුව සිප සැනසූ මුතු පිණි කඳුළු
සිසිලස රන්දා මම හිඳිමි බලා
ඔබ ලැබෙන තුරා
ආදරේ කියා…

ආදරේ කියා… කියා
ආදරේ කියා… කියා
ආදරේ කියා… කියා
ආදරේ කියා… කියා

ඒ සොඳුරු සමනල් | Ee Sonduru Samanal by Shihan Mihiranga

ඒ සොඳුරු සමනල් වියේ
පිය නැගුව ඒ මාවතේ
සුවඳයි ඔබේ ආදර

හිනැහෙන්න සෙව්වන්දියේ
හිනැහෙන්න සෙව්වන්දියේ

කියන්න ඔබ ඇයි මා හැර යන්නේ
මට දරන්න බෑ නුඹ ඇයි මා හඬවන්නේ
මට දරන්න බෑ නුඹ ඇයි මා හඬවන්නේ

ඔය නිල් නෙතු ඇයි අද මා දෙස නොබලන්නේ
ඔය නිල් නෙතු ඇයි අද මා දෙස නොබලන්නේ

සුදු රෝස දවටා අද මනාලියක් වී ඔබ හරි ලස්සනයි
මගෙ නෙතු ළග කිසිදා නොරැදුණු
කඳුලක් අද ඔබ දැක මගේ හිත පාරයි
හිනැහෙන්න සෙව්වන්දියේ
හිනැහෙන්න සෙව්වන්දියේ

කියන්න ඔබ ඇයි මා හැර යන්නේ
මට දරන්න බෑ නුඹ ඇයි මා හඬවන්නේ
මට දරන්න බෑ නුඹ ඇයි මා හඬවන්නේ

ඔය නිල් නෙතු ඇයි අද මා දෙස නොබලන්නේ
ඔය නිල් නෙතු ඇයි අද මා දෙස නොබලන්නේ

මළ හිරු බැස යන යාමේ සමුදෙන්නද ඔබ මේ සැරසෙන්නේ
ඔබේ සෙනේ කිසිදා මා අත් හරිනා බව සිත නෑ පිළිගන්නේ

හිනැහෙන්න සෙව්වන්දියේ
හිනැහෙන්න සෙව්වන්දියේ

ඒ සොඳුරු සමනල් වියේ
පිය නැගුව ඒ මාවතේ
සුවඳයි ඔබේ ආදර

ඇති මාව රැවටුවා | Athi Mawa Rawatuwa by Shihan Mihiranga

ඇති මාව රැවටුවා
හොඳටෝම රැවටුනා
කවුරුත් එපා කියද්දී
මං පෙම් කලා
මගෙ ආදරේ මදිවෙලා
යන්නට ගියත් වෙන්වෙලා
නොලැබුන ඔබේ සෙවනේ
තනිකම හොඳයි මට සදා

මාගෙ අතේ වරද කියා
දහස් වරක් පසුතැවුනා
ඔයා අරන් යන්න හිතන්
කුලී මාළිගා සෙව්වා

මට වඩා හොඳ කෙනෙක්
මට කලින් ලංවෙන්නැතී
ඒ නිසා මා දමා
හිතට එකඟව හැරයන්නැතී

ඇති මාව රැවටුවා
හොඳටෝම රැවටුනා
කවුරුත් එපා කියද්දී
මං පෙම් කලා
මගෙ ආදරේ මදිවෙලා
යන්නට ගියත් වෙන්වෙලා
නොලැබුන ඔබේ සෙවනේ
තනිකම හොඳයි මට සදා

නොමැරි මැරෙන තත්පරයත්
කල්පයක් වගෙ දැනුනා
නාඳුනනා ලෙස ඔබ මා
ලෝකෙට මුදවා හැරුනා

මට වඩා හොඳ කෙනෙක්
මට කලින් ලංවෙන්නැතී
ඒ නිසා මා දමා
හිතට එකඟව හැරයන්නැතී

ඇති මාව රැවටුවා
හොඳටෝම රැවටුනා
කවුරුත් එපා කියද්දී
මං පෙම් කලා
මගෙ ආදරේ මදිවෙලා
යන්නට ගියත් වෙන්වෙලා
නොලැබුන ඔබේ සෙවනේ
තනිකම හොඳයි මට සදා

ක්ලේමෙන්ටිනා | Clementina by Shihan Mihiranga

සිතින් පතන්න මා
ලඟින් හිඳින්න මා
ඔබේ කියන්න මා
ක්ලේමෙන්ටිනා ක්ලේමෙන්ටිනා

සිතින් පතන්න මා
ලඟින් හිඳින්න මා
ඔබේ කියන්න මා
ක්ලේමෙන්ටිනා ක්ලේමෙන්ටිනා

නෙතින් සිනාවකින් පුරා බලා හිඳින්නේ මා
ඔබේ කතාවකින් මගේ හැඟුම් කතාකලා
ඔබෙන් සදා පතන්නේ මා ලඟින් හිඳින්න මා
ඔබේ කියන්න මා ක්ලේමෙන්ටිනා, ක්ලේමෙන්ටිනා

සිතින් පතන්න මා
ලඟින් හිඳින්න මා
ඔබේ කියන්න මා
ක්ලේමෙන්ටිනා ක්ලේමෙන්ටිනා

මගේම වේවි යයි කියා හිතාන ඉන්නේ මා
මගේ ලොවේ මගේ හදේ හැඟුම් පෙලන්නෙපා
ඔබෙන් සදා පතන්නේ මා ලඟින් හිඳින්න මා
ඔබේ කියන්න මා ක්ලේමෙන්ටිනා, ක්ලේමෙන්ටිනා

සිතින් පතන්න මා
ලඟින් හිඳින්න මා
ඔබේ කියන්න මා
ක්ලේමෙන්ටිනා ක්ලේමෙන්ටිනා

දෛවය අපේ | Daiwaya Ape Iranama Wela by Shihan Mihiranga

දෛවය අපේ ඉරණම වෙලා
අප වෙන් කළා ඔබ දුන් සෙනේ මා ලග තිබේ
ඇස් දෙක වෙලා
මට ඔබ තරම් වෙනෙකෙකු නැතී
ආදරේ කළේ සදා
මගේ ජිවිතේ පුරා
දෛවය අපේ ඉරණම වෙලා
අප වෙන් කලා

දැන දැනත් විදවනා තරම්
දුක මටම දුන්නා
තව තවත් දුක තියා ඔයා
නොඑන බව කිවා
නික්මුනේ ඔබ කොහේ
අවසානයක් නොතියා
මගේ ආදරේ තවත්
ඔබටම තමා

දෛවය අපේ ඉරණම වෙලා
අප වෙන් කලා

දුර ඇතත් වෙන් වෙලා ඔයා
ලග වගේ දැනුනා තත
හත හදන් ඉන්නට තව බෑ
ඔබෙ අඩුව දැනුනා
නික්මුනේ ඔබ කොහේ
අවසානයක් නොතියා
මගේ ආදරේ තවත්
ඔබටම තමා

දෛවය අපේ ඉරණම වෙලා
අප වෙන් කලා