සාගරේ වගේ | Sagare Wage by Ruchiranga Wanniarachchi, Sasitha Shalinda, Malithi Loshini, Mansila Kure, Hansaka Subaash, Kalani Athukorala, Tharidu Dilshan, Sayuni Joseph, Sithum Abishek, Suvi Senaya & Sahan Sudaraka | A Level Movie (OST) [2017]

සාගරේ වගේ සිලබස්
පතරංගේ වගේ රිවිශන්
ඉවරයක් නැතුව පැවරුම්
මේ සේරම මැද්දේ පොඩි වලක් බහිනවා
අපි උ.පෙ. කරන්නෙ
සා.පේ. ගොඩ දාල තියෙන්නේ

අපි ටියුශන් යනවා
පාඩනුත් කරනවා
මොනවා නැතත් අඩුගානේ
S තුනක් දානවා
එහෙම කරලා ජැන්ඩි පහට
රෙදි ඇදගෙන පාරේ යන්න
චාටඩ් පටන් ගන්නවා

සාගරේ වගේ සිලබස්
පතරංගේ වගේ රිවිශන්
ඉවරයක් නැතුව පැවරුම්
මේ සේරම මැද්දේ පොඩි වලක් බහිනවා
අපි උ.පෙ. කරන්නෙ
සා.පේ. ගොඩ දාල තියෙන්නේ

ආදරේ ඕනේ නෑ
කෙල්ලො පස්සේ යන්නෙ නෑ
කීකරුවට අපු හැදුනෙත්
හා ද අහනවා
අපිත් ඉතින් හිතලා හිතලා
ඔන්න ඔහේ ඕන දෙයක්
අදාළ නෑනේ කියනවා

සාගරේ වගේ සිලබස්
පතරංගේ වගේ රිවිශන්
ඉවරයක් නැතුව පැවරුම්
මේ සේරම මැද්දේ පොඩි වලක් බහිනවා
අපි උ.පෙ. කරන්නෙ
සා.පේ. ගොඩ දාල තියෙන්නේ

 

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

 

මතකයන් | Mathakayan by Nadeemal Perera | A Level (OST) [2017]

මතකයන් හිත පාරවයි
වසන්තේ කොහෙදෝ ගිහින්
ජීවිතේ තැනක නැවතිලා
මැකී යයි පිය සටහන්
පාසැලින්..

සෙනෙහසත් නෑවිදින් ඇවිදින් ගියා
මුදු වදන් මතකයෙන් ගිලිහී ගියා
හසරැල්ල සුළඟේ දැවටී ගියාවේ
බිදුනු සිත පෑරුණා රහසේ
ආයෙමත්…

රාත්‍රිය දිගු වී බොද වී ගියා
මටම මා අතහැරී නොහැරී ගියාවේ
පලුවේ තනි උනා මතකේ
ආයෙමත්…

මතකයන් හිත පාරවයි
වසන්තේ කොහෙදෝ ගිහින්
ජීවිතේ තැනක නැවතිලා
මැකී යයි පිය සටහන්
පාසැලින්..

 

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

 

අපේ කතාව | Ape Kathawa by Yomal Samarakoon ft. Tharindu Damsara [2018]

සංසාරයේ පෙම් නැවතුම් පොලේ
අපි හමුවීලා නොදොඩා ඉමු
සිහින තුහින මල් හැලෙන පාරේ
තුරුපත් අගින් පින්න විසිරේ
කෙහෙරැල් අතර මුවග සැඟවේ
කෝල සේ…
අපි හමුවීලා නොදොඩා ඉමූ….

අහසේ නුඹ තියලා බලාගෙන
නෙත් පියන්වත් නොලා
හිදින් නුඹ ලඟ නතරවෙන්නම්
කෝල බැල්මෙන් නුරා
ඉතින් අත් පටලවා යනකොට
ඉසුරුමුණියට පවා
සත්තකයි ඉරිසියාවක් ඇති
නොමල ප්‍රේමය නිසා….

ඉල් මහේ නිලි වැස්ස අරගෙන
නැකැත් දවසක් බලා
අපි අපේ වග ලොවට කියමුද
තවත් කුමටද පමා
හඬ නඟා මොනවා කියන්නද
ඇස්වහට ඉඩ තියා
සංසාරයේ ඉම දකිනකම් අපි
හමුවීලා නොදොඬා ඉමූ….

 

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

 

ෆියෝනා | Fiona by Pramod Kalhara ft. Tharindu Damsara [2018]

ෆියෝනා අද කතාවේ උච්චතම දවසයි
දෙබැම රතු තොල් භාවනාවක
හිටිය හැටි මතකයි
රෝම ඇහැරෙන සොදුරු යුද්ධය
ඇවිලුවේ නුඹමයි
ෆියෝනා අද කතාවේ මට ඔටුනු නැති ගාණයි

අහම්බෙන් හමුවුනු කතාවක්
අප්‍රකාශිත වේදනාවක්
ඉතිරි කර මියැදුනේ කොහොමද
හීනෙනුත් හිත දවනවා

ප්‍රේම දූතිය නුඹම වූවට
දූතයා මම නොවූ අරුමය
තාම මේ සංදේශ ලිපියේ
මා කවුද බව හොයනවා

 

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

 

කලාවැව් දියෙන් | Kalawaw Diyen by Tharindu Damsara [2018]

කලා වැව් දියෙන් නාලා
පේවීයන්
කලා වැව් දියේ
පීදුනු මල්
අරගෙන යං
බුදුන් වදින්නට
බුදුන් දකින්නට
මල් පිපිලා බලහං
බුදුන් වදින්නට
බුදුන් දකින්නට
අපි යනවා බලහං

බුද්ධං සරණේ සරනයි සරනයි
දම්මං සරණේ සරනයි සරනයි
සංගං සරණේ සරනයි සරනයි
(දලදා සමිදුනි ඔබ වදින්නට
අපි අවේ මහ උඩ මලුවට)
තෙරුවන් සරනේ සරනයි

හෝම් නව ශිවා
හෝම් නව ශිවා
හෝම් නව ශිවා

සිද්ද පතිනි පින් මහිමෙන්
සමන් දෙවිදු අනුහසයෙන්
කදිර සුරිදුනේ රැක දෙන්න

සුලගට වැනෙන
පන්දම ලා
ගෙට ඇදුනා
කමතට පීදුනු
පිනියක් වෑහෙන
නාද කලා

චේතවනා
ග්‍රාම නිරිදේ
කර දිය හැර මින්නෙ

දෙව් පිහිට යදින්නේ
දෙවි තනුව වයන්නෙ
දෙව් පිහිට යදින්නේ
දෙවි තනුව වයන්නෙ

 

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

 

පතිනි | Pathini by Shashi Gunarathne ft. Tharindu Damsara [2020]

පුරාතණිකම කතාවල පඬි රට ගිණිබත් කරන
එතැන් සිට දිග හැරි දනනුනි පතිනි ස්නේහ වරුණ
කොතෙක් උත්සහ කළත් සිහිවටන නොවෙයි පරණ
කම්කටොළු දුක් ගැහැට තිබුනේ බන්දනේමයි සරණ

ශපථ කරගත් කතා ඇතිමුත් බින්ද දා හිමි මෙවුන්
ශෝකාන්තය ගැබ්ගනී සිත හුදෙකලා නොව නිවුන්
අවඤ්ඤාවෙන් සිනා සෙද්දි ඇස ගැටෙන්නා එවුන්
මෙහෙවු ගින්දර උහුලාන සිත වඩනු කෙලෙසද බවුන්

කටින් කට ආ යවුල්මෙන් බස් බොහෝ උදවිය පැවසූ
හුඟක් මල් සිප ගෙට වඩින හිමිසඳුනි ප්‍රේමය කෙලසූ
ඇස් බො⁣රවෙනු නොදී ඇසිපිය හිසෙහි අතැඟිලි ගැවසූ
තවත් සත් පත්තිනිලා ඇති ළොව ස්වාමි භක්තිය ඉවසූ

 

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

 

ඈත රන් විමන් | Atha Ran Wiman by Priya Suriyasena

ඈත රන් විමන් දොරින් පාට සේලයෙන් සැදී
ඈත රන් විමන් දොරින් පාට සේලයෙන් සැදී
මුදු සීත හිම මුදුන් අතරින් එබී බලනවා
හහ හා හහ හා හහ හා හ හා…

මේ ලොවින් එ‍හා සිටන් ඈත ලෝකයෙන් ඇවිත්
මේ ලොවින් එ‍හා සිටන් ඈත ලෝකයෙන් ඇවිත්
මුදු නීල පීත ලෝහිත පෑ ඈත දිලෙනවා.
හහ හා හහ හා හහ හා හ හා

රෑට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් වැටී..
රෑට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් වැටී..
අද රෑට අද රෑට අද රෑට දිලෙනවා…
හහ හා හහ හා හහ හා හ හා

ගීත රාවයෙන් සැලී දෑත ආදරෙන් වෙලී
ඔබ කීව පෙම් කතා ඇසුරෙන් ගීත මැවෙනවා
හහ හා හහ හා හහ හා හ හා

 

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

 

ඈත රන් විමන් තුලින් | Aaatha Ran Viman by Priya Suriyasena

ඈත රන් විමන් තුලින්
පාට සේලයෙන් සැදී
ඈත රන් විමන් තුලින්මුදු සීත හිම මුදුම් අතරින් එබී බලනවා…

ආ… ආ… ආ… ආ…

මේ ලොවෙන් එහා සිටන්
ඈත ලොකයෙන් අවිත්
මේ ලොවෙන් එහා සිටන්
ඈත ලොකයෙන් අවිත්

මුදු නීල පීත ලෝහිත පැහැ ඈත දිලෙනවා…

ආ… ආ… ආ… ආ…

රෑට තරු දහස් ගණන්
ඈත සුරපුරෙන් වැටී
රෑට තරු දහස් ගණන්
ඈත සුරපුරෙන් වැටී

අද රෑට, අද රෑට, අද රෑට දිලෙනවා…

ආ… ආ… ආ… ආ…

ගීත රාවයෙන් සැළී
දෑත ආදරෙන් වෙළී
ගීත රාවයෙන් සැළී
දෑත ආදරෙන් වෙළී

ඔබ කීව පෙම් කතා ඇසුරින් ගීත මැවෙනවා…

ආ… ආ… ආ… ආ…

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

සුදු පරවි රෑන සේ | Sudu Paravi Rana Se by by Priya Suriyasena

සුදු පරවි රෑන සේ පියාසලා
පාසල නිම වී යොවුන් කුමරියන්
පෙළින් පෙළට එයි
ඈ තාම නෑ
ඈ තාම නෑ
සුදු පරවි රෑන සේ පියාසලා
පාසල නිම වී යොවුන් කුමරියන්
පෙළින් පෙළට එයි
ඈ තාම නෑ . ඈ තාම නෑ

පොත් පත් අහුරා
මුදු ළැමට තුරුලු කරවා
පොත් පත් අහුරා
මුදු ළැමට තුරුලු කරවා

පිරුණු සදක් සේ මහද දිලේ
පිරුණු සදක් සේ මහද දිලේ

යහලු යෙහෙළියන් අතරේ
ඈ තාම නෑ . ඈ තාම නෑ

සුදු පරවි රෑන සේ පියාසලා
පාසල නිම වී යොවුන් කුමරියන්
පෙළින් පෙළට එයි
ඈ තාම නෑ . ඈ තාම නෑ

මල් හිනා පිපී මුව මඩල පුරා රදවා
මල් හිනා පිපී මුව මඩල පුරා රදවා

මුතු අහුරක් සේ දසන් සලා
මුතු අහුරක් සේ දසන් සලා

ඉර හද දහසක් පරදා
ඈ තාම නෑ . ඈ තාම නෑ

සුදු පරවි රෑන සේ පියාසලා
පාසල නිම වී යොවුන් කුමරියන්
පෙළින් පෙළට එයි
ඈ තාම නෑ . ඈ තාම නෑ
සුදු පරවි රෑන සේ පියාසලා
පාසල නිම වී යොවුන් කුමරියන්
පෙළින් පෙළට එයි
ඈ තාම නෑ .
ඈ තාම නෑ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

 

ආපසු එනවා | Apasu Enawa by Apasu Enawa

ආපසු එනවා මගේ හිත ඉබි ගමනින්
ඔබ ඈතක රඳවා
කාට කියම්දෝ කෙලෙස කියන්නද මං
අප සිත් හඬන තරම්

ආපසු එනවා මගේ හිත ඉබි ගමනින්
ඔබ ඈතක රඳවා
කාට කියම්දෝ කෙලෙස කියන්නද මං
අප සිත් හඬන තරම්
අප සිත් හඬන තරම්

ඔබ නැවතුන තැන මගේ හිත ඔබෙ ළඟ
වෙනතක නැතේ ලැගුම්
ඔබ නැවතුන තැන මගේ හිත ඔබෙ ළඟ
වෙනතක නැතේ ලැගුම්

කවුරු කියන්නද කෙලෙස පතන්නද
අද මා හෙලන සුසුම්

ආපසු එනවා මගේ හිත ඉබි ගමනින්…

ඉහට වහල සේ තරු පිරි අහසේ
නිවහන වූ පොළවයි
ඉහට වහල සේ තරු පිරි අහසේ
නිවහන වූ පොළවයි

හමුවූ තැන් වල ගස් වැල් වැළපෙයි
නොහඬමු ඔබයි මමයි

ආපසු එනවා මගේ හිත ඉබි ගමනින්
ඔබ ඈතක රඳවා
කාට කියම්දෝ කෙලෙස කියන්නද මං
අප සිත් හඬන තරම්
අප සිත් හඬන තරම්
අප සිත් හඬන තරම්
අප සිත් හඬන තරම්

 

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here