සංසාරේ සුභ ගමන් | Sansare Suba Gaman by Dinesh Tharanga

දෑසේ රැඳී මා
සෙවනැල්ලෙ වෙලී
මේ හීන ගානේ
මා හා ළං වෙවී

මගෙ දෑත පසුපසින්
ඔය දෑත නුඹ තියන්
සංසාරේ සුභ ගමන්
ආවාද ආදරෙන්

මගෙ දෑත පසුපසින්
ඔය දෑත නුඹ තියන්
සංසාරේ සුභ ගමන්
ආවාද ආදරෙන්

වැහි නොඑනා ඉඩෝරෙකි
නුබ එහි ප්‍රාතිහාරෙකි
ජීවිත මධද්‍යානෙදී
මල් වැහි දෝතින් පිදූ

වැහි නොඑනා ඉඩෝරෙකි
නුබ එහි ප්‍රාතිහාරෙකි
ජීවිත මධද්‍යානෙදී
මල් වැහි දෝතින් පිදූ

සංසාර හීනයේ
නිස්සාර සෘතුවේ
පිංතාරුවක් වගේ
නොසැලි ඉන්න මා හදේ
සුහදේ සැමදා හෙවනැල්ල සේ මගේ
ලග ඉන්න දෑස පේන මානයේ

written by Udesh Aryan

dinesh tharanga,#dinesh tharanga,dinesh tharanga wife,dinesh tharanga songs,dinesh tharanga wedding,dinesh tharanga wife age gap,dinesh tharanga new song mp3,dinesh tharanga new song,dinesh tharanga new song download,dinesh tharanga new song iranam gamane,kanishka akmeemana,sajith akmeemana,dura atha akasaye,nishan b,iranam gamane,piumi hansamali,meewitha piruna,iranam gamane karaoke,kothek bada song,sinhala new songs 2021,epa mohothak

මනමාල සිතක් | Manamala Sithak Thibunada by Dinesh Tharanga

මනමාල සිතක් තිබුනද ලඟින් උන්නු දා
සිතින් පෙම් කලාදෝ ඇයිද නොදැනුනේ
ලඟින් ඉන්න පින් මදිවද හදට ඔය නුඹේ
ඉතින් දෙන්නකො අවසර රැඳෙන්නට හදේ

මනමාල සිතක් තිබුනද ලඟින් උන්නු දා
සිතින් පෙම් කලාදෝ ඇයිද නොදැනුනේ

නල රැළි මත අඳිමින්
කිව් ආදර කතාව කොහෙදෝ
ලං වෙන්නට නුඹගේ
සිත ඇතිවද වෙන කෙනෙකුගේ ඇසුරේ
බිඳක් මතක නම් මං ගැන
ඇසුර පෙර ලෙසේ
සැමදා ඉන්නම් මා

මනමාල සිතක් තිබුනද ලඟින් උන්නු දා
සිතින් පෙම් කලාදෝ ඇයිද නොදැනුනේ

නැත කිසි දින වැටුනේ
වෙන ළඳකගේ ආදර දැහැනේ
සිත තවමත් එහෙමයි
ඔබ ගැන වුන් හැටි ලෙස ඉස්සර දවසේ
වෙන් වෙන්නම් කීවොතින්
ඔබේ ඔය මුවෙන්
හැර යන්නම් මා

මනමාල සිතක් තිබුනද ලඟින් උන්නු දා
සිතින් පෙම් කලාදෝ ඇයිද නොදැනුනේ
ලඟින් ඉන්න පින් මදිවද හදට ඔය නුඹේ
ඉතින් දෙන්නකො අවසර රැඳෙන්නට හදේ
මනමාල සිතක් තිබුනද ලඟින් උන්නු දා
සිතින් පෙම් කලාදෝ ඇයිද නොදැනුනේ

අහන්න ඔයා | Ahanna Oya by Dinesh Tharanga

හිත හිතා හඬන වේදනා මතක
දුන්නෙ ඇයි මට ඔයා
යන්නෙ නෑ කීව ඒ කතා බොරුද
දැවි දැවී තැවෙනවා
අහන්න ඔයා හැරෙන්න එපා
ලඟින් හිටියත් දුරක් තිබුනා
අහන්න ඔයා හැරෙන්න එපා
ලඟින් හිටියත් දුරක් තිබුනා

අතහැරගියේ මගේ පිවිතුරු පෙමයි
සිතාගන්න බෑ ඇයි කියා
යන තැන ඉතිං ඉන්නව නම් හොඳින්
සතුටින්ම ඉන්නැයි කියා
අහන්න ඔයා හැරෙන්න එපා
ලඟින් හිටියත් දුරක් තිබුනා
අහන්න ඔයා හැරෙන්න එපා
ලඟින් හිටියත් දුරක් තිබුනා

හිත හිතා හඬන…
හිත හිතා හඬන වේදනා මතක
දුන්නෙ ඇයි මට ඔයා
යන්නෙ නෑ කීව ඒ කතා බොරුද
දැවි දැවී තැවෙනවා
අහන්න ඔයා හැරෙන්න එපා
ලඟින් හිටියත් දුරක් තිබුනා
අහන්න ඔයා හැරෙන්න එපා
ලඟින් හිටියත් දුරක් තිබුනා

ආයේ නම් එන්නේ නෑ | Aye Nam Enne Na by Dinesh Tharanga

ආයේ නම් එන්නේ නෑ
ළඟින් ඉඳගෙන පෙම් කරපු
ඒ කාලේ ආයෙත් එන්නේ නෑ
ආයේ නම් කියනු බෑ
ඔබට මං පණ වගේ ආදරෙයි
ආයේ නම් කියනු බෑ

මතක සිත්තම් තවම සිත තුළ
නුඹව සිත්තම් කරනවා
මිහිරි මතකේ සිහිව අදටත්
නුඹව මගේ නෙතු සොයනවා

ආයේ නම් එන්නේ නෑ
ළඟින් ඉඳගෙන පෙම් කරපු
ඒ කාලේ ආයෙත් එන්නේ නෑ
ආයේ නම් කියනු බෑ
ඔබට මං පණ වගේ ආදරෙයි
ආයේ නම් කියනු බෑ

දෑස හඬවා දුකක් දුන්නද
මම නුඹට කිසිදාකවත්
ආය දවසක ඉමුද ළං වී
මියෙන්නට පෙර ආදරෙන්

ආයේ නම් එන්නේ නෑ
ළඟින් ඉඳගෙන පෙම් කරපු
ඒ කාලේ ආයෙත් එන්නේ නෑ
ආයේ නම් කියනු බෑ
ඔබට මං පණ වගේ ආදරෙයි
ආයේ නම් කියනු බෑ

ආදරේ අරන් | Adare Aran by Dinesh Tharanga

ආදරේ අරන් ඔයත් මගෙන් වෙන් වෙලා ගිහින්
නාඳුනන ලෙසින් මඟ හැරී මගෙන්
ඔබට මතක නැතිද තවම මා ඔබේ කියා
ඔහුට කොහොම හිත පිදුවද ජීවිතේ පුරා

පාලු හීනයේ කෝඩුකාරී වෙලා
ආව මා හදේ දැවටිලා පෙරදා
හඬනා දෙනුවන් ඔබව සොයනවා
මම නෑ කිසිදා ඔබව හඬවලා

ඔබට මතක නැතිද තවම මා ඔබේ කියා
ඔහුට කොහොම හිත පිදුවද ජීවිතේ පුරා

සීත දෙකොපුලේ සිනසිලා සනසා
කීව පෙම් කතා සිහිවේ හැමදා
මතකේ රිදවා දෝරේ ගලනවා
ඔබ නෑ කියලා තාම හඬනවා

ඔබට මතක නැතිද තවම මා ඔබේ කියා
ඔහුට කොහොම හිත පිදුවද ජීවිතේ පුරා

මා දෑස නෑ නිදී | Ma Daasa Na Nidi by Dinesh Tharanga

මා දෑස නෑ නිදී ඔහු තුරුලේ ඔබ හිඳී
මේ යහන ඉඩ වැඩී පෙරදාක රෑ විඳී
ඔබේ රුවට ගුලි වේවී
බොඳ වෙයිද කදුලක් වැටී
මා දෑස නෑ නිදී මා දෑස නෑ නිදී

මතකයිද ඒ දිනේ දිව්රා පුජාසනේ
ඔබ කීවා ඔබෙ ආදරේ
දෑගිලි ද පැටලුනේ සීතලට ලං වුනේ
මුළු රෑම නිදි නැති වුනේ
ඒ සොඳුරු සේයා ඔබ පෑව මායා
කඳුලක්ව හිත පෑරුවේ
ඔබ යන්න ගිය දා මා හැඬුවේ ඉකි ගා
ඔබ නැවතුනේ නෑ ප්‍රියේ

මා දෑස නෑ නිදී ඔහු තුරුලේ ඔබ හිඳී
මේ යහන ඉඩ වැඩී පෙරදාක රෑ විඳී
ඔබේ රුවට ගුලි වේවී
බොඳ වෙයිද කදුලක් වැටී
මා දෑස නෑ නිදී මා දෑස නෑ නිදී

මනමාල යයි කියා ඔච්චම් කලා ඔයා
මා නම් නෑ ඔබ රැවටුවේ
අරුමෝසම් වැහි නිසා
ඔබේ සුවඳ දිය වුනා
හද කෑ ගසා වැලපුනේ
ඒ සොඳුරු සේයා ඔබ පෑව මායා
කඳුලක්ව හිත පෑරුවේ
ඔබ යන්න ගිය දා මා හැඬුවේ ඉකි ගා
ඔබ නැවතුනේ නෑ ප්‍රියේ

මා දෑස නෑ නිදී ඔහු තුරුලේ ඔබ හිඳී
මේ යහන ඉඩ වැඩී පෙරදාක රෑ විඳී
ඔබේ රුවට ගුලි වේවී
බොඳ වෙයිද කදුලක් වැටී
මා දෑස නෑ නිදී මා දෑස නෑ නිදී

යළි හමුනොවෙනා | Yali Hamunowena by Dinesh Tharanga

යළි හමුනොවෙනා අපේ කතාවේ
අවසානයටද අපි මේ ආවේ
ආ දුර දුර වැඩි බව සිහිවූයේ
ඔය අත අතහැරුනාම අවාරේ

පතාන ආවත් හැම සංසාරේ
කල පිං මදි ඇති අපේ පුරාණේ
හිමිනැති හමුවීමක් මේ වාගේ
නොපතමු මින්මතු උපදින වාරේ

හිමි නැතත් අද ඔයා
අහිමිබව කිසිමදා
පිලිනොගෙන රැවටිලා
හිදින්නම් නැවතිලා
නුඹ කියා දුන් ආදරෙන්
නිවෙන්නම් මා ඇවිලිලා

ඉරණම් කතාවේ | Iranam Kathawe by Dinesh Tharanga

නුඹ මා පතා ආ ඉරණම් කතාවේ
අවසානයක් නෑ සතු
සංසාර ගානේ හමුවී අවාරේ
ගමනක් තිබේ යා යුතු
තනිකම් ඉවසා තනිමං නොයමු ප්‍රේමයේමේ
හෙවනැලි අත් නොහැර ආව සංචායේ
දෙහදින් සිනාවී මේ කදුළැල් පිහාදී
පෙරමං බලා ඉමු අපේ

අහසක්වගේ මේ නුඹ දුන් හිනාවේ
උපමා නැතේ ලෝකයේ
හිමිදේ නිමාවේ රහසේ කියාදේ
හෑමදේම දෛවේ නොවේ

සංසාරේ | Sansare by Dinesh Tharanga [2021]

සංසාරේ ණය කලින්ම පියවා
සින්නක්කර දුන් පොරොන්දු ඉරලා…
වැරදි කෝටියක් මගේ කරතියා
අත පිහාන නුඹ ලේසියෙන් ගියා…
නොකියා හිටියත් සමහර දේවල්…
ඔක්කොම දන්නව උඩ හිටි දෙවියන්…
හීනයකින්වත් මම නුඹ හට නෑ…
ද්‍රෝහී වෙලා…

ලබාගත්තා… බලාගත්තා…
කියපු දේවල් සේරම කලා…
එපා කියලා යන්න යද්දිත්
පරිස්සම් වී යන්න කීවා…
දරාගත්තා ඔයා හින්දා
ලෝකයෙන් මා බොහෝ නින්දා…
ඒත් එක තප්පරේකටවත්
ඔබෙන් පලිගත්තේ නෑ කිසිදා…

පුංචි පුංචි රන්ඩු කෙරුවට
වැරැද්දක් කලාද නුඹ හට
හිතා මතා කවදාවත් මේ
භවේදී මා…
යන්න හදන සෑම මොහොතෙම
යන්න දුන්නෙ ඕන නිදහස…
ආදරේ සැබෑම අර්ථය
පරිත්‍යාගයක් නිසා…

මීවිත පිරුනා | Meewitha Piruna by Dinesh Tharanga

මීවිත පිරුනා මැදියම් රෑ
ඔබ නැති පාලුව දැනුනා ඉවසුම් නෑ
නෙතු ළඟ සීතල මැවුනා
කදුලක් තාලෙට හැලුනා
මා හද හැඩුවා ඔබ දන්නෑ
නෙතු ළඟ සීතල මැවුනා
කදුලක් තාලෙට හැලුනා
මා හද හැඩුවා ඔබ දන්නෑ

සියොළඟ පෙනුනා තුරුලට වී
සද ගිනි ගත්තා උනුසුම් වී
මතකය පමණයි ඈ මියදී
මේ තනි යහනේ මා තනි වී
නෙතු ළඟ සීතල මැවුනා
කදුලක් තාලෙට හැලුනා
මා හද හැඩුවා ඔබ දන්නෑ
නෙතු ළඟ සීතල මැවුනා
කදුලක් තාලෙට හැලුනා
මා හද හැඩුවා ඔබ දන්නෑ

මීවිත පිරුනා මැදියම් රෑ
ඔබ නැති පාලුව දැනුනා ඉවසුම් නෑ
නෙතු ළඟ සීතල මැවුනා
කදුලක් තාලෙට හැලුනා
මා හද හැඩුවා ඔබ දන්නෑ
නෙතු ළඟ සීතල මැවුනා
කදුලක් තාලෙට හැලුනා
මා හද හැඩුවා ඔබ දන්නෑ

වාවනු බැහැ හිත ගිනි ගත්දී
මට උනුසුම විතරයි ඔබ ඉද්දී
සුදු පාටින් ඇයි ඔබ සැරසී
ඔය නිල් නෙතු නිහඬයි අද පියවී
නෙතු ළඟ…