තොල් සායම් | Thol Sayam by Izzy Iznu ft. Kaizer Kaiz & DKM [2017]

සුළඟේ දැවටි ඔබ මා හා පියැඹුවේ
හදවත් රැයේ එකට එක වෙලෙමින් සැරිසැරේ
ඔබේ සිනහව මාගේ හද පතුලේ රැඳී
ඔබයි මාගේ සිතේ හිරු කුමරියේ

දෙදෙනා අඳුරේ අද රෑ මගේ කිරුළේ හිමිකාරි
හෙට නෑ නුඹේ නෙතුවල දුටු කාමේ
හදවත් පැවසූ ඒ ලෝකේ නුඹේ ගත පිනවූ මගේ ලෝකේ
හදවත් පැවසූ ඒ ලෝකේ නුඹ සිරකාරියේ

තොල් සායම් ඳීය වී අඳුරේ මත් වී
සැඟවූ මල් පෙති නිදි නැති රැයේ ඔබටයි පැවසුවේ

සුළඟේ දැවටි ඔබ මා හා පියැඹුවේ
හදවත් රැයේ එකට එක වෙලෙමින් සැරිසැරේ
ඔබේ සිනහව මාගේ හද පතුලේ රැඳී
ඔබයි මාගේ සිතේ හිරු කුමරියේ

වටලන්න මගේ තොල් නුඹේ හාදූ සේනාවෙන්
දවටන්න ඇඳ ඇතිරිලි නුඹේ සුවඳෙන්
කිමිදෙන්න ආසයි නුඹේ කෙස් රැළි අතරින්
පරදන්න හඳ කව්ද ලස්සනම තරඟෙන්
ආදරේ මැන්න ඇය දිව කරන් අඩි රූල
මැණික් කෝටිය තිබ්බත් තෝරගන්නේ නුඹේ මූණ
නුඹ ඇල්ලුවත් මැවෙනවා සුරලෝකේ රූප

ඒකයි රටම හැදුවේ අපි ගැන ඕප දූප
කලකට පෙර ඔයා මට තිත්ත මිදි
ඒත් උත්සහවන්තයා ජය ගනි
මගේ ලඟින් ඔයා නිදි හිත කොතනද මම හිටියේ ඒ ගාව
සතුට මොකක්ද ඇහුවොත් පෙන්නනම් ඔයාව

සුළඟේ දැවටි ඔබ මා හා පියැඹුවේ
හදවත් රැයේ එකට එක වෙලෙමින් සැරිසැරේ
ඔබේ සිනහව මාගේ හද පතුලේ රැඳී
ඔබයි මාගේ සිතේ හිරු කුමරියේ

Spaceman by DKM ft. Costa [2020]

රට හදනවා
කිය කිය බොරු පොරොන්දු දුන් උන්
හොයනවා

සිරවී ඇති සිතුවිලි
එලියට ඇද දමා

ලෝකෙන් එතෙරට
අපි යන්නට හදනවා

cause Imma spaceman
cause Imma spaceman

cause Imma spaceman
cause Imma spaceman

ලෝකෙන්
ලෝකෙන්
ලෝකෙන්
එතෙරට අපි යන්නෙ
හිරකරුවෝ වගේ මචං
අපි ඉන්නෙ
කෙනෙක් හරි මග ගිහින්
නැහැ දෙන්නෙ
මචං ඒකයි වැරදි මගට
යන්නේ
spaceman ගේ හිත කවදත් නැහැ ගින්නේ
spaceman නැ මහ පොලවේ දැන් නින්දේ
ඒකයි අහසට අපි මේ දුක් වින්දේ
සෞරග්‍රහ මණ්ඩලෙ ඉම්බේ

ඉම්බේ මම සෞරග්‍රහ මණ්ඩලෙ
කචල් උඹලගේ බල මණ්ඩලේ
කන්ඩලේ දෙන්න දෙපලේ
දක්කනවා කන්ද දැකලා බං
බඩ යනවා

කන්ඩලේ දෙන්නා දෙපොලේ

දෙන්නා දෙපොලේ
මම නැහැ පොළවේ
spaceman වගේ බං මම ඉන්නේ
එලොවේ
මම එලොවේ

රට හදනවා කියලා
බොරු පොරොන්දු දී
දැන් රට කාලා
ජීවිතත් දැන් හිත මෝරා
එන්නේ පස්සෙන් දැන්
වගෙ සුදු ගෝනා

දැන්නම් තියෙන්නේ එක දෙයකුයි
ශොට් එකකුයි
අහසටම දැන් යන්නයි
කරදර මැකිලා
සිතම චිල් වෙන්නයි
ගෙදරට කියන්නෙපා
මං තරුණයි

හද පිරි ශෝක කදුලූ
හිත උඩ ප්‍රශ්න කෝටියයි
තියෙන්නෙ එක විසදුමයි
ගගනගාමි වෙන්නයි මේ
සැලසුමයි

නාසා වගේ වෙන්නයි යන්න
ලංකා
නවත්තන්න වෙන්නෙ නෑ
සුදු නෝනා
රොකට් ස්පීඩ් අල්ලන් යන්නේ
දැන් මං
තරු එක දෙක ගනිමුද
අපි මල් දම්

රට හදනවා
කිය කිය බොරු පොරොන්දු දුන් උන්
හොයනවා

සිරවී ඇති සිතුවිලි
එලියට ඇද දමා

ලෝකෙන් එතෙරට
අපි යන්නට හදනවා

cause Imma spaceman
cause Imma spaceman

cause Imma spaceman
cause Imma spaceman

cause Imma spaceman
cause Imma spaceman

උන්මාදනී | Unmadhani by DKM ft. Master D [2020]

තරමගදී මා
නුඹ දැක මගේ හිත නැවතී
යලි කිතිකැවුනා

කෙල්ලෙ ඇයි ඔය
නෙත් යුගලින් මා දෙස රවනා

ඇගේ උන්මාද වූ දෙනෙත්
ඇය උන්මාදනී

ඇගේ උන්මාද වූ දෙනෙත්
ඇය උන්මාදනී

ලය පැද්දෙන ගැස්සෙන
රටාවට ඇය ඇවිදින
කොට මගෙ හද ගැස්සෙන
පපුව දැන් හෝස් ගාලා යනවා

තරමගදී මා
නුඹ දැක මගේ හිත නැවතී
යලි කිතිකැවුනා

කෙල්ලෙ ඇයි ඔය
නෙත් යුගලින් මා දෙස රවනා

ඇගේ උන්මාද වූ දෙනෙත්
ඇය උන්මාදනී

ඇත සුරලොව මලක්
මෙහි පිපිලා
දුර ඇදෙන මා
සද සිහිල් ගැලිලා
හිත කඩුලු තුලක්
තදින් වැදිලා
පුරා වදුලු සුවද
නුඹෙන් සැරිලා

හිත කැලබුනී
නුඹේ රුව උනී
ගත බර උනු
නුඹ හරි අපූරුයි

හමු වුනි
පෙති පිබිදුනී
කෙටුවද ටැටූ
ඉන හිනැහුනී
මද පවන් නෙත කදුලු
මතින් හැමූ
තවන් නුඹේ ඇදේවී
පියකරු

හිත දවන් නෙතු පියලී
නුඹ සෙවූ
පවන් දෙපසින් ගියා අලි හොරු

සුරන් එකවර
මසුරන් විසිකලා
අසුවෙන්නෙපා
කසුකුසුවක් මගේ හිත
පසුවෙන් ඇති වෙන කලක්
ඇසුරෙන් මුදාහල
දැන් පිනා ගියා ඇසුරෙන්

තරමගදී මා
නුඹ දැක මගේ හිත නැවතී
යලි කිතිකැවුනා

කෙල්ලෙ ඇයි ඔය
නෙත් යුගලින් මා දෙස රවනා

ඇගේ උන්මාද වූ දෙනෙත්
ඇය උන්මාදනී

ඇගේ උන්මාද වූ දෙනෙත්
ඇය උන්මාදනී

කදුළු | Kandulu by DKM ft. Kaizer Kaiz [2020]

සිරවී සිටිනේ ජීවිතයේ
නුබ රුව මැවී මැවී ඇවිලෙන්නේ
දුක නැති මග සොයනා කාලෙක
අප දෙදෙනා වෙන් උනේ
මග හැරුනූ ඒ දවසට යන්නයි
මා පැතුවේ

කදුළු වලින් තෙමිලා
ඇගේ මුහුනේ
සිනහව නෑ

ඉස්සර වාගේ දැන්
ඈගේ ලග සෙනෙහස නෑ

ඇගේ රුව මා දකිනා දවස
පලවෙනි ලියුම කියූ දවස
පලවෙනියට සිපගත් දවස
මතකෙට ආවේ අදද

කදුළු වලින් තෙමිලා
ඇගේ මුහුනේ
සිනහව නෑ

ඉස්සර වාගේ දැන්
ඈගේ ලග සෙනෙහස නෑ

කදුළු වලින් තෙමිලා
ඇගේ මුහුනේ
සිනහව නෑ

ඉස්සර වාගේ දැන්
ඈගේ ලග සෙනෙහස නෑ

ඇත්තක් වහන්න බෑ
දැම්මත් දාහක් මුඛවාඩම්

ලස්සනම දේවල්
ඉගැන්නුවේ කැත පාඩම්

අපේ අතීතෙට මට
එකපාරක් යන්නට හැකිනම්
උඹේ හිනහව ගෙනත් දෙනවා
කෙල්ලේ ආයේ නාඩන්

මගේ හිත දිනුවට
දුකද මම දුන්න සහතිකේ
සමාවෙයන් කෙරුවට
සෙනෙහස ගාතනේ

රට්ටුන්ට තොරණක් වෙලා
අපේ මේ ජාතකේ
උන් ඒ එලියෙන් සතුටක් ලබද්දී
අපි තාමත් කලුවරේ

නුඹ ගැන
මම ලියූ හැම වදනක්ම
මතක් වෙන නිසා කෙල්ලේ
උඹේ හැම අගලක්ම

හදාගන්නම් මම
මගේ අතින් උන වරදක්ම
නුඹේ සතුට විතරයි
මට ආයේ වැදගත්ම

ආදරේ නම් හිත
සනසපු වචනේ

උඹ අකුරක් ලිව්වත්
මම උනා නේද මකනේ
ආයේ සමාවෙලා
තුරුලු වෙලා මේ සීතලේ
මූන බලන් කියපන්
නුඹේ අවසන් තීරනේ

කදුළුවලින් පිරී
නුඹේ නෙතු අද
හදවතම පුරා මම බොද වුන

මතකයන් එහා අපි සිරවුන
මා නිහඩම උන
ඈ නිහඩම උන

කදුළුවලින් පිරී
නුඹේ නෙතු අද
හදවතම පුරා මම බොද වුන

මතකයන් එහා අපි සිරවුන
මා නිහඩම උන
ඈ නිහඩම උන

කදුළු වලින් තෙමිලා
ඇගේ මුහුනේ
සිනහව නෑ

ඉස්සර වාගේ දැන්
ඈගේ ලග සෙනෙහස නෑ

කදුළු වලින් තෙමිලා
ඇගේ මුහුනේ
සිනහව නෑ

ඉස්සර වාගේ දැන්
ඈගේ ලග සෙනෙහස නෑ

දිව්රනා | Diwrana by DKM [2020]

දිව්රනා
හදවත පාරනා
සිතින් මං ලං වෙලා
නුඹේ සිත
හොරකම් කලා

දිව්රනා
හදවත පාරනා
සිතින් මං ලං වෙලා
නුඹේ සිත
හොරකම් කලා

මදහාස පවා මවලා
ජීවිතේ එළිය කරලා
යන්නට අවසරද මෙමා
යනවා මදුරසය සොයා

නුඹේ කුරුලු කූඩුව කඩා
ගිනිබත් කර අලුයට හා
ආයෙත් දකින්න නොවෙනා
යනවා මදුරසය සොයා

නිවනට යන පාර සොයා
මදුසමයක් ගත කලා
කාලය ගෙවෙනා ජීවිතයේ
අරුතක් සොයමි මා

එකතැනකට වී ඉන්නට
අදහස් කරමි මෙමා
ජීවිතයෙන් ඔබ්බට යන්නට
උත්සාහ දැරුවේ මෙමා

දිව්රනා
හදවත පාරනා
සිතින් මං ලං වෙලා
නුඹේ සිත
හොරකම් කලා

දිව්රනා
හදවත පාරනා
සිතින් මං ලං වෙලා
නුඹේ සිත
හොරකම් කලා

ඇයි උඹ ඉරිසියා | Ai Uba Irisiya by DKM ft. Smokio [2020]

කැරකෙන ලෝකෙ වටේ
අපි ඇවිදින්නේ
එක තැන දුවන අයයි
මට වැටහෙන්නේ

ඇයි උඹ ඉරිසියා?
බලන්නේ කපන්න
පිටිපස්සෙන් අනින්න
බිමට වට්ටන්න

ඇයි උඹ ඉරිසියා?
බලන්නේ කපන්න
පිටිපස්සෙන් අනින්න
බිමට වට්ටන්න

මේ ගතිගුණ තියෙනකන්
ඉන්නට බෑ නේ මචං
එකට එකා මරාගන්න කං
පැවැත්මක් නෑනේ මචං

ඇයි උඹ ඉරිසියා?
ඇයි උඹ ඉරිසියා?
ඇයි උඹ ඉරිසියා?
ඇයි උඹ ඉරිසියා?

මට ගැලපෙන්නෑ ඔය චරිත
ඉදපං ඈතින් එයි
උඹලට වඩා කෙලින් කතා කරනවා
උඹලගේ කෑල්ලේ

කෙල්ලේ මං මාත්රුකාවේ
කියවන්නෑ වහෙන් ඔරෝ හැල්ලේ

උඹලගේ ඔය ඇද කොදු
තියලා බැදගනින් ලෑල්ලේ

අහසින් වැටුනේ නෑ
මං මෙතනට ආවේ නෑ එක රැයකින්
මම හිටපු තැන් වල අද උඹ හිටියනම්
නෑ අද කෑලී
මනින්න එපා හදන්න මාව
මම ආව පාරෙන් නෑවේ

කකුලෙන් අදින්නැතිව පෙන්නපං
උඹලත් ඇවිත්

උඹ මාව දන්නෑ
මං උඹව දන්නෑ
ඇයි එහෙනම් වහන්නෙ පාර?
මට නම් දාන්න එපා ඔය පාර
ගේමක්ම නෑ ආවත් ඔක්කොම
එකපාර
අත ගහලයි අයේ උඩටම ආවේ
සෙල්ලමේ ඔක්කොම දාර
ස්මෝකා

කැරකෙන ලෝකෙ වටේ
අපි ඇවිදින්නේ
එක තැන දුවන අයයි
මට වැටහෙන්නේ

ඇයි උඹ ඉරිසියා?
බලන්නේ කපන්න
පිටිපස්සෙන් අනින්න
බිමට වට්ටන්න

ඇයි උඹ ඉරිසියා?
බලන්නේ කපන්න
පිටිපස්සෙන් අනින්න
බිමට වට්ටන්න

මේ ගතිගුණ තියෙනකන්
ඉන්නට බෑ නේ මචං
එකට එකා මරාගන්න කං
පැවැත්මක් නෑනේ මචං

ඇයි උඹ ඉරිසියා?
ඇයි උඹ ඉරිසියා?
ඇයි උඹ ඉරිසියා?
ඇයි උඹ ඉරිසියා?

2020 LPL ගීතය | 2020 LPL Song by B&S ft. Randhir & DK

ක්‍රිකට් ලොව කලබා
පිටිය යලි සරසා

එක්ව ජයගමු
ලොවම ජයගමු

It’s the battle of the champions
It’s the joy of the nation
It’s a celebration
It’s a revolution
You can feel it everywhere

එක්ව ජයගමු
රොක් වී ජයගමු
සටන ජයගමු
රටම ජයගමු
ලොවේ සිව්දිග
ජය ගී හඩ නංවා

Win it together
Clap it together
Rise it together
Go in forever
Every match is a moment
we bring together

Lanka Premier League 2020
Win together