ගිම්හානයේ පිපිච්ච | Gimhanaye Pipichcha by Surendra Perera

ගිම්හානයේ පිපිච්ච මන්දාරමේ පෙගිච්ච
සන්සුන් සුවින් පිරිච්ච මල් හිනාව මානයේ
සන්සුන් සිතුම් දැනිච්ච මා තුරුණු හිත් පොඩිත්ත
කළඹනා හැගුම් එතිච්ච අරුමයක් ඔහේ දැනී
වසන්තය එපා අනන්තය පුරා
මේ සුරම්‍ය ජීවිතේ හොදා ආදරේ

නෙත් බැලුම් නිසංසලේ සිත් පුරා සරා
හිත් කොනේ අනන්තයේ ඔබ ලැගුම් අරා
ජීවිතේ බැඳී හිඳින්න ලංවෙලා මගේ ළඟින්ම
නෑ රිදුම් මගේ සෙනේ සදා ආදරේ

වෑහෙනා පැතුම් පිරේවි මත් වෙලා සිතුම්
සීරුවේ සිතින් මවාවී පෙම් නුරා හැඟුම්
මාරුතේ සුසුම් දවන්න ස්නේහයේ පවන් සලන්න
මා ලොවේ සිඳන්ගනා වෙලා ආදරේ

ගිම්හානයේ පිපිච්ච මන්දාරමේ පෙගිච්ච
සන්සුන් සුවින් පිරිච්ච මල් හිනාව මානයේ
සන්සුන් සිතුම් දැනිච්ච මා තුරුණු හිත් පොඩිත්ත
කළඹනා හැගුම් එතිච්ච අරුමයක් ඔහේ දැනී
වසන්තය එපා අනන්තය පුරා
මේ සුරම්‍ය ජීවිතේ හොදා ආදරේ

දෙතොල් තෙලි තුඩින් | Dethol Theli Thudin by Surendra Perera

දෙතොල් තෙලි තුඩින් රස හැඟුම් තවරලා
කොපුල් තල දිගේ හෙමින් අතුරලා
මෙලයට තුරුළුවී හිතේ ඉඩ අරන්
පෙම් සිතුවමක් මැවූ සුපෙම් සිත්තරී
නුවන් කැල්මකින් නුරා වර්ණ දී
ජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී

රෑ දවසේ නොමැකී ලා සඳසේ සැපදී
රෑ මියෙනා මොහොතේ ආයේ හිරුසේ ඇවිදින්
නුවන් කැල්මකින් නුරා වර්ණ දී
ජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී

පාළු යහන් හැරදා සෝ සුසුමන් පලවා
මා යනෙනා කොතැනේ හුස්මක් සේ ඇවිදින්
නුවන් කැල්මකින් නුරා වර්ණ දී
ජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී

දෙතොල් තෙලි තුඩින් රස හැඟුම් තවරලා
කොපුල් තල දිගේ හෙමින් අතුරලා
මෙලයට තුරුළුවී හිතේ ඉඩ අරන්
පෙම් සිතුවමක් මැවූ සුපෙම් සිත්තරී
නුවන් කැල්මකින් නුරා වර්ණ දී
ජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී

සිතින් අද මම හඩන්නේ | Sithin Ada Mama Hadanne by Surendra Perera

සිතින් අද මම හඩන්නේ
නැති නිසයි ඔයා මගේ ජීවිතේ
කලක් ගොස් මට එය වැටහුණේ
කලේ වරදකි ජීවිතේ

ගෙවී ගොසින් දැන් වසර ගණන්
සමාගන්න නෑ දුන්නේ වරම්
සිතත් රිදුම් දෙයි මැරෙන තරම්
ගලක් වගේ සිත දරුණු කරන්
බලා හිඳිමි මම තව මොහොතක්
ඇවිදින් පවසන තුරු වදනක්

හඩා ඉන්න බෑ ලොවට හොරෙන්
සිනාසෙන්නෙ මා හඩන සිතින්
දහස් වරක් මා පතමි හදින්
එක්වෙමු ආයෙත් පුරුදු ලෙසින්
එක සැරයක් ළං වෙන්න පෙමින්
මැරෙන්න යන මොහොතකය කලින්

සිතින් අද මම හඩන්නේ
නැති නිසයි ඔයා මගේ ජීවිතේ
කලක් ගොස් මට එය වැටහුණේ
කලේ වරදකි ජීවිතේ

ආයෙත් රැවටෙන්න බෑ | Ayeth Rawatenna Ba by Surendra Perera

ආයෙත් රැවටෙන්න බෑ ස්නේහේ පැටලී ඔබේ
පාළුයි ඉවසන්න බෑ කම්නෑ තවමින් සිතුම්
කොහේදෝ තරහා වී ගියේ නම් මුලා වී
ආයෙත් ඔබ ඕනෑ නෑ
ආයෙත් රැවටෙන්න බෑ ස්නේහේ පැටලී ඔබේ

අහසේ තාරුකා තරම් ආදරේයි කියා
මැව්වනේ පෙම් මාළිගාවන්
අහසේ තාරුකා තරම් ආදරේයි කියා
මැව්වනේ පෙම් මාළිගාවන්
පයට පෑගෙන දුහුල්, දුහුල් මීදුමක් ලෙසින්
බිඳ දැම්මේ නුඹමයි සිනා
ආයෙත් රැවටෙන්න බෑ ස්නේහේ පැටලී ඔබේ

නිහඬ කල්පනාවකින් හිතට ළං වෙලා
දුන් හීනේ තනි වී එදා මා
නිහඬ කල්පනාවකින් හිතට ළං වෙලා
දුන් හීනේ තනි වී එදා මා
කඳුළු උහුලනා තරම් අතරමං වෙලා නෙතින්
ඇහුණා ද ළඳුනි එදා

ආයෙත් රැවටෙන්න බෑ ස්නේහේ පැටලී ඔබේ
පාළුයි ඉවසන්න බෑ කම්නෑ තවමින් සිතුම්
කොහේදෝ තරහා වී ගියේ නම් මුලා වී
ආයෙත් ඔබ ඕනෑ නෑ
ආයෙත් රැවටෙන්න බෑ ස්නේහේ පැටලී ඔබේ

පාලු පාර | Paalu Paara by Maduwa [2022]

පාළු පාරක
ගියා තනියෙන් ඈත
වසාගෙන කලුවරේ
මගේ දෑස
අපිත් කඩලා ඇනුව මල රෝස
Rapper උනාම
දෙන්න බැයිද Daughter

පාළු පාරක
ගියා තනියෙන් ඈත
වසාගෙන කලුවරේ
මගේ දෑස
අපිත් කඩලා ඇනුව මල රෝස
Rapper උනාම
දෙන්න බැයිද Daughter

මම රැප් කරාට මනුස්සයෙක්
කාටවත්ම ඉන්න ඕන්නෑ
මේ නම් යාළු බයේ
මට මුල ගැන කියන්න එපා
පුතේ ගහේ
මීටර් ගාන හොයන්න බෑ
මම ගහපු හයේ

Rip DAD මතකයි දුන්නා අවවාද
ජීවිතේ ගෙනියන්න ගැහුවා සැර Plan
Rappersla වෑක් ( wack )
ඇත්ත කතා කරොත්
Address ඕන්නෑ
ගෙදෙට්ටම එයිනේ සුදු වෑන්
මම Jesus නෙවෙයි වතුරේ ඇවිදින
මගේ හිතේ කොනකවත් නෑ
යාළු නවතින්න
තැනක වැටෙන්න ඕන තමයි නැගිටින්න
යාළු ආදරේ නම් හිරගෙයක් එපා යන්න

Rap කරනවා කියලා ඇයි වෙනම මැන්නේ
මේකේ නිධන් ගල මේ සෙල්ලමේ කොල්ලෝ
මං නේ
මට වැඩක් නෑ කාගෙවත් අකමැත්තෙන්
හැදෙන්න කියලා තමයි
අපිත් ගෑනු ගත්තේ

දුම් ටික යවලා පපුවෙ මෙන්න කාර
ගන්නකොට කෙල්ල කෙට්ටුයි
දැන් නම් ලොරි භාග
පහන තියලා වැඩක්ද තියන් මේ ඉනේ කාල
අමාරුවෙන් ගෙවන්නේ යාළු ජීවිතේ රෝල

මං වාගේ
මං වාගේ
තව කවුද ලංකාවේ
ඉන්නේ ඩෝ තව

Rap දෙන්නම් මං ගානේ
Relation හන්ගලා
ඉන්නේ මල් කඩ කඩ
ආතල් එකේ තමයි ඉන්නෝනේ
හැන්දෑවට කොල්ලෝ සංතෝසේ
ලොකුත් නෑ කවුරුත් නෑ මේ ගේමේ
නොමිලේ රැප් දෙන්නම් මං ගානේ

බෝඩරේ කඩන්නේ කැටි මං
කොහෙත් එකයි මට
නුවර කොළඹ
සෙල්ලම අරන් යන්නම් දුර
කෙල්ලො කන්නේ පොර
ඉල්ලයි මගේ රැප
හදාගන්න බැරි කෙල්ල ගහපන් ගෙට
මැරුණට පස්සේ කියයි අපේ හොද

අයින් වෙලා ඉන්නේ හැමදේම දැක්ක නිසයි
මේ වයසට සැප ගත්තා යාළුවෝ විසයි
අපි වෙනයි හරි හැඩයි
කෙල්ල කොන්ඩෙ ගැට ගැහලා
පච්ච ගහලා මෙන්න
ගඟ ගාව පිරිලානේ මෙන්න කිඹුලෝ
කොට ගවුම ගාව කොල්ලෝ යාළු ඇඹලෝ
කරපු මෝඩ වැඩ මතක් වෙනවෝ
හොද පැත්තක් මගෙත් කලින් තිබුණෝ

පව් කියනවා ඔක්කොටම
අපිට පව් කියන්න
කවුරුත් නෑ අන්තිමේ
මුන් මැරෙන්නේ නෑ වගේ ජීවත් වෙන්නේ
කිසි දෙයක් අපිට අයිති නෑ පොලවේ
මම Melody Killer
කෝ Waiter
කාලා ඉවරයි
මෙහෙට ගේන්නකෝ බිල
මොකෝ මදුවා
උබේ 4N එක ඔච්චර බර
මොකුත් නෑ බන් ලියපු රැප් වල මේ තමයි ඩෝ බර

පාළු පාරක
ගියා තනියෙන් ඈත
වසාගෙන කලුවරේ
මගේ දෑස
අපිත් කඩලා ඇනුව මල රෝස
Rapper උනාම
දෙන්න බැයිද Daughter

පාළු පාරක
ගියා තනියෙන් ඈත
වසාගෙන කලුවරේ
මගේ දෑස
අපිත් කඩලා ඇනුව මල රෝස
Rapper උනාම
දෙන්න බැයිද Daughter

ගේමක් ගහලා ලීක් වෙලා පහන්තුඩ
ආතල් ගනින් එපා Video කරන්න උබ
Single ආතල් ඉදලා කපල් වෙන්න බෑ මට
සුරංගනා කතා දන්නේ නෑනේ යාළු මම
මගේ සිංදු උබලගේ හිතේ අමාරුවට
මොකක්ද මේ ජීවිතේ කියලා හිතෙනවා
කල්පනා වෙද්දි තනියෙන් ඉද්දි මටත් වෙලාවකට
නයා නටනවා නලාවකට

තව ටිකයි | Thawa Tikai by Picazzo, Yachi ft. Smokio [2022]

අවසානේ ඇත ළඟා වී
දැන් ඉතිම් කම්පා නොවී
දැනටමත් වැඩි පමාවී
සොබාදහම විසින් අසමාන තැන් සම කරාවී
මනුෂ්‍යත්වය වැළලී
වරදකාරී මිනිසා ලොවේ විනාසය කරා අරන් ඇවිත්
යථාර්ථය වෙත දෑස් දී
කියන්න දුකයි ඒත් අපේ ප්‍රවේශපත්‍ර ලෑස්ති

පෘථිවියට වැළඋනු මිනිසා නම්
පිලිකාව විසින් නසයි මිනිසාව
මිනිසාටත් අමතකයි සීමාව
සොබාදහම පනවා ඇති නිතිකාව
මරණීය පව් හතකින් පිරියාත්ම
හැදුවේ පරිසරය බිලිගන්න
මහිද මහ පොලොව කිපිලා ලෑස්තිද
කරපු වැරදි වලට දඬුවම් පිලිගන්න
කිවිසුමක් නැතුව ඉපදී ලෝකෙන්
අයිතිවාසිකම් පතමින්
බල පිපාසයෙන් බර වී
සිවර්ගයා පවා මරාදමමින්
මනුසතා සිටී සරමින් නිදැල්ලේ
ගොදුරු මාන බලමින්
මතු පරම්පරාවටත් හුරු කරයි
ජීවත් වෙන්න අනිකාවත් ලොවත් නසමින්
ඉතා සුලු වෙලාවක් අරන් හිතුවොතින්
අපිත් ඒ යාන්ත්‍රනේ කොටසක් ම නේද මේ
ලෝකේ මේ තත්වෙට පත් කලේ
තිරිසන් මිනිසා මිස සත්වයෙක් ද
බලවතා තම පරමාර්ථ සපුරා ගනි
ගෙන එමින් විවිධ චක්‍ර ලේඛ
හැම තත්පරේම මතුවෙන්න පතන්නේම
වෙන ලෝකෙක වෙන සක්වලේක

අවසානේ ඇත ළඟා වී
දැන් ඉතිම් කම්පා නොවී
දැනටමත් වැඩි පමාවී
සොබාදහම විසින් අසමාන තැන් සම කරාවී
මනුෂ්‍යත්වය වැළලී
වරදකාරී මිනිසා ලොවේ විනාසය කරා අරන් ඇවිත්
යථාර්ථය වෙත දෑස් දී
කියන්න දුකයි ඒත් අපේ ප්‍රවේශපත්‍ර ලෑස්ති

දැන් ඉන්නෑ මිනිසුන් දා විනාශයට හේතුව
මිනිස්සුද පව් පිපාසෙන් මිනිසුන් සියලූම
මේ ශාපලත් පොලොව වියලුන
ඒත් නෑ දේවල් ගිලිහූනා ඒක වෙන්නෙපා
කාටවත් බිලිවුන
මල් වතුර පාට වෙලා කිරි මූද
ලංකාව දැන් තැනක් පිරිහූන
මතක් වෙන්නේ කෙමෙන් පාප
අපායෙන් ආරාධනා විලාප
සොබාදහම කෙරුවේ ශාප
පොලොවේ පුපුරන්න ළඟයි
දැඩිවෘතාප
විරුද්ධ වෙන්නට බෑ මේ දහමට
කාටත් පොදුයි නිති උඹටත් සහ මට
කරපු වැරදි ඇසේ කන් අගින් ලාවට
තව ටිකක් ලංවෙන්නේ අවසන් වෙලාවට

සලා දෙනෙත් යුග | Sala Deneth Yuga by Nishantha Pradeep

සලා දෙනෙත් යුග ඉගි කර හොරෙන් බලා
සලා දෙනෙත් යුග
සිනා සුනා මට ඔබ ගැන හැගුම් පොවා
කොහේ ගියේ ඔබ මගේ සිත තලා පෙලා
සදාතනයි කියු අපමණ පෙමක් දවා

එදා පෙමින් ඉගි කලේ ඔබයි
සදා දුකින් තනි වුනේ මගේ ලොවයි
අදත් මගේ සිත ඔබට හැගුම් බරයි
දුකින් වුනත් සිත තවමත් ඔබ සොයයි

සලා දෙනෙත් යුග ඉගි කර හොරෙන් බලා
සලා දෙනෙත් යුග
සිනා සුනා මට ඔබ ගැන හැගුම් පොවා
කොහේ ගියේ ඔබ මගේ සිත තලා පෙලා
සදාතනයි කියු අපමණ පෙමක් දවා

පුරා සදක් ලෙස පෙනේවි දැයි
බලාන ඉන්නවා ඔබ නොබෙනෙයි දුකයි
බිගුන් අරන් ගියේ මගේ මලයි
දුකින් වුනත් සිත තවමත් ඔබ පතයි

සලා දෙනෙත් යුග ඉගි කර හොරෙන් බලා
සලා දෙනෙත් යුග
සිනා සුනා මට ඔබ ගැන හැගුම් පොවා
කොහේ ගියේ ඔබ මගේ සිත තලා පෙලා
සදාතනයි කියු අපමණ පෙමක් දවා

තරු වෙරලේ | Tharu Werale by Damith Asanka

තරු වෙරලේ සඳවත සේ
හිත් අහසේ ඔබ පායා උන්නා
හිනැහෙමු ඒ පුරහඳ සේ
මගෙ මිතුරේ නෙත් කඳුළු පිසදා

මල් පිපිලා ඇස් මානේ නෙක පැහැයෙන් පුරවා
හිතට දැනුනා හිත් පතුලට මල් සුවඳක් එබුනා
හොරෙන් ඇවිදින් පිණි කඳුලක් සිත් සායම් තිබ්බා
සුවඳ විතරයි අතැගිල්ලට හිමි නැතිදෝ මන්දා

මගෙ ලඟ ඉදන් ලොකු ඇස් පියන්
වස්සාවී හිත් යායේ වරුසා
මිතුරේ මගේ නිල්මල් හීනේ
සුරකීවා ඔබ දෑස වගේ

තරු වෙරලේ
මල් පිපිලා ඇස්
මගෙ ලඟ ඉදන්
තරු වෙරලේ

පාරාදීසයෙ ජවයයි | Paradisaye Jawayai Me by Kasun Kalhara ft. Kushani

පාරාදීසයේ ජවයයි මේ
සිහිනය දිනනා සටනයි මේ
හැරෙන්නේ නෑ හරවනවා
අත්හරින්නේ නෑ අපි එනවා

පාරාදීසයේ ජවයයි මේ
සිහිනය දිනනා සටනයි මේ
හැරෙන්නේ නෑ හරවනවා
අත්හරින්නේ නෑ අපි එනවා

නුඹ මගේ සගයා
උරහිස දෙනවා
ආදර කදවුර මෙතන හදනවා

පාරාදීසයේ ජවයයි මේ
සිහිනය දිනනා සටනයි මේ
හැරෙන්නේ නෑ හරවනවා
අත්හරින්නේ නෑ අපි එනවා

බැරියර් අස්සෙත්
හදවත් පේනා
ඒ හදවත් මේ සටනට ඕනා

පාරාදීසයේ ජවයයි මේ
සිහිනය දිනනා සටනයි මේ
හැරෙන්නේ නෑ හරවනවා
අත්හරින්නේ නෑ අපි එනවා

පාරාදීසයේ ජවයයි මේ
සිහිනය දිනනා සටනයි මේ
හැරෙන්නේ නෑ හරවනවා
අත්හරින්නේ නෑ අපි එනවා

මහලු මඩමට | Mahalu Madamata by Samith Gomes [2022]

කන්න ගත්ත බත් පිඟාන අත උඩ හිල්වෙලා
ඉර හඳත් හෙලවෙන් නෑ එක තැන් ගල් වෙලා
බොන වතුරත් බොරයි පල් වෙලා
හුස්ම ගන්නත් උඹටයි මටයි මදි දැන් කල් වෙලා
දල්වපං පහන් ශෝකෙන්
ලොකු හඬක් අරන් නයෙක් වඩියි හෙට නාග ලෝකෙන්
වැද්දන් හිටින් ඇයි මේ කෝපෙන්
රැවටීම සාමාන්‍යයෙන් පෙළෙන්නන් මානසික් වහල් රෝගෙන්
දිව විකන් කට කැඩෙනකං
කිව්වත් පිළිගන්නෑ ඉන්න බිමටම වැටෙනකං
බීපාං පෙරපුවා ඇදවෙන්න වැදෙනකං
හිස ගිනි තියගනින් ඉහමොල ගැටෙනකං
බොරු මවා ගැලපූ
බාරදුනා රට ආයෙත් උන්ට හැට පැනපු
තණකොළම කවන්නේ ගොනාට ම ඇනපු
මහලු මඩම උඩ තියන් අපි යක්කු තනි ඇහැට අඬපු

මහලු මඩමෙන් ගිලගෙන කරවටක්
මහලු මඩමෙන් ගිලගෙන කරවටක්
මහලු මඩමෙන් ගිලගෙන කරවටක්
මහලු මඩමෙන් ගිලගෙන කරවටක්

මහලු මඩමට බිලිවෙලා ගෙල උඹේ
මහලු මඩමට බිලිවෙලා ගෙල උඹේ
මහලු මඩමට බිලිවෙලා ගෙල උඹේ
මහලු මඩමට බිලිවෙලා ගෙල උඹේ

ගිනි තිබ්බා තනි යායට
ඇඳන් ඉදන් ලඟ නෑයට
කන්න දීලා උඹලට මෑ ඇට
ඌ වඳිනවා ඌ හැදූ සෑයට

චිත්‍ර ඇන්ඳ උන් හොයනවා යන්න රටක් වෙන
එළියට පේනවා තිබ්බ හිස් ඔළුවල බෙන
ඉතුරු වන උන් ඉල්ලන්නෙම හෙන
සිංහයෝ හැංඟිලා ඇතුලෙම කෝ කොහෙද ගල් ලෙන
තාලෙට ගැහුවා එකෙක් බටනලා
ගහපු එකාටත් දුන්නා අන්තිමේදී කන හරහා
ඌ නං නොදකිං, ඒ වුණත් තොපි උඩ බලා
ඉද්දි නාකි එකතුවෙලා ගත්තා පැණි සියල්ල මල තලා
හැට නවයෙන් රට ලියලම
දීලාත් දැන් ඇස් දෙකත් රතු වෙලා කඳුලු පිහලම
කනකරත් සින්න වෙලා බැංකුවේ තියලම
ඔබලත් තේරුන්නෑ දැන් බලනවා මල්ල ලිහායලම
උන් එක අත්තේ
වහල ඉන්න කුරුල්ලෝ ඉත්තෑවෝ තොපේ ගැට්ටේ
දුවනවා තාමත් පේනවා මැරෙනා උන් මත්තේ
ඇෆ්ගනිස්ථානුවන් වගේ යන්න වරෙන් ගුවන් යානා තට්ටේ

මහලු මඩමෙන් ගිලගෙන කරවටක්
මහලු මඩමෙන් ගිලගෙන කරවටක්
මහලු මඩමෙන් ගිලගෙන කරවටක්
මහලු මඩමෙන් ගිලගෙන කරවටක්

මහලු මඩමට බිලිවෙලා ගෙල උඹේ
මහලු මඩමට බිලිවෙලා ගෙල උඹේ
මහලු මඩමට බිලිවෙලා ගෙල උඹේ
මහලු මඩමට බිලිවෙලා ගෙල උඹේ