සිතින් ආදරේ කරන්නේ | Sithin Adare Karanne by Damith Asanka

සිතින් ආදරේ කරන්නේ ආදරේ නොකියා හිඳින්නේ
ඇස් දෙක කියනා කතා ඔබේ
නොදුටුව සේ මා හිඳින්නේ ඔබ මට හිමි නැති හින්දානේ
ඇස් දෙක කියනා කතා ඔබේ
ඈතින් හිඳ මා බලන්නම් ආදරේ නොකියා ඉන්නම්
ආදරෙයි ආදරෙයි ආදරෙයි නොකියා හිඳින්නම්
ආදරෙයි ආදරෙයි ආදරෙයි නොකියා හිඳින්නම්

නොදැක ඉන්න හැම විටදී ඔයා
සිතට දැනෙන්නේ වේදනා
මගේ නොවන ඇස් දිහා බලා
කොහොමද දෙන්නේ පෙම කියලා
ඔබ මට හිමි නැති හින්දානේ
ආදරෙයි ආදරෙයි ආදරෙයි නොකියා හිඳින්නම්
ආදරෙයි ආදරෙයි ආදරෙයි නොකියා හිඳින්නම්

නිදි නැති රෑ ඔබ ගැන සිතා
කඳුළැලි ගැලුවා දෑසේ මා
මගේ වෙන්නේ නැති නිසා ඔයා
තනිවම ආදරේ දුක වින්දා
ඔබ මට හිමි නැති හින්දානේ
ආදරෙයි ආදරෙයි ආදරෙයි නොකියා හිඳින්නම්
ආදරෙයි ආදරෙයි ආදරෙයි නොකියා හිඳින්නම්
ආදරෙයි ආදරෙයි ආදරෙයි නොකියා හිඳින්නම්

මියැදෙන්න පෙර | Miyadennata Pera by Damith Asanka

මියැදෙන්න පෙර ආයේ එකම වරක්
දැකගන්න ඔබ එන්න එය සැනසුමක්
වුනදේ වුණා හඬලා දැන් නෑ පලක්
ඔබ ඉන්න සතුටෙන් මගේ ජිවිතේ අරන්
මේ රිඳුම් ඉකි ගසා ඉල්ලුවත් ඔබ සදා
හදවතේ දුක තියා ඔබ ගියා ඔබ ගියා

මියැදෙන්න පෙර ආයේ එකම වරක්
දැකගන්න ඔබ එන්න එය සැනසුමක්
වුනදේ වුණා හඬලා දැන් නෑ පලක්
ඔබ ඉන්න සතුටෙන් මගේ ජිවිතේ අරන්
මේ රිඳුම් ඉකි ගසා ඉල්ලුවත් ඔබ සදා
හදවතේ දුක තියා ඔබ ගියා ඔබ ගියා

හිනහෙන්න කාරණා දහසකුත් ඇතත්
රිදවන්නමයි හිතුවේ ඔබ මා තවත්
සැනසෙන්න දුන් පැතුම් අරගෙන යළිත්
හිතකින්ද හැර ගියේ සොඳුරියේ කියන්
මේ රිඳුම් ඉකිගසා

දුර යන්න හැකි වුනත් මා හැර හුඟක්
ඔබ නැතිව යන්න බෑ මට පියවරක්
හැමදේම නැතිවෙලා තනි උනු බවක්
නෑ කවුරුවත් දන්නේ ඔය හිත තරම්
මේ රිඳුම් ඉකිගසා

මනාලි | Manali by Windy Goonatillake ft. SANUKA [2022]

වීදුරු මල් කකුලෙන් තලන්නෙපා
ආල වදන් බේගල් කරන්නෙපා
සුපෙම් හැඟුම් හංගා බලන්නෙපා
මා දිහා
මිණිමුතු රන් ගෙල පළඳනා එපා
මන්දිරයන්, ලොකු මාළිගා එපා
නුඹ නැති නම්, වෙන කවුරුවත් එපා
මට එපා

නුඹයි මාගේ
මුළු ජීවිතේම හීන පෙම් පුරාණේ
තැනු මාළිගාව ආදරෙන් පිරේවී
මතු සෑමදාක මා නුඹේ මනාලි

නුඹයි මාගේ
මුළු ජීවිතේම හීන පෙම් පුරාණේ
තැනු මාළිගාව ආදරෙන් පිරේවී
මතු සෑමදාක මා නුඹේ මනාලි

ඔය ඇස්.. නිසඳැස්.. ලියවයි
ආලෙත් වගෙයි කැස්සක්
ලොවෙත් හංගන්න බෑ නෑනේ බැස්මක්
දෙන්නේ වටකරං හාදු වැස්සක්
කෙල්ලේ
නුඹෙ හද ගැස්මත් ඇති
පුසුඹයි නුඹේ හුස්මත්
කිණිස්සක් උඩ ඉස්සෙක් වගේ පිස්සෙක් මම ඔයාගේ ආලෙට,
කෑදරයි තමයි
අපි දෙන්නා නරක ළමයි
හැංගි හැංගි ආලේ බැන්දා තමයි
දැන්නම් තවත් ඉන්න බෑ ඈතින් ඔයාට
අද හෙටම බඳිම් කරකාරයි
මගේ හිත නුඹ හට භාරයි
කෙල්ලේ නුඹ හරිම හැඩකාරයි
ළඟම ඉද්දි ජීවිතේ සරුසාරයි,
මාරයි ආහ්
ආදර හීන ලෝකේ මාළිගා තනා
තාලෙට ප්‍රේම ලෝකේ තාන තම්දෙනා
කෙල්ලේ අපි නටමු
මේ පෙම් ගීයම ගයමු
ආයෙත් ආයෙත් හැම භවයෙකම හම්බෙමු
අතින් අත පටලමු
හැම හීනෙම එකට දකිමු ආහ්

හිමාලයේ කඳු පේළියෙන් එහා
පරිස්සමෙන් සඟවා තබා තියා
රැකගත් ඒ මගෙ හිත සොරා ගෙනා කුමාරයා
සත්සයුරේ දිය කන්දටත් වඩා
ආදරේ මං මුළු ලෝකෙටත් වඩා
මගේ හදේ තනි අයිතිකාරයා නුඹ තමා

නුඹයි මාගේ
මුළු ජීවිතේම හීන පෙම් පුරාණේ
තැනු මාළිගාව ආදරෙන් පිරේවී
මතු සෑමදාක මා නුඹේ මනාලි

ආදරේ නෑ ආදරේ | Adare Na Adare by Damith Asanka

ආදරේ නෑ ආදරේ
ජීවිතේ පැතු ආදරේ
සඳත් නෑ රෑ අන්දකාරයි
සඳත් නෑ රෑ අන්දකාරයි
ආදරේ නෑ ආදරේ

වේදනාවේ කඳුලු බිඳු නයනේ
චේතනාවේ රිදුනු සිත ළඟ නේ
ජීවිතේ පැතු සහනයක් නැහැනේ
ආදරේ මට අහිමි ඇයි ලඳුනේ

ආදරේ නෑ ආදරේ
ජීවිතේ පැතු ආදරේ
සඳත් නෑ රෑ අන්දකාරයි
සඳත් නෑ රෑ අන්දකාරයි
ආදරේ නෑ ආදරේ

ආදරේ නෑ පැතුම මිලින වුනේ
ජීවිතේ කෝ මිහිර සැඟව ගියේ
මාරුතේ මල් සුවඳ අද නැහැනේ
ආදරේ මට අහිමි ඇයි ලඳුනේ

ආදරේ නෑ ආදරේ
ජීවිතේ පැතු ආදරේ
සඳත් නෑ රෑ අන්දකාරයි
සඳත් නෑ රෑ අන්දකාරයි
ආදරේ නෑ ආදරේ

හිත රිදුනු තරම් | Hitha Ridunu Tharam by Denuwan Kaushaka [2022]

හිත රිදුනු තරම් දුක දැනුනු තරම්
නුඹ නම් දන්නෙ නෑ රත්තරං
මේ කඳුලු වලින් නුඹ යදින තරම්
දන්නේ මේ මමයි සත්තකින්
මගෙ ආදරේට ශාප වෙද්දි
ජීවිතේම නුඹම වෙද්දි
හිතෙන්නෙ පුදුමයක් නුඹ
අවසන් කලාට දුන්නු හීන
ජීවමාන මතකයක් ද
ඔයාගෙ ආදරේ මට

ලැබුනත් ලොවක් සම්පත් පිරී
පල නෑ ඒ හැම දෙයින්
මගෙ ලෝකයේ අදටත් නුඹයි
නුඹෙ ලෝකයේ මං නැතත්
මගෙ ආදරේට ශාප වෙද්දි
ජීවිතේම නුඹම වෙද්දි
හිතෙන්නෙ පුදුමයක් නුඹ
අවසන් කලාට දුන්නු හීන
ජීවමාන මතකයක්ද
ඔයාගෙ ආදරේ මට

වෙහෙසයි ඇතියි කියලා සිතී
නැවතෙන්නේ මා කෙසේ
සතුටත් නුඹයි කඳුලත් නුඹයි
මේ ලෝකයේ මට ඇතී
මගෙ ආදරේට ශාප වෙද්දි
ජීවිතේම නුඹම වෙද්දි
හිතෙන්නෙ පුදුමයක් නුඹ
අවසන් කලාට දුන්නු හීන
ජීවමාන මතකයක් ද ඔයාගෙ ආදරේ මට

හිත රිදුනු තරම්
හිත රිදුනු තරම් දුක දැනුනු තරම්
නුඹ නම් දන්නෙ නෑ රත්තරං
මේ කඳුලු වලින් නුඹ යදින තරම්
දන්නේ මේ මමයි සත්තකින්
මගෙ ආදරේට ශාප වෙද්දි
ජීවිතේම නුඹම වෙද්දි හිතෙන්නෙ පුදුමයක් නුඹ
අවසන් කලාට දුන්නු හීන
ජීවමාන මතකයක් ද
ඔයාගෙ ආදරේ මට

She Knows Me by C Chain [2022]

Now I know you motherf****rs trust me.
But hey, I’m C Chain.
And I will f** your bi*.

Oh she knows me
ඒ උඹෙ කෙල්ල browskie. I got no scene.
What’s going under her panties kinda saucy.
Juicy mama wanna c*m again, go again.
I ain’t forcing.
Why you posing? ඕන වුණාද attention?
She here for protein, sugar daddy got a pension.
I’mma take real care කොල්ලො, ගන්න එපා tension.
Photos ගත්තට කෙල්ලෙ කරන්නෙපා mention.

Share the location, I’mma pull up හනිකට.
ගේට්ටුව අරින්න බලලා වටපිට.
She got panties and a t shirt covering අනිත් ටික.
Got on her knees to turn my CKs කනපිට.
එක නීතියයි no clothes on.
What ever goes on.
කෑගහයි තව ඕන daddy කියා and it goes on.
She’ll suck yo soul off and I give her more sauce.
මේ මගෙ sugar mommy and I fill her up in all holes.
I don’t f**k with broke h*es or any posers.
Banging out a 3some, homegirl pull up like Moses.
යාලුවො දෙන්නව train කලා තියෙන්නෙ දාලා courses.
Smoking is a rule during all the pauses.

Oh she knows me
ඒ උඹෙ කෙල්ල browskie. I got no scene.
What’s going under her panties kinda saucy.
Juicy mama wanna c*m again, go again.
I ain’t forcing.
Why you posing? ඕන වුණාද attention?
She here for protein, sugar daddy got a pension.
I’mma take real care කොල්ලො, ගන්න එපා tension.
Photos ගත්තට කෙල්ලෙ කරන්නෙපා mention.

I do what ever the f**k I want, uno dos tres.
උඹ C Chain නෙමෙයි, ඒකයි වෙන්න බැරි best.
මගෙ ඊළඟ බිල්ල කවුද, කරපන් guess.
Shots ඉවර නෑ මගෙ.
Well you know what’s next.
These rappers got bested.
Look who you messed with.
Yo b*ch s*cking on my d*k, she getting tested.
උඹලා ගේම කද්දි කොල්ලො I’m well rested.
මේ රැප් බැ*ලියො all about to get molested.
I tried to be nice for once, now look what happened.
අන්න hindi පදේට නටනවා උඹෙ rapper.
උඹලා market එකට යැව්වෙ කුණු වෙච්ච apple.
මේ පණුවො ටිකටනම් ඕවා මාර සැප.

මොකෝ scene?
ලංකාව ගිනි තියන්න වක් කරන්නෙ kerosene.
Whatever coming out is whatever goes in.
උඹලගෙ දිගු ගමන ඉවරයි මොහොතින්.
ගූ සිංහල රැප් අද closing.

මේක hell convention.
වැඩිහිටියන්ට පමණයි මේ section.
ඇස් සුදු කරන් I be running with vengeance.
හෙට වෙයි තේරුම් ගන්න these intentions.

උන්නා එක | Unna Eka by Uresha Ravihari

උන්නා එක ගංගාවක රන්වන් පුංචි මාළුවෝ
උන් කී මේ කතන්දරේ අක්කේ දැන් අහන්නකො
අක්කා වගේ රූපෙන් යස මල් මල් මුතු කුමාරිකා
කැන්දන් යන්න ආවලු අහසේ හිරු කුමාරයා

ඒ කතන්දරේ හිරු කුමාරයා වාගේ කවුරු හෝ එයි අපේ දිහා
රාජ තේජසින් අශ්වයා පිටින් ආවොතින් එයා මන් හඬාවී දෝ
පුංචි නංගියා හඬවලා අනේ ඒ කුමාරයා එක්කලා ඉතින්
අක්කා යන්න යාවි දෝ

මෙන්න මේ වගේ අක්කලා නිසා රෑට රෑට හෝ මල් පිපෙන්නේලු
මුතු ලතා වගේ ඔය සිනා සලා ඒ පිපිච්ච මල් පර නොවේවිලු
මෙන්න මේ වගේ නංගිලා නිසා අක්කලා ලොවේ වාසනාවියෝ
හා හා වාසනාවියෝ

මහ වැස්ස | Maha Wassa by Pradeep Rangana

මහ වැස්ස වැටුනත් නෑ සීත දෙන්නේ
නාඩා නිදා ගන්න නංගී
මහ වැස්ස වැටුනත් නෑ සීත දෙන්නේ
නාඩා නිදා ගන්න දෝණි
දිව රෑ මුළුල්ලේ තුරුලේම උන්නත්
මදිවී දො මාගේ සෙනෙහේ
හද ගින්න උහුලන්න බෑනේ
කවදාද ඔබ එන්නෙ අම්මේ

තනිවූ වලාවක් පාවීය අහසේ
අසමින් තෙපුල් මව් සෙනෙහේ
දුටුවා ඔබේ රූ බොඳ හීන අතරින්
සැනසූ විඩාවූ නිමේශේ
සඳ ගිලුනු යාමේ මේ අඳුරු කුටියේ
දැල්වූ පහන් ඔබේ සෙනෙහේ
හද ගින්න උහුලන්න බෑනේ
කවදාද ඔබ එන්නෙ අම්මේ

දුක් කඳුළු සයුරේ උදුරැල්ල අතරින්
පදවා රුවල් අහිමි නෞකා
දිරි පවුරු බිඳෙනා සොයනා ඇසිල්ලේ
සඳ ආයේ පායන්නේ කවදා
වියලී දෙපාවන් තෙමනා දයාවෙන්
වස්සන්න ඈ රුවට වර්ෂා
හද ගින්න උහුලන්න බෑනේ
කවදාද ඔබ එන්නෙ අම්මේ

ආදරේ හැටි | Adare Hati by Nadeemal Perera from Imlie Teledrama [2022]

සුසුම් වලට හීන පොවන තරු වලද එතී
හැඟුම් දහස් කතා කියයි නුඹ ගැනම නිතී
රහස් එක්ක හිත අහුලන ඇස් වලට එබී
හීන වලට පණ දෙනවද නුඹ කවදා හරී

සුසුම් වලට හීන පොවන තරු වලද එතී
හැඟුම් දහස් කතා කියයි නුඹ ගැනම නිතී
රහස් එක්ක හිත අහුලන ඇස් වලට එබී
හීන වලට පණ දෙනවද නුඹ කවදා හරී

හාදු ඉහින දෙතොල් අතර නවතින්න සිතී
කොතෙක් දුරක් වුවත් සසරේ නුඹ එක්ක එමී…
රෑට අහසේ රටා මවන තරු අතර වැටී
හීන වලට පණ දෙනවද නුඹ කවදා හරී

හාදු ඉහින දෙතොල් අතර නවතින්න සිතී
කොතෙක් දුරක් වුවත් සසරේ නුඹ එක්ක එමී
රෑට අහසේ රටා මවන තරු අතර වැටී
හීන වලට පණ දෙනවද නුඹ කවදා හරී

අහම්බයක් වගේ දැනුණ කවි අතර මැවී
අතරමංද අහන්නෙපා නුඹ දැනුණා මට වැඩී
හිමි වේ නම් බලාගනිමි නුඹේ පහසේ මං රැදී
අහිමි වුනොත් දරාගනිමි මේ ආදරේ හැටී

අහම්බයක් වගේ දැනුණ කවි අතර මැවී
අතරමංද අහන්නෙපා නුඹ දැනුණා මට වැඩී
හිමි වේ නම් බලාගනිමි නුඹේ පහසේ මං රැදී
අහිමි වුනොත් දරාගනිමි මේ ආදරේ හැටී

සුසුම් වලට හීන පොවන තරු වලද එතී
හැඟුම් දහස් කතා කියයි නුඹ ගැනම නිතී
රහස් එක්ක හිත අහුලන ඇස් වලට එබී
හීන වලට පණ දෙනවද නුඹ කවදා හරී

සුසුම් වලට හීන පොවන තරු වලද එතී
හැඟුම් දහස් කතා කියයි නුඹ ගැනම නිතී
රහස් එක්ක හිත අහුලන ඇස් වලට එබී
හීන වලට පණ දෙනවද නුඹ කවදා හරී

ශිල්පය පිහිටන්න | Shilpaya Pihitanna by Pradeep Rangana [2022]

සිත් කිරි සුවදින් ලිත් පුරවා
සියොතින් රෑනෙන් ඉගිල ගියා
මතකේ රැදේ අභිමානයෙක්
ජීවිතේ ලිව්වා

සෙවන දැරූ ගුරු උරුම පුරා
සුව දිනන හීන පෙන්නා
ලොවක් සනසන
නමක් වෙන්නට ගීතයක් කිව්වා

පිටු අතරේ මතකේ රැදෙන්න
මුතුවන් රන් අකුරු ලියන්න
ශිල්පය නිසි ලෙස පිහිටන්න
පොත් වලට ගරු කරන්න

මිතුදම් සුවදයි
මේ පිටු අතරේ
කෙලිලොල් මතකේ
පන්තිකාමරේ
තාමත් රැව්දේ ගුරු දෙව් මතකය
හද පතුලේ
තාමත් රැව්දේ ගුරු දෙව් මතකය
හද පතුලේ

සිත් කිරි සුවදින් ලිත් පුරවා
සියොතින් රෑනෙන් ඉගිල ගියා
පොත් පටුනේ ඇතු හැගුමන්
අපිට කියා දුනා
බලා සිටියේ නිහඩව දෑසින්
පෙර මග පාවඩ එලලා
ලොවක් සනසන
නමක් වෙන්නට ගීතයක් කිව්වා

පිටු අතරේ මතකේ රැදෙන්න
මුතුවන් රන් අකුරු ලියන්න
ශිල්පය නිසි ලෙස පිහිටන්න
පොත් වලට ගරු කරන්න
පොත් වලට ගරු කරන්න

පිටු අතරේ මතකේ රැදෙන්න
මුතුවන් රන් අකුරු ලියන්න
ශිල්පය නිසි ලෙස පිහිටන්න
පොත් වලට ගරු කරන්න
පොත් වලට ගරු කරන්න