අම්මා (මහාමයාවරුනේ) Amma (Mahamayawarune) by Thushara Joshep [2019]

උණුහුම මටම දිදි..
ඈ හීතලේ නිදි..
නෑ තව දුක් කන්ද නිම්මා..
තුන්ලෝකයම රැකි..
ඈ මහා පිරිත වැනි..
සසරම අත්නොහරි අම්මා..

ආදර මව්වරුනේ..
මහාමයාවරුනේ..
සුවදයි මව් සෙනෙහේ ජීවිතේ..

අපි හන්දා මැරි මැරි..
ගිනි හංගා කුස යට..
නින්දා ඉවසගන්නේ රන් හිරු සේ..
නෙත් යුග නොම වැසු..
දරු දුක කෑගසා අදුරේ විරිය දෙයි ඒ ආදරේ..

ආදර මව්වරුනේ.. මහාමයාවරුනේ..
සුවදයි මව් සෙනෙහේ ජීවිතේ..

උණුහුම මටම දිදි..
ඈ හීතලේ නිදි..
නෑ තව දුක් කන්ද නිම්මා..
තුන්ලෝකයම රැකි
ඈ මහා පිරිත වැනි..
සසරම අත්නොහරි අම්මා..

ආදර මව්වරුනේ.. මහාමයාවරුනේ..
සුවදයි මව් සෙනෙහේ ජීවිතේ…

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here