පෙම් රංගේ | Pem Range by Harsha Costha [2021]

පෙම් රංගේ රොන් හැංගේ
රණ්ඩුයි වංගුයි පෑදේ
සිහිසුන්වේ භිහිසුණ් දේ
උතුරන් හතුරන් ඈඳේ

පෙම් රංගේ රොන් හැංගේ
රණ්ඩුයි වංගුයි පෑදේ
සිහිසුන්වේ භිහිසුණ් දේ
උතුරන් හතුරන් ඈඳේ

දෑසින් දෑස ගාමින් ගාව – හීනෙන් ළංවෙලා
රන්දම් හීන මල් පැන් ගේන – ආලෙන් මත්වෙලා
දෑතින් දෑත අල්ලන් උන්නු – කවුරුත් දුරස් වෙලා
යන්නේ මන්ද මේ දිවියක් ද – නෑ තව පසක් වෙලා

පෙම් රංගේ රොන් හැංගේ
රණ්ඩුයි වංගුයි පෑදේ
සිහිසුන්වේ භිහිසුණ් දේ
උතුරන් හතුරන් ඈඳේ

පෙම් රංගේ රොන් හැංගේ
රණ්ඩුයි වංගුයි පෑදේ
සිහිසුන්වේ භිහිසුණ් දේ
උතුරන් හතුරන් ඈඳේ

හා හා මේම බෑ තව ඉන්න – නුහුරුයි ඈත් වෙලා
තොල් සිප ගත්ත රැල් සුළඟක්ව – එයිනම් හවස් වෙලා
ඈතින් ඈත යං ඇවිදින්න – ආයෙත් තුරුල්වෙලා
මං ඔබ එක්ක. නෑ වෙන දැක්ක – හැඟුමක් විසක් වෙලා

පෙම් රංගේ රොන් හැංගේ
රණ්ඩුයි වංගුයි පෑදේ
සිහිසුන්වේ භිහිසුණ් දේ
උතුරන් හතුරන් ඈඳේ

පෙම් රංගේ රොන් හැංගේ
රණ්ඩුයි වංගුයි පෑදේ
සිහිසුන්වේ භිහිසුණ් දේ
උතුරන් හතුරන් ඈඳේ

ඉරබටු තරුව | Irabata Tharuwa by Chandana Liyanarachchi

ඉරබටු තරුව වෙන්න හැකිනම් මට
ඉරගල වැටෙ වේලාවේ
පුර හඳ වෙන්න බැරිද මට නුඹ ළඟ
තරු මල් පිපෙන ඉසව්වේ

ඉරබටු තරුව වෙන්න හැකිනම් මට
ඉරගල වැටෙ වේලාවේ
පුර හඳ වෙන්න බැරිද මට නුඹ ළඟ
තරු මල් පිපෙන ඉසව්වේ

නුඹ මහ වැවක් වෙන්න වැහි දිය බිඳක් විලස
මම ඉන්නම් මියෙන තුරුම නුඹගෙ තුරුල්ලේ
වැහි බිඳු දහක් අතර සොයනා නුඹේ සුවඳ
රැක ගන්නම් යන්න නොදී නුඹට නිදැල්ලේ

ඉරබටු තරුව වෙන්න හැකිනම් මට
ඉරගල වැටෙ වේලාවේ
පුර හඳ වෙන්න බැරිද මට නුඹ ළඟ
තරු මල් පිපෙන ඉසව්වේ

නුඹ මහ ගසක් වෙන්න ලෝකෙට සෙවණ සදන
මම ඉන්නම් විඩා නිවන් නුඹගෙ තොටිල්ලේ
අතු පත් සලා නිබඳ වැටෙනා නුඹ දාහය
පිසලන්නම් නෙතු පියාන ඉන්න සඳැල්ලේ

ඉරබටු තරුව වෙන්න හැකිනම් මට
ඉරගල වැටෙ වේලාවේ
පුර හඳ වෙන්න බැරිද මට නුඹ ළඟ
තරු මල් පිපෙන ඉසව්වේ

ගැලූ දිය කඳ | Galu Diya Kanda by Asanga Priyamantha Peiris

ගැලූ දිය කඳ හැපී බිඳුනා
තිසා වැව් බැම්මේ
ඉතින් නුඹ නෑ මමත් හෙට නෑ
තිසා වැව් ඉවුරේ

ගැලූ දිය කඳ හැපී බිඳුනා
තිසා වැව් බැම්මේ
ඉතින් නුඹ නෑ මමත් හෙට නෑ
තිසා වැව් ඉවුරේ

එදා සාලිය අසෝකාවන් වගේ අපි දෙන්නා
මඟුල් උයනේ කෙරූ සක්මන් අදින් පසුනම් නෑ
රන් පියුම නැති දා…
විල් තලය හැඩ නෑ…

ගැලූ දිය කඳ හැපී බිඳුනා
තිසා වැව් බැම්මේ
ඉතින් නුඹ නෑ මමත් හෙට නෑ
තිසා වැව් ඉවුරේ

පැතලි රුවසේ එකට ඉන්නට අපිට පිං නැති දා
ඉසුරුමුණියේ කිසිම අගයක් ඉතින් දැන්නම් නෑ
පව් කෙරුව හින්දා…
වෙන්ව යන් නොහඬා…

ගැලූ දිය කඳ හැපී බිඳුනා
තිසා වැව් බැම්මේ
ඉතින් නුඹ නෑ මමත් හෙට නෑ
තිසා වැව් ඉවුරේ

සුන්දර මැජික්කාරි | Sundara Magickari by Kasun Kalhara

සුන්දර මැජික්කාරි කොහෙදෝ
ඇදෙන්නේ නල රැළක් දිගේ
සුවඳක් බිගෝනියා යායේ
තවරලා දුවන්නේ
රෙමලිනෝ ඔබගේ දෑසේ පීනනා
මිනිසුන් දහසක් ගිලිලා සැඟවුනා

මිදි යායෙන් හැරී ඔබ බලනා හැටී
හෙමින් සැදූ සිතින් එබී
රෙමලිනෝ ඔබගේ ආලේ හිතින්
දහසක් හදවත් මිදිලා තාමත්

දවසක් දා යළී ඔබ අහසට ඇදී
පුළුන් වළා රොදක් ලෙසින්
රෙමලිනෝ ඔබගේ මතකේ පාවී
කාටත් රහසේ නොපෙනී යාවී

මං තනියෙන් | Mang Thaniyen by OOSeven [2021]

මං තනියෙන් ආවෙි
මං තනියෙන් යන්නේ
මං තනියෙන් මැරෙන්නේ
කියන්නම් දේ මං යන්න කලින්
නම තියලා යන්නේ

මං තනියෙන් ආවෙි
මං තනියෙන් යන්නේ
මං තනියෙන් මැරෙන්නේ
කියන්නම් දේ මං යන්න කලින්
නම තියලා යන්නේ

කතාව ඉවරයි
කිව්වට තාම පටන් ගත්තා විතරයි
කබලෙන් වැටෙන්නේ ලිපට
අනුන්ට කරන්න ගියාම විතරයි
වැරදි වෙනවා ඇතත බොරුව වෙනවා
මිනිස්සු විතරයි

දන්නේ කට්ට කාලා
උඩට නැගපු අයම විතරයි

තාත්තාගේ ඇස් අම්මාගේ හිනාව
මට ලැබිලා දැන් දෙවෙනි වතාව
පෙනුනා රතු රෙදි මේක අන්තිම වතාව
වගේම දැනුනා

නිදි නෑ ඇසට ඔලුව කැරකී
මනෝ විකාර පෙනුනා
ඇහුනා කතා කල හැම වචනෙම
හදවතට දැනුනා

කාසිය ලගදි පැරදි
ඇයි හොයන්නේ වැරදි මං
මතක නැති වෙලාද
අමතක ඇයි සබදකම්

වැදුනා හිස දැන් කදුලු පිස
මං ආයේ එනවා නම්
මිතුරෝ හතුරෝ වෙන්නේ ඇයි
දැන් ඉන්නේ දැනං

බලාපොරොත්තු නිසා රිදවවීම
හංගන්නේ හීනේ මරණේ
මරනේ වෙන්න කලිං මං මරනේ දැන්වීම
වරද මුල අමතක වීම අහන්නේ අනුන්ගේ කීම
අමාවක දින හද බැලීම නොවැරදීම
පතන පැතුම හොදනම් සතුටුවීම

මං තනියෙන් ආවෙි
මං තනියෙන් යන්නේ
මං තනියෙන් මැරෙන්නේ
කියන්නම් දේ මං යන්න කලින්
නම තියලා යන්නේ

මං තනියෙන් ආවෙි
මං තනියෙන් යන්නේ
මං තනියෙන් මැරෙන්නේ
කියන්නම් දේ මං යන්න කලින්
නම තියලා යන්නේ

හිත හොද වැඩි මිනිස්සූ
කාලේ ගෙවී ගියා මිනිත්තූ
මතකය මාව හිනැස්සූ
අමතක කර පිලිස්සූ
මගේ පින්තූර නැ අපේ ගෙදර
මම ප්‍රශ්න ඇහුවෙම නිතර
උත්තර කො මං අතර
හිතේ තන්හාව නෑ මං මහත

ඕනවාට වඩා කරන්න ගියාම
කටවත් අපේ අගයක් නෑ
රුපියලේ කාසි වගේ සලකන්නේ
දවසින් දවස අගයක් නෑ
අදුරට සාප කරන්නෑ
මිතුරන්ට බාද කරන්නෑ.

සතුට හොයන්න
තමන්ගේ පාඩුවේ කාටවත්
කරන්නෙපා කරදර
ඕනේ නෑ අනුන්ගේ දේවල්
මටනම් දාගන්න ඔලුවට ජරමර
ඔලුව ගිනිගෙන ඉන්න වෙලාවට
මම නිදහසේ හවසක
පොලවේ ඉදගෙන මවයි
හීන හද මත

පා තබාවි දවසක
යකඩ දඩු රලු කන්නේ මලකඩ වෙන්නේ අලු
ලෝකෙම වහගෙන පැතිරෙන
ඇතිවෙන වසංගත දුම කලු

තිරය පිටුපස වැඩ කරන්නේ හැමෝම
දිනන්න තනිව හොර රහසේ
දකින්න වෙනවා විදින්න විදවපු අය
රලු අහසේ
වචනේ ගිනි ගන්නේ
හතට යටව දිය වෙන්නේ
දැන්නම් පිනි
එලිය වැටෙන තැනට
ඇදෙන්නේ හැමෝම
කියවන්නේ මලමිනි

අයාලේ යනවා හිත දැන් නිකන්ම
වෙනවා පේනවා යකාට බිලි
දුක මොකටද මගේ ලග
අද නැවතිලා
අරගෙන ගිනි

බිත්ති වලට කන්
ඉන්නේ කපුටෝ හතර අතේ
ඉන්නේ නපුරෝ හතර වටේ
නොදැන නෙමෙනේ මං හෝව්

රැවටී බලන්න ඕනේ රැවටෙන එකේ රගේ
හිතපු දේවල් උනා නම්
අද ඉන්නේ කොහෙද මං
කොහෙද මං

ඇසට හසුනොවෙනා | Asata Hasu Nowana by Kasun Kalhara

ඇසට හසුනොවෙනා රුවක් උවමක් නොදැනා
හිතට විතරක් හැගෙන ආදරේ
ජීවිතය පිළිසිඳ දකින හීනයේ
ඔබ පමණි මිය නොයන ආදරේ…..

ඝන තිමිර යට ඔබ දුලන පුරහඳ
මල් පිපෙන හැටි
ගඟ ගලන හැටි මට කියා දුන්
මං හීනෙයන් දිව ගෑ සුවඳ
මං හීනෙයන් දිව ගෑ සුවඳ පොද
ඇස් අරින විට සුළඟේ ගිහින්…..

ඔබ කොහේ උන්නත් මා හද පිරිමැද
මවන මේ රස මියුරු කව් පද
මට ගොතා දුන්
වෙන කව්රුවත් දන්නෑ ඉතින්
වෙන කව්රුවත් දන්නෑ ඉතින් දැන්
ආදරය දැන් ඔබ ළඟ අවදියෙන්…..

මගේ ඇගිලි තුඩක | Mage Angili Thudaka by Chamara Weerasinghe

මගේ ඇගිලි තුඩක නොගැටී
පෙම පිරුව හදවතින්
මට සිනාසෙන්න කියා දෙන්න
කඳුළු දුන් නෙතින්

මගේ ඇගිලි තුඩක නොගැටී
පෙම පිරුව හදවතින්
මට සිනාසෙන්න කියා දෙන්න
කඳුළු දුන් නෙතින්

මගේ සිහිනවලට තටු දී සෙනෙහසින්
ඔබ කඳුළු තොටක තනි වී
තනිකම ඉතිරි කළා
මට තනිකම ඉතිරි කළා

මගේ ඇගිලි තුඩක නොගැටී
පෙම පිරුව හදවතින්
මට සිනාසෙන්න කියා දෙන්න
කඳුළු දුන් නෙතින්

එකම ගඟක දෙවුරේ පිපී ආදරෙන්
අපි ගඟට වැටෙමු පරවී
හමුවනු නොහැකි නිසා
අප හමුවනු නොහැකි නිසා

මගේ ඇගිලි තුඩක නොගැටී
පෙම පිරුව හදවතින්
මට සිනාසෙන්න කියා දෙන්න
කඳුළු දුන් නෙතින්

මා අමතක වී | Ma Amathaka Wee by Chamara Weerasinghe

මා අමතක වී යාවී
දුරු රට ගියදා නුඹ මා හැරදා
මා අමතක වී යාවි
කාලය හිමිහිට පියඹාවී
කෙදිනක හෝ අප හමුවේවී

ලොවට හොරා සැඟවී රහසේ
සැනසුනි නම් මා නුඹ තුරුලේ
මගෙන් නොලද රැකවල් මැද්දේ
පාළු කියයි නුඹ තනි යහනේ

මටත් හොරා ඉකිබිඳ රහසේ
නැවතුනිනම් නුඹ මා තුරුලේ
මෙවන් මිහිරි හැඟුමන් දෙහදේ
රැඳී තියේවිද හෙට දවසේ

මා අමතක වී යාවී
දුරු රට ගියදා නුඹ මා හැරදා
මා අමතක වී යාවි
කාලය හිමිහිට පියඹාවී
කෙදිනක හෝ අප හමුවේවී

මා අමතක වී යාවී

ප්‍රේමය උසයි | Premaya Usai by Shan Haseem

ප්‍රේමය උසයි

සුසුම් නම් විසයි
තනිකම් දොසයි
සදාකාලිකයි

ප්‍රේමය උසයි
සුසුම් නම් විසයි
තනිකම් දොසයි
සදාකාලිකයි

ප්‍රේමය උසයි
සුසුම් නම් විසයි
තනිකම් දොසයි
සදාකාලිකයි

මල්බද බිසවුනේ

රොන් ගන්න ඕනේ
තෝල් පෙත්ත දෑලේ
සිල් ගන්න බෑනේ.

මල්බද බිසවුනේ
රොන් ගන්න ඕනේ
තෝල් පෙත්ත දෑලේ
සිල් ගන්න බෑනේ.

ප්‍රේමය උසයි

සුසුම් නම් විසයි
තනිකම් දොසයි
සදාකාලිකයි

ප්‍රේමය උසයි
සුසුම් නම් විසයි
තනිකම් දොසයි
සදාකාලිකයි

ෆර්දාවෙන මුහුණ වසා. ශමේලා
එලු රැනේ දිව්වේ
ඉපනැල්ල ගානේ
තෝල් පෙත්ත දෑලේ
සිල් ගන්න බෑනේ.

එලු රැනේ දිව්වේ
ඉපනැල්ල ගානේ
තෝල් පෙත්ත දෑලේ
සිල් ගන්න බෑනේ.

ප්‍රේමය උසයි

සුසුම් නම් විසයි
තනිකම් දොසයි
සදාකාලිකයි

ප්‍රේමය උසයි
සුසුම් නම් විසයි
තනිකම් දොසයි
සදාකාලිකයි

ශමේලා. වේදනා.
නුඹේ නිල්වන් නෙතින් දැල්වුනා

මල්බද බිසවුනේ

රොන් ගන්න ඕනේ
තෝල් පෙත්ත දෑලේ
සිල් ගන්න බෑනේ.
එලු රැනේ දිව්වේ
ඉපනැල්ල ගානේ
තෝල් පෙත්ත දෑලේ
සිල් ගන්න බෑනේ.

ප්‍රේමය උසයි

සුසුම් නම් විසයි
තනිකම් දොසයි
සදාකාලිකයි

ප්‍රේමය උසයි
සුසුම් නම් විසයි
තනිකම් දොසයි
සදාකාලිකයි

ඔබේ අත ගෙන | Obe Atha Gena by Thamara Darshana Gunathilaka

ඔ‍බේ අත ගෙන පෙර සැදෑවක
උයන් තෙර හිද ආදරේන්
ගැයූ කුළුදුල් ප්‍රේම ගීතය
විරහ ගීයක් නොවේවා…
ඔ‍බේ අත ගෙන පෙර සැදෑවක
උයන් තෙර හිද ආදරේන්
ගැයූ කුළුදුල් ප්‍රේම ගීතය
විරහ ගීයක් නොවේවා…

ඔබේ හදවත සැලෙන රාවය
පවා මසිතට දැනුණ මොහොතක..
ඔබේ හදවත සැලෙන රාවය
පවා මසිතට දැනුණ මොහොතක..
හදවතින් තෙපලූ කතා කිසිදු
දිනයක ගොළු නොවේවා…

ඔ‍බේ අත ගෙන පෙර සැදෑවක
උයන් තෙර හිද ආදරේන්
ගැයූ කුළුදුල් ප්‍රේම ගීතය
විරහ ගීයක් නොවේවා..

ඔබේ සිහිලැල් සුවැති සෙවණේ
රැදී අප උන් ඒ සැදෑවේ..
ඔබේ සිහිලැල් සුවැති සෙවණේ
රැදී අප උන් ඒ සැදෑවේ..
හදවතින් මතුවූ සිනා කිසිදු
දිනයක බොද නොවේවා…

ඔ‍බේ අත ගෙන පෙර සැදෑවක
උයන් තෙර හිද ආදරේන්
ගැයූ කුළුදුල් ප්‍රේම ගීතය
විරහ ගීයක් නොවේවා..

ඔ‍බේ අත ගෙන පෙර සැදෑවක
උයන් තෙර හිද ආදරේන්
ගැයූ කුළුදුල් ප්‍රේම ගීතය
විරහ ගීයක් නොවේවා..