ආදරේට තරහ | Adareta Tharaha Wela by Neil Warnakulasuriya

ආදරේට තරහා වෙලා
ගියා කියලා හිතුවා මෙමා
එ්ත් ආයේ ආවේ නෑ ඔයා
අද එනවද හෙට එනවද
ආයේ ඔයා එන්නේ නැද්ද
හිත වද දෙයි හිතුවටත් වඩා
එනතුරු මම ඉන්නේ මග බලා
ආදරේට තරහ වෙලා
ගියා කියල හිතුවෙ මෙමා
ඒත් ආයෙ ආවෙ නෑ ඔයා
අද එනවද හෙට එනවද
ආයෙ ඔයා එන්නෙ නැද්ද
හිත වද දෙයි හිතුවටත් වඩා
එනතුරු මම ඉන්නෙ මඟ බලා

ආදරේට පොඩි ටොක්කක් ඇන්නට

හිල් උනාද ලවේ හෙඩ් එක
යාලුවො ඉදිරි පිටදි බැන්නට
බ්‍රේක් උනාද හදවත
තනිකම දැනෙනවා තනියම හඩනවා

අද හෙට නාවොත් මම මුහුදෙ පනිනවා
තනිකම දැනෙනවා තනියම හඩනවා
අද හෙට නාවොත් මම මුහුදෙ පනිනවා

ආදරේට තරහ වෙලා ගියා කියල හිතුවෙ මෙමා
ඒත් ආයෙ ආවෙ නෑ ඔයා
අද එනවද හෙට එනවද
ආයෙ ඔයා එන්නෙ නැද්ද
හිත වද දෙයි හිතුවටත් වඩා
එනතුරු මම ඉන්නෙ මඟ බලා
මුට්ටිය ඉදෙන කන්ලු දඹරේ

දෙන්නෙක් අතර අපි වගේ
ඔයා නැතුව බත් නෑ අපෙ මුට්ටියේ
මම කෙට්ටුලු ඉදල හාමතේ
උයන්න දන්නෙ නෑ කන්න බොන්න දෙයක් නෑ
නොකා නොබී ඉදලම මැරෙනවා හාමතේ
උයන්න දන්නෙ නෑ කන්න බොන්න දෙයක් නෑ
නොකා නොබී ඉදලම මැරෙනවා හාමතේ
ආදරේට තරහ වෙලා
ගියා කියල හිතුවෙ මෙමා

ඒත් ආයෙ ආවෙ නෑ ඔයා
අද එනවද හෙට එනවද
ආයෙ ඔයා එන්නෙ නැද්ද
හිත වද දෙයි හිතුවටත් වඩා
එනතුරු මම ඉන්නෙ මඟ බලා
ආදරේට තරහ වෙලා ගියා කියල හිතුවෙ මෙමා

ඒත් ආයෙ ආවෙ නෑ ඔයා

අද එනවද හෙට එනවද
ආයෙ ඔයා එන්නෙ නැද්ද
හිත වද දෙයි හිතුවටත් වඩා
එනතුරු මම ඉන්නෙ මඟ බලා
ආයෙ එන්නෙ නැද්ද අනෙ ඔයා
මගෙ මිනියටවත්
එන්න මගෙ සුදා

neel warnakulasuriya,non stop sunflower,derana sun flower,bakamuna sunflower,derana non stop,bakamuna non stop,sunflowers old,sunflower,nelson vaas,sunflower nonstop,best non stop,sun flower,all right nonstop,sunflower non stop,best sinhala song,ipaduna da patanma,attack showe,bakamuna show,bakamuna ground,new songs,oruwe nagala,musical show,bakamuna derana,diolog mega wasana,non-stop,new band,sirasa musical show,femous band,flash back live

ගිනි ගත්තු මතක | Gini Gaththu Mathaka by Chubby ft. Breezy

රැව් දුන්න පෙම් මතක සුළගේ තියා
අවසාන පෙම් සුසුමත් පිටමන් කලා
නුඹ දන්නේ නෑ සෙනෙහේ ලොවමයි කියා
පණ වාගේ දුන් පෙමට ඔච්චම් කලා
හිත ගත්තු හීන ලග දැවටි දැවටි මම ආදරේ කරපු නිසා
හිත රැවටි රැවටි තව ඉන්නට බෑ
විසිකරනෙමි මතක මකා

මං ආදරේ කරපු හිතට කරන්නෑ වෛර
දැන් මලකින් සතුට ලැබ මරන්නෙ මං සෛල
තැලුමට ඔයා නම් එපා ඒ තෛල
දිවුරලා කිව්ව හින්දයි මං විශ්වාස කරේ බයිල
ඔය ජීවිතේ උඩ මගෙ පාද හරි පරිස්සන්
ගියෙ අහිංසක හිතකි පුළුස්සන්
දරාගන්න බැරි උන් ගොඩක් වෙලා දැන් පිස්සන්
හොද කෙනෙක් ලැබේවි කියලයි ගියේ ලිස්සන්

කෙල්ලෙ ගියාට සිය දහස් වාරයක් Thank You
උඹ හිටියා නම් අද කඩන්නේ මං බැංකු
වෙන්නේ සතුට කොහොමත් කාටත් සුනන්ගු
මගෙ පෙනහැල්ල පදන් කෙල්ලේ ආයේ වෙන්නේ නෑ මුරණ්ඩු
සනසන්න හිතන් ලන් උනා හිතට සතෙක්
ආදරේ නෙවේ ඉල්ලන්නේ වස්තු බර ඇතෙක්
චරිතේ ඝාතනේ කලේ නෑ කෙල්ලේ මං මෙතෙක්
බැන්දා බන් පිලිකන්නේ වැටේම තඩිම තඩි ගොනෙක්

පිටමන් කලත් මාව නුඹගේ ලොවෙන්
මා තනිකඩයි තාම නුඹගේ නමින්
වරදක්ද කෙරුවාම පෙම එක සිතින්
කදුලටම දියවෙන්න තව බෑ ඉතින්
ගිනි ගත්තු සිතම මත පිච්චි පිච්චි මගෙ ජීවිතේ ගෙවන නිසා
හිත රිද්ද රිද්ද තව රවටනු බෑ
ගිලිහී යන පෙමක් පතා

Gini Gaththu Mathaka wala lyrics, Gini Gaththu Mathaka rap song, chubby beats

අවා අවා මා සොයා | Awa Awa Ma Soya by Neil Warnakulasuriya

අවා අවා මා සොයා

නෙල්ලි කැළේ ගී ගයා
එයා මෙයා කියූ කථා තවත් එපා
ඔයා මගේ ලොවෙන් මිදී යන්න එපා
අවා අවා මා සොයා

නෙල්ලි කැළේ ගී ගයා

හිරු පායා හිනාවෙන්නේ එලිය ගෙනෙන්නයි

සදු පායා හිනාවෙන්නේ සිසිල ගෙනෙන්නයි
නෙතු දෑලේ රැදී ඉන්නේ ඔබේ රුපෙමයි
සිත මාගේ පතා ඉන්නේ ඔබේ ආදරේයි
මට එපා ලදේ ආයේ… කදුලැලි ඔබේ දෑසේ

සදවගේ සුදු මුහුණේ

අවා අවා මා සොයා
නෙල්ලි කැළේ ගී ගයා

එයා මෙයා කියූ කථා තවත් එපා
ඔයා මගේ ලොවෙන් මිදී යන්න එපා
අවා අවා මා සොයා

නෙල්ලි කැළේ ගී ගයා

පෙරවගේ ගෙලේලන්න මාල ගොතන්නම්
මල වාගේ හිනා වෙන්න ආලේ පුදන්නම්
තරු රෑනේ රැදී ඉන්න ගීත ගයන්නම්
සද වාගේ ලගින් ඉන්න සිහින ගෙනෙන්නම්

මට එපා ලදේ ආයේ… කදුලැලි ඔබේ දෑසේ
සදවගේ සුදු මුහුණේ

අවා අවා මා සොයා

නෙල්ලි කැළේ ගී ගයා
එයා මෙයා කියූ කථා තවත් එපා
ඔයා මගේ ලොවෙන් මිදී යන්න එපා
අවා අවා මා සොයා
නෙල්ලි කැළේ ගී ගයා

neel warnakulasuriya,non stop sunflower,derana sun flower,bakamuna sunflower,derana non stop,bakamuna non stop,sunflowers old,sunflower,nelson vaas,sunflower nonstop,best non stop,sun flower,all right nonstop,sunflower non stop,best sinhala song,ipaduna da patanma,attack showe,bakamuna show,bakamuna ground,new songs,oruwe nagala,musical show,bakamuna derana,diolog mega wasana,non-stop,new band,sirasa musical show,femous band,flash back live

දිය ඇල්ලට බෑ | Diya Ellata Ba by Nelson Vass

දිය ඇල්ලට බෑ මහවැලි ගංගාවට බෑ
මගේ පපුවේ ඇවිලෙනා ගින්දර නිවාදමනු බෑ
මහ වැස්සට බෑ ඉන්දීය සාගරයට බෑ
මගේ පපුවේ ඇවිලෙනා ගින්දර නිවාදමනු බෑ
බෝතලේ….. මගේ බෝතලේ
නුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේ
බෝතලේ….. මගේ බෝතලේ
නුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේ

උඹ හින්දා ඈට මා එපාලු
උඹෙ නැවුම් සුවඳ ඈට දුඟද වේලු
ඈ ගියදා මට නොදැනුණු පාළු
උඹ නැතිදා මට දැනේවී යාළු
මුළින්ම මට නුඹේ සිසිල දැනුණේ
ඇය වෙනකෙකුගේ පහස ලැබූ දවසේ
වෙන තුරුළක චපල එයා නැලවේ
උඹ තුරල් වෙලා ඉඳපන් මගෙ පපුවේ
බෝතලේ….. මගේ බෝතලේ
නුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේ
බෝතලේ….. මගේ බෝතලේ
නුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේ

උඹෙ යාලුවෝ ඔක්කොම මම වගේදෝ
චපල පෙමක අවසන් ප්‍රතිඵලේදෝ
භවෙන් භවය හොයාපු සැනසුමදෝ
උඹට එහා තව නිවනක් වේදෝ
ළඳකට බෑ පෙම් කරන්න සමසේ
උඹට හැකිය සලකන්නට එකසේ
ඒත් අඟහිඟකම් ඇති වුණදා නිවසේ
උඹත් මාව දාලා යාවි දුකසේ
බෝතලේ….. මගේ බෝතලේ
නුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේ
බෝතලේ….. මගේ බෝතලේ
නුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේ

දිය ඇල්ලට බෑ මහවැලි ගංගාවට බෑ
මගේ පපුවේ ඇවිලෙනා ගින්දර නිවාදමනු බෑ
මහ වැස්සට බෑ ඉන්දීය සාගරයට බෑ
මගේ පපුවේ ඇවිලෙනා ගින්දර නිවාදමනු බෑ
බෝතලේ….. මගේ බෝතලේ
නුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේ
බෝතලේ….. මගේ බෝතලේ
නුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේ

neel warnakulasuriya,non stop sunflower,derana sun flower,bakamuna sunflower,derana non stop,bakamuna non stop,sunflowers old,sunflower,nelson vaas,sunflower nonstop,best non stop,sun flower,all right nonstop,sunflower non stop,best sinhala song,ipaduna da patanma,attack showe,bakamuna show,bakamuna ground,new songs,oruwe nagala,musical show,bakamuna derana,diolog mega wasana,non-stop,new band,sirasa musical show,femous band,flash back live

ඉපදෙන්නෙ තනියම | Ipadenne Thaniyama by Nelson Vass

ඉපදෙන්නෙ තනියම මිය යන්නෙ තනියාම
ජිවිතයට ඇයි මෙතරම්ම තනිකම
ඉපදෙන්නෙ තනියම මිය යන්නෙ තනියාම
ජිවිතයට ඇයි මෙතරම්ම තනිකම

දූ දරුවො වෙන් වෙලා මවුපියො අඬන තනිකම
මවුපියො නැති අසරණ දරුවන්ගේ තනිකම
සොයුරු පෙම බිඳී තැවි තැවි ඉන්න තනිකම
සිත් බිඳුනු පෙම්වතුන්ට සදා.. උරුම තනිකම

ඉපදෙන්නෙ තනියම මිය යන්නෙ තනියාම
ජිවිතයට ඇයි මෙතරම්ම තනිකම
ඉපදෙන්නෙ තනියම මිය යන්නෙ තනියාම
ජිවිතයට ඇයි මෙතරම්ම තනිකම

නේවාසික රෝගියො අත්දකින තනිකම
සිපිරි ගෙයි ලගින් නොදනී නියම තනිකම
ලෝතුරු සුව අතැර නිවන් පතන තනිකම
ප්‍රියයන්ගෙන් වෙන් වෙන එක.. තමයි තනිකම

ඉපදෙන්නෙ තනියම මිය යන්නෙ තනියාම
ජිවිතයට ඇයි මෙතරම්ම තනිකම
ඉපදෙන්නෙ තනියම මිය යන්නෙ තනියාම
ජිවිතයට ඇයි මෙතරම්ම තනිකම

neel warnakulasuriya,non stop sunflower,derana sun flower,bakamuna sunflower,derana non stop,bakamuna non stop,sunflowers old,sunflower,nelson vaas,sunflower nonstop,best non stop,sun flower,all right nonstop,sunflower non stop,best sinhala song,ipaduna da patanma,attack showe,bakamuna show,bakamuna ground,new songs,oruwe nagala,musical show,bakamuna derana,diolog mega wasana,non-stop,new band,sirasa musical show,femous band,flash back live

කෝ ආදරේ | Ko Adare by K Mac, DKM & Master D [2018]

ලෝකේ කැරකෙවී
අපි එක තැන ඉදී
මිනිසාම මිනිසා රවටද්දී
කෝ කෝ ආදරේ
කෝ ආදරේ

කෝ ආදරේ ගහන් ගියා සාගරේ
මිනිසා මිනිසාට ගරහන්නේ කෑදරේ
ජාති වාදේ පොසතාගේ පෞත්ගලික කොන්තරේ
බොරුව තමා විකිනෙන්නේ හෙළුව තමා මොස්තරේ

මනුස්සකම නැති සංකෘතිය බල්ලාට
අම්මා මහලු මඩමේ තාත්තා මරලා වැල්ලට
කරන පව් වහගන්න පින් කරයි පෙනුමට
සමාජේ පිරිහිලා සළකන්නේ ඇදුමට

සුදු පරවී ඉගිලෙද්දී අහසේ
රැවටීලා බලන් ඉන්නේ රටම නිදහසේ
රටේ තාරුන්ණිය නාස්ති වෙන්නේ රහසේ
කාටවත්ම බෑ නේ නවත්වන්න මේ විනාසේ

ඇහැට නොපෙනේන දෙවියන්ටයි සලකන්නේ
අසරණ දරුවෝ පාරේ බඩගින්නේ
කෙනෙකුට වරදිද්දී අහක බලන් යන්නේ
මට වැටහෙන්නේ නෑනේ කියලා දෙන්න දෙවියනේ

රාත්‍රියම පිපිලා පරවෙන මල කඩුපුල්
නිදන් හොරු හොයනවා බිලිදෙන්න දරුවෙකු තුන් කුලිදුල්
ලෝකේ දියුණු වෙද්දී මනුස්සකම පිරිහිලා දැන් පිළිකුල් පිළිකුල් (ah)

ලෝකේ කැරකෙවී
අපි එක තැන ඉදී
මිනිසාම මිනිසා රවටද්දී
කෝ කෝ ආදරේ
කෝ ආදරේ

කෝ ආදරේ ප්‍රශ්ණාර්ථ සලකුණ
කෝ කෝ මිනිස්සු බොරුවට රැවටුන
කෙනෙක් නිසා තවත් කෙනෙක් වෙලා අසරණ
මුණ නෙවෙයි හදවතයි වෙන්න ඕන ලස්සන

හිතන විදිහ දකින විදිහ
වෙනස් කරමු අපි ගැලපෙන්නේ නැති ඒ සෘතිය
රැල්ලට ගහමාර ගන්න සංහතිය
දවස් හතෙන් අමතක වෙන අපේ ගතිය

මට තේරුම් ගන්න බෑනේ ජාතිවාදේ
මනුස්ස ජාතිය දැන් නම් වැටිලා අගාදේ
දුෂණ අපරාද පිරුණු ලෝකේ
“සේයා” තාම අඩනවා ඇති දිව්‍යලෝකේ

අමානුෂික බලවේග පැතිරිලා
දෙවියන්ට නින්ද යද්දී යක්කු ඉන්නේ ඇහැරිලා
දැනෙනවා කුණු ගන්දස්සාරේ
බලන් ඉන්නේ ලේ බොන්න උන් ලැබෙනකන් වාරේ

ලෝකේ කැරකෙවී
අපි එක තැන ඉදී
මිනිසාම මිනිසා රවටද්දී
කෝ කෝ ආදරේ
කෝ ආදරේ

එන්නෙත් නෑ මැස්සොත්නම් මිනිසා කැස්සානම්
පිරිස්ස ගැස්සුනා කිනිස්ස බැස්සනම්
ඉරිතලද්දී රටක් හිනැසුමන්
ගිනිගොඩක් දැන් එළිකරන්නේ කන්

හෙන මනස රස කරන්නේ සරාගේ
රග කරන්නේ මුලාවේ දර පලන්නේ පරාලේ
පින් පිණිස රට කරන්නේ මරලේ
අණ කරන්නේ විදානේ ඇට දිරන්නේ වාරයේ

නං අයුරු නං පෙරටු වැරදු
කන් පැලුණු ඔලුවා රන් වලට රැවටු
හිත කොනක වල් අරටු පළවූ
බෝල් මිනිසා රජවූ ලංකවේ හැටිලු

අල්ලාගෙන සන්තාපේ බැන්නා මගේ යාලු
සින්නාග්ගර දැම්මා ඉන්නා කන සාදු
දිරන්නෑ දවන්නෑ මනින්නෑ මගේ හාදු
බලන්නකෝ ආදරේ අහන්න ඇයි පාලු

පිස්සන්ට තේරෙන්නේ නැත්තේ ඇයිද බේරවාදනේ
ලිස්සන්න මැසි මදුරු පිරි රටකාරනේ
හිස් වෙන්න නෑ පරක්කු වෙන්නේ නෑනේ පාලනේ
පුප්පන්න යන්නේ මම මලක් කොහෙද ආදරෙන්

නින්දා ගින්දර බසිනා හින්දා පින්කර ඇසිනා
කින්ද රන්බෙර කටිනා සිල්වර අදිනා මල්වර ගතිනා
හින්දා මන්දිර බතිනා වින්දා ගින්දර පටිනා
ටින්කර යුද්දේක පටුනා රැල්ලට වැදුනා කෝ ආදරේ ඇසුනා

ලෝකේ කැරකෙවී
අපි එක තැන ඉදී
මිනිසාම මිනිසා රවටද්දී
කෝ කෝ ආදරේ

written by K Mac, Master D & DKM

ko adare rap lyrics

දීපාවලී රෑ | Deepawali Raa by Dharshan Thavaraja ft. Ayashma

දීප දීප දැල්වෙන මේ
දීපාවලි රාත්‍රියේ
හිතේ එලිය දෙන දීපයෙන්
ඔබ පමණයි චාරු දේවියේ

පෝය හදේ එළිය වගේ
ඔබ හිනැහෙන ආල හිතේ
රැයෙන් රැයට
හොර රහසෙන්
ඔබ ආ හැටි හීන දිගේ

කිරි වෙහෙරට මල් පුදලා
ඔබ එන විට සුදු ඇදලා
ඝණ දෙවියන් ලගදි තමයි
ආල හිතේ මල් පිපුනේ

මැණික් ගගේ රැලි කලතා
එන මුතු කැට කතා කලා
හද පසෙකින් ඔබට තමයි
කොයි දෙවිදුත් සෙත් පැතුවේ

සුභාශිතේ පර කියවා
මං පදනුත් විමසන දා
ඒ කවි කන් තුලම තමයි
ජීවිතයේ මග තිබුනේ

තිරුකුමරා පද පහදා
දිවි මග ඔබ හෙලිකල දා
ඒ අරුතෙහි ඔබම තමයි
ප්‍රේමය මට මුනගැහුනේ

දීප දීප දැල්වෙන මේ
දීපාවලි රාත්‍රියේ
හිතේ එලිය දෙන දීපයෙන්
ඔබ පමණයි චාරු දේවියේ

පෝය හදේ එළිය වගේ
ඔබ හිනැහෙන ආල හිතේ
රැයෙන් රැයට
හොර රහසෙන්
ඔබ ආ හැටි හීන දිගේ

written by Nilar N Cassim

dharshan thavaraja,#dharshan thavaraja,dharshan thavaraja tiktok,dharshan thavaraja song,darshan thavarajah,darshan thavarajah tiktok,darshan thavarajah shakthi tv,darshan thavarajah song,darshan thavaraga,ayashma thathsarani,deepawali,deepawali raa,deepavali,deepawali song,deepawali dance,dipawali,deepavali song,deepavali geet,deepavali songs,darshan,para dige,tv derana,hari tv,kiya denna adare tharam,agra tv youtube channel,sirasa tv

මගේ පුතා රජා කියා | Mage Putha Raja Kiya by Nelson Vass

මගේ පුතා රජා කියා ඔබේ කර උඩ තියා
යන යන තැන අරන් ගියා මගේ සිහසුන දරා
ඔබේ කර උඩ මම ගිය තැන් පසු කරමින් මෙදා
යලි නොඑනා ගමන ගියා මගේ කර උඩ ඔයා

තාත්තේ ඔබට ඇහෙනවාද පුතාගේ හඬ තාත්තේ
තාත්තේ පුතාගේ හඬ ඇහෙන මානේ ඉන්ඩ තාත්තේ

සැප සම්පත් වලින් මාව පුරවලා
ඔබේ කිරුල මට දීලා ඔබ ගියා
ඔබ නැති ලොව මට රජකම
මොටද කියා සිතෙනා විට
දරන්ඩ බැරි හිතේ දුකට කෑගහලා ඇඬුනා

තාත්තේ ඔබට ඇහෙනවාද පුතාගේ හඬ තාත්තේ
තාත්තේ පුතාගේ හඬ ඇහෙන මානේ ඉන්ඩ තාත්තේ

ළඟින් ඉද්දි ඔබේ අගය දැනුනේ නෑ
ඔබේ ඔවදන් පිළිපදින්න හිතුනේ නෑ
ඔබ කළ කී දේවල් වල අගය හිතට දැනෙනා විට
දරන්න බැරි හිතේ දුකට කෑගහලා ඇඬුනා

තාත්තේ ඔබට ඇහෙනවාද පුතාගේ හඬ තාත්තේ
තාත්තේ පුතාගේ හඬ ඇහෙන මානේ ඉන්ඩ තාත්තේ

neel warnakulasuriya,non stop sunflower,derana sun flower,bakamuna sunflower,derana non stop,bakamuna non stop,sunflowers old,sunflower,nelson vaas,sunflower nonstop,best non stop,sun flower,all right nonstop,sunflower non stop,best sinhala song,ipaduna da patanma,attack showe,bakamuna show,bakamuna ground,new songs,oruwe nagala,musical show,bakamuna derana,diolog mega wasana,non-stop,new band,sirasa musical show,femous band,flash back live

සීමා මායිම් කඩා | Seema Maayim Kadaa by WAYO x DADDY

මේ යන ගමනේ
නැවතුම කොතැනා
නොදනිමූ සදා
කොහේදෝ කියා

එක හුස්මක යා වෙලා
හැගුමන් අතුරා
විදිමු ආදරේ
හැම ජීවිතේම
ආදරෙන් සතපා තියා
හැගුමන් ගවසා
සරසා
එක් වී බැදී

සීමා මායිම් කඩා
නිදහස් ලෝකෙ කරා
මනුසත් නාමෙන් සිත් සනසන්නා

සංකා ප්‍රේමෙන් නිවා
සිවිසල් සාමේ බෙදා
ලෝකේ ආදරේ ගිල්වන්නා

මේ යන ගමනේ
රිදුමන් නිවලා
ලංවෙමූ දරා
සෙනෙහේ උතුරා
අපි කවුරුත් එක් වෙලා
පවසමු හඩගා

බෙදමු ආදරේ
හැම ජීවිතේ මා
ආදරෙන් සතපා තියා

හැගුමන් ගවසා
සරසා
එක් වී බැදී

සීමා මායිම් කඩා
නිදහස් ලෝකෙ කරා
මනුසත් නාමෙන් සිත් සනසන්නා

සංකා ප්‍රේමෙන් නිවා
සිවිසල් සාමේ බෙදා
ලෝකේ ආදරේ ගිල්වන්නා

සීමා මායිම් කඩා
නිදහස් ලෝකෙ කරා
මනුසත් නාමෙන් සිත් සනසන්නා

සංකා ප්‍රේමෙන් නිවා
සිවිසල් සාමේ බෙදා
ලෝකේ ආදරේ ගිල්වන්නා

සීමා මායිම් කඩා
නිදහස් ලෝකෙ කරා
මනුසත් නාමෙන් සිත් සනසන්නා

සංකා ප්‍රේමෙන් නිවා
සිවිසල් සාමේ බෙදා
ලෝකේ ආදරේ ගිල්වන්නා

written by Shehan Galahitiyawa

daddysl,daddy,daddyonthetube,daddymusicsl,daddylive,naadro,wayo,sangeeth,transcendence,lanka,aaley,colombo,sangeeth wijesuriya,viresh cooray,sri,chika,music,viresh,perera,chikka,lahiru,signore

ඉපදුන දා පටන්ම | Ipaduna Da Patanma by Nelson Vass

ඉපදුන දා පටන්ම ආදරයෙන් මා හදා
වැඩූ බව ලොව මට කිව්වා
දැනගත්දා පටන්ම අනුන්ගේ බස් නිසා
ඔබෙන්ම අහන්න හිතුණා මා ඔබේ පුතු නොවේද
හැදු වැඩුවා පමණද කියන්න මගේ සුදු අම්මා
ලෝකය බොරුයි නේද කොච්චර ඔබ ආදරේද
ඔබමයි මා වැදූ අම්මා

දෑසේ කඳුළු පෙනේ වේදනාව මටද දැනේ
ආයෙත් නොඅසමි අම්මේ
වෙන අම්මලා මොකටද මට මොන අඩුපාඩුද
අම්මා ඔබයි සංසාරේ
වෙන අම්මලා මොකටද මට මොන අඩුපාඩුද
අම්මා ඔබයි සංසාරේ

වදලා කුණු බක්කියේ දමලා යන අම්මලාට
කියලා දෙන්නද අම්මේ
වදනා අම්මලාද හදනා අම්මලාද
පැහැදුවේ අම්මා අරුතේ
වදනා අම්මලාද හදනා අම්මලාද
පැහැදුවේ අම්මා අරුතේ

කුස තුළ බිළිඳු මරා මව් නමට දෙන්නේ නිගා
හදන්න බය හින්දානේ
වදන්න පින් මදිමුත් හදනා පිනෙන්ම ඔබ
මතු බුදුවෙනවා අම්මේ