in Sandanathala Rashmini, Siyumini Opayangi

සංසාරේ පුරාවට | Sansare Purawata by Siyumini Opayangi [2025]

සංසාරේ පුරාවට අපි අපිට හිමි වෙන්න 

ජීවිතේ තිබෙන තුරු ඔබෙ තුරුලෙ නැලවෙන්න 

ඉල්ලන්නේ හැම වෙලේ අනෙ ඔබව රැක ගන්න 

මං කරපු සියලු පිං ඔබෙ නමට බැර වෙන්න 

ඔබව රැක ගන්න 

ඔබෙ තුරුලෙ නැලවෙන්න 

ආදරේ සොඳුරු තැන් ඔබෙ අතින් හැඩ උනා

ජීවිතේ සදාකල් සැනසීම ඔබ උනා 

සංසාරේ කල පිනට අපි අපිට හිමි උනා 

එදා සිට ඔබෙන් තොර ලොවක් මට නැති උනා 

ජීවිතේ බර වැඩියි විටෙක මට වැටහුණා

සැනසීම මං ඔබෙන් හොයන්නට හුරු උනා 

කඳුලු සඟවා හිනහෙන්න ඔබ හින්දා හැකි උනා 

ඔබ නිසා ජීවිතේ සතුට මට හිමි උනා 

සංසාරේ පුරාවට අපි අපිට හිමි වෙන්න…

මං කරපු සියලු පිං ඔබෙ නමට බැර වෙන්න 

ඔබව රැක ගන්න 

ඔබෙ තුරුලෙ නැලවෙන්න 

අපි අපිට හිමි වෙන්න

written by Sandanathala Rashmini

Leave a Reply