in AKIIY, Jayss, Sinhala Rap, Smokio

සවාරි | Savari by Jayss ft. AKIIY and Smokio [2025]

රෝස මල් ගෙනා
හාදුවක් අගින්
ආදරෙන් පිරේ
මාගේ ආදරී

ඒ හිත හබා
මා කෙරේ
ආවේ මා සනසා සිහිනේ
මේ ආදරේ
මායිමක් නෑ කොහේවත්

සවාරි මගේ ආදරේ යානා
සංසාරී රති නෙත් වලින් වෙලානා
සාවාරී මගේ ආදරේ යානා
මං එන්නම් සදා

ග්‍රහණය වූ පෙම් ග්‍රහනයක්
කුළුදුල් මානයක් පුරා
දිවි ප්‍රානය තුරා ඈ
බඹසර රකී මේ මා එනතුරා
මා රාගිනී යාත්‍රා කරන්
මා හා මන්දාකිණි

සංසාරණී මිත්‍යයා පටලයි
ඈ මායා වැනී
මුගසුවක් ඔබ
ස්නේහෙන් භක්තිනි
මා නලවයි නෙතු ඈ දෙස දිහා බලන්
තිස්සේ හැම කෝනෙකින්
මහ වර්ෂා ඇරබෙයි දැන්
මේ ගෙවී යන්නේ නොපායන කාලෙකි

මුදු කුසුමකි
වනපස මල රැකූ උන්මාදයෙන්
ඈ විය සැරිසැරූ ළියතඹරා
මාත් හිටියේ ඔබ එනකන්මයි
විදින්න සැගවුනු සරාගි ඹබරා

සවාරි මගේ ආදරේ යානා…//

සරාගී මගේ ආදරේ ඕනා නම්
ස්රුංගාරී නුඹේ රමනේ ඕනා නම්…//

සංවාරී මගේ ආදරේ යානා
සංසාරී රති නෙත් වලින් වෙලානා
සවාරී මගේ ආදරේ යානා
මං එන්නම් සදා

written by Jayss x AKIIY

Leave a Reply