මගේ ඔරුකඳත් දිරාලා | Mage Oru Kandath Dirala by Sohan Weerasinghe

මගේ ඔරුකඳත් දිරාලා
කොල්ලෑවේ ලණු කැඩීලා
නමුත් මුහුදු යායුතු
රැක ගන්න ජීවිතේ
මගෙ බිරිඳ නිදිමරන් සාදා දුන් බතුත් අරන්
මහ සයුරට යන්නේ හද පුරවා ගෙනත් පැතුම්

අව්ව සැරයි සුළන් වැඩියි
සැඩ සුළගින් රුවලත් ඉරිලා යයි
මහ සයුරේ රළ නැග ඒවී
ජීවන මරණය අතර සටනකි

මහ දියඹේ අඝාදයේහි
දරුවන් රකින්න ඈතට යනවා
තෝරුන් හා ලොකු ලොකු මෝරුන්
මම වෙරළ පුරා ගොඩට ගේනවා

වෙරළ දිගේ සුදු වැල්ලේ මා
එනතුරු දරුවන් මග බලා හිඳී
වෙහෙසවෙලා දවස ගෙවාලා
මම දෙවි පිහිටෙන් ආපසු එන්නේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here