හිත වෙනයි | Hitha Wenai by Master D [2021]

බැඳුනට හිත වෙනයි නුඹ වෙනයි
එන්න ඉන්න කෙනයි ඉන්නේ තව කෙනයි
බඳ මල ලිහාගන්න බිය වෙනයි
කුමාරවරු හැංගිලා මේ උන්නු බෙනයි
බෙදාගන්නේ නුඹයි නුඹේ ළඟ කෙනයි
දිරාපත් ව නොයයි හිත උනු ලෙනයි
කියාගන්නේ ටිකයි ලියයි එයයි මමයි
නුඹ ඉන්න තැනයි මම ඉන්නේ තව දුරයි

පේන හැමදේම දියවෙලා ගියා
එක වෙලාවකදි මා
හිත හීන පාරේ ඉගිලුනා වෙලාගත
හීන විසඳුවා
පිණි බාලා ගත්ත බෙර පලා මදි කියා
පාද ලිස්සුවා
කාගෙත් හිත් නිසා පාරවා මගේ පාදුවා
යලි පාර පස්සේ මා
පිනවා උඹේ මනදොල පීනා
අහුමුලු වල ඇවිදුවා පීරා
මගේ රැපට කට වහලා බීරා
තවකෙක් නැටුවා රැපට බීලා
මගේ රටේ හුඟ දෙනෙකුත් බීලා
ඩොලරය ගියා රුපියලේ රීලා
ජන මතයෙන් දිනුවද ගීතා
මේක රැප Version එක Beta

ඇත්තේ නැත්තේ මන්දා කොත්තමල්ලි
බොන කොල්ලෝ රොත්ත මගේ
තක්කෙට වෙන්න තියෙන දේ දන්න
හැංගි ඉන්න බල්ලෝ රොත්ත වරෙන්
යුද්දෙට යන්න යුද නොකර ඉන්න දන්න
මුඩු උත්තමයෝ අතින්
මගේ රට යන්න යන්න ගියා කොන්ද
ඇවිලුනාට පැන්නා මරු ඇටෙන්
බිහිසුණු කල රට ඉපදී ආ,
පා වෙර දරන කලාවකදී
වසර වසර දින ගෙවුණි
නොදැනී මා මතකේ සතුටක් දැක
නෑ සුවයක්
සෙනගට තාම තේරෙන් නෑ කරුණක්
උඹට නොතේරී උඹ තා බොජුනක්
තව කාගේ හරි හපන පාරේ යන මනසින්
බාල අය
කෝ දැන් මානේ

උඹ විසිකර පෝර මල්ලෙන් පැනපු
දාර පඳුරු වල රාබු බැහැලා අද මාර අල
අර ශූර ගොවියා පාර මැද කපලා අරන්
විකුණලා දාහේ කොල
ඉතිම් පාර කියන තාරුකාවට මාර මල
වැස්සට කලින් තාර දැම්මා අන්න පාරේ
හැදිලා අද දාර වල
මට මාර මල
මොර දී ලබා ගන්න දෙයක් නෑ
අත බර පෙරදී
දුවගෙන ගිය මාගේම අය මම ගාවින්
ඉඳන් හරි පාරන් බෑවා තම වාරම්
මම රාවන්නද ඉතිම් අද
තා වෙන්නද තා වෙන්නද තර මම
රෑ පෙම් මිරිකන්නද ඔලු
කරබා ගනීද වාවන් ඉතිම් මගේ පද
පාවෙන්නෙ වේ පාවෙන්නේ වේ හැමුන්

බැඳුනට හිත වෙනයි නුඹ වෙනයි
එන්න ඉන්න කෙනයි ඉන්නේ තව කෙනයි
බඳ මල ලිහාගන්න බිය වෙනයි
කුමාරවරු හැංගිලා මේ උන්න බෙනයි
බෙදාගන්නේ නුඹයි නුඹේ ළඟ කෙනයි
දිරාපත් ව නොයයි හිත උනු ලෙනයි
කියාගන්නේ ටිකයි ලියයි එයයි මමයි
නුඹ ඉන්න තැනයි මම ඉන්නේ තව දුරයි

හීනත් උණුසුම් | Heenath Unusum by Bola ft. Master D [2021]

කලු රෝස මලක් සුදු කෝල
අතින් ගෙන පාලුවේ වැට ළඟ
ගිජුලිහිනි නෙතින් මගේ පපුවේ
වම නෑ ගෙන ගෙන හනිකට
රෑ සඳවට කවිකම් ගොතමින් තනිකම
ඇති රූ යහනට
නුඹ ආ වග මතකයි හීනත්
උණුසුම් දකිද්දි ඉස්සර

මට තොදොල් වෙවී හිස පිරිත් මදී
උහුලතත් රතේ
තොල් මුවත් සිඳී ඇස් යටින්
නෙවේ පපු ගැබක් හිතේ
මුව වචන ලෙසින් සුසුමන්
දිග සේයුටු සුළං වැනි
මදුවිත පැරදෙයි රන් තිසරු
පිරි සිහිනයක් මෙනි
මත්වෙන තාලෙන් තාලෙට කම්කලු
කම්කලු කතා ගොතන් මම
රත්වෙන පපුවත පපුවත පිච්චෙන
කෙසේගිහි ඇඟිලි පොවන් රද
ප්‍රේමෙට ඇලපිලි ඉස්පිලි එක් කරමින්
තව තව හරි හරියට
ඉස්සර බැඳි පෙම් විස්තර හන්තානින්
විසිකර මහවැලියට
කෝ දැන් හිනාවෙන්න

මට මලක් වෙන්න කෝ සඳ බලාගන්න
වෙනවා අපට වෙන්ව යන්න තරු
එපා විරිත්තන්න
ආයෙත් එපා එන්න කලුවර පරද්දන්න
මගේ ආදරේ කෝ දැන් තුරුල් වෙන්න
සීලෙන් රාගය ගන්න ප්‍රේමෙන් නාමෙන්
හුස්මක් සද්දෙට දෙන්න කෝ එපා
කල් අරින්න
තව තුරුල් වෙන්න අපි අපේම වෙන්න
ඕන මගේ ආදරේ
කෝ අද කතා පොජ්ජ
මැරුනද හිනා පොජ්ජ ආදරේ යාන්තමින්ද
නැත්නම් තෙහෙට්ටුවෙන්ද මාසේ පෝය වත්ද
ආයෙත් අමාවකක්ද යන්නට ලෑස්තියෙන්ද
කෝ කෝ කෝ

පාලුව පාලුව පාලුව පාලුව
පාලුව හිරිකඩ එක්කලා යාලුවෝ
හිරිපොද කඳුලු ගලද්දි
කවුලුව වසා පියා ඇය සඳලු තලෙන්
බැස අහසට යද්දි
හාදුව දුන්නා නියා සිහිනෙන්
විකසිත වී බැඳී මියෙද්දි
උන්නද හුස්මක එල්ලි මා හිත
දූවිලි නෑ එලි පෙත්තේ
බැඳෙන්න බැඳෙන්න
අත හැරෙනවාද ලෝකේ පදනම
රිදෙන්න රිදෙන්න
උනු වෙන හිත් ගල් වෙනවා දවසක
විඳින්න විඳින්න
වේදනාව හිතේ මතුවෙන නිතරම
කියන්න කියන්න
ආයන්න ආයනු පල නැත හිත වත

වේදනාව ඇතුලත හන්ගන්
හිනාව පිටපොත්තේ කර සිත්තම්
විලාන වූ බෝ හිත් එකතුව
ප්‍රේමෙන් පිරෙව්වා පොලොවේ වත්කම්
විරහව කර රහක්ව සන්තම්
පදම් උනා මන් කඳුලෙන් බස්තම්
මනා වැටහී මුලාව දැන් වෙලාව එනතුරු
සිකුරුත් fuck බන්
දිය මතුපිට ලිස්සන්නෑ දිය පත්ලේ
දිය සෙවලක ඇවිදිනු බෑ
ඇස්මානෙට අහුවෙනු බෑ හිත් ඇතුලේ
සිතුවිලි රූපෙට කැප නෑ
වෛරයකට නවතනු බෑ
වේදනාව කාමෙන් උන්මතක රෑ
ආ ආයේ වැටෙන්නේ නෑ
අස්තීර මේ ලෝකේ ගිවිසුම් බෑ

හීන හීන මවාගත්ත ලෝක
අහසේ ඉන්න ලියපු ජාතියක්ද
හීන හීන හීන හීන
දරාගන්න ඕන වේදනාව පිරුණු ජාතියක්ද
හීන හීන හීන හීන
හිනාවෙන්නේ කෝම කියාදෙන්න මැවුනු
ජාතියක්ද
හීන හීන හීන හීන
හීන හීන හීන හීන හීන

වසම පොවන්නේ | Wisama Powanne by Master D [2021]

මට විතරක් ඇයි උඹ විෂම පොවන්නේ
විෂම පොවන්නේ විෂම පොවන්නේ..
මට විතරක් ඇයි
මට විතරක් ඇයි උඹ විෂම පොවන්නේ
විෂම පොවන්නේ විෂම පොවන්නේ..
මට විතරක් ඇයි

මතකද මන්දා දොලුකන්ද
අතගාලා ගත්තා මගේ සිතුවිලි කන්ද
ගත සිත ඇඳි උඩ ලන්ද
පැහැරුවා පෙරලෙන තුරු කන්ද
පඩි ගසාගෙන ගියා
මගේ ළඟින් අන්ධ
අන්න රැප දිය ඇලි කන ළඟ
අන්ද මන්ද වී රෙද්දේ ගියා ගන්ධ
දැන් ඉතාම තමා තමා විඳ ගන්න
ඉඳ ගන්න

නිති මන දොල පිරිලද බරි
තමාගෙම ගෙල හිරවෙලා තමා අතින්
දින සති ගෙවුනද මතින්
බලන් හිටියා වෙනකන් සරුසාර බතින්
හරි සොඳුරුම හීන කොහොමද
ගොඩ ගියේ රටක් වෙලා දීන
සිතින් මම තව කියන් ගියත් ගීත
උඹත් ඇවිත් ඉඳපන් ළඟින් නැණ තියාගෙන

අපි දැන් මිනිස්සුනේ දකින සිහසුනේ
වඩින පිරිස මේ තිරිසන් මිරිඟුවේ
දැවිලා බියඟුලු ඇවිල්ලා ගිනිසිලු
වලට දියවීලා යාවි වියරුවෙන්
මොකද සිනිදු දේවල් හරිම විදුලි වේගෙන්
බිම පතිත වූවාම දිරව යාවී
අපි අපි වගේ ,
අපි අපි වගේ

අනේ මදුවිත වැනසුවා ඇගේ රුව
තව කුදුව ඇය තැබුවා ඇගේ මුදුව
හුරු පුරුදු බොරලු පාරේ ඇවිද
දොරටු ළඟ වැටුනා තනියෙන්
කාටත් ඇහුන් නෑ මොරදුන්
ටික දිනක් ඇය ඉදිමිලා ගියා
සුරතලුන් හට ටිකක් හිත රිදවලා
ඉන බඳ කර දියවෙලා ගියා
තව නිල මැසි රැලක් ඇගේ
මුව වසා තියා
ඉතිරිය කලා තද වැසි
අමතකම කලා ඇගේ සුව බොඳ සිතින්
ඇගේ දිවිය පුරුදු පුරුදු පැවිතිලි
හරි සම සමව බෙදපු තරුතිලි
ඇත හිත ඇතුලේ වද දෙමින්
මගේ හිත පතුලෙන් කරන් දැන් මැසිවිලි
ඇගේ රුව ඉමට කොහෙද පැදවිලි
ඇගේ නෙතු වලට කොහෙද පැමිණිලි

මට විතරක් ඇයි උඹ විෂම පොවන්නේ
විෂම පොවන්නේ විෂම පොවන්නේ..
මට විතරක් ඇයි
මට විතරක් ඇයි උඹ විෂම පොවන්නේ
විෂම පොවන්නේ විෂම පොවන්නේ..
මට විතරක් ඇයි

නිසි අරණක් නැති කරණක්
නිසි වරණක් නැති බරණක්
හවු හරණක් මව් සරණක්

නිසි අරණක් නැති කරණක්
නිසි වරණක් නැති බරණක්
හවු හරණක් මව් සරණක්

මට විතරක් ඇයි උඹ විෂම පොවන්නේ
විෂම පොවන්නේ විෂම පොවන්නේ..
මට විතරක් ඇයි
මට විතරක් ඇයි උඹ විෂම පොවන්නේ
විෂම පොවන්නේ විෂම පොවන්නේ..
මට විතරක් ඇයි

තනි කලුවර | Thani kaluwara by Master D [2021]

තනි කලුවරේ හිරවෙලා
හිටි පොඩි නරියෝ
සිනිදු බලයිද දොර ඇරියොත්
කව්ද කියන්න එපා කිව්වේ මගේ රට
මගේ රටේ කුස තන
ළඟ පරපුරක් බුදියෝ
කැපුවද මව්ගේ ත්‍රිපෝෂා
පවුම් ගෙන පෝලිමේ පෝසත්
යන්න සිද්ධි දුන්නා සිද්දු දෝෂා
ඉතිම් නුඹ කටින් වෙලා ඌසල්
ඇයිද කියාගෙන ගියේ හිත බොරු බස්
මම වෙලාවට දෙන්නම් මගේ අස්වැන්න
දින සති නිමාකලේ රැප වස්සන්න
ඉඳා තියාගනින් මගේ හොඳ අස්වැන්න

රත්වුනු වැලි කැට නොම පැතුවෝ
අත්වල කරගැට නැතුවෝ
හිත්වල කහවනු පැතුවෝ
තෑගි තව පය ගැටුනෝ
උතුම් කරුනා ගුන උන්ට නැති වූ
ඉතිම් සතයෝද බතයෝද පිරුණු
රස කලා පද මගේ ඇසුනු
සමහරක් ළමයි හිතන්
ඉන්නේ මේක කඳුරු

ආ,… ආ,… දවසකින් වෙලා ගෙන පෝසත්
ආ,… ආ,… අවසර පතා එය බෝමත්
ආ,… ආ,… වෙලා කියා බුදුනට දී දන්
ආ,… ආ,… එයා තව මුසුකලා බේගල්

ඉදිම් වැට දමා ගිය බැත තමයි මේ
සතෙකුට විඩාවට පිලියමක් නේ
ගස කපා බිම ඇති තරම් තියෙන්නේ
මට හිත හදාගන්න තියෙන්නේ
මේවා diss නෙවේ මේවා kiss
උඹ දන්නෑ රෙද්දේ රැප මම dismiss
වෙන කාලේ හරි ලිස්සන පද මගේ
Pitch කරන්නේ දැවෙන බොරුවට කිව්වේ
යන කතා මෙන්න රස පදමේ පැටිස්
උනු සැප risk පද ගැලපෙන gift
බොරු බස් දාන්න එපා බනී හිත්
සැමට පිත් ළදරු හිත්
මම දෙන්නේ රැපෙන් කර වෙන්න
දැන් උඹේ හිත් pitch, bitch

පොඩ්ඩක් හිතේ ඉඩ තියාගනින් එද්දි
කැඩී ගියා උඹේ දත උඹේ අතින්
කව්ද කෙනෙක්ගේ හිත ඇතුලේ කැත්තකින්
නුඹ වැහිනු වැඩුනු කැලයක වැද්දමින්

ආ,… ආ,… කලින් ආපු මල්ලිලාට මෙන්න කැප
ආ,… ආ,… ඉල්ලුම් මෙන්න දෙන්නේ මේ මෙන්න රැප
ආ,… ආ,… පියුමට එනවද ගුමු නද
ආ,… ආ,… ලෝදිය උතුරන පෙති අද

වේ## නැකත ආසම තැනක
දේසයක් ගැනම කී කවි බරට
තාලය අතපසු වී ටිකක් තදට
යා, යා, ඇයි උඹ නැවෙන්නේ මිලට

ලෝකෙම බොරුවක ඉඳන්
දෙන්න අත්පොලසන්
හිටින් දෙන්ට උන්ට කවියක්
අතින් අරන් එක්ක යන්න
එයි කැලේ දිගේ නරියන්
දෙන්න අත්පොලසන්

තනි කලුවරේ හිරවෙලා
හිටි පොඩි නරියෝ
සිනිදු බලයිද දොර ඇරියොත්
කව්ද කියන්න එපා කිව්වේ මගේ රට
මගේ රටේ කුස තන
ළඟ පරපුරක් බුදියෝ
කැපුවද මව්ගේ ත්‍රිපෝෂා
පවුම් ගෙන පෝලිමේ පෝසත්
යන්න සිද්ධි දුන්නා සිද්දු දෝෂා
ඉතිම් නුඹ කටින් වෙලා ඌසල්
ඇයිද කියාගෙන ගියේ හිත බොරු බස්
මම වෙලාවට දෙන්නම් මගේ අස්වැන්න
දින සති නිමාකලේ රැප වස්සන්න
ඉඳා තියාගනින් මගේ හොඳ අස්වැන්න

ඇගේ ඉඟ | Age Iga by Master D [2021]

ඇගේ ඉඟ නාඹිය දඟ කෙරුවා
හිත තුල කා වැදුනු නුඹේ සිනා
ටැප් එකෙන් නාලා සාගරෙ සුව පැතුවා
ඇත දුර මාවත නොම කියනා

නෙත බරිනා .. හරි පෙමිනා ..
එයි එයි එයි
නුඹේ සුව දැනුනා
නුඹේ සුව දැනුනා
නුඹේ සුව දැනුනා
ඉඳ කිති කැවුනා
ටිකක් රිදුනා

අල්ලා ගත්තා නුඹ මගේ හරි තැනින්
හමුවුනා නුඹ මගේ හොඳ තැනින්
දින ගෙව්වා නුඹේ පිලිතුරු පැනින්
මම දුන්නා රැප උනු කිරි පැණි
ආ මෙම ටික දුරයි සති ගෙවුනා
හාවත හරි දුරයි අපි ඇදුනා
හා ගෙවත් බසකට නොම හිත දුන්
පාඩුවේ ගමනට හිත බඳ වීලා

තරු තරු පේන දුරහා
දුර තරු යාය ඉම ……..හා
මම එක්ක තව කවුරුත් නෑ
ඇය ඇදුනා
නෙතු හිමි නුඹ සොයා දුර බලන්නේ
හිත ගියා ඔන්න ආයේ දුර අකුලේ
ඉතින් අදින්නකෝ මගේ කකුලෙන්
කිව්වට ඇද්දේ නෑ කවුරුත්
මගේ කකුලෙන්

ඇගේ ඉඟ නාඹිය දඟ කෙරුවා
හිත තුල කා වැදුනු නුඹේ සිනා
ටැප් එකෙන් නාලා සාගරෙ සුව පැතුවා
ඇත දුර මාවත නොම කියනා

සිනමාවක් | Cinamawak by Master D [2021]

එක තැන නොම ඉන්න මගේ හිත නැවතී
අද දුවගෙන ගියා දුර ඇත නැවතී
පද මතින් කියාගෙන යන්න තමයි කැමති
මම දෙන්නම් රැපෙන් ගැලවෙන්න උඹේ මිතුරි
බියෙන් ඉන්නේ විලි
බියෙන් දෙන්නම් මිනි
ඉර හඳ පවා මට දීල ගියා ගිනි
ළඟ උන්නා පිරි සට සැකයි ඉමි
මම විදගෙන යන්නම් රැපෙන් විස කිරි
පොඩි හිසරදෙන් නිති ගෙන ආවා මට දෝසා
අද දැනෙන දේ මම රැපෙන් කියන්න ආසා
කියවන පොත පත රස කලා භාෂා
මගේ රැප නිදි කලා හිතේ ඇති ඝෝෂා
නිති පැල ඉන්නේ බස බර නින්දේ
පස්සේ බත සින්දු මට නැත නර නින්ද
තනි පයෙන් ඉන්දු වෙලා මැද සින්දු
කකියන උඹලට මගේ රැප කින්දු

පොඩි කලා පැබිලි උඹ බයෙන් ඇකිලී
අකුණට කැකිරි බැලුනද ඉදිමි
කිරි කැටි වදනින් ඇති පිරිමදිමින්
කව්ද කෙලින් ඉන්න බැරි
කැහැටු බල්ලා වැකිනි
බස දැන්නන් තේරී හුඟ දෙනෙක්ට මේරි
මම වෙලා මගෙ රැපෙන් හොඳටම වෙරි
සමන්ත බද්ද බේරී, සමහරක්ට නේවී
කරත්තයක් අරන් ඇවිල්ලා
රැප් කරන්න බේරී

අතමිට සරුසාර උනදාට පලබර
හිතමට සරුසාර දෙන්නම්
වැස්සෙන් රැප දාර
ගත්තා මල්ල පුරවලා යක්කා
මල්ල පැතුවාද
අදින් එක එතුවාද නැත්තන්
මල්ලි කර බාපන්
විස බෝමයි නේද අසමානයි මේක
හිත කකා උන්නාට උඹ පස්සට උනා බේද
හිතලා පස්සට පැද්දෙන්න මල්ලි
ඇපල් ගෙඩියක් සුද්ද කරන
මන්තරේ බැරුව නේද

අනකින් අතින් තවකෙක් නම් නතින්
ළඟ ඉඳන් ළඟින් බිරුවා කන කටින්
කරනින් රටින් වඩිනා උන්ගේ ළඟින්
මරනින් මතින් සරණ උනා නොදකින්
ඉතිම් තව බලන්නෙපා ළඟ එක දෙසමින්
හැම දුක දෙය ඉන්න කල්
ඉතිම් පරවෙන මල්
උඹ උනා සිරිමල් ඌ දැන් බීලා වෙරිමත්
රසකින්ද මිරිකන්
පන්සලෙන් දැන් පිරිත් පැන්
පැණි මිලිකලා වටෙන්
නිදි නැති රෑ ගෙවල්

ටීවිද මදිද සාලේ මවලා දුන්නට ලෝකේ
කවුරුත් දැන් පදිරි යෝකර්
වැටිලා දැවිලා බෝලේ
ගසන්නම් පද මේ ලෝකේ
දෙසන්නම් රැපනේ ඕනේ
මකන දමනා call
මගේ රැප අරන් එද්දි රෑ බෝවේ
වැනිලා ඉවර නැද්ද පොලෝ
විසට බෙහෙත් ද මගේ කොලොං
වේදනායි ඇඳට ඇද සරොම්
හැමට දෙන්නම් මං රැප වරෝං
කට වනද වරමක්
පාවඩය හුඟක් දැන් පරන
මිලට හිතන කෙනෙක්ට
මගේ රැප තමයි එකම සරණත්

මේක ජීවත් වෙන්න කරන සිනමාවක්
මේක ජීවත් වෙන්න කරන සිනමාවක්
මේක ජීවත් වෙන්න කරන සිනමාවක්

මගේ රට | Mage Rata by Master D [2021]

නුඹේ නෙතු තලා දමන සිතුවිලි
පිණි දොව සුරාමයට මුව රැඳී
දුර ඉම තනා ගෙනම කවි කිවි
නුඹේ ගෙල පුරාම කෙල්ලෝ උන් දැන් නිදි
පිරි වද කඩාගෙනම බිඟු මැසි
මගේ රැප දුමාරයට වැදි තඩි
දුර ඇත දුවා ඇදුනා දුම වැදී
ඉතින් නුඹ සිනාසියන් දැන් මලු පිරී

සිතුවිලි පහසින් දැන් මිරිකුනු අය
මම උස හදාගන්න තෙරපලා කය
පිටින් දේවල් අරගන්න හදාගත්තා හිත
මගේ රැප නිදි වැද වෙලා උඹේ කරේ බර
ගියා විලි මුහුදට හුළඟට ගියා
මගේ හිත එක තැන නැත ලිය ලියා
නාඹර කියා
උඹ ඇඳ තිබ්බට නිදාගන්න අලියා තියලා
ණය පොහොට්ටුවෙන් කඩාගෙන
බදාගන්න අලුත් මල් සිදූ
ඉඳහිට තලා ගෙන ගියා සුදු මැදුරු
නොදකින ලොවදුර මලානික කැකුලු
හොයාගෙන ගියා රැප පුරා කලු අකුලු
මනස දැන් අලුයම පලාගියා පැදුරු
මන් නම් දෙන්නේ පලාවිලෙන්
නෙවේ ගුරු අකුරු
කලා ඔය ඉල්ලන් ගෙන ගියා නෙත මැදුරු
මම කියාගෙන ගියා මගෙ රැප හිත දූ

සිතුවිලි පවා විසිරෙන
තිසරණ පවා වෙලා අද අසරණ
තලා කලාවද කෙලවෙන තැන නද
කවුරුත් කවුරුත් නොකන් නෑ
මන් මසකින් දැන් පුරවයි
මගේ රට මගේ රට
මගේ සිතුවිලි දුවවයි
මගේ සිතුවිලි දුවවයි
මගේ රට මගේ හිත
මගේ හිත මගේ රට

මා එක්ක හිටින් | Ma Ekka Hitin by Master D [2021]

ඉතින් ඉත නුඹේ බේරෙයි … ද
රැපෙන් උඹ මට තේරෙයි …. ද
ඉතින් ඉත මන බේදෙයි …… ද
අතින් අත යන මේ දෙන් ….. න

ඉතා රෑ වෙනකොට කෑ ගෑවෙන
කෑ දෑතනි මගේ රෑ පෑතම
ඈත දේපෑත ම කැවෙන මේ කෑත
සුද්ද කලා බැද්ද දැන් සුද්ද අස්වැද්ද
මද්ද ලද්දක් අඩුයි බෝදා මදක
පස්සේ දුන්නෙක් අඩුයි බෝද ලදක
ඉස්සු රැප් නම් කියයි සෝදා ගිරට
සිසු රැප් කියයි උජාරුවට
පස්ස පැත්තක්ද නැත්තන් අත්තක්ද
කට්ට කයිරාටික පට්ට බඩ්ඩක්ද
ගස්ස ගස්සයි තව කට්ට වද්දයි මගේ
රටේ රස්නෙට සුද්දෝ රින්ගයි දැන්
වාද වේලාද කාල යැව්වේ මන්
කඟවේනා ද හීනේ හෙව්වේ
මං නාද මේ කැල පාද පෙරලා
දාද්දි ගුරුලට තාම හිරි වත්ද

බිම්තාලියට යන් ඔහොම රස්නෙට
තුන්දා ඉරට වැන්දෝය ගත්තෝය
උන්දා වියත ලැද්දෝය අද්ගොර
මත් බාල්දියට ලැග්ගෝය දැන් බිම
අද්දාලයට නග්ගාලා කන්නාඩියට
වට්ටාලා ඇන්දූ බවට දන්වෝලා
උන් උන් එකයි අන්නෝලා
සුන් බුන් අතින් අවුලෝලා

ඉතිම් උඹට තේරෙන්නේ කෝමැයි
මලාට සිතියම මැකුනු අලියා ගහපු
කලාබර ඉරකට උඩින් පොඩි
කන්දෙක මලාට
පහලින් ගියේ මගේ වැහි බර වලාව
හැමතැන දින දින ගියානේ ගලාන
අද දින එක කැපුවා ගංගා පතාර
ගින්දර කතාවට මත්වෙන්න එපා
රට යන්නේ කොහේද කවුරුත් නෑ බලාන

ඇති ගුන වරද නිමා වෙන්නෑ
නැති ගුන හොඳකි සීමා වෙන්නෑ
ඉතිරුනු බලයක් දිරා යන්නෑ
මිරිකුනු මනස හිනා වෙන්නෑ
හුඟ දෙනෙක් පිලිම ගෙනාවයි
කියලා හිතුවේ උන් පිලිමතලාවෙන්
වෙනසකට වගේ මන් අහල බලන්නම්
දැන් කවුද කියපන්කෝ පිලිමතලාව

ඉතිම් ආවට කියවෙන්නේ ඒ සෙනග
මේ සෙනග වෙනසක් නෑ
හිටි මා ලග මිටින්ද දැන් ඇති
දේවල් දැන් වපුරන් නෑ
කටින් ආවද බලාම ලාමක
හිත්වල දැන් අහුරන් නෑ
පිටින් ආ බසක් අරගන්න
ඒ වදනේ මේ වදනේ වෙනසක් නෑ
හැම පාරකම ගත්තා තාර දාලා
ඉතිම් කාරුනික රැප අපේ පාරේ බෑලා
දිග නාඩුතල වේල්ලේ ඉන්න කාලේ කාලා
ආලේ පාලා හාමුදුරුවොත් එක්ක
ගිහින් දානේ දීලා දානේ කාලා
තෙල් නැති හින්දා පහනේ
තෙල් ටිකක් ඉල්ලන් ඇද පිල්ලන්
ගහගෙන නිදි ඇඳේ උන් දැන්
ඇඟේ වේදනාවට පීඩනේට

ඉතින් ඉත නුඹේ බේරෙයි … ද
රැපෙන් උඹ මට තේරෙයි …. ද
ඉතින් ඉත මන බේදෙයි …… ද
අතින් අත යන මේ දෙන් ….. න

ඉතින් ඉත නුඹේ බේරෙයිද
රැපෙන් උඹ මට තේරෙයිද
ඉතින් ඉත මන බේදෙයිද
අතින් අත යන මේ දෙන්න

මං යන මගතොට පාර හිස්වෙන්න
කම්බෙර ලඟ මගේ නාද ඉස්සෙන්න
තාම දිස්නෙන් මං බාර් පිස්සෙක්
මගේ නාද පස්සේ අර පාරේ පස්සේ යන
බහල බයියන්ට, ටවුමේ ටොයියන්ට
තඩි අයියන්ට, ලොකු අයියන්ට
දෙයියන්ට පොයියන්ට ගොයියන්ට
නයියන්ට නලියන්ට වේවි
බත් කන්න යන්නේ නෑනේ කන්දකාඩු
නෑනා මස්සිනාලා බැන්දා පාඩු
පිටවානේ පැන්නා ගත පන්නා මාලු
හොර පාරේ පැන්නා මුතු වැල් කඩාපු
රට තාම ලස්සනයි මං බලාපු
කිරි සාගරේ මැදක නම් දරාපු
ගුරු පාරේ අස්සේ උතුමන් බලාතු
අප තාම පස්සේ බන් උන් දුවාපු

තබන පයට මද දුන්නා විරාම
උඹ රැපට වැනෙන කොට මට නිරාම
තව කෙනෙක් වැඩකලා රට ගැන ඩිනාර
මගේ රැපෙන් ඔතලා දෙන්නම්
උඹට රට පරාට
ආදරේ මැද්දෙන් යන්නෙත් මගේ
පද පෙල කඩාන
කන්තලෙන් කවියෙකු කවි
දැන් රට ගනාට
ගාන්දි වඩාගෙන එන්නේ දැන්
මට තොට වසාන
පැන්සල කඩාගෙන ලියන්නේ
මේ හිත කසාන

ඉතින් ඉත නුඹේ බේරෙයි … ද
රැපෙන් උඹ මට තේරෙයි … ද
ඉතින් ඉත මන බේදෙයි … ද
අතින් අත යන මේ දෙන් … න

ඉතින් ඉත නුඹේ බේරෙයිද
රැපෙන් උඹ මට තේරෙයිද
ඉතින් ඉත මන බේදෙයිද
අතින් අත යන මේ දෙන්න

ලන්තෙට | Lantheta by Master D [2021]

අස්විද පරලොව රාගික මන
කොඳුරා මුගේ මොල කනවෝයි
මර කන් බෙර මර පරදාගෙන
දුව කිවි කාරයෝ මට බැඳුනෝයි
අද රන් ගෙල ගෝමර ඈ මුව
සරසන ගංතෙර මග ඇරුනෝයි
හිතින් තා දුරක් කියා ගෙන
යා හැකි නිසා මම රන් හිඳ රැප දෙනවෝයි
මගේ රැප් එක,

අස්විද පරලොව රාගික මන
කොඳුරා මුගේ මොල කනවෝයි
මර කන් බෙර මර පරදාගෙන
දුව කිවි කාරයෝ මට බැඳුනෝයි
අද රන් ගෙල ගෝමර ඈ මුව
සරසන ගංතෙර මග ඇරුනෝයි
හිතින් තා දුරක් කියා ගෙන
යා හැකි නිසා මම රන් හිඳ රැප දෙනවෝයි
මගේ රැප් එක,

ලන්තෙට දුවන් එද්දි මං ඉතින් නොදැකපු
පන් හිතේ කොඳුරපු රන් කිරි කැටි
උඹේ හිත් මල පුරන් එන්නේ මන්
ඉස්සලා පුරන් වෙන්නේ මන්
උඹත් යං උඹත් යන්
හිත බරක් දරන් ගන්
කිරිස්සෙම පිරිවරක් පිරිකර පැන්
උඹේ කර තියාගනින් ඔය බැඳුම් කම්ද ම
තව පරපුරක් බොරුවට ඇන්දුව

හිත දකින දකින නිති සිද්ධි
අලසව බලන් ඉද්දී ගැහුවා රට පෙති
පරු සම්පත ගැන කතාකලා වැඩී
හිත යට කල ගලෙන් පෙරලුනු බිත්තියෙන්
කව්ද ගොඩ ගන්නේ මගේ රට පිල්ලියෙන් වූ
හරි ළඟ ළඟ අඩි තබනු
මගේ පෙකනියේ රිදුම් ඇති වූ
මගේ රටේ කුසේ ඉඩ මදිලු
හරි ලස්සන මා වැලි ඉවුරද
ගොඩ ගැහුවා වැලි
එන්නද ගරන්න කලා වැවේ
පන්සිලු වෙන පලුවා දැලි
හනුමා ගිනි තිබ්බද ගමින් ගම කා වැදී
මගේ රට හදවතින් යා බැරී

අවුරුදු කීයක්ද ගෙවිලා දැන් නිදහස
සතුරෙක් හැදුවා වීරයා වෙලා අගරජ
පුටුව කැඩිලා සීනුවත් වෙලා කැහැටුව
කව්ද රජ වෙලා ඉන්නේ කන පතේ පැහැරුව
අල බතල හාල නොදැක වුන් බොහෝ දුර
ඇවිද ගියා ඇපල් මිදි දිව රැවටුව
විකුන විකුන අගලෙන් ලෙන් හෑරුව
ඉතින් අපටත් රටින් දැන් යන්නම අන කලා
කසි කබල් වාහන තව රටකින්
මුන් දමා මාගල තව රටකින්
අස්වැන්න කොටුකලා බාරයකින්
හවසට බීලා මුන් බාර් එකකින්
තව පාටකින් දාගෙන කන්නාඩි
තවත් පෑගුවා ගල් ලෑලි
කනපිට ගැහුවා ඔරු ගොල් ලෑවී
යා……. ගොල් ලෑවී

අස්විද පරලොව රාගික මන
කොඳුරා මුගේ මොල කනවෝයි
මර කන් බෙර මර පරදාගෙන
දුව කිවි කාරයෝ මට බැඳුනෝයි
අද රන් ගෙල ගෝමර ඈ මුව
සරසන ගංතෙර මග ඇරුනෝයි
හිතින් තා දුරක් කියා ගෙන
යා හැකි නිසා මම රන් හිඳ රැප දෙනවෝයි
මගේ රැප් එක,

අස්විද පරලොව රාගික මන
කොඳුරා මුගේ මොල කනවෝයි
මර කන් බෙර මර පරදාගෙන
දුව කිවි කාරයෝ මට බැඳුනෝයි
අද රන් ගෙල ගෝමර ඈ මුව
සරසන ගංතෙර මග ඇරුනෝයි
හිතින් තා දුරක් කියා ගෙන
යා හැකි නිසා මම රන් හිඳ රැප දෙනවෝයි
මගේ රැප් එක

දූපතක් විකිණීමට ඇත | Dupathak Vikineemata Atha by Minol ft. Master D

ගෙඳග පොලොවේ රතු වලා පට මැද්දේ
සයනයිට් ගෙල පලඳපු පර යුද්දේ
පරසතු මල පිපෙන කැල‍යක් මැද්දේ
අරන් ගියා සුවඳට බඹරු ඇයි නැත්තේ
කඩු මොට උනු සිංහලයම ලෙනක
තව කුමාරයෙක් හැංගුනා ගස් බෙනක
ගෑනුන්ගේ යට ඇඳුම යැව්වා තව රජෙක
වෙන්න ඉන්න කුමාරෙක්ගේ බාප්පලා එමට
යක්කුන්ට දැන් කල තේරිලා දියසේතු මාවෝ
ඇල ගොඩ කරා රට පන නැති පාවෝ
ගන්නට මාගල ඇත්තක් පට්ටම් මුහුදට චාවෝ
මද්දල දුන්නට හිත කාගෙද හිනාව දැන් මදිවේ
වන වදුල විකු විකුන විකුන දිව හැපිනු අනග
කට රතු විලේ දැන් බිම දමන පාට සලුව උනා
වුනම රටම හෙලුවැලිව කාලෙත් දැන් අත ළඟ ළඟම
නෑ කාටත් දැන් තේරී විහිලු තාම දියසෙන් නෑ
විහිරු රා කට්ටක් ගහලා සිහිසුන් වතට මාර බියලු
කලු නිකට තනි කැලෙක බිලි වූ ගන කැලෙක
පරිසරෙත් තව රටෙකි බිලි වූ

ඉල්ලන්න ඉල්ලන්න නිදානේ
මං ගත්ත අප මකු පුතා මොකෝ
මේක මැසිවිලි නෙවෙයි දුක
ලැම්බෝගිනි මොකටද මට අඬ අඬ
ඉන්න දැයක් කරවන්න පුරවන්න
මරවන්න ඉන්න මහා ජල කඳ
වෙලේ දුවන්නට තව එකෙක් ඕන
තරු පහේ හෝටලේ මැද

වෙලත් නැති වෙනකොට වෙලා බඩගිනි
මුතු ඇටේ ගොඩගන්න ගිහින් මල මිනී
උන්ගේ බුදු බව පතා ගිහින් රජ වුනි
මෙහේ දූපතක් විකිනීමට ඇත
කඳු වලින් කුනු දරුවන් මතු වුනේ
කහ ඉරේ යද්දි බල්ලන් යට වුනි
ගෙවන්න ණය මට පඩියක් මතු වුනි
ඉතින් දූපතක් විකිනීමට ඇත

කඳු කාගෙන හැම සුමානෙම පාන්දර
දුක අහගෙන යන බස් එක මං ගාවට
සාරිය හතට හැට්ටේ වදිනවා අත ලාවට
ජාතික කොඩියට ගත්ත පාට අර පොඩීගේ
මරුවට කඩියෙක් ශාප කලා
කව්ද පල්ලි වලිද කලු ජූලිය
ගැන පොතද කියවලා කයිය
ගංජා ගහලා උඹ බාගෙට බුදුවෙලා
වගේ දේශන දෙනවා හයියෙන්
උඹ තාත්තට වැඳලා භාගයක්ම ගියේ යුද්දෙට
###### ####### ####විලා
දකුනේ මල ගෙවල් ගානට කාර් අරගෙන
තොපි පදිනවනම් බැරිය

බුලතගේ වැවේ හංස පූට්ටු දාන්නද බං
සීගිරි ගලේ ගාමට් වල ගෑනු #ක ඇරන්
ඉන්න බාර් එක කාගෙද බන්
පිටකොටුව පොලීසියයි බෝ ගහයි
ගනිකාවොයි මරු බන්
උඹේ අම්මට තව දරුවෙක් හදපන්
සුදු වෑන් නැති ගහපන් නිදි පෙති
හංගලා කුඩු ටොන් ගනන්
පොත පතක් අල්ලන් ඉද්දි
කැම්පස් වල උන් පඩිය හෙලවෙන්නේ
කැටි.. කැටි.. කැටි.. කැටි.. ගින්දරත්
දෑත් පාට කර පන්දාහ අරගෙන
යන්න උඹලගේ පිං අරන්
මගේ රටට ඕන තව ත්‍රස්තවාදි
තියලා යන්න දියවන්නාවත් ගිනි අරන්

වෙලත් නැති වෙනකොට වෙලා බඩගිනි
මුතු ඇටේ ගොඩගන්න ගිහින් මල මිනී
උන්ගේ බුදු බව පතා ගිහින් රජ වුනි
මෙහේ දූපතක් විකිනීමට ඇත…..
මෙහේ දූපතක් විකිනීමට ඇත…..
ආයෙත් කියපන්
ඉතින් දූපතක් විකිනීමට ඇත…..