මේ කොළඹ පාලුයි | Me Colamba Palui by Tharindu Damsara [2022]

මගේ බඳවට අත දමාගෙන
කලාභවනේ ඉදිරි පාරෙන්
අපි අපේ ලෝකය හොයාගෙන
ගෑටුවා මතකයි
ඔබත් අද නැති මමත් අද නැති
මේ කොළඹ පාලුයි

කොළඹ අහසේ ගොම්මනේ නුඹ
සුසුම් උණුසුම මගේ පපුවේ
තැවරුවා මතකයි
මමත් අද නැති ඔබත් අද නැති
මේ කොළඹ පාලුයි

අපිව දන්නා ප්‍රේම නගරේ
දැන් හුඟක් මහලුයි
ඔබට මතකද ගොබුඩු මී ගස්
පෙළම දැන් තරුණයි
නෙළුම් පොකුණත් ගරා වැටිලා
පරවියෝ විතරයි
කොළඹ තණ උද්‍යානයම දැන්
පාලු වුන ගානයි
ඔබත් අද නැති මමත් අද නැති
මේ කොළඹ පාලුයි

දුර ඈත | Dura Aatha by Pradeep Madahinne ft. Tharindu Damsara

සිහින දොරින් පාවෙලා
මදෙස සදෙස බල බලා
රෑන් කිවිති විහිදලා
තුසිත සිදව්වේ දුර ඈත දනව්වේ මගේ
කිදුරු කුමරියේ

මියැසිය නෙක වර්ණවත්ය මද අඳුරේ
තරුකැට එක එක මිහිමත වැටුනාවේ
සිසි පැහැයෙන් මතක කිරිසිඳුගෙන් ලැබුන
සුයාමයට රිවි කිරණය රැලි අතරේ

භවයක ලස්සන දැක අප නිවුනාවේ
හෝරාවක් ඉන්නට බෑ දුර නුඹගේ
මධුරාදී මතක සිතුවිලි කිතිකවන
දෑතේ පැටලී සුසිනිදු පිනි වාගේ

tharindu damsara,damsara,tharindu,new sinhala songs,nuba nomathi,dhammadewa,sadakalika premayknam,sanjula himala,ithin a hamadema,hithalu,sadakalika,numba nomathi dihawaka,reazon records,ruhunuketha,the night without her, lyrics,shape of u lyrics,ed sheeran lyrics,cupid lyrics,shape of you lyrics,cupid twin version lyrics,lyrics cupid,shape of you ed sheeran lyrics,ed sheeran playlist,ed sheeran shape of you lyrics,shape of you remix,feeling lonely,fifty fifty cupid lyrics,cupid fifty fifty lyrics,cupid song,music,ed sheeran songs,ed sheeran equals,hopeless romantic,shape of you,i’m feeling lonely,shape of you tiktok,second chance to cupid,pop music

හමුවූ තැන්වල | Hamuwu Thanwala by Tharindu Jayasinghe ft. Tharindu

හමුවූ තැන්වල මල් පිපී ඇතී
පවස නිවූ දොල නොසිදී ගලා යතී
ඉරත් හඳත් ඒ එලියම රැගෙන එතී
දීග ගියත් නුඹ හමුවූ තැන්වල
මල් පිපී ඇතී

දෝණී නුඹේ තුරුලේ හිඳ නිදනවද
කරදිය සුලං වැදිලා හිත තෙමෙනෙවද
හිමිසඳු ළඟදි ආදර බස් දොඩනවද
මතකය අලුත්වෙන්නට වෙර දරනවද

නවම් මහේ උපන්දිනය සිහිකරමි
ජුවලරි සොයා ඉස්සර ඇවිදන් ගියෙමි
නොවේ අයිතියක් හොඳ හැටි එය දනිමි
කවියක ලියා පපුවේ බර බිම තියමි

ප්‍රේම නික්මන | Prema Nikmana by Himansa ft. Tharindu Damsara

අතීතයේ මතක කොදුරන
තනිකමේ තපෝ වන මැද
ප්‍රේම නික්මන දැනෙන යාමෙක
සුසුම් කඩුසිලින් හදම රිද්දන
නුඹේ මුහුලස නැගෙයි මතකෙට

හැඟුම් උයනේ අතාරින ලද
බැඳීමේ වන ලැහැබ් කටුරොද
පැටලි ඇසෙනා කඳුලු තනුවට
සඳ සේ රුව මවයි මා හද

ගිලිහි ගිය දා වසත් ප්‍රේමය
දුක්ඛ තෝමර පෙලයි හද මල
නමුදු දැරු විට විපිලිසර නෙක
අහිමිවීමම ප්‍රේමයකි සඳ

මතක දිනපොත | Mathaka Dinapotha by Tharindu D ft. Kalpana Kavindi

මතක දිනපොත එකිනෙක පෙරලා..
බලන රැය මට නම් නිදි නැතුවා..
තුරුළෙහි දැවටෙමින්..
ඔය හැටි මනමාලකම්..
සිහිවන විටදි දැන්..
ඉවසුම් නෑ මටත්..
දවසක ඔය ඇස් මගෙ වෙන හිංදා

නුඹෙ නමට මම ගෙතූ හීන ගෙත්තම්..
පාට පාට ගා ඇදපු සිත්තම්..
පින්න වැටෙන රෑ සීත ඇත්තම්..
සතපවන්න නුඹෙ පපුවෙ උණුසුම්
කුමරාණනේ උර තලයෙහි ඉමී
කවදක හරි හවසක යලී..
දිලෙන ඔය ඇස් මගෙ වෙන හිංදා..

මගෙ හිතට නුඹ දුන්නු මංදහාසකම් ..
දෑස හිත අස්සේ නටපු නාඩගම්..
මාව අවුලුවන හීය නුඹම නම්..
සතපවන්න නුඹෙ පපුවෙ උණුසුම් ..
කුමරාණනේ උර තලයෙහි ඉමී
කවදක හරි හවසක යලී
දිලෙන ඔය ඇස් මගෙ වෙන හිංදා

මතක දිනපොත එකිනෙක පෙරලා..
බලන රැය මට නම් නිදි නැතුවා..
තුරුළෙහි දැවටෙමින්..
ඔය හැටි මනමාලකම්..
සිහිවන විටදි දැන්..
ඉවසුම් නෑ මටත්..
දිලෙන ඔය ඇස් මගෙ වෙන හිංදා..

අතීතය | Athethaya by Eshanie Madhurika ft. Tharindu Damsara

නොලියාම සැඟවිය යුතුමය
ඇනි ඇනී හද රිදවන දුක
ලියා දැන්විය නොහැකිය
ප්‍රේමයත් ඔබ වගේමය

රැගෙන පියවර හෙමින් ඔසවමි
වැළපෙනා විලෝ ගස් මැද
දන්නා හඳුනන පාරක නන්නාඳුනා විලසට
ඒ ඔබයි සැක කරමි නැවතෙමි
එසැණින් පිටුපස නොබලමි

ඉර දනින් වැටෙන දවසක
ගල් වුණ හදවත සඳවත
ඉක්බිති එලඹෙන අඳුරට
ඔබ කියන්නේ ගනඳුරු රැය
රැගෙන යා හැකිද මොහොතක
මම කියන්නේ ඔබ සිටි අතීතය

ඇමතුමක් | Amathumak by Thiyunuwan ft. Tharindu Damsara

නිවුණු පහනක් දැල්වුණා
ආයේ සැරයක් ඇය මා ඇමතුවා
හරි ආදරෙන් හුරතල් වෙමින්
කිසිදෙයක් සිදු නොවූ ගානට
මෘදු සරින් මා ඇමතුවා

බියත් හිතුණා ගතත් සැලුණා
යටගියාවන් මනසේ මැවිලා
සෙනෙහසින් ඈ දොඩන හින්දා
හද පෙළන්නට දුකත් හිතුණා

පැරණි රූ සර මතුවෙලා
මා තවත් අසරණ වුණා
හැඟුම් අහුරක් තෙරපිලා
සුසුම් රැල්ලක් පිටවුණා

හරි ආදරෙන් හුරතල් වෙමින්
ඈ උන්නා

මා ලඟ රැඳී හිඳින්න | Ma Langa Randi Hindinna by Tharindu Damsara

ආරාධනා මුමුණන
මේඝ දූතයන් පැමිණෙන
හෝරා වල ඇස් වහන්න
යෞවනෝදයේ ඇරඹුම
හාදු ඉහිනතුරු
පෙති මත
මා ලඟ රැඳී හිඳින්න

මායා මවන සිතුවිලි
ඡායාවකට රවටන
ඉපිලෙනා හැඟුම් හෙමින් විඳින්න
ඒ නාඳුනන පෙම් කතා
ආදරය සේ සිතා
සියුමැලි සිනා එපා සලන්න

හැන්දෑව | Handawa by Thilan Dimuthu Rajapaksha ft. Tharindu Damsara

ඉතිං ඒ හැන්දෑව තිබුණදෙන් මංගාව
අඳුර තව වැඩිවේවි දැනුණදෙන සංකාව
හදෙහිගෙල සිරකරමි මත විදුලි පංකාව
ඇස් අගයි තියෙන්නේ වේදනා ගංගාව

දැන් ඉතින් නුඹට හැක සියලු දේ දැනගන්න
අවැසිනම් ඒ තුළින් මොනවහරි මැනගන්න
සිතුවමක් අඳින්නට මුකුත් නෑ අරගන්න
අමතකම නොකර නුඹ කැඩපතක් ගෙන

ජීවිතේ වන්දනා ගමනක ප්‍රේමයෙන් පුදසුනක් වැන්දම
ලිහායන්නට උනත් පුලුවන් මතක මිටිකර අකුරු බැන්දම
මනෝරාජික පෙම් කතාවල ප්‍රතිඵලය මහ නපුරු හින්දම
සිත්තරෙක් වුව මැරී වැටෙනවා ඒ වගේ සිතුවමක් ඇන්දම

කටහඬ | Katahanda by Nilakshi Dinusha Perera ft. Tharindu Damsara

මට අපේ කටහඬ ඇසේ
ආදරේ තවමත් තිබේ
සිත තවම ඔබ වෙනුවෙන් තැවේ
බොහෝ දිනවල අපේ කටහඬ ඇසේ

අත හැරී අත් නොහළ රිදුමක
පාට වියැකී මියෙන සිහිනෙක
යළිදු නුඹ පා නේන හරියක
නිධන් කරනෙමි මගේ ප්‍රේමය

නොපෙනෙනා හද දැවෙන යුවලකි
නොඇසෙනා ඉකි බිඳින කඳුළකි
නොහැඟෙනා මිය ඇදෙන සිහිනෙකි
ආදරේ නිම නොවන කවියකි