in Athma Liyanage, Uncategorized

සිහින් සරින් | Sihin Sarin by Athma Liyanage

සිහින් සරින් ඉකි බිඳ බිඳ
හද හඬවනු ඇයිද කුමරි
මල් හී සර ඔබේ වෙතට
මා නොහෙලමි හීන කුමරි
මා නොහෙලමි හීන කුමරි

සිහින් සරින් ඉකි බිඳ බිඳ
හද හඬවනු ඇයිද කුමරි
මල් හී සර ඔබේ වෙතට
මා නොහෙලමි හීන කුමරි
මා නොහෙලමි හීන කුමරි

ආදරයේ වේදනාව
දිනකදි ඔබ හට දැනේවි
ඒ දැනුනම මගේ හී වෙත
ඔබ නිහඬව බැන වදීවි
ඔබ නිහඬව බැන වදීවි

සිහින් සරින් ඉකි බිඳ බිඳ
හද හඬවනු ඇයිද කුමරි
මල් හී සර ඔබේ වෙතට
මා නොහෙලමි හීන කුමරි
මා නොහෙලමි හීන කුමරි

ආදරයේ කඳුළු පළස
මත නිහඬව ඔබ හිඳීවි
නිබඳව ඔබ හිඳිනා සඳ
හීන් හඬින් බැන වදීවි
හීන් හඬින් බැන වදීවි

සිහින් සරින් ඉකි බිඳ බිඳ
හද හඬවනු ඇයිද කුමරි
මල් හී සර ඔබේ වෙතට
මා නොහෙලමි හීන කුමරි
මා නොහෙලමි හීන කුමරි

 

banner

Leave a Reply