පොළොව හඬනා වේදනාවක
උණු සුසුම් මගෙ ඇඟිලි දවනා
අකුණු ගිගුරම් විලාපය මැද
රාජ සිහ නටඹුන්ව වැටුනා
මලානික පුලතිසි අහස යට
අපේ ප්‍රේමය හිස ගසා දමලා
මගේ සුගලාවියන් මතු දා
සමුදුරින් එතෙරකට නික්මෙනවා
නුඹේ මතකය දාවලන්නට
මගේ සුසුමන් නිවාලනු නොහැකී
වියරුවෙන් අසිපතෙන් මදනල
දෙකඩ වෙන්නට කපා හෙලනාවී
යකුන් දමනය කරාලන්නට
මහා මායම් මතුරනා දේවී
නොදැක ඉන්නට හැකිද මා හට
මගේ සිත් රජදහන මායාවී
මහා දළඳා වඩමවන්නට
සත්සියක් නැව් තනවනා ලෙසිනී
ප්‍රේමයත් ශෝකයත් නුඹලඟ
සිහින තනවා තනිව ඉනු නොහැකී
වීර වඩවන මහා දැහැනක
කඩවරිඳු දුන් වරම් ගනු නොහැකී
හවස් වරුවක සයුරු තොට ළඟ
නුඹේ රුව මට මැවි මැවී පෙනුනී
Leave a Reply