කදුළු | Kandulu by DKM ft. Kaizer Kaiz [2020]

සිරවී සිටිනේ ජීවිතයේ
නුබ රුව මැවී මැවී ඇවිලෙන්නේ
දුක නැති මග සොයනා කාලෙක
අප දෙදෙනා වෙන් උනේ
මග හැරුනූ ඒ දවසට යන්නයි
මා පැතුවේ

කදුළු වලින් තෙමිලා
ඇගේ මුහුනේ
සිනහව නෑ

ඉස්සර වාගේ දැන්
ඈගේ ලග සෙනෙහස නෑ

ඇගේ රුව මා දකිනා දවස
පලවෙනි ලියුම කියූ දවස
පලවෙනියට සිපගත් දවස
මතකෙට ආවේ අදද

කදුළු වලින් තෙමිලා
ඇගේ මුහුනේ
සිනහව නෑ

ඉස්සර වාගේ දැන්
ඈගේ ලග සෙනෙහස නෑ

කදුළු වලින් තෙමිලා
ඇගේ මුහුනේ
සිනහව නෑ

ඉස්සර වාගේ දැන්
ඈගේ ලග සෙනෙහස නෑ

ඇත්තක් වහන්න බෑ
දැම්මත් දාහක් මුඛවාඩම්

ලස්සනම දේවල්
ඉගැන්නුවේ කැත පාඩම්

අපේ අතීතෙට මට
එකපාරක් යන්නට හැකිනම්
උඹේ හිනහව ගෙනත් දෙනවා
කෙල්ලේ ආයේ නාඩන්

මගේ හිත දිනුවට
දුකද මම දුන්න සහතිකේ
සමාවෙයන් කෙරුවට
සෙනෙහස ගාතනේ

රට්ටුන්ට තොරණක් වෙලා
අපේ මේ ජාතකේ
උන් ඒ එලියෙන් සතුටක් ලබද්දී
අපි තාමත් කලුවරේ

නුඹ ගැන
මම ලියූ හැම වදනක්ම
මතක් වෙන නිසා කෙල්ලේ
උඹේ හැම අගලක්ම

හදාගන්නම් මම
මගේ අතින් උන වරදක්ම
නුඹේ සතුට විතරයි
මට ආයේ වැදගත්ම

ආදරේ නම් හිත
සනසපු වචනේ

උඹ අකුරක් ලිව්වත්
මම උනා නේද මකනේ
ආයේ සමාවෙලා
තුරුලු වෙලා මේ සීතලේ
මූන බලන් කියපන්
නුඹේ අවසන් තීරනේ

කදුළුවලින් පිරී
නුඹේ නෙතු අද
හදවතම පුරා මම බොද වුන

මතකයන් එහා අපි සිරවුන
මා නිහඩම උන
ඈ නිහඩම උන

කදුළුවලින් පිරී
නුඹේ නෙතු අද
හදවතම පුරා මම බොද වුන

මතකයන් එහා අපි සිරවුන
මා නිහඩම උන
ඈ නිහඩම උන

කදුළු වලින් තෙමිලා
ඇගේ මුහුනේ
සිනහව නෑ

ඉස්සර වාගේ දැන්
ඈගේ ලග සෙනෙහස නෑ

කදුළු වලින් තෙමිලා
ඇගේ මුහුනේ
සිනහව නෑ

ඉස්සර වාගේ දැන්
ඈගේ ලග සෙනෙහස නෑ

සඳවදනී | Sandawadani by Romano Fernando ft. Kaizer Kaiz [2020]

සඳවදනී ආදරේ කියන්න
රූ රැයේ මා දැනේ දෑස ගාව
ඉකිබින්ද සිහිනයේ පාට ගෑව
පහුරුගානා චේතනා තේරුනාද

සිහිනෙන් මත් වුණා දිවියම
රෑ පුරාම නින්ද නෑ දෙනෙතට
ආලෙන් හිරිවැටී හදවත…

රෙදි යාරයක් දෙකක් ඒක මාරම කිටක්
අම්මප දැකල නෑ මේ වගෙ පිටක්
පළවෙනි පාරට ඉම්බම ටිකක්
මගෙ තොල් රතු වුණා බං කාල වගෙ විටක්

අත ගන්න බලාන කෝටියක් පෝළිමේ
මගෙ කරගත්තෙත් පුරවල පෝරමේ
බාර් එකෙ හිටපු මං උඹ එක්ක කාර් එකේ
ටයර් ගෙවෙනකන් චාරිකා රට වටේ

කාටත් දෙවෙනි නෑ මේ නංගියා
පොඩ්ඩක් ඇත්තන් පැටලෙයි හරි චන්ඩියා
එයා එක පාරක් බැලුවම හොරෙන් මං දිහා
දුක සාංකාව එහෙනම් කොල්ලො මං ගියා

ඈ ලං වුණානේ රෑ පේන හීනේ
ඒ ගෙවුණු කාලේ
සිහින අස්සේ තාම ගැස්සේ
මේ සේද වැස්සේ හිමිවේද කවුද දන්නේ
මා පැතුව ආලේ
පපුව අස්සේ පපුව අස්සේ

සිහිනෙන් මත් වුණා දිවියම
රෑ පුරාම නින්ද නෑ දෙනෙතට
ආලෙන් හිරිවැටී හදවත..

නිල් දෙනෙති | Nil Denethi by Iraj ft. Kaizer Kaiz , Clewz , Romaine Willis & Tony T [2020]

නිල් දෙනෙතී
සුව දෙන්නී
මගේ ඇස් කොනේ පැටලිලා

හිනැහෙන්නී
ඉගිදෙන්නී
මගේ ඇස් කොනේ පැටලිලා

මට පෙන්න ගත්ත දෙවේලී
හදවත පතුරු ගැහිලා ගිහින් ලෙලි
වතුර බිව්වා වගේ කෑ ගමන් නෙල්ලී
හරිම ස්වීට් කවුද අනේ මේ කෙලී

උඹ මිරිගුවක් ද මට ඇත්ත කියපන්
නිමක් නෑ මේක ටෙම්පල් රන්
නුඹ දැලේ දාගන්න පස්සේන් පන්නං
ලගින්ම එන කළු යකාද මං

ඕනෙ නෑ කෙල්ලේ සක්කර වට්ටම
නිකන් දුන්නා වගේ අවුරුදු වට්ටම
ඇවිත් ඩිංගක් උඹ තුරුල් කරගත්තම
පද්ද පද්දපං උඹට දෙයියෝ දුන්න වත්කම

නිල් දෙනෙතී
සුව දෙන්නී
මගේ ඇස් කොනේ පැටලිලා

හිනැහෙන්නී
ඉගිදෙන්නී
මගේ ඇස් කොනේ පැටලිලා

Girl you all I need
all I need

මගේ ඇස් කොනේ පැටලිලා

දෙන්නද දෑත හදවතටම
හැමදාම අල්ලගන්නම් ඔය දෑත මම
ආස නැද්ද මාත් එක්ක යන්න
අහස ලග
එකතු කරගන්න මගේ වාසගම

නුඹ ගාවම කැරකෙන්නේ
වගේ මම බබර
පොරොන්දුවක් වෙමුද අපි අතර
අපි අතර

නුඹේ බර දාපන් මගේ කරට
මගේ ලෝකේ එළිය උනේ නුඹ මගේ හින්දද
චූටී හුරුබුහුටී අහින්සක
සීතල දවසක නුබයි මගේ ගින්දර
අපේ ආදරේ චිත්‍රයක්
ඔයයි මගේ පින්සල

නිල් දෙනෙතී
සුව දෙන්නී
මගේ ඇස් කොනේ පැටලිලා

හිනැහෙන්නී
ඉගිදෙන්නී
මගේ ඇස් කොනේ පැටලිලා

Girl you all I need
let me love you
Girl you all I need

නපුරුයි කතා
සොදුරුයි සිනා
මාගේ හිත පාරනා

සායම් එපා
මායම් එපා
පියඹන්නේ තනියෙන් තමා

නිල් දෙනෙතී
සුව දෙන්නී
මගේ ඇස් කොනේ පැටලිලා

හිනැහෙන්නී
ඉගිදෙන්නී
මගේ ඇස් කොනේ පැටලිලා

Girl you all I need
Girl you all I need

මගේ ඇස් කොනේ පැටලිලා
මගේ ඇස් කොනේ පැටලිලා
මගේ ඇස් කොනේ පැටලිලා

නීරස | Neerasa by Dasun Madushan ft. Kaizer Kaiz [2019]

නීරස වුනා ලෝකෙම මා පැරදුනා
වාවනු විනා රිදෙන පෑරුණු තැනා
සීමා නෑ මේ රෑ මා වෙහෙසනා
නාඬා ශෝගී සේනා විඳවනා
නීරස වුනා ලෝකෙම මා පැරදුනා
වාවනු විනා රිදෙන පෑරුණු තැනා

තත්පර මිනිත්තු පැය දවස්
උදේ ඉදන් වෙනකන් හවස්
ඉවසුවා මමත්
සතුටක් නෑනේ තවත්
සල්ලි ගොඩක් නැති ජීවීතයක්
වගේ අන්ධයට සිතුවමක්
තේරුමක් නෑ කලුවරයි
තිබුනත් වටේට පාට ගොඩක්
අවසරයි ස්වාමීනී මරලා නෑ මම මිනී
ඉවසන්න බැරි වුනා පොඩි වුන්ගේ බඩගිනි
දුප්පත් පැත්තෙන් පෝසත් පැත්තට
පනින්න නෑ නේ කහ ඉරි
නීතිය කඩන්න හේතුව ඒකයි මම සමා අයදිමී

නීරස වුනා ලෝකෙම මා පැරදුනා
වාවනු විනා රිදෙන පෑරුණු තැනා
සීමා නෑ මේ රෑ මා වෙහෙසනා
නාඬා ශෝගී සේනා විඳවනා
නීරස වුනා ලෝකෙම මා පැරදුනා
වාවනු විනා රිදෙන පෑරුණු තැනා

පිලිගන්නවා කොන්ක්රීට වත්තට
කුරුල්ලෝ වැඩි අපී ඉපදුන අත්තට
දෙවියො වුනත් අපෙන් ආතල් ගත්තට
පිනට බරයි අපි නෑ පව පැත්තට

බල්ලන්ට පොශ් කඳුල
අපිට කොස් මදුල
අපේ රස බොජුන්
වගේලු උන්ගේ ඉඳුල
දස වද දීලා වෙඩි තියලා එල්ලලා හරි
පොඩි උන්ට කන්න ලැබුනොත් හොදටම ඇති
කරේ ටයි නෑ පොළවේ ටයිල් නෑ
උසාවී ගානේ මගේ ෆයිල් නෑ
පළවෙනි පාරට මම සිල් කැඩුවේ
පොඩි උන් සතුටෙන් ඉතින් දුකක් නෑ
හදවත ගින්නෙන් ලේ රත් කරලා
පපුව පිච්චුනත් තේ වක් කරලා
දෙන්නට හැකි නම් දෙනවා මහත්තයෝ
පොඩි උන් දෙන්නට අලු ටික පෙරලා

නීරස වුනා ලෝකෙම මා පැරදුනා
වාවනු විනා රිදෙන පෑරුණු තැනා
සීමා නෑ මේ රෑ මා වෙහෙසනා
නාඬා ශෝගී සේනා විඳවනා
නීරස වුනා ලෝකෙම මා පැරදුනා
වාවනු විනා රිදෙන පෑරුණු තැනා

ආඩම්බරියේ | Adambariye by Izzy Iznu ft. Kaizer Kaiz [2020]

නාදුනන සේ රෑ යාමේ
ඔබ ඉවත බැලුවා නේ
සිප වැළඳගත් ඒ කාලේ
මතෙකවත් නෑ වාගේ
නෙතු හන්ගන් ආවේ
ඇයි නෙතු යා කෙරුවේ මා

ඔබ දැකුමෙන් මන් මන්මත් වේවී
මතකෙක අවතැන් වේවී
යලි යලි ආයේ යලි ආයේ පෙර වාගේ
සිතුවිලි සිරගත වේවී
වන දොල පිනවනු බැරිවී
නුඹ ළඟ ආයේ යලි
මගේ ආඩම්බරියේ

හදවත ගැඹුරේ ඔබමයි ඉන්නේ
සැනසුම මාගේ කවුරුන්දෝ
විඳගත්තේ පහසින් පහසින්
උණුසුම් වූයේ දෙකපුල් සිහිවීලා
හදවත තාමත් ඔබවම මැව්වේ
නුඹ දුර යාවී යාවී පාවී

තනි රෝස මලක් එලිකලා මගේ වත්තම
සතයක් නැති මට නුඹයි වත්කම
කෙල්ලෝ වටවුනත් ගොඩාරියක්
කසිම සතේ නැතුව
මොටද ලැබිලා මට කෝටියක්
මාත් එක්ක මෙහේ
ඔහුත් එක්ක පිටරට
හිත මට එපා ඔහු ළඟ නම් වත
ලස්සන වුනත් ඉඩමේ ඔප්පු නැති නම්
වටිනවා අඩුයි කෙල්ලේ
රත්තරන් වැවුනත්

ඔබ දැකුමෙන් මන් මන්මත් වේවී
මතකෙක අවතැන් වේවී
යලි යලි ආයේ යලි ආයේ පෙර වාගේ
සිතුවිලි සිරගත වේවී
වන දොල පිනවනු බැරිවී
නුඹ ළඟ ආයේ යලි
මගේ ආඩම්බරියේ

ඔබ දැකුමෙන් මන් මන්මත් වේවී
මතකෙක අවතැන් වේවී
යලි යලි ආයේ යලි ආයේ පෙර වාගේ
සිතුවිලි සිරගත වේවී
වන දොල පිනවනු බැරිවී
නුඹ ළඟ ආයේ යලි
මගේ ආඩම්බරියේ

ගිනියම් රෑ | Giniyam Rae by Shermaine Willis ft. IRAJ & Kaizer Kaiz [2014]

රැය හැරයන්නට නෑ හිත දෙන්නේ
හිත තව උනුසුම අයදින්නේ
ලැම ලැම තුරුලට ලංවෙන්නේ
හද රිද්මය කලබලා

ohh ohh ohh ohh
ohh ohh ohh ohh

සෘංගාර හාදු දීලා
නෙත් වැල් අමුණලා

ගිනියම් ‍රෑ
ගිනියම් ‍රෑ
නිම්වෙන්නෑ
නිම්වෙන්නෑ
තනියක් නෑ
තනියක් නෑ
ඉමු ලං වීලා

තුරුළු වෙලා යං පාවෙලා
දුර ඈත කදු පිරුණු සිහිනය බලා
තුරුළු වෙලා යං පාවෙලා
දුර ඈත කදු පිරුණු සිහිනය බලා

තුරුළු වෙලා යං පාවෙලා
දුර ඈත කදු පිරුණු සිහිනය බලා
තුරුළු වෙලා යං පාවෙලා
දුර ඈත කදු පිරුණු සිහිනය බලා
තුරුළු වෙලා යං පාවෙලා
දුර ඈත කදු පිරුණු සිහිනය බලා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

සිතාරූ | Sitharuu by Lil Hassi ft Kaizer Kaiz & K2 [2020]

ශෘංගාරී නෙතින් ඉගි කලා
සයනේ වැතිරී ඈ රූ රටා
මා මන්මත් කරනා
අනුරාග නෙත් යොමා..

සිහිනේ දෙව්දූ සුර ලොවේ
සැබවින් දුටුවා මේ ලෝකේ
නෑ පාලුව සංතාපේ
කුලුදුල් ප්‍රේමේ මනරම්

ඔබ නම් වේ එ මායා
පෙම් සිතාරූ සායම් වීලා…

දුන් ආලෙන් සිත් කෝලම් වෙලා
සිත් දෑලෙන් ආ ගී ගයනා..
අසුනා..ගැයුනා…

කෙල්ලෙ කීයද හීනෙට ticket එකක්
මට දෙන්න එක ලගින් seat දෙකක්
කෑමට හොදවය්න් හාදු ටිකක්
ඔතන් එන්න යන්න කෙල්ලෙ රෝන්දයක්

හීනෙ හරි ශෝක් නැති නිසා රකුසන්
ලොවට හොරා අපි නටමුද ජෞසන්
නුඹ නිසා මගෙ නින්දත් කුඩූ
චාටුව දාලා මාව හීනෙනුත් සතුටු කලා

පැත්තක ඉදන් දුන්න බැල්ම මරූ
මෛත්‍රීපාලා මගෙ ලෝකෙම විජය කලා

පා සළඹ | Paasalamba by Supun Salitha ft. Kaizer Kaiz [2018]

සිහිනයක පාවී
තුරුලටම ඒවි
පා සලඹ සලාලා
මට ඉඟි දෙවි

ඔය දෑසේ කැල්මන් දැක මා අතරමන් වෙලා
නිතඹ ගස්සා යන තාලෙට් මා වශී වෙලා
සිප ගන්න ට ඉඩ දෙනවද රතු දෙකොපුල් තව ලං වෙලා
සෙවනැල්ලක් වී එන්නම්.. ලඟම දැවටීලා

මහන්සිත් ඇති නේද හිත අස්සේ දුවලා
එපා වුනේ නැද්ද මගේ හීනෙම ඉදලා?
හුස්මක් ගන්න කෙල්ලේ අතරින් පතර
ළං වෙනවද ?දුර වැඩි අපෙ අතර
ලෙඩ හිතකට නුබ කරේ ප්‍රතිකාර
සිතුවිලි හොරකම් කරා වගේ බැඳුම්කර
නිළියක් ඇය මගේ හීනය වේදිකාව
රංගනයට මගේ උණුසුම් ප්‍රතිචාර
තරුවක් සමග වරුවක්
මදි වගේ, දැනෙනවනන් තව අඩුවක්
හැම අගනම පරදලා ආපු නිසා මුලට
මගේ වාසගම ගන්න නුඹේ නම අගට

අනුරාගි බැල්මට මාගේ හැඟුම් මත් වෙලා
සැලෙන නුබගේ දිගු වරලේ.. පහස විඳිමි මා..
නවතින්නද ඔබෙ තුරුලේ ජීවිතේ පුරා
කියා යන්න රහසක් ඉඟියකින් ඔයා

සිහිනයක පාවී
තුරුලටම ඒවි
පා සලඹ සලාලා
මට ඉඟි දෙවි

සිහිනයක පාවී
තුරුලටම ඒවි
සිත මගෙන් මිදිලා..
ඔබට ලං වේ වී..

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

සමනලියා | Samanaliya by Asanka Sahabandu ft. Kaizer Kaiz [2016]

අවා සොයා මගේ සමනලියා
එක බැල්මෙන් මා සිත ගෙන පැන ආ නිසා
සැනෙකින් මා මග හැර කාටත් හොරා
හැංගෙන්නට බැරි වෙයි මගෙන් සදා

ඔබ හිතුවත් හිත වැටුනේ නෑ කියා
නෙත් මාවත් ගෙන ඔබ වෙතම ගියා
නොදුටුව සේ සිටියත් අහකම බලා
හොරැහින් බලලා මගෙ මුළු ලෝකෙම හොරකම් කලා
හොරැහින් බලලා මගෙ මුළු ලෝකෙම උණුසම් කලා

අවා සොයා මගේ සමනලියා
එක බැල්මෙන් මා සිත ගෙන පැන ආ නිසා
සැනෙකින් මා මග හැර කාටත් හොරා
හැඟෙන්නට බැරි වෙයි මගෙන් සදා

හොරැහින් බලලා මගෙ මුළු ලෝකෙම හොරකම් කලා
හොරැහින් බලලා මගෙ මුළු ලෝකෙම උණුසම් කලා

පෙම් එක එල්ලේ ඔබට මා
මා ගැන හැඟුමක් කෙල්ලේ ඔබට නෑ
සුළඟක් සේ යනවද අහකට හමා ?
දැලකින් වහලා නවතා ගන්නේ නෑ ඔබව මා
දැලකින් වහලා නවතා ගන්නේ ඇයි ඔබව මා ?

අවා සොයා මගේ සමනලියා
එක බැල්මෙන් මා සිත ගෙන පැන ආ නිසා
සැනෙකින් මා මග හැර කාටත් හොරා
හැඟෙන්නට බැරි වෙයි මගෙන් සදා

හොරැහින් බලලා මගෙ මුළු ලෝකෙම හොරකම් කලා
හොරැහින් බලලා මගෙ මුළු ලෝකෙම උණුසම් කලා

සමනලී කියන්නෙම මමලු පලි
නුඹේ අත්තටු කැපුවද ගියත් වලි ?
හැමදාම මම වැරදි ඔයා හරි
සිංහයෙක් ඉද්දි ඇයි පස්සෙන් යන්නේ නරි ?

නුඹේ හිතේ මට ඉඩකුත් නෑ
දාල යන්න මට හිතකුත් නෑ
ළඟින් හිටපු මට කවුරුත් නෑ
ඒත් හිතේ කොනකවත් තරහක් නෑ

සුන්දරි ඒත් හිත ගින්දරී
හැඩ වෙන්න ගිහින් වුනා හැඩි
ආදරේ නිසා මම වෙලා මැඩී
පිස්සෙක් වුනානේ මම නින්ද නැති

අවා සොයා මගේ සමනලියා
එක බැල්මෙන් මා සිත ගෙන පැන ආ නිසා
සැනෙකින් මා මග හැර කාටත් හොරා
හැඟෙන්නට බැරි වෙයි මගෙන් සදා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

 

කතන්දරේ | Kathandare by Kaizer Kaiz & Genevieve ft. IRAJ [2016]

රවටා නෑ මා අපේ කතන්දරේ
කදුලින් ලියැවු අපේ කතන්දරේ
රවටා නෑ මා අපේ කතන්දරේ
කදුලින් ලියැවු අපේ කතන්දරේ

ආදරේ යනු දුකට තව නමක්
හදවත ගෙවිලා දැනෙන්නේ නෑ දුක තවත්
අමතක කරන්නත් බෑ දැගලුවත්
ඔය ඇස් පාඩම් මට චක්කරේ දෙවරක්
රෑ වැටිලම පාඩම් පිහිටිම වලේ
දවාලෙත් වැටුනේ කෙල්ලේ නිසයි ආදරේ
ආදරේ තමයි සතුටට මන්තරේ


විශ්වාසේ නැත්තම් වැඩක් නෑ ජප කරත් නිරන්තරේ
යන අයට යන්න දෙන්න අහකට
පලක් නෑ වතුරෙන් මියැදුන මලකට
යන්න ඉතින් ඔයා සතුට ඇති තැනට
ඒත් ආයේ එන්න එපා දුක එද්දි එතනට

රවටා නෑ මා අපේ කතන්දරේ
කදුලින් ලියැවු අපේ කතන්දරේ
රවටා නෑ මා අපේ කතන්දරේ
කදුලින් ලියැවු අපේ කතන්දරේ’

මිතුදම උගස් කලේ අපි ආලේට
සින්න උනා ඒකත් මුල දුන්න නිසා කාමෙට
සුරලෝකේ වගේ නුබ සියුමැලි අල්ලෙන්ම
මුල්ගල තිබ්බා මගේ පිච්චෙන අපායට
පිටපතේ නැති උනත් ඉදන් තිරේ පස්සෙන්
උබේ රග මඩලේ මම අතිරේක නලුවෙක්
අපේ කතන්දරේ එක හිතක් නිදි
අදින් අවසානයි කෙල්ලේ තිතක් නිමි
ආසත් නෑ විදවන්න මෙතරම්
ඒත් රලු මුහදයි හැදුවේ හොදම කපිතාන්
දැන් හිත හයියයි කොච්චර තැලුවත්
දෙන දෙයක් දෙන්න ජිවිතේ
මම සුදානම්

පාඩම් පෙම් මායම් නෑ මා නම් ඉල්ලා
කෝලම් පුරසාරම් දැන් සායම් තවරා
හීනෙන් නෑ හිනෙන්වත් සෙනෙහේ බිදලා
ඉන්නම් තව ඉන්නම් මේ ගිනිදැල් ඉවසා

රවටා නෑ මා අපේ කතන්දරේ
කදුලින් ලියැවු අපේ කතන්දරේ
රවටා නෑ මා අපේ කතන්දරේ
කදුලින් ලියැවු අපේ කතන්දරේ