චබී කෙල්ල | Chubby Kella by Professor ft. Kaizer Kaiz [2020]

මගේ සීනි බෝල ලොසින්ජරේ….
උඹ මහත් උනේ කාල වඩේ….
මගෙ සාක්කුවට දීල දඩේ….
තෙල් රාත්තලක් හැදුව බඩේ…
අර චීස් කොත්තු තියන කඩේ…
නම කියන එකයි උඹේ වැඩේ…

මගෙ Chubby කෙල්ල උඹ නේ, ඒතරම් මහත නෑනේ
මට වඩාගන්න හිතන්නවත් බෑ…..
මගෙ honey හරිම බතලී, හැම වෙලේ කන්නෙ ඉට්ලී
ඔය හදිස්සියට හැරෙන්න වත් බෑ…..

Zumba ගියේ බම්බා දිහා….
පොළොව ඇදයි නටපු නිසා….
Dips ගැගුවෙ මාව බදා….
අනේ කෙට්ටු වෙන්න එපා ඔයා….
ටයර් ටයර් තියන නිසා…
අපෙ වයර් මාරු වෙයිද සුදා….

මගෙ Chubby කෙල්ල උඹ නේ, ඒතරම් මහත නෑනේ
මට වඩාගන්න හිතන්නවත් බෑ…..
මගෙ honey හරිම බතලී, හැම වෙලේ කන්නෙ ඉට්ලී
ඔය හදිස්සියට හැරෙන්න වත් බෑ…..

ගෙයක් ගත්ත කඩේ කිට්ටුව
එදා ඉඳං මේකි පිට්ටුව
එපා කියල මගෙ තොත්තුව
පෙම් කෙලිනව බදන් කොත්තුව
මම ප්ලේන්ටිය එයා මාරී
අපෙ ආදරේ බඩජාරී
මූන ශෝක් කඳ නම් ලොරී
කන්න දෙන්න දැන් නම් පඩිය මදී
උඹේ ටයර් පැනල මම රිම් එකෙන්
දුවන අස්සෙ income tax එකෙන්
බොට කවන්නෙ කොහොමද ඉතිං
අහනව මගෙ පොඩි වත්කමෙන්

මගෙ Chubby කෙල්ල උඹ නේ, ඒතරම් මහත නෑනේ
මට වඩාගන්න හිතන්නවත් බෑ…..
මගෙ honey හරිම බතලී, හැම වෙලේ කන්නෙ ඉට්ලී
ඔය හදිස්සියට හැරෙන්න වත් බෑ…..

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

Cleopatra by Iraj ft. Romaine Willis, Kaizer Kaiz and Izzy [2018]

සත මත පය තබා
සුර ලෝකෙට පාර සොයනා
අපායක හිරවෙලා
අඳුරේ හීන දකිනා

Cleopatra cleopatra
රැජිණක නම් ලබලා
Cleopatra cleopatra
මා වත දැවටුනා

අන්දකාරේ මේස ගානේ
යනවා හොයාගෙන තාවකාලික ආදරේ
කොට ගවුමට සාදු කියන්
පින්වත්තු කාමයේ
ලස්සනයි ප්‍රියංකරයි
හිනාව ඈගේ දුක් බරයි
ඇස් දෙකෙන් මම දැකපු කතාවෙන් තේරුනා ඇය අහින්සකයි
උබේ අඩිතාලෙට “මොණරුන්”
එලියට එයි වගේ “හිවලුන්”
මත් බදුනේ අත තිබුනට උබ ළගමයි හිත
උබ “මලක්” උන් “ඹබරුන්”
වටකරගෙන වන සත්තු
වැඩි හරියක් පිට රට්ටු
කම්මුල් දෙක ඇගේ වුනා රතු
ඇහුවම ලං වෙලා ඇගේ තතු
කෙල්ලව මිරිකල යුෂ අරන්
ලොක්කන් බොති ඇය හිරකරන්
හේතුව ඇහුවම තුරුල් කරන්
බිම බලා ගත්තා මාව තද කරන්
රැජිණක් වුනාට ජීවිතේ
දාසියක වෙලා පිරමීඩයේ
නර්ථන පිරිච්ච සටන් බිමේ
සෙබලියක් ඈ රෑ මුර පොලේ

පොඩි ළමයගේ අතින් අල්ලගෙන
සාරියකින් වෙසුත් වලාගෙන
මාව දැකලා බිමත් බලාගෙන
ඇවිදන් යන හැටි නුඹ ලැජ්ජාවට
රටක් හැදුව හංවඩුව
ඇයත් මවක් පියෙක් වුන
මමත් නැටුවා මගෙත් පව
වැරදි ලෝකයයි නුඹ වෙයන් ආඩම්බර
හදට “mitchelle” ඉරට “ලක්මිණි”
සුරඟන කොහොමද වුනේ යක්ෂණී
නටන්නේ කොහොමද එක්ක මලමිණී
මත් බදුනේ ඇය දැක්කේ ළමයට කිරි
ජිවීතේම කරන් ඉඳුල්
හොයන්නේ ළමයට රජ බොජුන්
ආශ්‍රය කරාට වන සතුන්
පුතාට නුඹ තාමත් ගෙදර බුදුන්
පිට දැක්කට රෑ නුඹේ ඇඳුමට
දැක්කේ නෑ නේ නුඹේ හිත යට දුක
මාව දැකල නුඹ වෙනතක බැලුවට
අද තමයි දැක්කේ ඇත්තම නුඹ
දරුවගේ හිනාව වටිනවා නම්
සිල් කඩන්නේ නුඹ ඒකටනම්
පවු කරන්නේ නුඹ හොදකටනම්
රැජිණක් නුඹත් ගරු කරනවා මං

 

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

 

225 by Kaizer Kaiz ft. Tharaka Dilhan [2019]

මනුස්සකම පිලිකන්නක
අම්මලා අඩනව මිනී කන්දක් යට
තාමත් රස්නෙයි පිච්චුන ඒ රට
ඒත් බොලාට ලොකු එන මහ චන්දෙද
පෙට්ටි ගොඩේ තියන් චන්ද පෙට්ටී
රට ගොඩ නගමුලු අනාගතේ වලලද්දී
පුංචි පවුල රත්තරං
වටින්නේ නෑ මුන්ට සතයක් තරම්මවත්
ගහල දෙන්නෙ කක්කුස්සියක්
ගූ වුනත් කයි දෙනවනම් චන්දයක්
බලු උන හැටි මහ ජාතියක්
පතාන සත 25 වාසියක්
අපේම බදු වලින්
උන් ගහන බදු වුනා
උන් කියන බොරුවලින්
හැමෝම බඩ උනා
චන්දයක් ගානේ ඒ බඩවල් හිස් උනා
නොයෙකුත් සක්කිලි ඒවගෙන් ඉපදුනා

දියවන්නවේ
කකියන සෙනේ
රට ගැන නොවේ…
මුතු රට අපේ
විකිණෙන දිනේ
අත ලඟ වගේ දැනේ….

සුර ලොව හෙව්වා
එල්ලිලා අලි නැට්ටේ
පොහොට්ටුව ඇයි තව පිපිලා නැත්තේ
ගිනි බත් සීනුවෙත් මැද නෑ සද්දේ
දැන් ඉතින් සිංහයත් නෑ කොඩි මැද්දේ
මිනිස් ඔලුව හොදටෝම හිස්
බැංකුවත් හිස්
බඩත් හිස්
යුද ගිනි ඉවර කලත් වසරක තිස්
බඩගිනි නිවන්නේ නෑ මුන් එකෙක්
චන්ද පෙට්ටිය නම් පින් කැටේට
රුපියලක් දාපන් හිගන්න නඩේට
ඒත් සැනසෙන්නෙ නෑ තොපි කපේට
රටට විනයක් සුදු ඇදගත් නඩේම
මගේ සිරිලක පින් බිමකි
ඇති කෙලෙසුවා ඈ අඩති
තව ටිකකින් හුස්මත් නවතීවී
ඊට කලින් නවතින්න ඇති ගරු මැතිතුමනි

දියවන්නවේ
කකියන සෙනේ
රට ගැන නොවේ…
මුතු රට අපේ
විකිණෙන දිනේ
අත ලඟ වගේ දැනේ….

දියවන්නවේ
කකියන සෙනේ
රට ගැන නොවේ…
මුතු රට අපේ
විකිණෙන දිනේ
අත ලඟ වගේ දැනේ….

සෙල්ලක්කාරයා | Sellakkaraya by Lil Neo ft. Kaizer Kaiz [2014]

ඔය විදපු දුකක් හිනා වෙලා ඉන්න
මට විනාඩි තුනයි ගියෙ ඔය අඩවන්න
වචන තුනයි ඔනෙ රන්ඩුවෙන්න
ඔයා රැවටුන පොඩ්ඩක් හිතල බලන්න
ඔය, හැම දෙම කරෙ මව සතුටින් තියන්න
මම හැම දෙම කරෙ ඔය අඩවල රිද්දන්න
එත් ඔය දැක පලවෙනි දවසෙ ඉදන් හීන මව්වෙ එකට නිදියන්න
සිංදු කොළවල ලිවුවෙ මම කිවුවෙ එව ඔයාට කියලා
හිත යට හිටියෙ ඔය විතරයි, ඔය විතරයි හිනවුනෙ මම හින්දා
ලන් වුනෙ රිද්දන්න නෙමේ
පස්සෙ, ආපහු ගන්න හිතන් මම හිත දුන්නෙ
ඔය තාමත් එක තැන එක නෙමෙ ප්රෂ්නෙ
ඔය දගකරනව මගෙ හිත අස්සෙ
මල් ඉහිරුනා
මුලු ලෝකය නෙතු යොමාලා
මා තනිවෙලා අද දඩුවම් ලබමි මා
කදුලු ගානේ වටුනු ඇගේ සොදුරු හඩ ඈ
නිහඩ කෙරුවා
ලොවම දුටු ඈ සයන්ගත වු
අදුරු සේයා මිලින කෙරුවා
සිනහව උදුර ගත්ත ඔය
සෙල්ලමකට පටලගත්ත
ජීවිතෙ උදුරගත්ත
සෙල්ලක්කාරයා මමයි
සෙල්ලක්කාරයා නුබයි
සත්තයි තිබ්බ මට පොඩි කැක්කුමක්
තිත්තයි මට මේ ජිවිතයත්
ඔය පැනෙන් ලිවුවත් අපෙ කතාව
මම පැන්සලෙන් ලිවුවෙ මකන්න හිතාන
සුදු ගවුමෙ රතු ලකුණෙ
ජිවිතෙ දුන්නත් ඔය මට සතුටින්
ආදරෙ බිදුවක් තිබෙ නැ
මගෙ එක ලේ බිදුවකවත් ඔයගෙ නාමෙ
ඔය විදෙවුව මම වින්දා
ජිවිතෙ කලු වුනා මම හින්දා
කිවුවා රටවටෙ හපන්කම්
වටකරන් මිතුරන් මගෙ හතුරන් කරන්
මට දඩුවම්
අපි අපිටම ගත පිංතුරේ
ගිලිහුන රටටම මගෙ අතෙ සිදුරෙන්
කාමරෙක අද කලුවරෙ මම උදුර ගත්ත
නුබෙ ජිවිතෙ
මල් ඉහිරුනා
මුලු ලෝකය නෙතු යොමාලා
මා තනිවෙලා අද දඩුවම් ලබමි මා
කදුලු ගානේ වටුනු ඇගේ සොදුරු හඩ ඈ
නිහඩ කෙරුවා
ලොවම දුටු ඈ සයන්ගත වු
අදුරු සේයා මිලින කෙරුවා
සිනහව උදුර ගත්ත
සෙල්ලමකට පටලගත්ත
ජීවිතෙ උදුරගත්ත
සෙල්ලක්කාරයා නුබයි
සෙල්ලක්කාරයා නුබයි
සෙල්ලක්කාරයා නුබයි
කදුලු ගානේ වටුනු ඇගේ සොදුරු හඩ ඈ
නිහඩ කෙරුවා (නිහඩ කෙරුවා)
ලොවම දුටු ඈ සයන්ගත වු
අදුරු සේයා මිලින කෙරුවා

 

හිත් විකට් | Hith Wicket by Kaizer Kaiz ft. Luke Mendis [2019]

උබට වැදන් හිටපු අතකින්මයි හොදට හිතලා ගත්තේ පෑන
උබට දීලා තිබ්බේ ලෝකේ දෙවියන්ටත් නොදුන් තැන
කෝටි ගනන් එනවත් ඇති නේ ද රසිකයන්ගේ පැන
කියවනවනම් නවතින්නේපා ලිව්වේ
මගේ ආගම ගැන
උබට සෙල්ලමක් වුනාට මේක අපිට ආගමක්
දුකේ ඉදන් සතුට වෙතට එගොඩ කරපු පාලමක්
ජීවිතේ පැරදිච්ච අපිට උබලා දිනින තරඟයක්
ලොතරැයියක් දින්නා වගේ නැතත් අතේ රුපියලක්
සත රුපියල් සීය කරලා ගත්තේ මැච් එකේ ටිකට්
ටීවී එකේ බලන්න හැකි සෙල්ලමක් නෙවෙයි ක්‍රිකට්
මුණ දෙපැත්තේ අලවන් සිංහ කොඩිය ස්ටිකර්ස්
ලං වුනා අපී වැඩීවත් ද කඩන්නේ අපේ හිත් විකට්
පුරේ ඉදන් බයිසකලේ හොයන් ආවේ දඹුල්ල
පරාජයත් යෝකරේ වගේ අපේ සතුට කඩුල්ල
එකක් දෙකක් ඉවසුවා සර් මේ කීවෙනී පාරද?
හූ කියවුනේ ආවේගෙට අපිත් එක්ක තරහද?

තණ නිල්ල ඵල දරපු කාලේ
දෙවිවරුන් වැඩ සිටි විමානේ
සිහ තේජසින් මුලු ලොව දිනා
රට බැබලුවා

මුලු රටක් හැඬවූ නියාවේ
සූදූවක් වී ඇත අගාධේ
රුපියල් නිසා දේස පලුවන්
කෙලසනා

සෙල්ලමක් නෙවෙයි ආගමක්

ගෙදර එවුන් හිනා වෙනවා උඹට ඇද්ද කියලා
ඒත් එදා රෑත් පහන තිබ්බේ උඹට සෙතක් පතලා
මේවා ගැනම හිතලා හිතලා හිතිච්ච තැන් ගෙවිලා
නිදා ගන්න කොට්ටේ යටත් උබේ රූප නමලා
ප්‍රවෘත්ති වල මැති ඇමතිලා උබට හොදට බනිද්දි
ටීවී එකත් වහලා දැම්මා ගෙදර එවුන් බලද්දි
අහස එපා කිව්ව අපිට පොළවත් දැන් රවද්දි
යන එනමන් නෑ මහත්තයෝ උඹලා අහක බලද්දි
තෙරෙන්නෙත් නැතුව ඉන්ග්‍රීසි වචන දෙක තුනක්
ටෝස් එකේ ඉදන් බලන්නේ උඹව බලන්නට මිසක්
නොතෙරුනත් බලන් ඉදලා උඹ ගත්තම බින්දුවක්
වචන කෝටියකින් කියනු බෑ හිතේ උපන් දුකක්
අපේ කදුලු මිට මොලවන් බිත්තියකට තලන්නම්
දිනුම වගේ පැරදිල්ලත් එකයි කියල හිතන්නම්
ලිපට වැටුන කබලට අපි පිච්චි පිච්චි නගින්නම්
එක තරගයක් දිනපු දාට දණ ගහලම වදින්නම්

තණ නිල්ල ඵල දරපු කාලේ
දෙවිවරුන් වැඩ සිටි විමානේ
සිහ තේජසින් මුලු ලොව දිනා
රට බැබලුවා

මුලු රටක් හැඬවූ නියාවේ
සූදූවක් වී ඇත අගාධේ
රුපියල් නිසා දේස පලුවන්
කෙලසනා

සෙල්ලමක් නෙවෙයි ආගමක්