මලට පෙලහර පාන බඹරුන් අඩුව නැතුවම ඉන්නවා
උඹවගේ නෑ කවි කරන්නට වදන් උන් ළග තියනවා
හිනා ඔච්චම් කතා නිතරම වුනත් තනියක් මකනවා
මැණික යැයි නුඹ කී පමාවට තවම හිත හිරි වැටෙනවා
රෑ දවාලක් නැතුව ඇත්තට හිතේ තරුනෙතු සැලෙනවා
ඇස් අගිස්සෙන් හිනා වෙනකොට කතා සහසක් මැවෙනවා
අතින් අතගෙන පියමනින්ට බලන් දහසක් ඉන්නවා
මුකුත් නොකියම අදත් මම නුඹෙ දෙතොල් නළලත තවනවා
හෙටක් ගැන නැති කතාවක අපි වගක් නැතිවෙම රැදෙනවා
පැතුම් මල් නම් මගේ හිතයට නිමක් නෑ නුඹ දන්නවා
නළල් හත්පට මට උරුම නැති දිනක් අද හෙට ලබනවා
ඉතිං නුඹෙ හසරැල්ල අද්දර එදාටත් මම නිවෙනවා