අහසක් තරම් මං ආදරෙයි
ප්‍රේමයේ නාමෙන්
කදුලු වලට ආසයි
ප්‍රේමකදුලු සුවඳයි
පුංචි ඇස්වල කදුලක්
උනන්න ඉඩ නොදෙමි
දෑතින් දෑතට පටලා ඈතට
ඉඟිලී යනවා සත්තයි
තහනම් ප්‍රේම ඉසව්වේ
මලානිකව හිදිමී
දෑතින් දෑතට පටලා ඈතට
ඉගිලී යනවා සත්තයි
There are 86 posts filed in Tharindu Damsara (this is page 7 of 9).
අහසක් තරම් මං ආදරෙයි
ප්‍රේමයේ නාමෙන්
කදුලු වලට ආසයි
ප්‍රේමකදුලු සුවඳයි
පුංචි ඇස්වල කදුලක්
උනන්න ඉඩ නොදෙමි
දෑතින් දෑතට පටලා ඈතට
ඉඟිලී යනවා සත්තයි
තහනම් ප්‍රේම ඉසව්වේ
මලානිකව හිදිමී
දෑතින් දෑතට පටලා ඈතට
ඉගිලී යනවා සත්තයි
ඇසිල්ලක්වත් දුරින් නොයිදන්
හදින් පෙම්බස් දෙඩුවද නැකත් එනකන්
හවස් තිබුණා බොහො පෙම්වතුන්ටත්
අත්සන් තියා වෙන්වෙන මඟුල් දවසෙත්
මඟුල්බෙර තාලයක කෙලවර
නික්ම යෑමය නැවත් ඒමය
මුදු සිනාවක අර්ථ විවරණ
සදා නොමැකෙන සෙනෙහෙ පෑමය
අන්තරාදායකම තනුවක
අන්තරා කොටසක් ය ප්‍රේමය
අහිමි වී ගිය පසුව ප්‍රේමයේ සිහසුන
උරුම දේ නම් සිනහවන් මවාපෑමය
හදවතින් ශුභපතන ගිවිසුමේ අබියස
අයිති ඇති නැති බොහෝ දේවල් භාරගැන්ම ය
අන්තරාදායකම තනුවක
අන්තරා කොටසක් ය ප්‍රේමය
සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here
කවිය ඇය පද නැති
තනුව විය ස්වර නැති
ගැයුම රැය එළිවෙති
එළිය විය අදුරැති
හිත් හදන් අලු ගසන්
මං මරන් ඉපදියන්
ජීවිතය තනියෙන්
වේදනා දැනියන්
ආදරේ ගිනියම්
හීනයකි අනියම්
අතීතේ අලුකරන් අලුවලින් පණ අරන්
ගිණි මැදින් තෙද අරන් ඉපදුනා
ලබැදි සදැල්ලී
හිතින් මා නිදැල්ලේ
අළු ගිණියම් කැදැල්ලේ
Phoenix කිරිල්ලී
ලෝකයක ගැරහුම්
ආදරේ ඉහිරුම්
හිත් බිදපු ගෙරවුම්
ලක්ෂයයි හැරවුම්
අතීතේ අලුකරන් අලුවලින් පණ අරන්
ගිණි මැදින් තෙද අරන් ඉපදුනා
ලබැදි සදැල්ලී
හිතින් මා නිදැල්ලේ
අළු ගිණියම් කැදැල්ලේ
Phoenix කිරිල්ලී
සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here
සමුගන්න වෙලාව ඇවිදින්
හිත ගල් කරගෙන ඉන්න එපා
කියන්න තියෙනා
දේවල් ඔක්කොම
අදවත් මට කියන්න
ඔබේ හිත නිදහස් කරගන්න
අනේ මටත් නිදහසේ ඉන්න
මට හැඬෙයි කියා
ඉන්න එපා නිහඬව
ඔබ නිසා මා හැඬු තරම්
ඔබත් හොඳටෝම දන්නවා
පොඩි දෙයක් දුර දිග ගිහින්
අපි අපෙන් අද සමුගන්නවා
දැන් ඔහොම ගල්වෙලා හිටියට
සියල්ලම ඔබෙ හිත දන්නවා
සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here
ෆියෝනා අද කතාවේ උච්චතම දවසයි
දෙබැම රතු තොල් භාවනාවක
හිටිය හැටි මතකයි
රෝම ඇහැරෙන සොදුරු යුද්ධය
ඇවිලුවේ නුඹමයි
ෆියෝනා අද කතාවේ මට ඔටුනු නැති ගාණයි
අහම්බෙන් හමුවුනු කතාවක්
අප්‍රකාශිත වේදනාවක්
ඉතිරි කර මියැදුනේ කොහොමද
හීනෙනුත් හිත දවනවා
ප්‍රේම දූතිය නුඹම වූවට
දූතයා මම නොවූ අරුමය
තාම මේ සංදේශ ලිපියේ
මා කවුද බව හොයනවා
සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here
කලා වැව් දියෙන් නාලා
පේවීයන්
කලා වැව් දියේ
පීදුනු මල්
අරගෙන යං
බුදුන් වදින්නට
බුදුන් දකින්නට
මල් පිපිලා බලහං
බුදුන් වදින්නට
බුදුන් දකින්නට
අපි යනවා බලහං
බුද්ධං සරණේ සරනයි සරනයි
දම්මං සරණේ සරනයි සරනයි
සංගං සරණේ සරනයි සරනයි
(දලදා සමිදුනි ඔබ වදින්නට
අපි අවේ මහ උඩ මලුවට)
තෙරුවන් සරනේ සරනයි
හෝම් නව ශිවා
හෝම් නව ශිවා
හෝම් නව ශිවා
සිද්ද පතිනි පින් මහිමෙන්
සමන් දෙවිදු අනුහසයෙන්
කදිර සුරිදුනේ රැක දෙන්න
සුලගට වැනෙන
පන්දම ලා
ගෙට ඇදුනා
කමතට පීදුනු
පිනියක් වෑහෙන
නාද කලා
චේතවනා
ග්‍රාම නිරිදේ
කර දිය හැර මින්නෙ
දෙව් පිහිට යදින්නේ
දෙවි තනුව වයන්නෙ
දෙව් පිහිට යදින්නේ
දෙවි තනුව වයන්නෙ
සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here
සන්ද්‍යාව තව ඒ වගේමයි
ශේෂවෙනවා පමණයි
මතකයන් හවසක් වගේමැයි
හුදකලාවේ මුමුණයි
දැනට සොදුරිය එපමණයි
විඩාපත් වූ රැයක මැදියම
පහන් කනු නිදිවරයි
ප්‍රේම අවනඩු අයිති ඉල්ලා
රැහැයි කරදර කරයි
අදුර කැන්දන් රාත්‍රිය
පැමිනෙන්නෙ ඒ හින්දයි
දැනට සොදුරිය එපමණයි
අලුයමේ මුදු සීත පිනියට
මල්පෙතිත් හරි බරයි
හිරු ඇවිත් පිනි බිදක ආයුෂ
ගැනම ඇවිටිලි කරයි
සේද සැරයටි ඇතැත් නැතුවත්
ලෝකයම අන්දයි
දැනට සොදුරිය එපමණයි
සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here
පිපිමුදු ගෝමර ඇගේ ගතේ
ප්‍රේමාරාධන ළග සගවන්
කදුලක අවසන්
හසරැළි ගවසන්
හිටි ගැහැණිය නුඹ වේ ගජමන්
රෑ තුන් යාමේ නුඹ ගැන හදවත
සසැලෙන මොහොතක දෙනෙත් පියා
පන්හිද පිරිමැද කිසිවක් නොලියමි
වෙහෙසයි මට නුඹ ගැන ලියලා
නුඹගේ හීසර කවියක මුහුණත
වැදී සිදුරුවුණ ළය ද දරා
සමුගන්නා බව කියැවෙන කවියක
කුමටද එළිසමයක් තියලා
තෙදැති විකුමැති බලැති නරපති
හිමාලෙටනම් නුඹව සතුරැති
සියල් හැරදා එන්ට සිත් ඇති
රාවණා නුඹ මටයි අදරැති
පපුතුරේ උණුහුමට හිතැති
ගිනි සිසිල අරුමයක් නම් නැති
කිසිකෙනෙක් අදටවත් දන් නැති
කාරණේ නුඹ දන්නවා ඇති
ලෙනක මට රලු සයන හුරු ඇති
බාහු යුග්මය මා දවාලැති
නෙතු හැරීයෙමි ඒත් නුඹ නැති
රාවණා නුඹ මටයි අදරැති
පිපි කුසුම් එකිනෙක සිනාසී
වැලදගනු ප්‍රේමයේ නමින්
නිසිකලට නොපිපුනු කුසුම්
ඉකිගසයි මඩ ගොහුරකට වී
තුටු දනන් දැකගත් සැනින්
ක්‍රෝදයෙන් උනුන් දෙස බලන්
අහිමි ජීවිත සතුට පාවා දී කදුලින්
ඇදිවත තෙත්කරන්
පාට තැවරූ සිහිනයක්
අහස නිවනා පොළොව සරනා
සැවොම නිව් භාවනාවක්
ආලයේ පරිමාව නොදැනම
ජීවිතය අකලට ගිහින්
ප්‍රේමයේ නිවනත නොදුටු උන්
ලෙඩ ඇදේ මොක්සුව සොයන්
පාට තැවරූ සිහිනයක්
අහස නිවනා පොළොව සරනා
සැවොම නිව් භාවනාවක්