චතාරික සමයට කොයින්දෑ ප්‍රේමයක හැඟුම්
ඇස් ඉරා අලු බදාදාවක වැටෙයි වැහි ගීයක්
ඉතිං දුක්කප්‍රාප්තිය ඇත නූපුරක නාදෙත්
සඳ ඉතිං මං ගිහින් එන්නද නොකියාම කිසිවක්
දෑස අඩවන් වූ පමාවට නූ නාද කඩිනම්
පුළුල් නළලත දා බිදුවකම තිබුනේම කවිකම්
දිගුම කෙහෙරැල්ලෙන් වියාගමි ප්‍රේමයේ ගෙත්තම්
මතක රෑ එකිනෙකට අමුණමි කොන්තයක් වේනම්
සඳ ඉතිං මං ගිහින් එන්නද නොකියාම කිසිවක්
නළල හදවත දෙවුර යාකල ප්‍රේමයේ නාමෙන්
ගීතිකා කොතරම් කියවේද සත්සරක රාවෙන්
සීතලක කෙලවරේ ඇති උණුසුම්ම හද ගින්නෙන්
උපන් නුඹ අල්තාරයේ මල සිපගනිමි මම ආමෙන්
සඳ ඉතිං මං ගිහින් එන්නද නොකියාම කිසිවක්