in Amelia Wijesooriya, Ayanthi Fernando

කොහෙ යන්නද මා | Kohe Yannada Maa by Amelia Wijesooriya [2023]

නුඹ එනනක් මං මග බලමින් ඉන්නේ
ඔයා හැමදාමත් බොරු කරමින් ඉන්නේ
වෙන ආදරයකදෝ පැටලී ඉන්නේ
මගේ ජීවිතයෙම නුඹ විතරයි උන්නේ

මට ආදරේ බව දිවුරා පවසන්නේ
මං දන්නවා බොරුවට දිවුරන්නේ
මේ ඇස් ගිනියම් වී උතුරා යන්නේ
ඔයා ඇයි මට මේතරමින් රිදවුම් දෙන්නේ

කොහෙ යන්නද මා
අනේ දන්නේ නෑ මා
නුබගෙන් මිදිලා ජීවත් වෙන්නේ නෑ මා //

ඔය රුවමයි මගෙ ලෝකෙම දිස්වන්නේ
ඔය උනුහුම විතරයි ගත ඉල්ලන්නේ
ඔය ඇස් දෙක විතරයි මං අදුරන්නේ
අනේ මං කොහොමද තව ජීවත් වෙන්නේ

රෑ එලිවෙනකල් මග බලමින් ඉන්නේ
සද තරු පමණයි මගේ තනියට උන්නේ
වෙන බබරුන් මං අල්ලන්නට එන්නේ
වෙන හදකට නෑ මේ හිත ඉඩ දෙන්නේ

කොහෙ යන්නද මා //
අනේ දන්නේ නෑ මා //
නුබගෙන් මිදිලා ජීවත් වෙන්නේ නෑ මා //

written by Ayanthi Fernando

banner

Leave a Reply