මා අමතක වී | Ma Amathaka Wee by Chamara Weerasinghe

මා අමතක වී යාවී
දුරු රට ගියදා නුඹ මා හැරදා
මා අමතක වී යාවි
කාලය හිමිහිට පියඹාවී
කෙදිනක හෝ අප හමුවේවී

ලොවට හොරා සැඟවී රහසේ
සැනසුනි නම් මා නුඹ තුරුලේ
මගෙන් නොලද රැකවල් මැද්දේ
පාළු කියයි නුඹ තනි යහනේ

මටත් හොරා ඉකිබිඳ රහසේ
නැවතුනිනම් නුඹ මා තුරුලේ
මෙවන් මිහිරි හැඟුමන් දෙහදේ
රැඳී තියේවිද හෙට දවසේ

මා අමතක වී යාවී
දුරු රට ගියදා නුඹ මා හැරදා
මා අමතක වී යාවි
කාලය හිමිහිට පියඹාවී
කෙදිනක හෝ අප හමුවේවී

මා අමතක වී යාවී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *