කල් මරන්න බෑ දැන් ඕනා සැනසෙන්න
තව නිවෙන්න නම් වෙනවා මට තනි වෙන්න
නුඹ නොසිටි දින වල – මට දැනුනා සීතල
නොවෙනස්ව ඉන්නවද අහස – මට අවැසි උණුහුම
නුඹ නොමැති දා අසලින් දැවටී හමන සුළඟත් මට සැනසුමක් නොදේ
හිත නුහුළනා මතකෙක පැටලී ගෙවෙන දිවියේ මට හිස් බවක් දැනේ
යළි නොපෙනෙනා හැඩ රුව නුඹගේ තාම නොමැකී මනසේ ඇඳී තියේ
නොඑන සොඳුරිය මෙසේ කියන්නම් මා දෙපාරක් හමු වන කෙනෙකු නොවේ//
අප හමු වූ මුල් දින වෙත දැන් යනු බැරිය
ගෙවී ගියේ මගෙ දිවියේ හොඳ හරිය
නුඹ නුඹම වූ තැන – එයයි මට වැරදුණු තැන
“අපි” කියා දෙයක් මේ ලොව නැති බව ඉමු අපි දැනගෙන
නුඹ නොමැති දා අසලින් දැවටී හමන සුළඟේ මට සැනසුමක් නොදේ…
මා හැරුණු කොට වෙනකෙකු සමඟින් නුඹ සුවසේ නිදයි ද රාත්‍රියේ
මඟ හැරුණු තැන තවමත් නැවතී නුඹ කොහිදැයි සොයමි මා පාළුවේ
හදෙහි අවසන් දොරටුව හැරියේ නුඹට පමණයි කියමි මා ප්‍රේමියේ
මෙතැන් පසුවට නුඹත් නොමැති නම් තනිව යන්නම් දිවි ගමන පාඩුවේ
ඇහුනද,
නොඑන සොඳුරිය මෙසේ කියන්නම් මා දෙපාරක් හමු වන කෙනෙකු නොවේ
මේ ඇහුනද,
නොඑන සොඳුරිය මෙසේ කියන්නම් මා දෙපාරක් හමු වන කෙනෙකු නොවේ
written by Mihiran
Leave a Reply