කියන්නට බැරි තරම් ඔබට ආදරෙයි මං
දරන්නට බැරි තරම් දුක වාවන්නට බෑ දැන්
ඔබ ඇයි කුරිරු මේ තරම්
සිතක් නැති කෙනෙක් මෙන්
මා හෙලනා මේ සුසුම ඔබට දැනෙනවා නම්
මා සොයා යලි ඇවිත් සිප ගන්නකෝ මා දෙතොල්
මතකේ හසරැල් නැගෙන රැයේ
දෙනෙතින් කදුලැල් ගලා ගියේ
ජීවිතයේ රස දෑනෙන වියේ
ඔබ මා හැරදා ඇයිද ගියේ
මතකේ හසරැල් නැගෙන රැයේ
දෙනෙතින් කදුලැල් ගලා ගියේ
ජීවිතයේ රස දෑනෙන වියේ
ඔබ මා හැරදා ඇයිද ගියේ
ඔබ ඇයි අන්සතු වුනේ ඔබ ඇයි මා හැරගියේ
පූජනීයයි ආදරේ ඔබ එය නොදනී ප්‍රියේ
දිවි ඇතිතෙක් මේ බවේ ඔබට පමණයි ආදරේ
මා හද පතුලේ ඔබේ රුව සදා ඇඳී තිබේ
මා සොයා යලි ඇවිත් සිප ගන්නකෝ මා දෙතොල්
සිතකින් නොව ඔබ දමා ගියේ
ඔබ ගැන සිහිවෙයි හැම මොහොතේ
දුක පමණයිමට උරුම වුනේ
සමාවෙන්න කුමරානනී
මතකේ හසරැල් නැගෙන රැයේ
දෙනෙතින් කදුලැල් ගලා ගියේ
ජීවිතයේ රස දැනෙන වියේ
ඔබ මා හැරදා ඇයිද ගියේ
Leave a Reply