රන් මුදුවක සිරවී තැවෙනා ලදුනේ
දුක් කන්දක පාමුල තනිවී හැඩුවේ
අප දෙතැනක ලතවෙන ජීවිත කතරේ
නුඹ කෙදිනද මා ලඟ සැනසී ඉන්නේ
තනි යහනේ මා තැවෙනා හැම වාරේ
ඔබේ පහසේ මා සිහිනේන් සැනසෙන්නේ
මා තුරුලේ ඔබ නළවා සතපන්නේ
කවදාදෝ මෙ සිහිනේ එළිවන්නේ
දුක වාවා නගනා හසරැල්
දුටුවා මා නුඹෙ හද මනසින්
වියකි යන්නට පෙර රහසින්
මගෙ දෝතට ගන්නම් සෙනහෙන්
ප්‍රේමය මා වින්දා
නුඹේ ඇසුරේ නිවුනා
මුලු ජීවිතේම නුඹ මගේ හින්දා
අපි ආදරයෙන් ඉමු ලංවීලා
නෙතු පාරා ගලනා කදුලැල්
මා දෑතින් පිසආ සනසා
හද දවනා රිදෙනා මතකෙන්
නුඹ මුදවා රැකගමි සැමදා
ප්‍රේමය මා වින්දා
නුඹේ ඇසුරේ නිවුනා
මුලු ජීවිතේම නුඹ මගේ හින්දා
අපි ආදරයෙන් ඉමු ලංවීලා
රන් මුදුවක සිරවී තැවෙනා ලදුනේ
දුක් කන්දක පාමුල තනිවී හැඩුවේ
අප දෙතැනක ලතවෙන ජීවිත කතරේ
නුඹ කෙදිනද මා ලඟ සැනසී ඉන්නේ
written by Aradhana Ekanayaka
Leave a Reply