in Kasun Kalhara

රත් සර කැකුළ | Rath Sara Kakula by Kasun Kalhara

රත් සර කැකුළ රකින්නම්
ආදරයේ සුවඳ විඳින්නම් ජීවිතයේ
පිංසර පැතුම පතන්නම්
මේ භවයේ එළිය ලබන්නම් ජීවනයේ…..

දෙනෝදහක් අතරේ ආ මඟ
හිත නතර වුනේ ඔබ ළඟ
ඔබ ඇසින් ගලනා ආදර ගඟ
සිහිලැල්ලේ පිහිනා යමි මම….

ප්‍රභාතයෙන් නැගෙනා මේ හඳ
පිපි අහස උනේ ඔබ වත
රන් රුවන් හැර ආ මේ හද
ඔබගේම නොවේදෝ කිව මැන….

රත් සර කැකුළ රකින්නම්
ආදරයේ සුවඳ විඳින්නම්
ජීවිතයේ….

banner

Leave a Reply