මිණි මිණි පොදේ ගණ අඳුරේ කයි මදු රූ
බල්ලෙක් ඉඳන් උඩු බුරලයි උගෙ නපු රූ
කෙල්ලක් ඉඳන් දොර නාරී ඇගෙ නපු රූ
මල්ලක් කදුරු කන්නෙමි විගස දොර අ රූ
අට පහ නොදන්නා තා කාගේ කවු ද?
බහක් නැතුව එන්නට කීවේ කවු ද?
ගසක් නැතිව දළු ලියලන්නේ කෙසෙ ද?
මල්ලට දෙමල්ලක් කාපිය මට මොක ද?
සසර සරණ සයලු සතට
මහළු වයස පැමිණුන කල
ගතද ඇකිළ වතද මැළව
සෙලවෙතේ දතා
එවර දෙඇස නොපෙනි දෙකණ
බිහිරි ගතිය ඇතුව දෙතොල
සැලුම හෙයිනි කටේ හඬද
ලොල ලොලා යතා
අදර වඩන නෑයො මිතුරු
සියලු දෙනම ඉවත බලති
පනසේ විසුව පෙමැති කතද
නුරුස්සා යතා
ගෙදර වසන දරුවො රැළද
සියලු දෙනම ඉවත බලති
බලව සසර දුකක මහත
මේ ජරා ගතා
මිහිරි හඬින් දන මන ගත්
මුකුළු වදන් බැරුව කිසිත්
කබල් බෙරය ගහන විලස
කලක් කළෙ කතා
ලොඹු දොකොනින් කෙළ පෙරමින්
ලොල් ලොල් ගා කියන බසට
මෙකල මෝඩ කොල්ලො රැලක්
සිනාසෙති ඉතා
රහස් කියන විටත් ඇසුණු
දෙකන් බිහිරි වෙලා මගේ
හෙණ ගැහුවත් පිටිපස්සට
සද්දයක් නැතා
අනේ බලනු මැනව සසර
ජරා මරුව දෙන හිරිහැර
මෙලොව හැමට වෙති මේ ලෙස
වඩම් මෙත් සිතා