කවුරුන්ද කවුළුව | Kawurunda Kawuluwa by Chamara Weerasinghe ft. Shashika

කවුරුන්ද කවුළුව වැහුවේ මට දුන්නු ආදරේ..
මං කොහොම තනිමඟ යන්නේ මේ නුහුරු මාවතේ..
හුරු හිතට නුහුරක් දැනුනා අපි කෙරූ ආදරේ..

නවතින්න අවසරයි ප්‍රේමයෙන්…

කවුරුන්ද කවුළුව වැහුවේ මට දුන්නු ආදරේ..
මං කොහොම තනිමඟ යන්නේ මේ නුහුරු මාවතේ..
හුරු හිතට නුහුරක් දැනුනා අපි කෙරූ ආදරේ..

නාඩන්න මගෙ පන කියලා නුඹ ගියා මා දමා..
හැරයන්න හේතුත් කියල මට කෙරූ චෝදනා..
නිම නොවෙන ප්‍රේමෙන් නික්මෙලා..
මට දුන්නු ඒ හුස්මත් හිරවෙලා..

මතකයද මේ දුක් දෙන්නේ – අපි කෙරූ ආදරේ..
අමතකද මා ලඟ උන්නා – තනිකමින් උන් දිනේ..
ඇස් වැහෙන මොහොතක් පාසා – නුඹ ඉන්නවා හිතේ..
යලි එන්න හැකිනම් ඉක්මනින්..

නුඹෙ සුවඳ විලවුන් තවරා – සයනයේ ගුලිවෙලා..
පැරණි මතකය මා ඉල්ලා – යලි එන්නෙ නැති නිසා..
යලි එන්නෙ නැතිදෝ මා සොයා
හැකි මට ඉන්න පෙර සේ ඉවසලා..

කවුරුන්ද කවුළුව වැහුවේ මට දුන්නු ආදරේ..
මං කොහොම තනිමඟ යන්නේ මේ නුහුරු මාවතේ..
හුරු හිතට නුහුරක් දැනුනා අපි කෙරූ ආදරේ..

කන්දේ හැපිලා | Kande Hapila by Chamara Weerasinghe

කන්දේ හැපිලා හඳ මුලා කළා නෙත
යමුද නඟේ අද කන්දෙ විහාරෙට
යමුද නඟේ අද කන්දෙ විහාරෙට……

කන්දේ හැපිලා හඳ මුලා කළා නෙත
යමුද නඟේ අද කන්දෙ විහාරෙට
යමුද නඟේ අද කන්දෙ විහාරෙට……

පිච්ච මල් කැකුලු අරගෙන දෙපා සිඹින්නට
පරවුනු මල් දැක එපා හඬන්නට
දිව හැකිලෙන්නේ නැතුව කියාපන් නගෝ
මා එක්කල දීග කන්න එනවද නංගෝ……

කන්දේ හැපිලා හඳ මුලා කළා නෙත
යමුද නඟේ අද කන්දෙ විහාරෙට
යමුද නඟේ අද කන්දෙ විහාරෙට……

සේද හවඩි පළඳාගෙන කැන්දන් යන්නට
භාර වුනේ මං කන්දේ විහාරෙට
දිවුරල බෝ මලුවෙදි මට කියාපන් නගෝ
තව උඹ ගැන හිතේ තියන් ඉන්නද නංගෝ……

කන්දේ හැපිලා හඳ මුලා කළා නෙත
යමුද නඟේ අද කන්දෙ විහාරෙට
යමුද නඟේ අද කන්දෙ විහාරෙට……

කන්දේ හැපිලා හඳ මුලා කළා නෙත
යමුද නඟේ අද කන්දෙ විහාරෙට
යමුද නඟේ අද කන්දෙ විහාරෙට……

හිනැහෙන්නට එපා | Hinahennata Epa by Chamara Weerasinghe

හිනැහෙන්නට එපා හොරෙන්
දෙනෝදහක් අතර මැද්දෙ
මට හිතේවි නිල් දෑසට එබී බලන්න
ආදරයෙන් මුළු දවසම බලාන ඉන්න
බලාන ඉන්න

අර දුටුවද දුර ආකාසේ
මගෙ තනියට ඔබ වාගේ
මහ පොළොවට ආදරයෙන් දේදුන්නක් පායාලා
තව ටිකකින් මැකිලා යාවී
මහ වැහි ඇල්ලක් කඩා හැලේවී
දුක හිතුනම අඬලා ඔබ යනවා වාගේ

වැලපෙන්නට එපා දුකින්
කවුරු ඇතත් ඔය ඇස් ලඟ
හිත කියාවි හිතේ දුකින් හඬා වැටෙන්න
ආදරයෙන් රතු දෙකොපුල් පිසලාලන්න
පිසලාලන්න

අර බලන්න අර ආකාසේ පුර සඳවත හිනැහෙනවා
කිරි උතුරා ආදරයෙන් ඔබෙ ආදර මුහුන වගේ
තව මොහොතින් මුදුනට ඒවී
කලු වලාකුලක සැඟවී යාවී
හිත ලඟ හිඳ වැලපී ඔබ යනවා වාගේ
ලැජ්ජ වෙන්න එපා ඉතින් අපි විතරයි කවුරුත් නැහැ
දැන් හිතේවි ආදරයෙන් ඔබ සිප ගන්න
ආදරයෙන් පිරි දෙඅදර උණුසුම දෙන්න
උණුසුම දෙන්න

ලෙන්ගතුකම | Lengathukama by Chamara Weerasinghe

ලෙන්ගතුකම නෙතඟ තියා බලනා විට ඔබ
සඟවා ගෙන ඉන්නට බෑ මගෙ ආදර හිත
මිතුරිය සේ ඔබ උන්නත් මගෙ හදවත ලඟ
සොඳුරිය කර ගන්නයි මා සිතුවේ සැම දින…

ලෙන්ගතුකම නෙතඟ තියා බලනා විට ඔබ
සඟවා ගෙන ඉන්නට බෑ මගෙ ආදර හිත
මිතුරිය සේ ඔබ උන්නත් මගෙ හදවත ලඟ
සොඳුරිය කර ගන්නයි මා සිතුවේ සැම දින…

ඇස අද්දර හමු නොවුනත් ඔබ එක දවසක්
සිතට ඔබව දකිනා තුරු නෑ ඉවසිල්ලක්
සඳ තරමට අවිහිංසක සොඳුරු හදවතක්
බලා හිඳී ඔබේ හිතේ දෙන්න මට ඉඩක්…

ඇස අද්දර හමු නොවුනත් ඔබ එක දවසක්
සිතට ඔබව දකිනා තුරු නෑ ඉවසිල්ලක්
සඳ තරමට අවිහිංසක සොඳුරු හදවතක්
බලා හිඳී ඔබේ හිතේ දෙන්න මට ඉඩක්…

ලෙන්ගතුකම නෙතඟ තියා බලනා විට ඔබ
සඟවා ගෙන ඉන්නට බෑ මගෙ ආදර හිත
මිතුරිය සේ ඔබ උන්නත් මගෙ හදවත ලඟ
සොඳුරිය කර ගන්නයි මා සිතුවේ සැම දින…

මිතුරු කමට එහා ගියපු ලෙන්ගතු ඇසුරක්
ඔබෙන් පතා ගෙවී ගියා කල්ප කාලයක්
කදුළු පිරැණු තනිකඩ වු පාලු හදවතක්
බලා හිඳී ඔබේ හිතේ දෙන්න මට ඉඩක්…

මිතුරු කමට එහා ගියපු ලෙන්ගතු ඇසුරක්
ඔබෙන් පතා ගෙවී ගියා කල්ප කාලයක්
කදුළු පිරැණු තනිකඩ වු පාලු හදවතක්
බලා හිඳී ඔබේ හිතේ දෙන්න මට ඉඩක්…

ලෙන්ගතුකම නෙතඟ තියා බලනා විට ඔබ
සඟවා ගෙන ඉන්නට බෑ මගෙ ආදර හිත
මිතුරිය සේ ඔබ උන්නත් මගෙ හදවත ලඟ
සොඳුරිය කර ගන්නයි මා සිතුවේ සැම දින…

ලෙන්ගතුකම නෙතඟ තියා බලනා විට ඔබ
සඟවා ගෙන ඉන්නට බෑ මගෙ ආදර හිත
මිතුරිය සේ ඔබ උන්නත් මගෙ හදවත ලඟ
සොඳුරිය කර ගන්නයි මා සිතුවේ සැම දින…

ලෙන්ගතුකම නෙතඟ තියා බලනා විට ඔබ
සඟවා ගෙන ඉන්නට බෑ මගෙ ආදර හිත
මිතුරිය සේ ඔබ උන්නත් මගෙ හදවත ලඟ
සොඳුරිය කර ගන්නයි මා සිතුවේ සැම දින…

ළය ගින්දරින් | Laya Gindarin by Chamara Weerasinghe

ළය ගින්දරින් ගිනි ගන්නා රෑ යාමේ
කිම මා සොයා මගේ උදුවප් සඳ නාවේ
හොදටම රිදී නෙතු දොරගුළු බිඳුනාවේ
ජාතිත් ආදරෙයි නුඹටම සුදු නෝනේ

ළය ගින්දරින් ගිනි ගන්නා රෑ යාමේ
කිම මා සොයා මගේ උදුවප් සඳ නාවේ
හොදටම රිදී නෙතු දොරගුළු බිඳුනාවේ
ජාතිත් ආදරෙයි නුඹටම සුදු නෝනේ

තරු කැට දෙක තුනක තනිකම මකන්නට
මට බැරිවේවි නුඹ හට මෙන් විටින් විට
වරදින් මිදී නුඹ යලි ආවොතින් ගෙට
වරදක් කියන් නෑ කවදාවත් නුඹට

ළය ගින්දරින් ගිනි ගන්නා රෑ යාමේ
කිම මා සොයා මගේ උදුවප් සඳ නාවේ
හොදටම රිදී නෙතු දොරගුළු බිඳුනාවේ
ජාතිත් ආදරෙයි නුඹටම සුදු නෝනේ

නුඹටම හුරුපුරුදු නැළවිලි නොදත් මම
තනිවම කොහොම පැටවුන් නිදි කරන්නද
දරුවන් නිසාවත් යළි ආවොතින් ගෙට
අහිතක් හිතන් නෑ කවදාවත්ම මම

ළය ගින්දරින් ගිනි ගන්නා රෑ යාමේ
කිම මා සොයා මගේ උදුවප් සඳ නාවේ
හොදටම රිදී නෙතු දොරගුළු බිඳුනාවේ
ජාතිත් ආදරෙයි නුඹටම සුදු නෝනේ

කුරුඳු සුවදැති | Kurudu Suwadathi by Chamara Weerasinghe

කුරුඳු සුවදැති සුළඟම
නැඹුරු වී මගෙ සුසුමට
අඬගසන තුරු ප්‍රථම ප්‍රේමය
සදා තරුණයි ජීවිතේ..

හද සිදුරු කළ ප්‍රථම ප්‍රේමය..
සොඳුරු පුවතයි ජීවිතේ..
සදා තරුණයි ජීවිතේ..

වෙනදා වගේම පුරහඳ..
පුරවරයට පා එනවිට…
වෙනදා වගේම පුරහඳ..
පුරවරයට පා එනවිට…
දැනෙන දුක නිදුකක් බව..
ගැඹුරු ලෙස දැනෙනව මට..

කුරුඳු සුවදැති සුළඟම
නැඹුරු වී මගෙ සුසුමට
අඬගසන තුරු ප්‍රථම ප්‍රේමය
සදා තරුණයි ජීවිතේ..

නපුර වපුරන අදුරද..
පිදුරු අවුලයි මතකෙට..
නපුර වපුරන අදුරද..
පිදුරු අවුලයි මතකෙට..
කදුරු පුපුරයි හද තුළ..
ඒත් මිහිරී එය මට..
කදුරු පුපුරයි හද තුළ..
ඒත් මිහිරී එය මට..

කුරුඳු සුවදැති සුළඟම
නැඹුරු වී මගෙ සුසුමට
අඬගසන තුරු ප්‍රථම ප්‍රේමය
සදා තරුණයි ජීවිතේ..

කිවුටිකිරා (මුවැත්තී) | Kiyutikira (Muwaththi) by Chamara Weerasinghe

කිවුටිකිරා මුව තවරන මුවැත්තී
බෝවිටියා පාට මුවින් හොඳ හසනන මුවැත්තී
රනේ රුවට වාත්තුවෙන් කළ රූ ඇති සිඟිත්තී
බලාගෙනයි යන එන මඟ අඳුර වැඩි සිතැත්තී

හැන්දෑවට පෙම් බඹරු බඹයි රතු කර ගත් නුරා නෙතින්
නිල් අඳුරට හිත නලියයි තුරුලුවෙන්න සිහින අරන්
බලාගෙනයි මුවැත්තී කිවුටරියේ පාඩම් හෙම
අමතක වෙයි සිතැත්තී…..

කිවුටිකිරා මුව තවරන මුවැත්තී
බෝවිටියා පාට මුවින් හොඳ හසනන මුවැත්තී
රනේ රුවට වාත්තුවෙන් කළ රූ ඇති සිඟිත්තී
බලාගෙනයි යන එන මඟ අඳුර වැඩි සිතැත්තී

නින්දාවට අඟ හිඟකම් එයි පෑලදොරින් ගෙට ගොඩවෙයි
නිල් තරු මල් හීන රටට නුඹ ගෙන යයි රුවැත්තී
බලාගෙනයි සිඟිත්ති අකුරට යන හිත බාලෙදි
හොරා ගනි මුවැත්තී……

කිවුටිකිරා මුව තවරන මුවැත්තී
බෝවිටියා පාට මුවින් හොඳ හසනන මුවැත්තී
රනේ රුවට වාත්තුවෙන් කළ රූ ඇති සිඟිත්තී
බලාගෙනයි යන එන මඟ අඳුර වැඩි සිතැත්තී

මා අමතක වී | Ma Amathaka Wee by Chamara Weerasinghe

මා අමතක වී යාවී
දුරු රට ගියදා නුඹ මා හැරදා
මා අමතක වී යාවි
කාලය හිමිහිට පියඹාවී
කෙදිනක හෝ අප හමුවේවී

ලොවට හොරා සැඟවී රහසේ
සැනසුනි නම් මා නුඹ තුරුලේ
මගෙන් නොලද රැකවල් මැද්දේ
පාළු කියයි නුඹ තනි යහනේ

මටත් හොරා ඉකිබිඳ රහසේ
නැවතුනිනම් නුඹ මා තුරුලේ
මෙවන් මිහිරි හැඟුමන් දෙහදේ
රැඳී තියේවිද හෙට දවසේ

මා අමතක වී යාවී
දුරු රට ගියදා නුඹ මා හැරදා
මා අමතක වී යාවි
කාලය හිමිහිට පියඹාවී
කෙදිනක හෝ අප හමුවේවී

මා අමතක වී යාවී

මා ආදර අම්මා | Ma Adara Amma by by Chamara Weerasinghe

නපුරු වෙන්න එපා කියලා නපුරු නොවී කීවා
දරුණු වෙන්න එපා කියලා දරුණු නොවී කීවා
මා ආදර මගෙ අම්මා
මා ආදර අම්මා

ඇගෙ ආදර ලේ කිරි මම රස කරකර බිව්වා
මගෙ ලෝකය මගෙ විශ්වය ගෙදර බුදුන් අම්මා
මා ආදර මගෙ අම්මා
මා ආදර අම්මා

කඳුළු බිංදු හංගා මට සුර සැප දුන්නා
රස මසවුළු මට දීලා ඇය නොකාම උන්නා
දරු සෙනෙහස හින්දා අපමණ දුක් වින්දා
දුක් කරදර ඇය විඳගෙන මට සුවයම දුන්නා
මා ආදර මගෙ අම්මා

යන එන තැන විමසා මා පසුපස උන්නා
හිත රිදුනම හිස අතගා දුක් ගින්දර නිවුවා
නිවැරදි මඟ පෙන්වා ගුරුහරුකම් දුන්නා
ඔබට තියෙන ණය ගෙවන්න සසරම මදි අම්මා
මා ආදර මගෙ අම්මා

නපුරු වෙන්න එපා කියලා නපුරු නොවී කීවා
දරුණු වෙන්න එපා කියලා දරුණු නොවී කීවා
මා ආදර මගෙ අම්මා
මා ආදර අම්මා

ඇගෙ ආදර ලේ කිරි මම රස කරකර බිව්වා
මගෙ ලෝකය මගෙ විශ්වය ගෙදර බුදුන් අම්මා
මා ආදර මගෙ අම්මා
මා ආදර අම්මා

ලොවෙන් අඩක් | Lowen Adak by Chamara Weerasinghe

ලොවෙන් අඩක් සුව නින්දේ
ඔබ පමණක් ලතැවිල්ලේ
යශෝධරා… වුණාත් ළඳේ
මම සිදුහත් කුලේ නොවේ…..

නිදිබර නෙත කඳුළු දොවා….
නිදිබර නෙත කඳුළු දොවා….
එපා මා නෙත සතපවන්න
මගේ දෙනෙතට දෙනෙත තියා
ආදරයේ තරු ගනින්න……

ලොවෙන් අඩක් සුව නින්දේ
ඔබ පමණක් ලතැවිල්ලේ
යශෝධරා… වුණාත් ළඳේ
මම සිදුහත් කුලේ නොවේ…..

සියුමැලි ඔය ඇඟිලි තුඩින්…
සියුමැලි ඔය ඇඟිලි තුඩින්…
එපා මා හිස පිරිමදින්න
මධු බඳුනට පෙම් කළ මා
ඔබේ පෙමින් මුදාලන්න…..

ලොවෙන් අඩක් සුව නින්දේ
ඔබ පමණක් ලතැවිල්ලේ
යශෝධරා… වුණාත් ළඳේ
මම සිදුහත් කුලේ නොවේ…..