මහරගමට | Maharagamata by Chamara Weerasinghe

මහරගමට වහින්නැතිව
වහින්න ඕනෑ තැනකට
කුඩයක්වත් අතේ නැතිව
ඈ ඇති බස් නැවතුම ලඟ

මහරගමට වහින්නැතිව
වහින්න ඕනෑ තැනකට
කුඩයක්වත් අතේ නැතිව
ඈ ඇති බස් නැවතුම ලඟ

උදේ ඉඳන් වද විඳලා
දැනුයි ගියේ වැඩ ඇරිලා
උදේ ඉඳන් වද විඳලා
දැනුයි ගියේ වැඩ ඇරිලා
ඇඳන් හිටපු සාරියමයි
හෙටත් අඳින්නේ කියලා
හෙටත් අඳින්නේ කියලා

මහරගමට වහින්නැතිව
වහින්න ඕනෑ තැනකට
කුඩයක්වත් අතේ නැතිව
ඈ ඇති බස් නැවතුම ලඟ

මහවැස්සට තෙමුනොත් ඈ
හෙට අඳින්න ඇඳුමක් නෑ
මහවැස්සට තෙමුනොත් ඈ
හෙට අඳින්න ඇඳුමක් නෑ
මග හිටියොත් වැස්ස නිසා
ගෙදර යන්න වෙන්නෙත් රෑ
ගෙදර යන්න වෙන්නෙත් රෑ

ගෙදර යන්න වෙන්නෙත් නෑ

ගෙදර යන්න වෙන්නෙත් නෑ

මහළුමඩමේ | Mahalu Madame Kaansiyata by Chamara Weerasinghe

මහළුමඩමේ කාංසියට මමත් උනා හුරු
පපුව ඇවිලුනා තිස්‌සෙම පුතා ගැන සිතූ
ටික දවසයි මමත් ඉන්නෙ හුස්‌මයන තුරූ
ඇවිත් යන්න එන්නේ කවදාද මගෙ පුතු

අම්මා නැති වුනත් නුඹට නෑ අදුවක්‌ කලේ
පුංචි කාලෙ නුඹව හැදුවේ මහාමෙරක්‌ වගේ
දිනෙන් දිනම ඉහල ගිහින් වැඩිවුනාම අගේ
හිතුවේ මම දුනුව කියලා රත්තරන් පුතේ

නුඹගේ මනාපයට විවාහයක්‌ සිදුවුනා
එතැන් පටන් නුඹලාමට වෙනස්‌කම් කලා
නුඹ හදන්න මා වින්දේ දුක්‌ කදුලු විනා
දියණි කෙනෙක්‌ හිටියානම් සලකාවි එයා

මගේ ඇගිලි තුඩක | Mage Angili Thudaka by Chamara Weerasinghe

මගේ ඇගිලි තුඩක නොගැටී
පෙම පිරුව හදවතින්
මට සිනාසෙන්න කියා දෙන්න
කඳුළු දුන් නෙතින්

මගේ ඇගිලි තුඩක නොගැටී
පෙම පිරුව හදවතින්
මට සිනාසෙන්න කියා දෙන්න
කඳුළු දුන් නෙතින්

මගේ සිහිනවලට තටු දී සෙනෙහසින්
ඔබ කඳුළු තොටක තනි වී
තනිකම ඉතිරි කළා
මට තනිකම ඉතිරි කළා

මගේ ඇගිලි තුඩක නොගැටී
පෙම පිරුව හදවතින්
මට සිනාසෙන්න කියා දෙන්න
කඳුළු දුන් නෙතින්

එකම ගඟක දෙවුරේ පිපී ආදරෙන්
අපි ගඟට වැටෙමු පරවී
හමුවනු නොහැකි නිසා
අප හමුවනු නොහැකි නිසා

මගේ ඇගිලි තුඩක නොගැටී
පෙම පිරුව හදවතින්
මට සිනාසෙන්න කියා දෙන්න
කඳුළු දුන් නෙතින්

මා අමතක වී | Ma Amathaka Wee by Chamara Weerasinghe

මා අමතක වී යාවී
දුරු රට ගියදා නුඹ මා හැරදා
මා අමතක වී යාවි
කාලය හිමිහිට පියඹාවී
කෙදිනක හෝ අප හමුවේවී

ලොවට හොරා සැඟවී රහසේ
සැනසුනි නම් මා නුඹ තුරුලේ
මගෙන් නොලද රැකවල් මැද්දේ
පාළු කියයි නුඹ තනි යහනේ

මටත් හොරා ඉකිබිඳ රහසේ
නැවතුනිනම් නුඹ මා තුරුලේ
මෙවන් මිහිරි හැඟුමන් දෙහදේ
රැඳී තියේවිද හෙට දවසේ

මා අමතක වී යාවී
දුරු රට ගියදා නුඹ මා හැරදා
මා අමතක වී යාවි
කාලය හිමිහිට පියඹාවී
කෙදිනක හෝ අප හමුවේවී

මා අමතක වී යාවී

මඳුනාගල අහසේ | Madunagala Ahase by Chamara Weerasinghe

මඳුනාගල අහසේ දඟ කරනා
තරු ගනින්න
උණු දිය පෙකුණ ළඟදි
හැන්දෑවක මුණගැහෙන්න

දහවල දුහුවිල්ලෙන් රතු උන
දෙනුවන් නිවෙන්න
දහවල දුහුවිල්ලෙන් රතු උන
දෙනුවන් නිවෙන්න
ආදරයේ සෙනෙහෙ දියෙන්
මැලවුනු හදවත තෙමන්න
ආදරයේ සෙනෙහෙ දියෙන්
මැලවුනු හදවත තෙමන්න

කිරි බැබලෙන හඳ පානේ
මට චුට්ටක් හිනාවෙන්න
කිරි බැබලෙන හඳ පානේ
මට චුට්ටක් හිනාවෙන්න
නිවාඩුවක් ලැබුන ගමන්
මැණික මගේ ගමට එන්න
නිවාඩුවක් ලැබුන ගමන්
මැණික මගේ ගමට එන්න

මට ඉන්න දෙන්න | Mata Inna Denna by Chamara Weerasinghe

මට ඉන්න දෙන්න මගේ පාඩුවේ
ඔබ යන්න සිතින් මිදී දිගැසියේ
ගත්තට තුරුලට ඔබගේ සෙනේහේ
බෑ ගෙට ගන්නට ඔබේ ආදරේ..

සිත සිල් බිදගත් ඒ හැන්දෑවේ
ඔබ සද එලියක් වගේ දැවටුනේ
රළු කුණාටුවක් වී
ඔබ කඩා බිද දමන්නට යන්නේ
මා දුකින් සැදූ මගේ කූඩුවයි….

මට ඉන්න දෙන්න මගේ පාඩුවේ
ඔබ යන්න සිතින් මිදී දිගැසියේ
ගත්තට තුරුලට ඔබගේ සෙනේහේ
බෑ ගෙට ගන්නට ඔබේ ආදරේ..

අද මා සොයනා ඔබේ ආදරේ
හෙට තවකෙකු ලග හොයයි ජීවිතේ
රුදු හිරුමඩලක් වී
ඔබ දවා හලු කරන්නට යන්නේ
මට මේ ලොව ඇති එකම සම්පතයි….

මට ඉන්න දෙන්න මගේ පාඩුවේ
ඔබ යන්න සිතින් මිදී දිගැසියේ
ගත්තට තුරුලට ඔබගේ සෙනේහේ
බෑ ගෙට ගන්නට ඔබේ ආදරේ..

ඔබේ අතින් | Obe Athin by Chamara Weerasinghe

ඔබේ අතින් මල් මහලා
කුරුළු ජෝඩුවක්
මතකද ඔබ මට දුන්නා
කොට්ටෙට උරයක්

ඔබේ අතින් මල් මහලා
කුරුළු ජෝඩුවක්
මතකද ඔබ මට දුන්නා
කොට්ටෙට උරයක්

අපේ මතක අමතක කර
හිත තියා බරක්
කොහොමද ඔබ ඉගිළ ගියේ
නොපෙනෙන ඈතක්
කොහොමද ඔබ ඉගිළ ගියේ
නොපෙනෙන ඈතක්

ඔබේ අතින් මල් මහලා
කුරුළු ජෝඩුවක්
මතකද ඔබ මට දුන්නා
කොට්ටෙට උරයක්

මගේ සුසුම් උහුලාගෙන
ගෙවන හැම රැයක්
කොට්ට උරය තාමත්මට
ලෙන්ගතුයි හුඟක්

ඔබේ අතින් මල් මහලා
කුරුළු ජෝඩුවක්
මතකද ඔබ මට දුන්නා
කොට්ටෙට උරයක්

ඔබත් සිතනවා | Obath Sithanawa by Chamara Weerasinghe

ඔබත් සිතනවා මමත් සිතනවා
නෙතින් නෙත බලා ලවන් ගොළු වෙලා
අපේ සිතුම් අපේ පැතුම්
නුවන් තුලින්‍ දෙදෙනා දුටුවාදෝ
නුවන් තුලින්‍ දෙදෙනා දුටුවාදෝ

විදු පියසේ තුරු ගොමුවේ දඟ වයසේ ලං වූයේ
සිනා පොදක් ඔබ මා වෙත පෑදා
සෙනේහයේ මල් මා හද පිපුණා…..

ඔබත් සිතනවා මමත් සිතනවා
නෙතින් නෙත බලා ලවන් ගොළු වෙලා
අපේ සිතුම් අපේ පැතුම්
නුවන් තුලින්‍ දෙදෙනා දුටුවාදෝ

යෞවනයේ ආදරයේ අප බැඳුනේ ඇයි නොදැන
අතීතයේ දුටු ඒ අනාවක උනුන් මුලා වූ අනන්තයම වූ…..

ඔබත් සිතනවා මමත් සිතනවා
නෙතින් නෙත බලා ලවන් ගොළු වෙලා
අපේ සිතුම් අපේ පැතුම්
නුවන් තුලින්‍ දෙදෙනා දුටුවාදෝ

ඔබ මා හමුවන | Oba Ma Hamuwana by Chamara Weerasinghe

ඔබ මා හමුවන අප දොඩමළු වන අවසන් සැන්දෑවේ
මා ගැන මතකය යළි මට දෙනු මැන
මා ගැන මතකය යළි මට දෙනු මැන
ආදරියේ මගේ
ආදරියේ මගේ

ඔබ ගත මා වෙත සිත ඇත වෙනතක
සෙනෙහස කුමටදෝ ළඳේ
මට මා නැති කළ ඔබ ගැන ඇති මතකය සිතෙහි
මට මා නැති කළ ඔබ ගැන ඇති මතකය
මිහිදන් කරමි හදේ
මිහිදන් කරමි හදේ

ඔහු වෙත වූ ඔබ මා අත්හළ බව
නොකියමි කාට හෝ ළඳේ
දිවියම මගේ හැඩ කළ
ඔබ හට වැඩු සෙනෙහස සිතෙහි
දිවියම මගේ හැඩ කළ
ඔබ හට වැඩු සෙනෙහස
කඳුළකි ජීවිතේ මගේ
කඳුළකි ජීවිතේ මගේ

ඔබ මා හමුවන අප දොඩමළු වන අවසන් සැන්දෑවේ
මා ගැන මතකය යළි මට දෙනු මැන
මා ගැන මතකය යළි මට දෙනු මැන
ආදරියේ මගේ
ආදරියේ මගේ

ඔබ ගැන සිතුවා | Oba Gana Sithuwa by Chamara Weerasinghe

ඔබ ගැන සිතුවා මා දිව රෑ පුරා
හදවත හැඩුවා මා ඔබ නෑ කියා
හැරදමා මාව ඈත ගියා නම්
ඔබ එනතුරු ආයේ ඉන්නම් මා මඟ බලන්
ඔබ එනතුරු ආයේ ඉන්නම් මා මඟ බලන්

පාළුවේ මා හැඬුවේ අඳුරේ රැඳී
මතකය අපේ සිහිවේ පෙරදා මැවී
මේ වේදනා විද දරාගෙන ඉමි
තිබෙන තුරා ජීවිතය මෙමා අහිතක් නැති

ඔබ ගැන සිතුවා මා දිව රෑ පුරා
හදවත හැඩුවා මා ඔබ නෑ කියා

ආදරේ නෑ බිඳුනේ පෙර සේ ඇති
සදා සිහින දකිමි මා ඔබගේ වෙවී
පිදු ආදරේ මා තියාගෙන ඉමි
මතු භව පුරා ඔබ එනදා ඔබටම දෙමි

ඔබ ගැන සිතුවා මා දිව රෑ පුරා
හදවත හැඩුවා මා ඔබ නෑ කියා
හැරදමා මාව ඈත ගියා නම්
ඔබ එනතුරු ආයේ ඉන්නම් මා මඟ බලන්