ඔබ දෙපා දොවා | Oba Depa Dowa by Chandralekha Perera

ඔබ දෙපා දොවා බැතියෙන්
මා පිදු පැතූම් පියුමන්
පෙති තලා දමා මලසුනේ හෙලා
මට තබා ගොසින් කඳුළැල්

ඔබ දෙපා දොවා බැතියෙන්
මා පිදු පැතූම් පියුමන්
පෙති තලා දමා මලසුනේ හෙලා
මට තබා ගොසින් කඳුළැල්

පූජාසනය අඳුරුයි
විමනේ පහන නිවිලා
මා දෑස දුකදුරු වෙයි
ඔබගේ නමින් යදිනා

ඔබ දෙපා දොවා බැතියෙන්
මා පිදු පැතූම් පියුමන්
පෙති තලා දමා මලසුනේ හෙලා
මට තබා ගොසින් කඳුළැල්

ආයාචනය ඔබටයි
දෙවිදේ මසිත දරනා
මේ යාතිකා ගැයුමයි
ඔබගේ සරණ පතනා

ඔබ දෙපා දොවා බැතියෙන්
මා පිදු පැතූම් පියුමන්
පෙති තලා දමා මලසුනේ හෙලා
මට තබා ගොසින් කඳුළැල්

written by Kularatne Ariyawansa

මිදුලේ අතන | Midule Athana by Rookantha Gunathilaka ft. Chandralekha Perera

මිදුලේ අතන නංගෝ
කවුද හැංගී උන්නා වගේ
සෙල්ලම් හැංගිමුත්තං
දන්නෙ නැද්දෝ අයියා මගේ

මිදුලේ අතන නංගෝ
කවුද හැංගී උන්නා වගේ
සෙල්ලම් හැංගිමුත්තං
දන්නෙ නැද්දෝ අයියා මගේ

පොඩි නංගියේ ඔන්න දැන් ඔට්ටු නම්
හොයලා මං එන්න දෝ
මිදුලේ අපේ යාළු ඇයි හැංගිලා
ඇවිදින් අල්ලන්න දෝ

තාම නෑ නෑ ඔට්ටු නෑ නෑ

සෙල්ලම් බත් උයලා
එකට බෙදලා කමුදෝ අපී
කවි ගී සින්දු වාරම්

දෑත අල්ලා කියමූ අපි

දැන් අම්මලා ඒවි දඟකාරකම්

හොඳ නෑ පොඩි නංගියේ
පාඩම් පොතේ රූප පැන්සල් අරන්
අඳිමූ අපි නංගියේ

පාට ගාලා රූප අඳිමූ

ගවුමේ දූලි ගෑවී කිලුටුවීලා අම්මා බනී
නංගී ගෙදර ඉන්නා ⁣හොඳම ළමයා අයියා දනී
නංගී ගෙදර ඉන්නා ⁣හොඳම ළමයා අයියා දනී
නංගී ගෙදර ඉන්නා ⁣හොඳම ළමයා අයියා දනී

සිත සැනසුම | Sitha Sanasuma by Chandralekha Perera

සිත සැනසුම වින්දෙමි ඔබ හින්දා
මුව මත මල් හසරැලි රන්දා
මිහිරී දයාබරයි ඔබේ සෙනෙහේ
නොයිදුල් සෙනෙහේ,
ඔබ නෙතු අතරේ මා දුටුවා
ඔබගේ සෙවනේ රැදුනා
මුලු ලොව මගෙ යයි සිතුනා

දෙනයන සනසන,
දසුනකි ඔබ මට ජීවිතේ
නිරතුරු පුදදෙමි
හද බෑදි නිකලැල් ආදරේ

දෙනයන සනසන,
දසුනකි ඔබ මට ජීවිතේ
නිරතුරු පුදදෙමි
හද බෑදි නිකලැල් ආදරේ

මණ බන්දා…..
රස කැන්දා..
සුව වින්දා..
ඔබ හින්දා…

සිත සැනසුම වින්දෙමි ඔබ හින්දා
මුව මත මල් හසරැලි රන්දා
මිහිරී දයාබරයි ඔබේ සෙනෙහේ
නොයිදුල් සෙනෙහේ,
ඔබ නෙතු අතරේ මා දුටුවා
ඔබගේ සෙවනේ රැදුනා
මුලු ලොව මගෙ යයි සිතුනා

අප සිත් එක් කල
මහිමය මින්දද හීසරේ
අතිනත ගෙන යමු
සුවදින් පිරි මල් මාවතේ

අප සිත් එක් කල
මහිමය මින්දද හීසරේ
අතිනත ගෙන යමු
සුවදින් පිරි මල් මාවතේ

මණ බන්දා…..
රස කැන්දා…
සුව වින්දා..
ඔබ හින්දා…

සිත සැනසුම වින්දෙමි ඔබ හින්දා
මුව මත මල් හසරැලි රන්දා
මිහිරී දයාබරයි ඔබේ සෙනෙහේ
නොයිදුල් සෙනෙහේ,
ඔබ නෙතු අතරේ මා දුටුවා
ඔබගේ සෙවනේ රැදුනා
මුලු ලොව මගෙ යයි සිතුනා

සිතින් සිනා සිසී | Sithin Sina Sisi by Rookantha Gunathilaka ft. Chandralekha Perera

සිතින් සිනා සිසී අතැඟිලි අල්ලලා
එන්න යන්න මල් මාවතේ
සවන් පුරා සෙමින් රහසින් කියන්දෝ
පුංචි ආදරේ කතන්දරේ

ආදරේ නමින්
දිලෙන පහනේ පහන් සිලේ
දීප්ති බින්දුවයි ඔබ නයනේ
ඒ පහන් වැටේ
එළිය අප හා සිනාසුණා
යොවුන් ලොවේ හැඟුම් සුන්දරයි

සිතින් සිනා සිසී අතැඟිලි අල්ලලා
එන්න යන්න මල් මාවතේ
සවන් පුරා සෙමින් රහසින් කියන්දෝ
පුංචි ආදරේ කතන්දරේ

රාත්‍රියේ රිදී
පොකුරු තරුවේ ඇඳී තියේ
රත්තරන් රුවින් පෙම් රේඛා
ජීවමාන වේ
සුවඳ හිරිමල් යොවුන් වියේ
පෙමේ සුසුම් පවා සුන්දරයි

සිතින් සිනා සිසී අතැඟිලි අල්ලලා
එන්න යන්න මල් මාවතේ
සවන් පුරා සෙමින් රහසින් කියන්දෝ
පුංචි ආදරේ කතන්දරේ

පුංචි ආදරේ කතන්දරේ
එන්න යන්න මල් මාවතේ
එන්න යන්න මල් මාවතේ
පුංචි ආදරේ කතන්දරේ