පන සේ පණ වී | Pana Se Pana Wee by Damith Asanka

පන සේ පණ වී මා ළඟ උන්නු ඒ කාලේ
අඳුරේ සඟවා නුඹ ඇයි ඉන්නේ මේ වාගේ
හඬවා මෙලෙසේ මා හැරදා යන්න එපා
ඉවසා ඉන්නට බෑ වෙන උණුසුමක නුඹ රඳවා
හැම හුස්මක් ම ගානේ නුඹ ඉන්නේ මාගේ
හිත තුලම ගුලි වී සදා
මේ නෙතු තුලම මාගේ නුඹ ඉන්නවානේ
සඳවතියේ අවරට නොයා

ආදරේ ආදරේ නුඹ මට දුන්නේ ඔහුටත් හොරා
ජීවිතේ වැරදුනේ අන්සතු මලට පෙම් කළ නිසා
නෙතු අගින් කී කතා කීවේ නෑහැනේ අන්සතුයි කියා
උණුහුමේ ගුලි වෙලා සෙනෙහස වින්දේ මගේමයි සිතා

මා ළයේ මා ළයේ දැවෙනා ගින්න දුන්නේ ඔයා
ඔය මුවින් කී කතා අද බොල් සුළගේ පාවී ගියා
ඉන්නේ මා කෙලෙසදෝ ඔය නෙත් මතක අඳුරේ දමා
ජීවිතේ නැවතුනේ අන්සතු නුඹට පෙම් කළ නිසා

පන සේ පණ වී මා ළඟ උන්නු ඒ කාලේ
අඳුරේ සඟවා නුඹ ඇයි ඉන්නේ මේ වාගේ
හඬවා මෙලෙසේ මා හැරදා යන්න එපා
ඉවසා ඉන්නට බෑ වෙන උණුසුමක නුඹ රඳවා
හැම හුස්මක් ම ගානේ නුඹ ඉන්නේ මාගේ
හිත තුලම ගුලි වී සදා
මේ නෙතු තුලම මාගේ නුඹ ඉන්නවානේ
සඳවතියේ අවරට නොයා

පණ සේ ලංවීලා | Pana Se Lanweela by Damith Asanka

පණ සේ ලංවීලා
සිත් සේ පෙම් බන්දා
ඇයිදෝ හැරයන්නේ මා
නැතිදෝ හද උණුවෙලා

උමතුයි හැඟුමන් පාරයි මතකෙන්
සිහිවේ තැනුනු පෙම් මාළිගා
ආයේ මා රැදිලා
ගෙනයන් ඔබේ කරලා

පණ සේ ලංවීලා
සිත් සේ පෙම් බන්දා
ඇයිදෝ හැරයන්නේ මා
නැතිදෝ හද උණුවෙලා

නිදිගත් දෙනුවන් ඇහැරෙයි කඳුලින්
දවමින් සෙනෙහෙ පෑ ප්‍රාර්ථනා
එන්න මා ප්‍රේමී වෙලා
ගෙනයන් ඔබේ කරලා

සන්තාපේ ගිලිලා
විරහා ගී ගයාලා
ඉන්නෙදෝ දෙතැනක වෙලා
හිදිමිදෝ අපි අපේ වෙලා

barbie song lyrics,lyrics,barbie girl song lyrics,cupid lyrics,cupid twin version lyrics,barbie girl lyrics,lyrics cupid,im barbie girl lyrics,im a barbie girl lyrics,aqua barbie girl lyrics,i’m a barbie girl lyrics,i am a barbie girl lyrics,feeling lonely,cupid fifty fifty lyrics,fifty fifty cupid lyrics,cupid song,music,barbie song,hopeless romantic,i’m feeling lonely,second chance to cupid,barbie girl song,a hopeless romantic all my life

පාලොස්වක සඳ | Pasaloswaka Sanda Dakkata by Damith Asanka

පාලොස්වක සඳ දැක්කට හිත පිරෙන්නේ නෑ
ඒ ලස්සන පුංචි රුවට හිත මකන්න බෑ
ආල කතන්දර කිව්වත් හිනාවෙන්නේ නෑ
අනේ නගෝ පෙම්බර හිත නවත්තන්න බෑ

හමුවෙනවා හමුවී අප හිනැහෙනවා
සංසාරේ කොතැනක හෝ සෙනෙහස ලියලනවා
පෙම්වතෙකුට පෙම්වතියක් එතනදී හමුවෙනවා
පිළිගන්වමි මගේ ආදරේ
පිළිගන්නකෝ සැබෑ ආදරේ

පාලොස්වක සඳ දැක්කට හිත පිරෙන්නේ නෑ
ඒ ලස්සන පුංචි රුවට හිත මකන්න බෑ
ආල කතන්දර කිව්වත් හිනාවෙන්නේ නෑ
අනේ නගෝ පෙම්බර හිත නවත්තන්න බෑ

සඳ එනවා තරු කැට ළඟ සැතපෙනවා
සඳපානේ කොතැනක හෝ සාරිය වැජඹෙනවා
තරු යායේ තරු කැකුලියෝ තාලේට රඟ දෙනවා
අහසක් වගේ පුළුල් ආදරේ රහසක් වගේ රකිමි ආදරේ

පාලොස්වක සඳ දැක්කට
පිළිගන්වමි මගේ ආදරේ
පිළිගන්නකෝ සැබෑ ආදරේ

මේ හිතේ ආදරේ | Me Hithe Adare by Damith Asanka

පටන් ගන්න හැදුවත් යළි ජිවිතේ
මතක් වෙන්නේ ඔබවයි සිය දහස් වරේ
දුරස් වෙන්න කීවත් හැමදා වගේ
හිතේ ඉන්නේ ඔබමයි මේ මොහොතේදිත්
මේ හිතේ ආදරේ මියැදෙන්නේ නෑ
මා වෙන කෙනෙක් නම් පතන්නේ නෑ
මේ හිතේ ආදරේ මියැදෙන්නේ නෑ
මා වෙන කෙනෙක් නම් පතන්නේ නෑ

රැවටූවත් සිත මගේ වැරදි නම් නොකියමි
මගේ මේ රිදුම් සතුටක් වේවා
පතන්නේ මා සදා දෙවියන් වැඳ පුදා
නිරතුරුම ඔබ රැකදේවා
මේ හිතේ ආදරේ මියැදෙන්නේ නෑ
මා වෙන කෙනෙක් නම් පතන්නේ නෑ
මේ හිතේ ආදරේ මියැදෙන්නේ නෑ
මා වෙන කෙනෙක් නම් පතන්නේ නෑ

ළඟ නැතත් පෙර වගේ අදත් මම පතනෙමි
දුක් සෝ සුසුම් නොම වේවා
හඬන්නේ මා ඔයා එක සිතින් පැතූ නිසා
මතු භවයේ හෝ මගේ වේවා
මේ හිතේ ආදරේ මියැදෙන්නේ නෑ
මා වෙන කෙනෙක් නම් පතන්නේ නෑ
මේ හිතේ ආදරේ මියැදෙන්නේ නෑ
මා වෙන කෙනෙක් නම් පතන්නේ නෑ
මේ හිතේ ආදරේ මියැදෙන්නේ නෑ
මා වෙන කෙනෙක් නම් පතන්නේ නෑ

මියැදෙන්න පෙර | Miyadennata Pera by Damith Asanka

මියැදෙන්න පෙර ආයේ එකම වරක්
දැකගන්න ඔබ එන්න එය සැනසුමක්
වුනදේ වුණා හඬලා දැන් නෑ පලක්
ඔබ ඉන්න සතුටෙන් මගේ ජිවිතේ අරන්
මේ රිඳුම් ඉකි ගසා ඉල්ලුවත් ඔබ සදා
හදවතේ දුක තියා ඔබ ගියා ඔබ ගියා

මියැදෙන්න පෙර ආයේ එකම වරක්
දැකගන්න ඔබ එන්න එය සැනසුමක්
වුනදේ වුණා හඬලා දැන් නෑ පලක්
ඔබ ඉන්න සතුටෙන් මගේ ජිවිතේ අරන්
මේ රිඳුම් ඉකි ගසා ඉල්ලුවත් ඔබ සදා
හදවතේ දුක තියා ඔබ ගියා ඔබ ගියා

හිනහෙන්න කාරණා දහසකුත් ඇතත්
රිදවන්නමයි හිතුවේ ඔබ මා තවත්
සැනසෙන්න දුන් පැතුම් අරගෙන යළිත්
හිතකින්ද හැර ගියේ සොඳුරියේ කියන්
මේ රිඳුම් ඉකිගසා

දුර යන්න හැකි වුනත් මා හැර හුඟක්
ඔබ නැතිව යන්න බෑ මට පියවරක්
හැමදේම නැතිවෙලා තනි උනු බවක්
නෑ කවුරුවත් දන්නේ ඔය හිත තරම්
මේ රිඳුම් ඉකිගසා

නවම් මහේ | Nawam Mahe by Damith Asanka

නවම් මහේ ගෙට ගෙනා නැවුම් කලේ බිඳිලා
පිපාසයෙන් ඉන්න වේවි
නැවුම් කලේ බිඳිලා
නවම් මහේ ගෙට ගෙනා නැවුම් කලේ බිඳිලා

කලේ අඬන්නේ මොකටද කඳුළු සලන්නේ
බිඳුණු කලේ ගෙයි තියාන මොකද කරන්නේ
මොකද කරන්නේ ඇත්තට මොකද කරන්නේ
පිපාසයත් ඉවසන්නට බැරිය බොලන්නේ
කාගෙන්දෝ දිය දෝතක් ඉල්ලා ගන්නේ
තිබහට ඉල්ලා ගන්නේ

නවම් මහේ ගෙට ගෙනා නැවුම් කලේ බිඳිලා
පිපාසයෙන් ඉන්න වේවි
නැවුම් කලේ බිඳිලා
නවම් මහේ ගෙට ගෙනා නැවුම් කලේ බිඳිලා

පවස නිවාගන්නයි ගෙට කලේ ගෙනාවේ
බිඳුණු කලේ මට සිනාසුණාවේ
සිනාසුණාවේ තව සිනාසුණාවේ
දියට යනෙන කල ගෙඩි වල කැකිරි සිනාවේ
ඉවසාපන් මගේ හිත තව රිදුණාවේ

නවම් මහේ ගෙට ගෙනා නැවුම් කලේ බිඳිලා
පිපාසයෙන් ඉන්න වේවි
නැවුම් කලේ බිඳිලා
නවම් මහේ ගෙට ගෙනා නැවුම් කලේ බිඳිලා

නිහඩ වෙලා | Nihanda Wela by Damith Asanka

නිහඩ වෙලා ඉන්නේ ඇයි කියන්න රන් කඳ
කඳුළු සලා හඬන්නේ ඇයි හිනැහෙනා නෙත
අඳුරු වෙලා සඳ පායපු මගේ ලෝකය
නපුරු වෙලා බින්දේ කවුරුද අපේ ලොව

වැරදි කලේ නෑ කිසිදා ඔයාට මගේ පණ
වැරදි කියා රිදවන්නේ ඇයි පිරිසිදු සිත
සසල වෙලා මගේ පෙම් සිත ඔයාගේ පාමුල
වැඳ වැටෙන්නේ රැක ගන්නයි අපි දෙන්නගේ පෙම

නිහඩ වෙලා ඉන්නේ ඇයි කියන්න රන් කඳ
කඳුළු සලා හඬන්නේ ඇයි හිනැහෙනා නෙත
අඳුරු වෙලා සඳ පායපු මගේ ලෝකය
නපුරු වෙලා බින්දේ කවුරුද අපේ ලොව

කුරුළු කූඩුවක් හදන්න එක මොහොතින් බැරි
කුරුළු කූඩුවක් කඩන්න එක මොහොතක් ඇති
සිතට පියාපත් ලැබුනම පියාඹන්න හැකි
මොනදේ ලැබුනත් ඔයාව දාලායන්න බැරි

නිහඩ වෙලා ඉන්නේ ඇයි කියන්න රන් කඳ
කඳුළු සලා හඬන්නේ ඇයි හිනැහෙනා නෙත
අඳුරු වෙලා සඳ පායපු මගේ ලෝකය
නපුරු වෙලා බින්දේ කවුරුද අපේ ලොව

නොලැබ ඔබේ ආදරේ | Nolaba Obe Adare by Damith Asanka

නොලැබ ඔබේ ආදරේ ගෙවෙන මොහොතක් දිගේ
තුන් කල්පයක් වගේ හිත දවනවා මගේ
සුවඳ පෙරදා ඔබේ කොහෙද සැඟවී ගියේ
සිහිසුන් වෙලා වගේ මම තවම පාළුවේ
නොලැබ ඔබේ ආදරේ

ඇස් මගේ හඬවා ගියත් මතකයන් ඇවිදින්
වෛර කෙරුවේ නෑ තවත් ඔබට තුන් හිතකින්
සරදම් කොතෙක් කළත් රිදුවම් මතක් වුණත්
පෙර වාගේමයි අදත්
මම ආදරෙයි තවත්
මම ආදරෙයි තවත්

වාවන්නට බෑ තවත් වියෝගෙක කඳුලැල්
හුස්ම නැති වීලා ගියත් සැනසුමක් මට දැන්
හඬවා දුරස් වුණත් වෙනතක් බලා ගියත්
අමනාප නෑ තවත් ඔබ එන්න ආයෙමත්
ඔබ එන්න ආයෙමත්

නොලැබ ඔබේ ආදරේ ගෙවෙන මොහොතක් දිගේ
තුන් කල්පයක් වගේ හිත දවනවා මගේ
සුවඳ පෙරදා ඔබේ කොහෙද සැඟවී ගියේ
සිහිසුන් වෙලා වගේ මම තවම පාළුවේ
නොලැබ ඔබේ ආදරේ

නුවරඑළියෙ සිසිල් බවයි | Nuwara Eliye Sisil Bawai by Damith Asanka

නුවරඑළියෙ සිසිල් බවයි විටකදි හද මඬල
මහවන්නියෙ විරල බවයි විටකදි හද මඬල
කොළොම්පුරේ රුදුරු බවයි විටකදි හද මඬල
අනුරපුරේ සමාධියයි විටකදි හද මඬල

ගාලු කොටුවේ බැම්ම වගේ රැකවරනය දුන්නා
උණවටුනේ වෙරළ වගේ සුන්දර බව මැව්වා
හුම්මානේ වතුර වගේ දුන් සෙනෙහස ගත්තා
කතරගමේ දෙවිදුන් හට මගෙ දුක මම කිව්වා

නුවරඑළියෙ සිසිල් බවයි විටකදි හද මඬල
මහවන්නියෙ විරල බවයි විටකදි හද මඬල
කොළොම්පුරේ රුදුරු බවයි විටකදි හද මඬල
අනුරපුරේ සමාධියයි විටකදි හද මඬල

මහවැලි ගඟ බෙදුවා වගේ ඔබ මා වෙන්කෙරුවා
දුන්හිඳ දිය ඇල්ල වගේ මගෙ සිත ඇද වැටුනා
හුන්නස්ගිරි කන්ද වගේ හුදකලාවේ උන්නා
ඉසුරුමුණියේ පෙම් යුවලට මගෙ දුක මම කිව්වා

නුවරඑළියෙ සිසිල් බවයි විටකදි හද මඬල
මහවන්නියෙ විරල බවයි විටකදි හද මඬල
කොළොම්පුරේ රුදුරු බවයි විටකදි හද මඬල
අනුරපුරේ සමාධියයි විටකදි හද මඬල

මේ තරමට වේදනා | Me Tharamata Wedana by Damith Asanka

මේ තරමට වේදනා
දැනුනේ ඔබේ ආදරෙන්
වෙන්වී ගිහින් මාගේ සුදු හංසියේ
නුඹයි නේද මා තව ලං කලේ

මේ තරමට වේදනා
දැනුනේ ඔබේ ආදරෙන්
වෙන්වී ගිහින් මාගේ සුදු හංසියේ
නුඹයි නේද මා තව ලං කලේ

දුරින් ඈත වෙන්වීලා ඔබ හා මෙමා
ලගින් උන්නු පෙර මතක බොඳවී ගියා
ලංවෙන්න සැනසෙන්න පෙරුමන් පුරා
වෙන්වී ගියේ කොහොම කඳුලක් තියා
නුඹයි නේද මා තව ලං කලේ

ඔබේ ආදරේ සුවඳ මට ලංවේවි
හදේ මතක මා දෙනෙත් පාරයි යළි
හමුවෙන්න සැනසෙන්න පෙරුමන් පුරා
තවත් කොහොම රවටන්නේ මගේ හිතම මා
නුඹයි නේද මා තව ලං කලේ

මේ තරමට වේදනා
දැනුනේ ඔබේ ආදරෙන්
වෙන්වී ගිහින් මාගේ සුදු හංසියේ
නුඹයි නේද මා තව ලං කලේ