රාගිණියේ | Raginiye by Harry Harsh [2022]

නා දළු වන් ඇගේ දෙතොල් අතරේ
මම මොහොතක ඇස් යවලා
පීදෙන හැගුමන් ගොන්නක
හිත දැන් පැටලී නතර වෙලා
සිහිනෙන් මත්වූ සිහින ලොවේ
සිරි සිහිනෙන් සිතුවම කරලා
චායාවක හැඩ දහසක් මවමින්
හැඟුමන් උමතු වෙලා

රාගනියේ නාරිලියේ රග දෙන
අනුරාගිනියේ කවුරුද ඔබ හැබැහින්
රූමරියේ දේහිනියේ මන
බන්දන හිත හිරිවට්ටන මා
ශුන්ගාරී මනහාරී නෙතු කැන්දන
හිත ගස්සන මා හා..
රහ වට්ටා උසිගන්වන ඔය
නාරි කූසුමට මං ආවා

සීතල හිම මත දැවටෙන විට
මුදු පහසක සුව වින්දා
ලාලිත ගමනක ඉගිලෙන
නුබ ගැන හැගුමන් පොදි බැන්දා
මීවිත පුරවන හාදු වැස්සක
හිරියෙන් මුව හංගා
කෝමල කමටම ඔය දැගලිල්ලට
සත්තයි මන් ඇදුනා

හද සනහා කිති කැවෙනා
නාබි කුඩගක පැහැයක කෙලිලොල්
කම පිරුනා
පිරිමැහෙනා ලැම දිලෙනා
හිත අල්ලන නාරී ලිය අගනා
රස දෙන්නී කොඳුරන්නී
දෙකපුල් වශියට තවරා හා
රුචිරාවී කියඹුලතා වල
ඉඟියට කුලුදුල් සුව දිලුනා

ගිනි සළුව වගේ පද්දන
නුබේ ගමන දැකම දැකම
මට පිස්සු වගේ හිත ගැස්සෙයි
දැනෙයි කැක්කුම කැක්කුම
නුබ පිච්චෙයි රාගිනියේ
ගිනි දැල්ල එකම එකම
දිය සුලියේ මැද කැරකෙමු
රඟදාලා ඔක්කොම ඔක්කොම
හුරුබුටි ටිකක් චන්ඩි
බලන්න මම හැන්ඩි
Bmw වන්ඩි අපි රවුමක් යමු Kandy
නුබ තියන තියන අඩි
අපි මදිනවා අත් පුඩි
හරිම Sweet ඔයා Chubby
ඒකයි හුරතල් වැඩී

රගනියේ නාරිලියේ රග දෙන
අනුරාගිනියේ කවුරුද ඔබ හැබැහින්
රූමරියේ දේහිනියේ මන
බන්දන හිත හිරිවට්ටන මා
ශුන්ගාරී මනහාරී නෙතු කැන්දන
හිත ගස්සන මා හා..
රහ වට්ටා උසිගන්වන ඔය
නාරි කූසුමට මං ආවා