වේදනා මේ හිතේ මෝදු වේ
මා මෙසේ රෑ සඳේ පාවුනේ
ඈ නැතේ මා වගේ ආදරේ
මා වගේ ඈ මගේ නෑ වුනේ
ආයාසයේ නිදනා පැයේ නොසිතූ ලෙසේ සිතුනා මෙසේ
මධු මී මතේ නිදනා ළඳේ නුඹමද එදා බැඳුනේ ළයේ
පෙරදා සනහා මතුදා පෙලනා
සරා සදේ මිලාන හාදු තවරා
වසන්තයේ ඈ පිපුණා
ගිමන් හිතේ මුලා තුහීන වියලා
හේමන්තයේ මා සොයනා
සරා සදේ මිලාන හාදු තවරා
වසන්තයේ ඈ පිපුණා
ගිමන් හිතේ මුලා තුහීන වියලා
හේමන්තයේ මා සොයනා