ජපුර ප්‍රේමය | Japura Premaya by Kasun Kalhara

හන්තාන නැතිමුත් ජපුරේ
තාම සිහිවෙන කස ගස්
මල් බැම්ම ලගම පඳුරේ
මටම හිමි උන ඔය ඇස්
කඳුලු උතුරන පෙම් බස්….

සසර අතු අග පිපෙයි මල්
මැයි මාර ගස් කෙළවරේ
සරසවිය ළඟ අඳුරේ
පැරණි ප්‍රේමය මිය ගියේ
කිමද වෙනතක හිත ගියේ…..

පොකුණ මැදටම විසි කළේ
පෙම් කළාටද මිතුරනේ
බැඳුන පළමු වසරේ
ඒගොඩ වත්තට අත වනයි
මෙගොඩ වෙන්නට බැරි හැඩයි….

හන්තාන නැතිමුත් ජපුරේ
තාම සිහිවෙන කස ගස්
මල් බැම්ම ලගම පඳුරේ
මටම හිමි උන ඔය ඇස්
කඳුලු උතුරන පෙම් බස්….

ඇය හෙමින් විත් එදා | Eya Hemin Awith Eda by Kasun Kalhara

ඇය හෙමින් විත් එදා
මගේ හද අරන් ගියා
එය රැගෙන එයි සිතා
මම හිඳිමි මඟ බලා
මම හිඳිමි මඟ බලා

මකරන්දයෙන් තෙමී
මල් රේණු සැලි සැලී
මකරන්දයෙන් තෙමී
මල් රේණු සැලි සැලී
ඇත පවන සිසාරා
ඇගෙ පහස පතාලා

ඇය හෙමින් විත් එදා
මගේ හද අරන් ගියා
එය රැගෙන එයි සිතා
මම හිඳිමි මඟ බලා
මම හිඳිමි මඟ බලා

තණපත් වලින් මිදී
උඳුපියලායා පෙති
තණපත් වලින් මිදී
උඳුපියලායා පෙති
දෙපතුල් පහස සොයා
ඇගෙ පෙරමගම හිඳී

ඇය හෙමින් විත් එදා
මගේ හද අරන් ගියා
එය රැගෙන එයි සිතා
මම හිඳිමි මඟ බලා
මම හිඳිමි මඟ බලා

ගගනේ | Gangane by Kasun Kalhara

ගගනේ නීල සේලේ ඉරිලා
වරුසා වාලුකාවේ ගිලීලා
ඉන්ද්රචාපය බිඳී
පාට සායම් සිඳී
කෙසේ අඳිමී මගේ සිතුවම්
ආකාසයේ

මුලකුර ලීවා
රැයේ කවියේ පහනයි නිවුණේ
මංමුලා වී සරද්දී පායා පාර කී
තරුවයි දැවුණේ
ආකාසයේ

ගගනේ නීල සේලේ ඉරිලා
වරුසා වාලුකාවේ ගිලීලා
ඉන්ද්රචාපය බිඳී
පාට සායම් සිඳී
කෙසේ අඳිමී මගේ සිතුවම්
ආකාසයේ

සමුදුරු ජලයේ අතරමග ඔරුකඳ බිඳුණී
සීත හේමන්තයේ මාරුතේ චණ්ඩ වී
හිමකර මිදුණී
ආකාසයේ

ගගනේ නීල සේලේ ඉරිලා
වරුසා වාලුකාවේ ගිලීලා
ඉන්ද්රචාපය බිඳී
පාට සායම් සිඳී
කෙසේ අඳිමී මගේ සිතුවම්
ආකාසයේ

හමනා සිතුවිලි | Hamana Sithuwili by Kasun Kalhara

හමනා සිතුවිලි රෑ සිහිනේ පාවී
ගෙනෙනා ඔය රූ නෙතු මානේ ඇදි
සුරකින්නම් සදා හිතවතියේ
හිමිවේ නම් ඔබේ ස්නේහේ
සුරකින්නම් සදා හිතවතියේ
ඔබෙ සෙනෙහේ මගේ ජීවේ
ජීවේ මගේ

කඳුළැල් නෙතුතෙමා සුසුමන් හද පුරා
අඳුරයි එදා දිවි මංසලේ
මට හිමිවුණේ ආදරයේ නමින්
හිඳිමී තනිවී අඳුරේ සොයමි රෑ දිවා සහනේ

සුරකින්නම් සදා හිතවතියේ
ඔබෙ සෙනෙහේ මගේ ජීවේ
ජීවේ මගේ

ආ ගලන කඳුළැලි සමුගනී හාදු දී නෙතගේ
මගෙ ලොවේ හිරු එබී අඳුර යයි මියදී
සිතුවමින් හදවතේ අඳිමි ඔය සිනා

සුරකින්නම් සදා හිතවතියේ
ඔබෙ සෙනෙහේ මගේ ජීවේ
ජීවේ මගේ

විකසිතයි නුඹෙ සිනා සුසුමන් වියැකුනා
එළියයි මෙදා දිවි මංසලේ
මට හිමිවුණේ ඇයි ආදරේ නමින්
හිදිමි ඔබගේ තුරුලේ රකිමි සැමදා සෙනෙහේ

හාන්කවිසියක | Haankawisiyaka by Kasun Kalhara

හාන්කවිසියක රැළි නගයි සුසුමක්
ගහකොළ මල වැල දවටා දොම්නස්
සුවඳට සැරසී යළිඳු පණ දෙන්නයි….

ලොවෙක පැහැය වපුරා පුදසුන සඟවා
සෙනෙහස අතුරා….

දෙතොලින් සැනසිලා පැරදී
සිව්නුවර නොකැල් නාදේ
හඬන්න නිහඬ යාමේ
විසන්වාදී ස්වර නිදි වරයි
තරු ලකුණක දුර දකිනා
අහස උසට කොත බඳිමු….
ආදරයයි…..

හැඟුම් වරුසාවේ | Hangum Warusawe by Kasun Kalhara

හැඟුම් වරුසාවේ….

හැඟුම් වරුසාවේ
තෙමෙන කින්නරියේ
විල් තලේ කැළඹේ
සඳ දියේ රහසේ

හැඟුම් වරුසාවේ
තෙමෙන කින්නරියේ
විල් තලේ කැළඹේ
සඳ දියේ රහසේ

තරු ඇස් පියා සැතපී
මිහිදුම් වලා යහනේ
පාට හේදුනු හිනයක දැවටී
නිදි සුව ලදින්නේ රාත්‍රියේ

මල් පෙති සලා සැරසී
නෑ වසන්තේ එන්නේ
කුරුටු ගෑවුණු ගිමන්කල වැතිරී
මුවරද සිඹින්නේ ආදර්

හැඟුම් වරුසාවේ
තෙමෙන කින්නරියේ
විල් තලේ කැළඹේ
සඳ දියේ රහසේ

හැඟුම් මතුවී | Hangum Mathu Wee by Kasun Kalhara

හැඟුම් මතුවී ඇවිලේ රහසේ
සිත දැහැනින් මා මිදෙනා මොහෙතේ
සිතුවිලි මුමුනා කීව දේ දැනුනා
ඔබේ ළමැදේ සුව යහනේ
නවතින්න හද කොඳුරයි

සරා සඳ ලෙසින් පායන්න
ඇඟිලි තුඩින් රැය පුබුදන්න
දෙනෙතින් සරාගී බැල්මකින් මත්වී
ආදරෙන් ළංවී

හැඟුම් මතුවී ඇවිලේ රහසේ
සිත දැහැනින් මා මිදෙනා මොහෙතේ
සිතුවිලි මුමුනා කීව දේ දැනුනා
ඔබේ ළමැදේ සුව යහනේ
නවතින්න හද කොඳුරයි

දෙතොල් පෙති සෙමින් සිප ගන්න
සුසුම් වරලසේ හංගන්න
ගිනි දැල් ගත දිගේ
ඔබෙ පහසින් නිවේ
සෙනෙහස ඉතිරිවේ

එන වස්සානෙක | Ena Wassaneka by Kasun Kalhara

එන වස්සානෙක
තව සැන්දෑවක
මට කියාදෙන්න
ඔබ ගැන තව

හිත හදාගන්න නොහැකිව මම
තව කියාගන්න ඇත හිත යට
තව ටික දොහයි අප හමුවන
හිත හදාගන්න නොහැකිව මම
තව කියාගන්න ඇත හිත යට
නින්ද නොයයි ඒ බව දැන

හඬා වැටෙන සිතුවිලි යට
නුඹ දුරස් වුනොත් සදහට මට
තව ටික දොහයි අප හමුවන
හඬා වැටෙන සිතුවිලි යට
නුඹ දුරස් වුනොත් සදහට මට
නින්ද නොයයි ඒ බව දැන

එන්න එළියට | Enna Eliyata by Kasun Kalhara

එන්න එළියට සොඳුර දැන්
ඔබ පතා තරුමල් අවදියෙන්
සඳ ඔබට පරදින හැටි බලන්නට
එන්න සොඳුරිය දොර ඇරන්…

එන්න එළියට සොඳුර දැන්
ඔබ පතා තරුමල් අවදියෙන්
සඳ ඔබට පරදින හැටි බලන්නට
එන්න සොඳුරිය දොර ඇරන්…

වැව් කුමුදු මල් දිය මත හිඳන්
පුර හඳට ළං වී සීරුවෙන්
නිල් සළු ඇඳන් වැව රැළි නඟයි
රෑ කුමාරියට බැඳි ප්‍රේමයෙන්
ඔබ විතරමයි අඩු මේ රැයට
දැන් එන්න එළියට දොර ඇරන්….

එන්න එළියට සොඳුර දැන්
ඔබ පතා තරුමල් අවදියෙන්
සඳ ඔබට පරදින හැටි බලන්නට
එන්න සොඳුරිය දොර ඇරන්…

සීතල සුළං සී පද කියයි
වැව් ඉවුර මත මදහාසයෙන්
තුරුලිය සෙමෙන් කෙහෙරැළි කඩයි
මිදුම් යහන අනුරාගයෙන්
ඔබ විතරමයි අඩු මේ රැයට
දැන් එන්න එළියට දොර ඇරන්….

එන්න එළියට සොඳුර දැන්
ඔබ පතා තරුමල් අවදියෙන්
සඳ ඔබට පරදින හැටි බලන්නට
එන්න සොඳුරිය දොර ඇරන්…

එක වසන්තයක | Eka Wasanthayaka by Kasun Kalhara

එක වසන්තයක එක රාත්‍රියක
දැනුනා මතකයි මට ඉබේම වාගේ ඔබෙ සුවඳ
එක හුස්මක්වත් ගන්නට ඉඩ නැති තරමට
දැනුනා…. විතරක් මතකයි…
හද ලුහුබැඳ ඉව කරනා
පෙර සසරක සුපුරුදු සුවඳ…
ඒ ඔබේ නොවෙද එනමුදු ඒ ඔබමද
ඔබමද ඒ සොඳුර

මේ වසන්තයෙදි හමුවෙන සුලඟ සමඟ
සසැදී පෑහෙන්නට හිතයි මට….
ඔබෙ සුවඳ සමඟ මුසුවනු පිණිස
මගෙ සුසුමක් තියන්නද……
සිහිවනු පිණිස…… සොඳුර….

මේ වසන්තයම ගතවී යන්නට පෙර
තුරුලේ ඇහිරෙන්නට පතමි මම…..
ඔබෙ සිතැඟි වලට මුසුවනු පිණිස
මගෙ හැඟුමක් තියන්නද…
ගිවිසනු පිණිස…. සොඳුර….

එක වසන්තයක එක රාත්‍රියක
දැනුනා මතකයි මට ඉබේම වාගේ ඔබෙ සුවඳ
එක හුස්මක්වත් ගන්නට ඉඩ නැති තරමට
දැනුනා…. විතරක් මතකයි…