ආදර මල් වල | Adare Mal Wala by Kasun Kalhara

ආදර මල් වල පාට කියන්නද
ඒ වගෙ ලස්සන තව නෑ
ඒ වගෙ ලස්සන තව නෑ
මීදුම් පිණි පොද දෑස වසන් කල
සමනල් සිහිනය පිපුනා
සමනල් සිහිනය පිපුනා

දේදුනු රේඛා දෑසම තවරා
තවමත් මල් සිත බලා සිටිනවා
මීදුම් තවරා සුළඟක ඈතක සඟවා තුන්සිත
දෑස හොරෙන් ඈත‍ සොයනවා
අඳුර මැදින් එන්න සඳලියේ…

දේදුනු සායම දෑස‍ම බොඳ කල
මාලති යායක හැලිලා
මාලති යායක හැලිලා
සීතල හිමකඳු යායක පියමැන
දෙව්ලිය සිහිනෙක වැ‍ඩියා
දෙව්ලිය සිහිනෙක වැ‍ඩියා

කවුළු පියන් | Kawulu Piyan by Kasun Kalhara

කවුළු පියන් පත් වහන්න
සඳලු තලාවේ…..
ඔබ දුරයි නෙතට මා සිටිනා
ළවැලි තලාවේ

සඳලු තලාවේ…..
ඔබ දුරයි නෙතට මා සිටිනා
ළවැලි තලාවේ

විලක දුරක මල් පිපුනේ අපට නොවේමැයි
ඔරු පාරු ඇවිත් බලා යාවි විල් දිය ගැඹුරුයි
මල් සුවඳ උරා ඇදී යන්නේ බඹරුන් කෝමැයි
සඳලු තලාවට පැල්පත දුරනම් බෝමැයි…..



සඳලු තලාවේ…..
ඔබ දුරයි නෙතට මා සිටිනා
ළවැලි තලාවේ

කිරි සිනා සලන සඳවත අහසෙම රැඳුනාවේ
ඉඟිමරණ තරු කැලුම් අහසට නොම පෙනුනාවේ
සිත ඈත අරන් යන විමනේ සඳලුතලාවේ
කවුළු පියන් වසනු මැනවි නෙතුකැන් හමුවේ…..

සඳලු තලාවේ…..
ඔබ දුරයි නෙතට මා සිටිනා
ළවැලි තලාවේ

සඳලු තලාවේ…..
ඔබ දුරයි නෙතට මා සිටිනා
ළවැලි තලාවේ

මධු චන්ද්‍ර යාමේ | Madu Chandra Yame by Kasun Kalhara

මධු චන්ද්‍ර යාමේ මෝදු වේ
උන්මාදනීය රාත්‍රියේ
අනංග දෙවොලේ දල්වා දීපාවලී
මධු චන්ද්‍ර යාමේ මෝදු වේ
මධු චන්ද්‍ර යාමේ මෝදු වේ

වරල සිකිපිල් සෙමෙර සලමින්
නයන නිලුපුල් සුවඳ ඉසිමින්
උර මඬල සියපත් වතින්
නිති සරසා
පි‍්‍රයයාණ හදවත තුනු
සිරින් සදනු

දෙතොල මී විත අමා පුදමින්
දෙතන කළසින් පවස නිවමින්
සිරියහන සුපහස තනා පුළුලූකුළේ
පතිකුලය සුමිහිර සදා රැක වසනූ

මධු චන්ද්‍ර යාමේ මෝදු වේ
උන්මාදනීය රාත්‍රියේ
අනංග දෙවොලේ දල්වා දීපාවලී
මධු චන්ද්‍ර යාමේ මෝදු වේ
මධු චන්ද්‍ර යාමේ මෝදු වේ

නතාෂා | Natasha by Kasun Kalhara & Indrachapa liyanage

නතාෂා ඇවිදින් ගියා
පියාඹා වෙරලින් එහා

නයිල් ගඟේ ඉවුරේ
ආදම්ගේ උයනේ
රොන් සලා ඈ ගියා
නතාෂා

කිරිල්ලී මල් මී තියා
ඉගිල්ලී රෑනේ ගියා

ආයෙත් ආයෙත් ආයෙත් එනවා
අහසෙ පොළොවෙ සුළෙඟෙ වෙලෙනවා
නිල් නිල් නිල් දැහැනේ එලෙනවා
සිත්සේ දොතොලේ පහසේ ඔබ මා
සිඹිනවා සිහිනෙන් තැවෙනවා

පමා වී ඈතට ඇදී
මීදුමේ රැහැනින් මිදී

හදවතේ ගිණි අවුලා
මා දෑසේ ගිණි අතුරා
මා දවා ඈ ගියා
නතාෂා

ළංවි වෙන්වි දුක් වී දුර ගෙවා
සයුරෙ රළසේ සිහිනේ මියැදුණා
සඳුගෙ තුරුලෙ විනිසේ ලිහුණා
උකුලේ ළමැදේ සයනේ ඔබ මා
සැනසුනා සිහිනේ මැවෙනවා

නතාෂා හුස්මක් තියා
නිදැල්ලේ සක්මන් කලා

නයිල් ගඟේ ඉවුරේ
ආදම්ගේ උයනේ
රොන් සලා ඈ ගියා
නතාෂා

කිරිල්ලී මල් මී තියා
ඉගිල්ලී රෑනේ ගියා