මං අහන්නෙනම් නෑ රත්තරනේ
දුක දරාගත්තේ කොහොමද කියලා
මට දුරින් උන්නු කාලෙදි දැනුණා
මං මට විතරක් අයිති නෑ කියා
මං අහන්නෙනම් නෑ රත්තරනේ
දුක දරාගත්තේ කොහොමද කියලා
මට දුරින් උන්නු කාලෙදි දැනුණා
මං මට විතරක් අයිති නෑ කියා
මං අහන්නෙනම් නෑ රත්තරනේ
හිස තියාන මා ළය මඩළ පුරා
උණු කඳුළුවලින් නම් තෙමන්න එපා
මගෙ ලයේ කඳුළු ඇහැරෙන හින්දා
දැන් හිනාවෙන්න මා දිහා බලා
දැන් හිනාවෙන්න මා දිහා බලා
මං අහන්නෙනම් නෑ රත්තරනේ
දුක දරාගත්තේ කොහොමද කියලා
මට දුරින් උන්නු කාලෙදි දැනුණා
මං මට විතරක් අයිති නෑ කියා
මං අහන්නෙනම් නෑ රත්තරනේ
එක කඳුළක සීතල වුණත් එදා
අපි දෙකට බෙදාගෙන විඳ ගත්තා
ඒ සීතල යළි නුඹ ළඟ තියලා
රත්තරනේ මං යන්නෑ කිසිදා
රත්තරනේ මං යන්නෑ කිසිදා
මං අහන්නෙනම් නෑ රත්තරනේ
දුක දරාගත්තේ කොහොමද කියලා
මට දුරින් උන්නු කාලෙදි දැනුණා
මං මට විතරක් අයිති නෑ කියා
මං අහන්නෙනම් නෑ රත්තරනේ