කැඩුනු සිංහල වදන් කිය කිය දැඩිමුන්ඩ දේවතා
වැන්දයි
සිනා ගෙන බිම බලාගෙන යන ගමන මට ජීවිතය
කැන්දයි
මහා උතුවන් කන්ද පාමුල ආලයේ වැට කඩොලු
බැන්දයි
හිඟුලේ තාමත් ගලා යන්නේ මිනූකා උඹේ කඳුළු
කන්දයි
දෑතේ කරගැට අතර සිරවුණු උඹේ දෙකොපුල
සීරුණා
නුරා ඇස් අඩවන්ව පවසයි ප්‍රේමාලිංගන
කාරණා
පපුව පිරිමැද කොනිති ගැහුවම උඹේ සෙනෙහස
පෑරුණා
වේදනාව ට හුස්ම දෙන්නේ ප්‍රේමය ම බව
තේරුණා
ඉවුරු දෑලේ අඳුරු හවසක උඹේ හිස මගේ දෙවුරේ
නිවුනා
එහෙම දවසක උර පලා දැමු රන් සුරේකත් බලය
බිඳුනා
ගිනි බටේකට හදි කරන්නට බැහැ කියා ඉරණමේ
තිබුණා
ඒ නිසා ගෙළ සිරකරන්නට සුදු අතින් තීරණේ
කෙරුණා